Friday, July 16, 2010

ගුලි තුනේ කථා වස්තුව

ගුත්තිල මූසිල කතාන්දරය ඉස්කෝලෙ ගිය හැමෝම වගෙ දන්න කතාවක් කියා පුතා උපකල්පනය කරනවා... පුතා දන්න විදිහට ඔය උපකල්පනය කරනවා කියන වචනය හරිම ෂෝක් වචනයකි... පුතා උසස් පෙළට ගණිතය ඉගෙන ගන්නට ගියා ගාමිණි පෙරේරා කියන ගුරුතුමා ගාවට.. ඔහු හරි අපූරු ගුරුවරයෙකි.. හැම දේශනයක් අවසානයෙදිම ඔහු කියනවා... "මා උපකල්පනය කරනවා මේ පාඩම හැමෝටම තේරුනා කියලා... ඔන්න ඉතින් අතරින් පතර අත් ඉස්සෙන්ට ගන්න කොටම ආපහු කියනවා ... නොතෙරුන කවුරු හරි ඉන්නවානම් මම එය නොසලකා හරිනවා". ඔන්න පුතාත් උපකල්පනය කරනවා ගුත්තිල මූසිල කතාව හැමෝම දන්නවා කියලා... 


ඉතින් ඔය ගුත්තිල කතාවෙ අන්තිමට ශක්‍ර දෙවියෝ වැඩලා ගුත්තිලට ගුලි සෙට් එකක් දීලා මූසිලට එරෙහි සටන ගොඩ දාල දෙනවනෙ... බලාගෙන ගියාම පැන්ෂන් යන්ට ඕන කාලෙ පැන්ෂන් යන් නැතුව තමන්ගේම ගෝලයාටවත් සුදුසු තැන නොදෙන ගුරුවරු අද විතරක් නෙවෙයි ඉස්සරත් ඉඳල තියෙනව නේද....? 


අද කියන්ට යන කතාවත් ගුත්තිල කතාව වගෙම ගුලිවලට සම්බන්ධ කතාවක්..... සමහරවිට මේක ගොඩාක් අය අහල තියෙනව වෙන්ටත් පුලුවන්..... අහල තියේනම් පුතාට බනින්ට එහෙම ඔට්ටු නෑ ඕං හරිය...... (බොරුවට කිව්වේ... පුතා වැඩියෙන්ම කැමති බැනුම් අහන්ට.... හැබැයි පුතාගෙ නමට ඉස්සරහින් විශේෂණ පද දාලා පුතාගේ අම්මට එහෙම බනින්ට නම් ඔට්ටු නෑ හරිද.....)
මෙන්න මේකයි සිද්ධිය....
----------------


එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටපු බුවෙක් කරන කරන වැඩේ අනාගෙන අනාත නාත වෙලා හිටියලු.... බැරිම තැන බුවා දෙයියන්ට කන්නලව් කරාලු තමන්ගේ දුක කියලා... අනේ ඉතින් දෙවියොන්ගෙත් පුටුව රත් වෙලා බැලුවාම දැක්කලු මේ නර බුවාට උදව්වක් ඕන වෙලාව තමා මේ කියලා...
ඔන්න ඉතින් දෙවියෝ අපේ බුවා ඉදිරියේ පහල වෙලා..... "එම්බල නර කොල්ල... මා තට ගුලි තුනක් දෙමි... ඒ ගුලියක් උඩ දමා තට රිසි දෙයක් ඉල්ලව.... එසැනින් එය තට හිමි වෙනු ඇත...." කියලා ගුලි තුන දීලා චුත වුනාලු... 


අනේ ඉතින් බුවාත් ගුලි තුන ගෙදර අරං ගිහින් කට්ටියගෙ අදහස් විමසුවාලු මොනවද ඉල්ලන්නෙ කියලා... 


ඔන්න ඉතින් එන්ට ගන්නවා යෝජනා.... 


එකෙක් කියනවා බැන් කී මූන් ගෙදර යවන්ට අයියා..... 


තව එකෙක්... අයිෆා HD විඩීයෝ එක ඉල්ලන්ට අයියා.... ඉවරයක් නෑ ඉල්ලීම්, යෝජනා වල.... 


වැලේ වැල් නැතුව ඉඳලා මුන් ඉල්ලන ඒවා දැකලා මල පැනපු පාර ගුලියක් උඩ දාන බුවාට කියවුනේ ඕ...න පුකක් වරෙන් කියලලු.... ( පුක කියන වචනේ හැමවෙලාවෙම කියවෙන කොට කක්කි කක්කි වගේ හින්දා ඔය වචනෙ එන තැන් වලදි මම P කියල කියන්නම්.)


අනේ උඩ දැම්ම ගුලිය වැටෙන්ටත් කලින් මිනිහගෙ ඇඟ පුරාම ආවෙ නැතෑ නා නා ප්‍රකාර P වර්ග.... ඇෆ්‍රිකන්ද, ඉන්දියන්ද, ඇමරිකන්ද පාට පාට ඒවා... ස්මෝල්, ඩබල් එක්ස් එල් එක ප්‍රමාණ වලින්....


බුවාට ගඳ ඉවසන් ඉන්ට බැරි තැන ඉක්මනටම දෙවැනි ගුලිය විසි කරන ගමන් කිව්වලු "අනේ මට එක Pවත් එපා කියලා..." ඔන්න ඉතින් අර මැවිච්ච P ඔක්කොම ඩිසපියර් වෙන අතරෙ බුවාගෙ තිබ්බ P එකත් නැතිවෙලා ගියා... ඇයි ඉතින් මිනිහ කිව්වනෙ එක Pවත් එපා කියලා....


අන්තිමට ඉතින් අර ඉතුරු වුන ගුලිය විසිකරලා මිනිහා ඉල්ලුවාලු මට මගෙ තිබුන P එකවත් ලැබෙන්ට කියලා...


පුතාගෙ ඔවදන - දෙවියො දුන්නත් ගුලි විසිකිරීමේදි තමාගේ P ගැන සැලකිලිමත් වන්න.
----------------

11 comments:

  1. හැබැට ඔය හැම ගුලි ජාතියම දෙයියොද දන්නේ නෑනේ දුන්නේ....මොකද දැන් ඉතින් තියෙන්නේ උඩ දදා ඉන්න ගුලි නෙවෙයි නෙව.....කෙලින්ම Direct Consumption කොරලා හඳෙන් එහා යන ඒවා නෙව....හැබැයි ඒ කාලේ දැන්වාගෙ Olympic කොමිටි එහම තිබ්බානම් අනිවා ගුත්තිලව Ban කොරනවා තහනම් උතේජක වලට මාට්ටු කොරලා..........

    ReplyDelete
  2. හික් හික්!! නියම කතාව.හැබැයි කතාවෙ අන්තිම කෑල්ල නෑ.අපිනං අහල තියෙන්නෙ අන්තිම P එක මැවුනෙ මෑන්ස්ගෙ කට තිබුන තැන කියලා!!

    ReplyDelete
  3. මෙන්න මූ ඉතිහාසයට මඩ ගහනෝ. ගුත්තිලට බනිනවෝ. ඉක්මනට දේශප්‍රේමියෝ වරෝ....

    ReplyDelete
  4. ගුත්තිල කරපු වැඩේ වැරදි කියල මටත් හිතෙනව.

    ඔය පී කතාව නම් මමත් අහල තියෙනව...

    ඕක අපේ ඔපීසි වල තියෙන්නේ මෙහෙමයි...

    ඔපීසි වල තියෙනව නේ ලිපි ගොනු (පයිල්)..ඉතින් ඒ පයිල් වල තමයි අපි අපට එන ලියුම ටැග් කරල විසදගන්න ගැටළු කාරි ප්‍රශ්ණයක් එහෙම නම් අපේ යෝජනා එහෙමත් ලියල ඉහලට යොමු කරන්නේ...

    ඒව ලියන කොට තියෙනව පිලිගත් කෙටි ක්‍රම..
    අත්සනට ඉදිරිපත් කරමි නම් අත්/ඉ වගේ.
    අනුමැතියට නම් අනු/ඉ වගේ හරිද...
    එතකොට ඒ දේවල් කියවල ඉහල නිලධාරියා මිනිට් එකක් ගහනව.කටයුතු කරන්න.හරි එපා හරි කියල... ඒකත් කෙටියෙන් හරිද....

    ඉතින් දවසක් ඔය ලොකු පුටුවක ඉන්න මහත්තයෙකුට ආව පයිල් එකක තිබ්බ ගැටළුවට හා කියන්නත් බැහැ ඒපා කියන්නත් බැහැ.පුදුම ගැටලුවක් .. ඉතින් ඒ ලොක්ක කල්පලා කරල කරල කරල ලීව මෙන්න මෙහෙම...

    ඕ/පු

    ReplyDelete
  5. ඕ/පු කිව්වේ ..... ඕන පුකක් කියන එකද.....?

    ReplyDelete
  6. හැබෑවටම ගුත්තිල දැන් හිටියනම් තහනම් උත්තේජක භාවිතයට තහනමකට ලක් වෙනවා හික් හික්.

    ReplyDelete
  7. අනේ මම දන්නෙ නැහැ. . . මමනම් මේ කතාව අහල තියෙන්නෙ වෙන විදිහකට. එක හැටියට කතා නයකයෙක් නෙමෙයි, කතා නායිකාවක් ඉන්නෙ. එයා උඩ දාල කිව්වෙ ඔන P කියල නෙවෙයි. වෙනින් එකක් කියල. ඒකනම් මට මෙතන කියන්න බැහැ.

    ReplyDelete
  8. පුතේ ඕක රියල් සිංහල ජනක්තාවක්. ඒකෙ තීන්නෙ "ඕන රෙද්දක්" කියල. මේ වර්ශන් එක ඊට වඩා එළ. හැබැයි වත්ගෙ කතාව ඊටත් වඩා එළ ( මොකද දන්නෑ මේක අර පත්තරේට නොලිව්වෙ නේද!).
    ඔය කතාවෙං ගන්න තීන ආදර්ශෙ තමයි "විවාහකයකුට ලැබෙන් ගුලි වලින් ඇති වැඩක් නැත" කියන එක.

    ReplyDelete
  9. ඕන එකක් :) පරණ කතාව ටිකක් හදලා ගද්දී තමා සිරා. ඒක තමා වෙන්න ඕනේ :)

    ReplyDelete
  10. @හේමලයා...
    ගුලිය හම්බවෙනකොට හිතන්නේ ඕක දෙන්නේ දෙවියොම තමයි කියලනෙ... වමාරන වෙලාවට තමා තෙරෙන්නේ ඕං ගුලියෙ තරම.. හිකිස්...
    ඈ බං ඔය හඳෙන් එහා යවන ගුලියක් එහෙම හම්බවුනොත් මටත් එවපන් පොඩ්ඩක් රහ බලන්ට... මොන රසද දන්නේ නෑ නේ බන් ඕවා..

    @බ්ලොග් ගඩෝල්
    හිකිස්... නිකන් මලක් පිපුනා වගෙ තියෙන්ට ඇති නේද...

    @ප්‍රියන්ත...
    ප්‍රියන්ත අයියා...ආය ඕකට ඔච්චර තරහ ගන්ට ඕනය.. :D

    @වත්
    ඔයා නම් අනිවාර්යෙන්ම ආණ්ඩුවේ ඔපීසියක තමා වැඩ කරන්නේ... මමත් ඔය කතාව අහල තිබ්බා... ඒ වුනාට ඒකෙ ඔය කතාවෙ තරම් ගතියක් නෑ... http://dubaiwattakka.blogspot.com/2010/06/blog-post.html

    @කුමාරයා
    නෑ.. නෑ... ඕන පුනීලයක් කියන එක... හිකිස්.

    @දුමී...
    මං ඒත් හිතුවා කවුරු හරි ඔය කතාවත් කියයිම කියලා..
    එහෙම වුනා නම් කවුරුවත් තුන්වෙනි ගුලිය උඩ දාන්ට දෙන් නැතිවෙයි නෙද අයියා.. අපරාදෙනෙ හොඳ ව්‍යාපාරයක් නේ නේද..... හිකිස්...

    @ඉන්දික
    සිරාවටම මං දැනන් හිටියෙ නෑ ඕක ජනකතාවක්ය කියලා... ඇත්තම කියනවනම් මම දැනගෙන හිටියෙත් ඔය දුමී කිව්වා වගෙ කතානායිකාවක් ඉන්න එක තමා.. පොඩ්ඩක් මොඩිෆයි කරලා දැම්මේ....

    @හසිත
    සතියක් දෙකක් වහුං වෙලා හිටියේ... අලුත් නැවක්වත් ආවද?

    ReplyDelete
  11. තාම අළුත් නැව ආවේ නැහැ අයියා ඒක එන්නේ ඔක්තෝබර් දිහාට. මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවෙලා තිබ්බේ. ඉතින් අද තමයි පොඩ්ඩක් නිවාඩු පාඩුවේ සයිබර් අවකාසේ කරක් ගහන්න පටන් ගත්තේ............

    ReplyDelete

Related Posts with Thumbnails