Saturday, July 10, 2010

බස් කතා බස්

ලංකාවේ හුඟක් දෙනෙක් 154 බස් එකක ගිහිල්ලා ඇති... Michael Jacksonta වඩා talented ජැක්සන්ලා බලා ගන්න පුලුවන් ඔය බස් එකක ගියොත් එහෙම..  (ආහ්... ජැක්සන්ලා ගැන බඩ කොරවෙන ජාතියෙ කතාවක් තිබුනා දුකාගෙ ලිපියක)
උදේට එහෙම ආය තනි කකුලෙන්වත් යන්න බැරි තරමටම සෙනග... පුතා අවුරුදු දෙකක් විතර හරිම ආසාවෙන් උදේ හවස කිරිබත්ගොඩ ඉඳන් බොරැල්ලට දෙහිවලට එහේ මෙහේ ගියා.... ඔය ගමනෙදි වුනු රසවත් සිදුවීම්නම් අනන්තයි... හැබැයි අද කියන්න යන්නෙ නම් එහෙම සිදුවීමක් ගැන නෙවෙයි.. මේක පුතාට ඔය 154 යන්න පටන් ගත්තු දවස් වල ඉඳලා හිතුනු දෙයක්... 


මේකයි සිද්ධිය... කැලණි Campus එක පහු වුන ගමන් කොන්දොස්තර මහත්තයා කෑ ගහලා අහනවා... දාස බහිනවද දාස බහිනවද කියලා... ඉතින් ඔතන කවුරු හරි බහින්න හිටියොත් ඉතින් උත්තර දෙන්නේ ඉතින් දාස බහිනවා කියලා තමයි... එතන දාස Building එක තිබුන නිසා තමයි ඔය හෝල්ට් එකට දාස නම වැටිලා තියෙන්නේ.. 


පුතාට හිතුනු දෙයක් තමයි ඔතෙන්දි හැමෝම බහිනවා බහිනවා කියන හින්දමද දාස ව්‍යාපාරය කිසිම දියුණුවක් නැතුව බැහැලම ගියේ කියලා... පුතාට ඔය සිද්ධිය ආපහු සැරයක් මතක් වුනේ බූන්දියෙ තිබුනු E.A.ඩෝසන් ප්‍රීති ගේ පල්පීය කතාවක් කියෙව්වට පස්සෙයි.. හැබැයි එකේ තියෙන්නේ බොරැල්ලේ දාස Building එක ගැනයි... 


පුතාට හිතුන විදිහට ඔය ගාමිණි හොල් කියන එකත් බහිනවා කියන වචනෙ කටවහ හින්දම බැහැල ගිය එකක් වෙන්ට ඇති.. මොකද පුතා දන්නෙ ඔය නම විතරමයි... ඔය හෝල් එකනම් දැකලම නෑ.... 


හැබැයි 154 පාරෙම ෆිල්ම් හෝල් දෙකක් තියෙනවා මානිලුයි, සමන්තායි කියල... ඔය හෝල්ට් දෙක ලඟදිත් කියන්නෙ මානිල් බහිනවා, සමන්තා බහිනවා කියලා.. හැබැයි ඔය ෆිල්ම් හෝල් දෙක නම් එහෙම ලේසියෙන් බහින ජාතියෙ දෙකක් නම් නෙවෙයි... ඕවගෙ පෙන්නන්නෙම බහින්න බහින්න ආයෙත් නගින ජාතියෙ චිත්‍රපටි.... 


ඉතින් ඊයෙ පුතා ඔය "දාස කතාව" යාලුවෙකුට කිව්වහම පොරත් කිව්ව කතාවක්... මේක ගොඩක් දෙනෙක් දන්න කතාවක් වෙන්න ඇති... හැබැයි පුතානම් ඇහුවෙ ඊයෙමයි... OP කියල ඒ කතාවත් කියල දාන්නට කියල හිතුවා... 


මේකයි කතාව..


දවසක් හම්බන්තොට පැත්තෙ බුවෙක් ඇවිල්ල ජා ඇල ඉන්න පොරගෙ යාලුවෙක් හම්බවෙන්න... බස් එකේ වැඩිය සෙනග ඉඳලත් නෑ... පොරට ඕන කම තිබ්බා පොරත් පිට පලාතක නෙවේය කියල පෙන්නන්න... (දැන්නම් ඕකෙ අනිත් පැත්ත නේද ) ඉතින් පොරත් මීටරෙ දාගෙන හිටියා අනිත් මගියොන්ගෙ කතා බහ කරන විලාශය ගැන.... 


ඔන්න ඉතින් බස් එක වත්තල හරියට කිට්ටු වුනාම කොල්ලෙක් නැගිටලා කියනවා... ගැමුණු බහිනවා... කොන්දොස්තර මහත්තයත් රියදුරු මහත්තයාට කියපි ගැමුණු බහිනවා කියලා.. අපේ බුවත් දැන් බලාගෙන ඉන්නවා සිද්ධ්ය දිහා.. කිව්ව වගෙම බස් එක හෝල්ට් එකේ නැවැත්තුවා... ගැමුණු හෝල්ට් එකෙන් බැහැලා ගියා.... 


ටික දුරක් ගියාම මැදි වියේ ගැණු කෙනෙක් නැගිටලා කියනවා රත්නාවලි බහිනවා කියලා.. අනේ ඉතින් ගෑණු කෙනත් රත්නාවලි හොල්ට් එකෙනුත් බැහැලා ගියා... 


අපේ බුවත් බහින්න ලං වුනා.. බැලුවා වටපිට හ්ම්.. මං මොකටද සෙකන්ඩ් වෙන්නේ අපි දකුණේ කොල්ලො හරිය කියල හිතට ඇරගෙන එහෙම කිව්වලු..... "ඉස්සරහින් සිරිපාලත් බහිනවා"


ප\ලි : මුලු රටම පංචායුධ කුමාරයාගේ මාර (න්තික) උපවාසය දිහා බලාගෙන ඉන්න වෙලාවක අපි පිස්සු ලියන එක හරිද මන්දා.... හැබෑටම පංචායුධ කුමාරයට මොනව වේයිද ඈ? මටනම් හිතෙන්නෙ කොයි වෙලාවේ හරි රජ්ජුරුවෝ ඇවිල්ල එක්කරගෙන යයිම කියලා...

14 comments:

  1. ජැක්සන් ල ගැන ලියල මොකො උබත් 154 සන්තොසෙන් යනව කිව්වෙ හික් හික්....

    පංචායුද කුමාරය යම ලෝකෙට ගියොත් එහෙත් ඉවරයි

    ReplyDelete
  2. හේමලයාටයි ඉලංදාරියාටයි
    තැන්ක් යූ වේවා

    ReplyDelete
  3. පිස්සා... එහෙමටම නෑ මචං... හැබැයි 154ක නිකං හිටගෙන ගියත් ඇති... මම සන්තෝසෙන් ගියේ මාත් එක්ක ඔය දවස් වල තනියට යන්න ළමයෙක් හිටියනෙ.. ඒකයි... හිකිස්..

    බයවෙන්න දෙයක් නෑ මචං පංචායුධ කුමාරයාට යකා ගහල නෑ... රජ්ජුරුවෝ ඇවිල්ලා පිස්සු කෙලින් නැතුව නැගිටපන් කියලා...

    ReplyDelete
  4. හික් :D
    ඔන්න උඹේ අනුමානය හරියටම හරි...

    මහරජතුමා ඇවිත් පංචායුධ කුමරු එක්කගෙන ගියා...

    http://www.thesundayleader.lk/2010/07/10/wimal-breaks-fast-after-mahinda-visit/

    ReplyDelete
  5. පුතා කිව්වට අයියා කෙනෙක් ... පුතා අයියා, දෙවාලයක් දාගත්තා නම් නියමෙට හිටියි, අන්න ලමයව එක්කම් ගිහිල්ලා.

    ReplyDelete
  6. උඹනම් එල කොල්ලෙක් බං කතාවට වඩා ආතල් කතාවට ආපු හැටි. අර හොල් දෙකේ (මානිලුයි, සමන්තායි) ගැන කතාව.

    ReplyDelete
  7. ශාකුන්තල, රවා මටත් හිතුනා පොඩියට සාස්තර බිස්නස් එකක් පටන් ගන්න... ඒත් අනිවාර්යෙන්ම වෙන්නෙ ඕක තමා කියලා හැමෝම දැනන් හිටියනෙ බන්....... හිකිස්....

    ReplyDelete
  8. තැන්ක්යූ වේවා ප්‍රියන්ත අයියා....

    ReplyDelete
  9. ඇයි, ඉබ්බං වල බහිනවද?

    ඉබ්බො සිරා පොරවල්. උං වල බහින්නේ නෑ.

    ReplyDelete
  10. අනේ අනේ එහෙනම් 154 සංතෝසෙන් ගියා එහෙනම්...... ඈ.....

    ReplyDelete
  11. @කසූ
    හිකිස්.. අර ඉබ්බෝ තුන්දෙනාගේ සෙට් එකෙ ඉබ්බොද..... උන්ගෙ එකෙක් නම් සිරා පොරක් කියලා අපි දන්නවා...

    @රන්දිල්
    :) දන්නැද්ද ඉතින්... අපි ඒ දවස් වල සූටි ළමයිනේ...

    ReplyDelete
  12. දැන් සමන්තා හෝල් එක නැහැ නේද ? ඒක දැන් බිමට සමතලා කරලා තියෙන්නේ...

    අනික සෙන්කඩ, සලාකා එහෙම හොඳට නැගලා යන්නේ :)

    ReplyDelete

Related Posts with Thumbnails