Monday, July 5, 2010

Offside Crease එක මැකිලා

ෆූට්බෝල් එහෙමත් නැත්නම් පාපන්දු ගැන ලියන්න තිබුනු උනන්දුව එහෙම පිටින්ම නැති වෙලා ගියා... අපිට මෙච්චර දුක නම් Dungata,Maradonaa කොච්චර අවුල් වෙන්න ඕනද? දුක තමා රංජනී කියල හිත හදා ගන්න තියෙන්නෙ... 
උනන්දුව නැති වුනත් පාපන්දු සම්බන්ධ කතාවක් මතක් වුන නිසා OP කියල ඔන්න ඔහේ ඒක ලියල දාන්ට හිතුවා... හැබෑටම කවුද දන්නේ නැහැ ඔය ක්‍රීඩා වලට සින්හල නම් දාන්න හිතපු කෙනා.... Football - පාපන්දු, Vollyball - අත්පන්දු එතකොට Handball - දීපන්කො උත්තරෙ...... 
මම මේ කියන්න යන සිද්ධිය වෙලා දැන් ගොඩක් කල්... ඒ කියන්නේ අවුරුදු 12 කට විතර කලින්.. 98 World Cup එක තිබුන කාලෙ. අපි යාලුවෝ සෙට් එක හැමදාම හවසට Cricket ගහන්න තමයි පුරුදු වෙලා හිටියේ. යාලුවො කිව්වම එතකොට මම O\L කරන කාලේ.... අවුරුදු 35 විතර යාලුවොත් හිටියා.. කට්ටිය කොහොමත් 20-25 ක් විතර සෙට් වුනා සෙල්ලම් කරන්න... ඔන්න ඉතින් World Cup එක පටන් ගත්තට පස්සෙ කට්ටියටම හැදුනා Football Fever එක.... ඉතින් කට්ටියම කතාවෙලා Cricket වෙනුවට Football ගහන්න පටන් ගත්තා. තියෙන උනට සෙල්ලම් කරන්න ගත්තට අපේ වැඩි දෙනෙකුට Football rules ගැන එහෙම ලොකු දැනීමක් තිබුනෙ නැහැ.. දන්න කියන අයත් නොහිටියම නෙවෙයි. දන්නෙ නැති වුනත් දන්න විදිහට තමයි හැම එකාම පෙන්නුවෙ.. අපේ හිටිය බුවෙක් Football විශාරද වගෙ තම මිනිහා පෙන්නුවේ. හැබැයි සෙල්ලම් කරන කොට තේරුනා මිනිහා දන්න ෆූට්බෝලයක් නැහැ කියලා... සෙල්ලම් කරන් යනකොට මිනිහා හැම වෙලාවෙම offside ඉදන් තමයි සෙල්ලම් කරන්න වුනේ... අපේ එවුනුත් බෝලෙ මිනිහගෙ කකුලෙ වැදුන ගමන් offside කියල බොල් එක ආපහු ගන්නව... මේ සීන් එක ඔය වගෙ දිගටම වෙනකොට පොරගෙ ඉවසීමේ සීමාව පැනලා.. කොහෙද offside crease එකක් තියෙන්නේ... හරියට පේන්න ඇඳපල්ල අඳින ඉරක් කියල කෑ ගහන්න ගත්තේ නැතෑ... ඕක අහල ඉතින් rule එක දන්න එවුන්නන් බඩවල් අල්ලගෙන හිනාවුනා... අනිත් එවුන් අන්ද මන්ද වෙලා බලන් හිටිය මොකක්ද වුනේ කියල....


ෆූට්බොල් ගැන කතා කරනකොට බෝල සම්බන්ධ තවත් කතාවක් මතක් වුනා... ඒකත් ලියල දාන්නම් OP කියල... මේක මේ ඇමරිකන් Campus එකකින් කරපු study එකක result එකක්..
1.රැකියා විරහිත ජනතාවගෙ ක්‍රීඩාව - Basketball 2.සුලු සේවකයින්ගේ ක්‍රීඩාව - Bowling 3.කම්කරුවන්ගේ ක්‍රීඩාව - Football 4.වැඩ බලන්නන්ගේ ( Supervisors) ක්‍රීඩාව - Baseball 5.කළමනාකරුවන්ගේ ක්‍රීඩාව - Tennis 6.සභපතිවරුන්ගේ (CEO) ක්‍රීඩාව - Golf අවසන් නිගමනය - තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි.

11 comments:

  1. අපි එක පාරක් ඕමි ගහන්න සෙට් වුණා.
    එක බුවෙක් කාඩ් කුට්ටම අතේ තියන් ඉපදුණා වගේ පොර ටෝක දීල තමයි පටන් ගත්තෙ. මෙන්න මිනිහට පළවෙනි කාඩ් 4 බෙදල අපි බලන් ඉන්නවා තුරුම්පු කියනකම්. කියන පාටක් නැති හින්දා කිවුවා "මචං තුරුම්පු කියපං" කියලා. මූ කියපි "ඇය් මම කියන්නෙ, උඹම කියපංකො " කියලා

    ReplyDelete
  2. WOW..!!
    ඒක හරි වගේ නෙහ් :P

    ReplyDelete
  3. @චානක... ඕක හොඳයි... මෙහෙ එක දරුණු ෆූට්බෝල් රසිකයෙක්ගෙන් මම නිකමට වගෙ ඇහුවා එක පැත්තක කීයක් ඉන්නවද කියලා... අනේ හරිම අහිංසක විදියට මගෙ මුහුන දිහා බැලුවා... මං ඉතින් කියන්න ගියෙ නෑ එක ටේම් එකකට 15ක් ඉන්නව කියලා.. හිකිස්...

    ReplyDelete
  4. @නිමන්ති කෝකද හරි වගෙ හිතුනේ......

    ReplyDelete
  5. තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි. kiyana eka:-))

    ReplyDelete
  6. හිකිස්.... හා හා නිමන්තිත් බොල සෙල්ලම් ගැන හොඳට දන්නවා වගෙ....

    ReplyDelete
  7. මම ඔය කතාව කිව්වට, ඕකට හා කියන්ටත් බෑ හූම් කියන්ටත් බෑ.. මොකද ඕක මට වැඩිය දැනුම තියෙන උන් සෙට් එකක් කරපු සමීක්ෂණයක් නේ... කොහොම උනත් නිමන්තිගෙ බෝල සෙල්ලම් ගැන තියෙන දැනුමනම් හොඳයි වගෙ....

    ReplyDelete
  8. කොම්පැනි අයිතිකාරයෝ ගහන්නේ ඇට බෝල විය යුතුය.

    බ්ලොග් එක හොඳයි. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  9. @කතන්දර ලොකු තැන්ක් යූ එකක් වේවා අපේ පැත්තෙ ඇවිත් ගියාට... අයිතිකාරයෝ කැමතිම ඇට බෝල සෙල්ලම් වලට තමා...හිකිස්

    ReplyDelete
  10. " තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි." මම මේක දැන්නේ දැක්කේ පට්ට මචං

    ReplyDelete
  11. කතා දෙකම සුපිරියි අයියා. අන්තිම කතාව නියමෙටම නියමයි...... :)

    ReplyDelete

Related Posts with Thumbnails