Wednesday, September 1, 2010

බලුම බලු - බලු කතා

මේ කියන්ට යන කතාව නම් අතිශයින්ම බලු කතාවක්... බලු කියෙන්නේ ඕං බලුම බලු කතාවක්... ඉතින් එහෙම කිව්වම බලු කතාවලට අකමැති දරුවෝ හැමෝම කියවීම මෙතැනින් නවත්තයි කියලා පුතා විසින් උපකල්පනය කරනු ලබනවා... හරිය...  


ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා... මේ බලු කතාව පුතාට මතක් වුනේ දුමීගේ බලු කතා සීරිස් එක කියෙව්වට පස්සේ කියලත් කියන්ට ඕන... හැබැයි ඒ ඔරිජිනල් බලු කතා වගෙ පුතාගේ ඩුප්ලිකේට් බලු කතාවල මෙව්වා එකක් නැති වෙයිද කියලත් හිතෙනවා... ඔන්න ඔහේ ඕපූ කියල කියන්නම් නේද...... 


ඔන්න දවසක් බල්ලෙකුයි කොල්ලෙකුයි හදිසි අනතුරකට ලක් වුනාලු... කිව්වේ ඇක්සිඩන්ට් එකක හැප්පුනාලු... 
බල්ලයි කොල්ලයි දෙන්නම හොස්පිටලයිස් කලත් බල්ලව බේරගන්ට බැරි වුනාලු... කොල්ලා නොමැරී බේරුනත් සමහර ගැජමැටික් දරුණු විදිහට ඩැමේජ් වෙලා තිබුනලු... හොඳ වෙලාවට අර මැරුණු බල්ලගෙ හානි නොවිච්චි ගැජමැටික් වලින් මිනිහගෙ ඩැමේජ් වුනු ඒවට රිප්ලේස්මන්ට් එකක් දාගන්ට පුලුවන් වුනාලු... 
ආහ්... තව පොඩ්ඩෙන් කියන්ට අමතක වෙනවා මනුස්සයා ඇක්සිඩන්ට් එකේ හැප්පිලා තියෙන්නේ අර පල්සර් කියන බයික් එකක යනින් ගමන් හරිය... ඔය පිංතුරේ තියෙන්නේ ආන් එව්ව එකක් තමයි... 
ඉතින් කොහොම හරි කොල්ලට බල්ලගෙන් දාපු ගැජමැටික් ටික හරියට ෆික්ස් වුනාලු... ඒ කියන්නේ ඔපරෙෂන් එක සක්සස්ෆුල්ලු... 
තුවාල එහෙම හොඳ කරගෙන ගෙදර ගියපු කොල්ලා මාස දෙක තුනකට පස්සේ ඔපරෙෂන් එක කරපු ඩොකාව මුන ගැගෙන්ට ඇවිල්ලා... 


දැන් ඩොකයි කොල්ලයි අතරෙ ඩයලොග් එක යනව මෙහෙම... ඩොක්ටර් : ආ... කොහොමද දරුවො... කොලුවා : හොඳයි ඩොක්ටර්... දැන්නම් කිසිම අවුලක් නෑ.. ඩොක්ටර් : ෂහ්.. බොහොම සන්තෝෂයි පුතා... කොලුවා : ආහ් ඩොක්ටර් පොඩි අවුලක් තියෙනවා... ඩොක්ටර් : මොකක්ද පුතා පොඩි අවුල... කොලුවා : නැ ඩොක්ටර් මේ.... මොකද මන්දා මේ ඔපරේෂන් එකෙන් පස්සේ චූ කරද්දි කකුල ඉස්සෙනවනෙ...


----------


දැකල තියෙනවද බල්ලො දෙන්නෙක් මුන ගැහුනු ගමන් කරන දේ... 
දැකල නැත්තම් දැනගන්ට බල්ලෝ දෙන්නෙක් මීට් වුන ගමන් උන් කරන්නේ අනෙක් එකා වටෙ රවුමක් දාලා කක්කි පැත්ත ඉඹල බලන එක තමයි... 
චීකේයි නේද... මොනව කරන්ටද බල්ලොනේ... 


මුන් මොන ලබ්බකට මේ වැඩේ කරනවද පුතාට සෑහෙන කාලෙක ඉඳන් දැනගන්ට ඕන වෙලා තිබුනත් හරි හමන් විදිහේ බල්ලෙක් සෙට් වුනේම නෑ... පස්සේ කාලෙක ඕකට හේතුව දන්න බුවෙක් පුතාට නිදාන කතාව පහදලා දුන්නා... බුවාට කිව්වේ බල්ලෙක්ද කියලනම් දන්නේ නෑ...
එකෝමත් එක කාලෙක දෙයියෝ විසින් ලෝකේ ඉන්න සියලුම සතුන්ගේ රැස්වීමක් කැඳවෙව්වාලු... 
ඉතින් සියලුම සත්වයන් දැන් දෙවියෝ ඉස්සරහා ඉන්නවලු තම තමන්ට වෙන් කරල තිබුනු ආසනවල... 


දැන් සභාවේ වැඩ කෙරීගෙන යන අතරතුර බල්ලෝ ඉන්න පැත්තෙන් හීනියට වගෙ ගඳක්ද මොකක්ද එනවලු... ඔව් ඔව් මොකෙක් හරි අසමජ්ජාති බල්ලෙක් නැට්ට උස්සලා තමයි... මුලින් හීනියට ආවට මොකද ටිකක් වෙලා යන කොට උහුලන්ට බැරි තරමට මේක උත්සන්න වෙලා... අර නිව්ටන්ගේ නියමයකුත් තියෙන්නේ "සද්ද ___ ගඳ නැතේ... ගඳ ____ සද්ද නැතේ" කියලා නේද...
ඔය අස්සේ මේ ගැන වල් පුසෙක් දෙයියොන්ගේ කනෙ තියල බල්ලෙක් දේව සභාවට අපහාස වෙන විදිහට කටයුතු කරලය කියලා...
දෙවියොත් රේඩාර් එක දාල බලද්දි කාරණෙ ඇත්ත... ඉතින් දෙවියොන්ට හොඳටම මල පැන්නා මේ කරපු අපහාසෙට.. ක්ෂණිකව දෙවියෝ අණ කරා මේක ඇරපු බල්ලා කැමැත්තෙන් ඉදිරිපත් වෙන්ට කියලා... ම්හ්... නෝ ආන්ස්වර්... එහෙනම් කවුද මේක කොරේ කියලා හොයලා කියන්ට කියලා බල්ලෝ සෙට් එකටම කිව්වා... හොයා ගන්ට උනේ නෑ ඇරපු එකාව... මිනිස්සු නම් හෝ දහය කරල හරි හොයා ගයි... බල්ලෝ ඔව්ව දන්න එකක්ය..

අන්තිමේදි දෙයියෝ තීරණයක් ගත්තා... හරි එහෙනම් ඇරපු එකෙක් නෑනේ... තොපිලට මම දඬුවමක් දෙනවා... දඬුවම තමයි අද ඉඳන් උඹලාට දේව සභාව පැත්තේ පස් පාගන්ට බෑ... එහෙම කියලා බල්ලෝ සෙට් එකම දේව සභාවෙන් එලියට පැන්නුවා... ආහ්... පන්නන්ට කලින් මෙහෙම කතාවකුත් කිව්වා... කවදහරි දවසක මේ නැට්ට උස්සපු එකා කවුද කියල කිව්වොත් විතරක් දඬුවම අයින් කරනවා... දැන් පැහැදිලියි නේද බල්ලෝ අලුත් බල්ලෙක් සෙට් වුන ගමන් අර වැඩේ කරන්නේ ඇයි කියලා....

31 comments:

  1. බලු කතා සීරිස් එකක් වගේ හි හි. එළ එළ පුතේ....

    ReplyDelete
  2. අයියෝ අර අසරණ බල්ලන්ටවත් නිකන් ඉන්ට දෙන්නෙනැති හැටි මේ පුතා....

    ReplyDelete
  3. අනේ පුතේ බල්ලන්ට ඉන්ඩ දීපන් පාඩුවෙ.. බල්ලන්ට ‍මොනා හරි කියද්දි අපිටත් දැනෙනව.

    ReplyDelete
  4. ෂීකේ පුතා, බලු කතා කියන්න එපා..
    :) හැබැයි මරු බලු කතා දෙක..

    ReplyDelete
  5. තීම් එක බලු උනත් කතා දෙන එල.
    (ඔය ලස්සන පොටෝ එක ආසාව හින්දම උස්සල 'අතන' දැම්මා. ලඟදි ගත්තු එකක්ද?)

    ReplyDelete
  6. හේ හේ ඉලංදාරියාටත් හිනා..

    ReplyDelete
  7. මලා කකුල ඉස්සෙන එක විතරද ප්‍රශ්නේ. එහෙනම් ඒ ඇති. එතනින් එහාට යන්නේ නැතිව.

    ReplyDelete
  8. හපොයි අහිංසක බල්ලො!!!!!

    ReplyDelete
  9. අර ටාසන්ටත් ඔය වගේ පොඩි වැඩක් උනානේ.මිනිහ වැලක එල්ලිලා හූ කියාගෙන යද්දී ඇක්සිඩන්ට් එකක් හැප්පිලා අවයවයක් ඩෑමේජ් වෙලා.රෙපයාර් කරලා රීප්ලේස් කලේ මැරුණ අලියෙක්ගේ හොඩවැලක්.පස්සේ මිනිහ කැලේ යද්දී අහවල් එකෙන් කොළ කඩන්න පටන් ගත්ත කියන්නේ.

    ReplyDelete
  10. සෝක් බළු කතාව පුතේ... අම්මප මෙදා පාරත් බල්ලෙක් ඔය සීන් එක කරනවා දැක්කොත් මට පුතාව මතක් වෙයි බං. පට්ට ඈ...

    ReplyDelete
  11. හී හී දෙවියන්ට මල පැන්න කීවෙ දෙවියන්ටත් බල්ලට වුන වැඩේ වෙලාවත්ද ?? ම්....

    ReplyDelete
  12. @කුෂාන්: මොකද බන් බලු කතා, බළු කතා වෙලා...? නිකන් පබළු කතා වගේ...

    @පුතා: විහිලෞ නේමේ මන් දන්න එක්කෙකුට ඔහොම මෝටර් සයිකල් අනතුරක් වෙලා සතියක් ටෙන්ට් ගහගෙන ඉස්පිරිතාලේ... පිස්සු හැදෙනවා අප්පා... උගේ තාත්තා ලෙඩ්ඩු බලන වෙලාවට ඇවිත් රෙද්ද එහාට මෙහාට කරලා බලලා "ආ තාම අඩුවක් නෑනෙ "කියල යනවා... සෙල්ලම් නෙමේ පුති යකඩ අස්පයෝ එක්ක...

    ReplyDelete
  13. පල්සර් එක දෑක්ක ගමන් කතාවෙ ඉතිරි ටික මීටර් වුනා නිකන්ම

    ReplyDelete
  14. පුතා දන්නවද හොදම සිද්දිය... අපේ යාලුවෙක් පුනරුප්පත්තිය අහන්න මෝහනෙ කරලා ගියා ආත්මෙට ගියාට පස්සෙ කකුලක් උස්සලා චූ කරා කියන්නෙ....... වෙලාවට අපි මෝහනේ උනේ නැත්තෙ... නැත්නම් මොනව කරයිද දන්නෙ නෑ....

    ReplyDelete
  15. හික් හික් හික් . .කලින් අහලා පුරුදු කතා දෙකක් . . .ඒත් උඹ නියමෙට ඉස්තර කරලා තියෙනවා හරියට උඹටම උනා වගේ හික්ස්

    ReplyDelete
  16. හැබෑනේ බොල... බලු පබළු වෙලා...

    ReplyDelete
  17. හැබැයි මං අහල තියනව ඔයිට වඩා වෙනස් කතාවක්...
    අර බල්ලොන්ගෙ මීටිං එකෙදි මොකද්දෝ එකක් ගලවල.. යනකොට හයි කරගද්දි මාරු වුන සීන් එක..

    ReplyDelete
  18. @පිස්සා...
    තැන්කූ තැන්කූ මචං....

    @හේමලයා...
    හේමලයට හිර හඳ තරු වගෙ අපිට ඉතින් කොල්ලොයි බල්ලොයි තමා ඉතින්... :)

    @පිටස්තරයා...
    තැන්කූ වේවා අපේ අහ ආවට... දැන්නම් පිටස්තරයෙක් නෙවෙයි ඕං...

    @ෆා...
    තැන්කූ ඈ...

    @චාමි...
    දැන් ඔයිට වඩා රැවුල් ගස් ටිකක් තියෙනව බං...

    ReplyDelete
  19. @ඉලංදාරියා...
    තැන්කූ අපේ අහ ආවට... ඔබේ සතුට මගෙ සතුටයි.... :)))

    @ප්‍රියන්ත...
    තව අනිත් වැඩේ කලින් කොමඩ් එක චුට්ටක් හාරන්ට හිතෙනවලු...

    @හරි...
    එතකොට අපි අහිංසක නෑ... හරි අක්කේ...

    @සිතුවිලි මණ්ඩිය...
    :)))) ඒකත් ෂෝක් කතාව...

    @කුෂාන්...
    කෝකටත් සෝදිස්සියෙන් හිටහං... මම නම් ඕකුන් ගාවින්වත් යන්නේ නෑ... කරුමෙටවත් ඇවිල්ලා සර්ච් පාරක් දැම්මොත් එහෙම....

    ReplyDelete
  20. @ගීත්...
    ඈ.. ඒ මලයි පිපෙන මලෙයි ස්පෙලින් එකමද බං... :)))

    @තිස්ස අයියා...
    මොන කරුමයක්ද උට වෙලා තියෙන්නේ ඈ... කොහොමද හොඳ කරගත්තේ...

    @පුබුදුවා...
    අල්ලපු රටෙ එවුන් ලංකාවේ ජනගහණ වර්ධනෙ අඩු කරන්ට ගහපු ප්ලෑනක ප්‍රතිපලයක්ලු පල්සර් එක... :))) වැරදිලාවත් ඕකක් නම් ගන්ට එපා බං... ඇට්ලස් වෙනවා..

    @අභීත...
    සිරාවටම මාත් හෙන ආසවකින් ඉන්නේ මෝහනය වෙලා ගිය ආත්මෙට යන්ට පුලුවන්ද බලන්ට... ඔය කතාව ඇහුවහමනම් බයත් හිතෙනවා...

    @දුකා...
    තැන්කූ වේවා දුකා අයියා....

    @ගොම් පාට්ස්
    එදාලු නේද උඹෙත් මොකක්ද එක මාරු වුනා කියන්නේ...

    ReplyDelete
  21. උඹලටත් පිස්සු බන්...හෙහ් හෙහ් හෙහ්... මට ඕක උගෙන් අහන්න අමතක වුනානේ ඈත්තටම... උඹලගේ මොළේ තමා මොළේ.....

    ReplyDelete
  22. මම කලින් වැඩ කරපු ඔෆීසියෙ අහිංසකයෙකුට ඔය බලු ගැජට් සීන් එකෙන් ( උඹේ පලවෙනි කතාවෙ එන ) කාඩ් එකක් ගහල තිබුන.... කාඩ් එකේ විදිහට මෑන් ඇක්සිඩන්ට් උන වෙලාවෙ ඩොක්ටර්ස්ල සෙට් වෙලා ඔහොම ගැජට් එකක් සෙට් කරල..... ඒත් කවුරුවත් දන්නෙ නැහැ ඕක.
    ගෙදර අය දැන ගත්ත හැටි ----->
    රාත්‍රියෙ මිදුලට ගිහින් කකුලක් උස්සල චූ කරනව දැකල ගෙදර අයට මාට්ටු.
    ගමේ අය දැන ගත්ත හැටි ------->
    ගමේ තිබුන පිරිත් ගෙදරක නයිටක් ගහන්න ගිහින් නිදිමත තද උන වෙලාවක නිදා ගන්න කියල කාමරේකට රින්ගල එතන තිබුන ඇඳ වටේ කීප සැරයක් කැරකිලා තමයි ඇදට පැනල නිදාගෙන තියෙන්නෙ.
    ටවුන් එකේ අය දැන ගත්ත හැටි ------->
    වැඩට යන්න කියල පාන්දර බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් එතන තිබුන බංකුවක වාඩි වෙලා ඉන්න ගමන් කකුලෙන් කන කහන්න ගිහින්. එතනත් චාටර්.
    අපි දැන ගත්ත හැටි ------->
    අපි කරපු විහිලුවකට මෑන් අපිත් එක්ක මල පැනල බුරාගෙන කන්න පැන්නනෙ.

    ReplyDelete
  23. හිහ් හිහ් හි..

    ReplyDelete
  24. ඒ.. බලු කතා කියන්ඩ එපා බන්...

    නියම කතා දෙක ඈ..

    ReplyDelete
  25. පුතාගේ බලු කතා බලලා දෙපාරක්ම කමෙන්ට් දාන්න කියලා ආවත් යූ.සී.එස්.සී එකේ සින්ග්ලිෂ් කන්වර්ටරේ වැඩ කලේ නැති නිසා මග ඇරුනා . . .

    ඔන්න මතක් වෙච්ච වෙලාවෙ ආව ඒ පාර කමෙන්ට් එකක් කොටල යන්න කියලා. බලාගෙන යනකොට අපේ කංචු මලයත් මාර ඉන්ටර්ලූඩ් එකක්නෙ ඇඩ් කරලා තියෙන්නෙ. පුතාගේ බලු කතාව බලුම බලු වෙලා ඒකෙන් . . . කියල වැඩක් නැහැ . . . නියමයි ! නිකන් මගෙත් කන කකුලෙන් කසාගන්න හිතෙනවා . . . . !

    ReplyDelete
  26. බල්ලන්ට බල්ලො වගේ ඉන්න වෙනවා මේ කතා ඇහුනනම්. බලු7යි...:D

    ReplyDelete
  27. නියම කතා 2 ක්. බල්ලෝ බත් කන්නේ නැහැ මේ කතා අහපුවාම :) :) :)

    ReplyDelete
  28. හරිම creative බලු කතාවක්නෙ පුතේ.. ඇත්තට බල්ලො ගැන ඔච්චර interested මටවත් ඔය බලුවැඩේ ගැන හාන්කවිසියක් හිතුන්නෑ නේ.අනේ..අනේ..පුතාට පොඩිකමට හිතෙන ඒවා.

    ReplyDelete
  29. මොකද පුතා සද්ද වහලා? කතා නැතත් කොමාවක් හරි දාල අප්ඩේට් කලානං?

    ReplyDelete
  30. හික්ස්.. පස්ටා...!

    ReplyDelete

Related Posts with Thumbnails