Tuesday, July 6, 2010

Brand New මොළේ

මේ කතාව මට මතක් වුනේ අහම්බෙන් වගෙ බලන්න සෙට් වුන youtube clip එකක් නිසයි.. ඉතින් ඔය clip එකට අදාල චරිතය ගැන ඕනවටත් වඩා කතාකරල තියෙන හින්දා මම ඔය චරිතය ගැනවත් ඊට අදාල අනිත් සිදුවීම් ගැනවත් කතා කරන්න යන්නෙ නැහැ. (හැබැයි කොච්චර කතා කරල තිබ්බත් ආය ආය කතා කරන්න හිතෙන චරිතෙ නේද අප්පා ඕක..... හිකිස්) මේ සිද්දිය වුනෙ මගෙ පලමු රැකියාවට ගියපු කාලෙ... A\L කරලා චාර්ටර් වෙවී ඉන්න කාලෙ අපේ අයියා කෙනෙක් තමා මට ඔය රස්සාව සෙට් කලෙ.... දැනට අවුරුදු 9 කට විතර කලින්, මතකද මන්දා "ආයුබෝවන් - රන් කතා" කියලා එකක් තිබුනා... සමහරු "ආයුබෝවන් - ගොන් කතා" කියලත් ඕකට කිව්වා.. එකේ SALES EXECUTIVE කෙනෙක් විදිහට තමා මගෙ පලමු රැකියාව ලැබුනේ... ( හ්ම්ම්.. පලවෙනි එකම EXECUTIVE ආ... ) නම EXECUTIVE වුනාට හතර වටින්ම අපේ අම්මගෙ, අම්මගෙ අම්මගෙ ගුණ ගායනා ඇහෙන ජාතියෙ රස්සාවක් තමා ඒක... හැබැයි අපරාදෙ කියන්න බෑ මම කරපු කැමතිම රස්සාව තමා ඔය... 
රස්සාව ගැන කියන්න ගිහිල්ල කියන්න හිටපු කතාවත් අමතක වෙනව.... ඉතින් අපේ ආදරණීය Clientlaගෙන් මම කලින් කිව්ව වගෙ මවු ගුණ ගායනා අහන්න ලැබෙනවා, කන්තෝරුවට ගිය වෙලාවෙ ඉඳන්... සමහරු නම් කෙලින්ම සිංහල ශබ්ද කෝෂය එහෙම පිටින්ම දිග හරිනවා.. මට මුල් දවස් ටිකේ අවුල් වුනාට දවස් දෙකක් තුනක් ගියාම නිකන්ම හුරු වුනා ඔය සිද්දිවලට... ඔන්න ඔය අතරෙ අපේ කන්තෝරුවට ආව පිලිගැනීමේ නිලධරිනියක් ( සිංහලෙන් කිව්වොත් Receptionist කෙනෙක්)... අනේ අපරාදේ කියන්න බෑ සිරියාවන්ත ළමය (ඒ වගෙම හිත හොඳයි හිකිස්)... එයා ආවට පස්සෙ ඉතින් එයාට තමා ඔය Clientsලගෙ complains එහෙම ගන්න රාජකාරිය පැවරුනෙ... දවසක් ඔහොම ආපු Client කෙනෙකුගෙ ප්‍රශ්නෙකට මෙයා දුන්නු මසුරන් වටින උත්තරෙ ( ප්‍රශ්නෙයි උත්තරෙයි නම් මතක නෑ... හැබැයි කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ සීන් කෝන් එකක් තමයි වෙලා තිබුනේ...) අහපු Client ෂහ් නංගිගේ මොලේ නම් Brand New හා... කියලා යන්න ගිහිල්ල... මේකිත් Thank you Sir කියල, පවු නේ.....


ප/ලි :- බලාගෙන ගියාම ඉතින් ඕකට Receptionist ට මොකුත් කියන්න බෑ... තේරෙන තරමනෙ නේද... එයාව ඔතෙන්ට දාපු Management එක දැනගන්න ඕන ගැලපෙන කෙනාව දාන්ට නේද... ?


දෙවනි ප/ලි සමාවෙන්ට ඕන.. පොස්ට් එක කියවපු ගොඩක් දෙනෙකුට මම කතාව පටන් ගන්න කොටම දාල තියෙන ලින්ක් එක මඟ ඇරිලා වගේ.. මේක බැලුවට පස්සෙ තමයි මට තවත් ඔය මොලේ හැර තවත් Brand New මොලයක් මතකෙට ආවෙ...

7 comments:

  1. අම්මයි අත්තම්මයි දෙන්නම බලන්න ඇති පුතා රස්සාවට ගියදා ඉදන් අපිට හැමදාම හෙම්බිරිස්සාව හැදිලා මොකෝ කියලා නෙහ් :P

    ReplyDelete
  2. අප්පෝ, ඔය call center girls ල ගැනනම් කියන්න ඕනේ නේ. උන් දන්නේ, සර් මොඩෙම් එක ගලවල, ආයේ ප්ලුග් කරන්න. Uninstall කරලා install කරන්න. Windows අලුතෙන් දන්නා. ඔච්චරයි. දවසක් මම මොබිටෙල් 3 G එකට කතා කල. මට තිබුනේ සිග්නෙල් ස්ට්‍රෙන්ත් issue එකක්. ඕක කිව්වම මෙකි කියනවා අලුතෙන් වින්ඩෝස් දාන්නලු. මම කිව්වා මම linux පාවිච්චි කරන්නේ කියල. සර් linux එකේ තියනවනේ ඔපෙරටින්ග් ස්ය්ස්ටෙම් එකක්, වින්ඩොව්ස් කියල , සර් ගේ linux එකේ වින්ඩොව්ස් අලුතෙන් දන්නා වෙනවා කිව්වා. මෙකි දන්නේ linux කියන්නේ machine බ්‍රෑන්ඩ් එකක් කියල. ලෝකේ තියෙන්නේ වින්ඩොව්ස් විතයි කියලයි මුන් දන්නේ. මම ඉතින් එකිත් එක්ක එතනින් එහාට කතා කරන්න ගියේ නේ. පුළුවන් උනොත් ගෙවල් පැත්තේ එන්නම් මගේ linux එකට වින්ඩොව්ස් දගෙන යන්න කියල තිබ්බ.

    ReplyDelete
  3. ඔව් ඔව්... මම දිගටම ඔය රස්සාව කරා නම් අලුතින් නහයවල් දාන්ට වෙනවා.. ගෙවුන වේගෙට...

    ReplyDelete
  4. එල ඔහොම දිගටම ලියමු. අහපු ප්‍රශ්නෙත් එක්ක උත්තරෙත් තිබුනනම් මරු

    ReplyDelete
  5. තැන්ක්යූ වේවා ප්‍රියන්ත අයියා... ඔය සීන් එකට අදාල ප්‍රශ්නෙනම් අමතකයි... හැබැයි ඇත්තම කියනවනම් ඒ ගෑණු ලමයට තිබුනේ පcකින්ග් වත් කඩපු නැති brandම brand new මොලයක් තමයි.. කිසිම වැඩක් අරන් තිබුනෙ නෑ..

    ReplyDelete
  6. machan reception neme "Receptionist"

    ReplyDelete
  7. තැන්ක්යූ වේවා ඇනෝ මචං... ඔන්න වැරද්ද හැදුවා..

    ReplyDelete

Related Posts with Thumbnails