Wednesday, July 7, 2010

බිත්ති දිගේ ඇවිදින ඉබ්බෝ

මේකත් අර දුමීගේ කට කහන කතා වල තිබුන භාෂාව වැරදීම කතා Series එකේ තිබුන වගෙ කතාවක්.... මම ඩුබායි එන්න කලින් වැඩ කරපු අච්චු කන්තෝරුවේ සගයෙකුට වෙච්ච වැඩක්.. මම ඔය කන්තෝරුවට යන්න අවුරුදු 10කට විතර කලින් තමා ඔය කතන්දරෙ වෙලා තියෙන්නේ... අපේ යාලූවා යාපනෙ ඉඳන් කොලඹ ආපු දවස් වල... මට සෙට් වෙනකොටනම් මිනිහ සිංහල දැනුම සෑහෙන්න හදාගෙන හිටියේ... කොච්චරද කියනවම් මිනිහත් එක්ක අනිත් එවුන් කවුරුවත් වාද කරන්න යන්නෙ නෑ... අනිවාර්යෙන්ම නා ගන්න වෙනවා.. මොකද පොර දෙමළ උපමා උපමෙය ජාතිත් සිංහලට Translate කරලා එඩ්‍රස් නැති වෙන්නම දෙනවා පොරව Bite කරන්න එන එකාට... අනිත් එවුන් උට නම දාල තිබුනෙත් කක්කා බාල්දිය කියල... එච්චරටම පොරගෙ කට හොඳයි...


ඉතින් මෙහෙමයි ඔය මම මුලින් කියන්න ගිය සීන් එක වෙලා තියෙන්නේ.... අපේ මැනේජර්ගෙ අලුත් ගෙදර මාලු ටැංකියක් හදලා.. දන්නවනෙ ඔය ඉස්සර තිබුනේ ගේ ඇතුලෙම දිය ඇල්ලක් හදලා ඕක පාමුල ගල් අරෙහෙ මෙහෙ සෙට් කරලා හදන්නෙ.. අන්න ඒ ජාතියෙ එකක්... පොරට ඕන වෙලා තියෙනවා ඕකට ඉබ්බෙක් දෙන්නෙක් දාන්ට ලස්සනට.... ඉතින් පොර කන්තෝරුවට ඇවිල්ලා එකෙක්ගෙන් ඇහුවලු....
මචං.. උඹලගෙ ගෙවල් පැත්තේ ඉබ්බෝ හොයාගන්න නැතිවෙයිද..... කියලා....
ඔය කතාව ඇහිල තියෙනවා අපේ ගංගට... ආහ්... උට අපි කියන්නෙ ගංගා කියලා.. නම ගංගාදරන්...... මේක ඇහිච්ච ගමන් මූ පැන්න කතාව මැද්දට... ඔන්න දැන් කතාව යනවා මෙහෙම...
ගංගා - ආහ් අපේ ගෙදර නම් සෑහෙන්න ඉබ්බෝ ඉන්නවා අයියා...
මැනේජර් - ඇයි උඹලගෙ ගෙදරත් මාලු ටැංකියක් තියෙනවද?


ගංගා - නේ නේ අයියා.. උන් මිදුලේ තමා ඉන්නවා..... අපේ අම්මා උදේ මිදුල අතුගාලා විසිකරල තමා දානවා... උන්ට කොච්චර කිව්වත් අහන්නේ නේ..... හෙටත් ආය මිදුලට තමා එනවා....


මැනේජර්ටත් පුල් ආතල්, දැන් මුට කියල ඉබ්බො සෙට් එකක්ම ගෙන්න ගන්න පුලුවන්නෙ.... මුගෙ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්.. මොකද ගංගලා ගෙවල් අරන් හිටියේ වත්තල හුනුපිටිය පැත්තේ... එහේ දිගටම වෙල්නෙ තියෙන්නෙ... අනිවාර්යෙන් වෙල් වලින් මුන්ගෙ මිදුලට ඉබ්බො එනව ඇති...
මැනේජර් - එහෙනම් ඉබ්බෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන වරෙන්කෝ හෙට එනකොට....
ගංගා - අනිවාර්යෙන් ඇරන් එන්නම් අයියා... මං දැනගෙන හිටියේ නේ නේ ඉබ්බා එකා මාලු ටෙංකි වලට තානවා කීලා.. සමාර පොඩි ඉබ්බෝ කට්ටිය අපේ බිත්ති දිගෙත් ඇවිදිනව අයියා.....


ඇහ්... බිත්ති දිගේ යන ඉබ්බෝ..!!!!! මූ අන්තිමට කිව්ව කතාව අහපු ගමන් අපේ මැනේජර්ට තේරුනාලු සීන් එකේ මොකක් නමුත් අවුලක් තියෙනව කියලා... කොකටත් කියලා අපේ බුවාට කිව්වලු "ඇඳපන් බලන්න උඹලගෙ ගෙදර ඉන්න ඉබ්බෙක්ව", කියල...
ගංග ඇඳපු බිත්ති දිගේ ඇවිදින ඉබ්බෙක්ගෙ පිංතූරයක් තමා ඔය තියෙන්නේ...

17 comments:

  1. හික් හික්.. ඌට පැටලිලා.

    ReplyDelete
  2. කිරි අප්පාට ඉබ්බෝ පැනපි කිව්වාලු. අපේ පැත්තෙත් ඉන්නවා මෙහෙම ඉබ්බෝ. අපේ අම්මා රෑ වේගෙන එද්දි කට්ටිය එකතු කරලා විසි කරනවා

    ReplyDelete
  3. හහ් හා
    මම හිතුවා මඟක් කියවද්දින්ම මේ ඉබ්බෝ තමා කියලා :D

    ReplyDelete
  4. හත් ඉලවුවයි ඉබ්ෙබා්ෙසට් ඒකක් ෙගනත් දුන්නනම් ඒෙහම පහුවදා. :D

    අපේ ගෙදරත් චූටි මල් ඉබ්බෙක් ඉන්නවා.

    ReplyDelete
  5. @පිස්සා ඌට දැන්නම් පැටලෙන්නෙ නෑ.. අනිත් එවුන්ට පටලවනවා..

    ReplyDelete
  6. @randhil issara apea iskoele biththi walath oya jaathiye ibbo gamakata hitiyaa...

    ReplyDelete
  7. @නිමන්ති.. මට නම් ඔය කතාව මුලින්ම අහල ඉවරවෙනකම් තේරුනෙ නැහ මොකා ගැනද මූ කියල තියෙන්නෙ කියලා..

    ReplyDelete
  8. @සෙනෙවිරත්න සිරාවටම මූ ඔය බිත්ති දිගේ යන සීන් එක කිව්වෙ නැත්තම් ඩෙෆා පහුවදාම ඉබ්බො සෙට් එකක් ගේනවා..

    ReplyDelete
  9. ""අපේ අම්මා උදේ මිදුල අතුගාලා විසිකරල තමා දානවා...""
    මේ ටික කියවද්දිනුයි මට හිතුනේ..ඒ තරම් දිනපතා විසි කරන්න ඉබ්බෝ නම් ඉන්න විදියක් නෑ කියලා

    ReplyDelete
  10. අපේ පැත්තේ ඉන්නවා පැන පැන යන ඉබ්බෝ. මොනව වුනත් සිරා කතාව.

    ReplyDelete
  11. ඔය ගෙම්බෝ කොච්චර විසිකරත් වැටෙන්නෙම ගේ පැත්ත බලා ගෙන නේද ප්‍රියන්ත අයියා...

    ReplyDelete
  12. මම දැනගෙන හිටියා නිමන්තිට Brandnew මොලයක් නෙවෙයි තියෙන්නෙ කියලා :D

    ReplyDelete
  13. ඒ පල්ලමට වීසි කළාම. ඒකට ගෙම්බා වීසි කරන් ඕන උඩට. එතකොට ඌ යන්නේ තවත් උඩට.

    ReplyDelete
  14. එළ කිරි කතාවක් මල්ලි පුතේ . . . ! තාමත් බඩ කොර වෙලා වගේ . . . . !

    ReplyDelete
  15. @ප්‍රියන්ත අයියා... ඊ ලඟ පාර ගෙදර ගියාම ඕක ටෙස්ට් කරලා බලන්න ඕන... හිකිස්

    ReplyDelete
  16. @දුමී... තැන්ක් යූ වේවා අයියා...

    ReplyDelete
  17. ගංගා හෙණ ගල් ඉබ්බෙක් නේ :)

    ReplyDelete

Related Posts with Thumbnails