Friday, October 22, 2010

තුන්වෙනි ලෝකයෙ රටක ගායකයෙක්

සිංදු කියන අජිත්... හ්ම්ම් අර බස් අජිත්නේ...
අජිත් කියන නම තියෙන ගායකයෙක් ගැන කිව්වම මතක් වෙන්නේ අජිත් මුතුකුමාරණ මහත්තයානේ... නෑ නෑ එයා ගැන නෙවෙයි...

ආ.. එහෙනම් අර අජිත් බන්ඩාරද... දැන්නම් මිනිහ සිංදු කියනවද දන්නෙත් නෑ...

නෑ නෑ ඒ අජිතුත් මේ අජිතුත් හැර තවත් සිංදු කියන අජිතෙක් ගැන තමයි  මේ...

අහල තියෙනවාද අජිත් කුමාරසිරි කියලා කෙනෙක් ගැන...

සමනල්ලු, මල්, යොවුන් ආදරෙ, කරුණාව,අහිමි පෙම ගැන කොච්චර ගීත ගැයිලා තියෙනවද... ඒ ගීත ගයන ගායක ගායිකාවන්ගේ හඬවල් කොච්චර සුමධුරද... ඒ සුමුදු කටහඬවල් වලින් ගැයෙන ගීත වලට අපි කොච්චරනම් ආදරෙද...

නමුත් මේ අජිත්ට ඇත්තේ එවන් සුමධුර හඬක් නම් නොවේ... ඔහු ගයන්නේද සමනලුන් ගැන නොවේ... ඔහු ගයන්නේ පාර්ලිමේන්තුව ගැනය... කසිප්පු කාරයන් ගැනය... ඒ ගීත ගැයෙන්නේ ඔහුගේ ගොරහැඬි හඬෙනි... ඒ හඬ ටකරමක් පරාල ඇණයකින් හූරනවා තරමට ගොරහැඬිය.... ඇඟ හිරිවට්ටන තරමටම ගොරහැඬිය... එහි ආදරෙ හිතෙන කිසිත් නැත...

එහෙනම් මොන ලබ්බකටද ඔය සිංදු අහන්නේ... ඔබ කියනු ඇත...

කියනවාට එක වරක් ඒ හඬ අසා බලන්න... ඒ ගොරහැඬිකම හැංගී ඇත්තේ කොහේදැයි දැනෙනවාද බලන්න...

මෙතැනට ගිහින් බාගන්න...

ප\ලි: ඇල්බමයට ලින්ක් එක හොයාගත්තේ ජීවත් වෙන කොට කියන බ්ලොග් එකෙන්... තැන්කූ වේවා h



18 comments:

  1. පුතා,
    මම නම යූ ටියුබ් පැත්තෙ ගොහින් සින්දුවක් ඇහව්වා උඹ කිව්වට පස්සෙ. ඒත් මගෙ නම් මොලේ කොලොප්පං වෙනවා බං ඒක අහන කොට.

    අනේ මලයෝ තරහ වෙන්න නං එපා, මේවට නං සිංදු කියල නම් කියන්න බැහැ ඕං.

    ReplyDelete
  2. අජිත් ගැන මෙහෙම කිව්වොත් තමයි ඉතිං!

    අජිත් සමනල්ලු හරි මල් ගැන හරි කතා නොකලට ඔහු ගයන්නෙත් ආදරේ ගැන තමයි නේද?

    ReplyDelete
  3. මල් ගැන සිංදු කිව්වත් , විරුද්ධාකල්ප ගැන සින්දු කීවත්, ගීතයක් යැයි අර්ථ දක්වීමට හැකි සාධකයන් තියෙනවා. ගීතයක් නම් එය ගීතයක් විය යුත්යි. සිතට කාවදින සිත නිවන හෝ සිත ඔද් නංවන්නක් විය යුතුයි. බල්ලෙක් උඩු පුරලන විදිහට තප්පුලන මේ වගේ ඒවට ගීත කියල, ෂා මාරයි, නියමයි කියලා කියන්න නම් බැහැ.

    ( පුත, උඹ මේක විචාරයක් විතරයි. පුද්ගලඉකව බාරගන්න් ඔන්න ඔට්ටු නැහැ . . . ! )

    ReplyDelete
  4. මම ඉස්සෙල්ලාම මේ සින්දුවක් ඇහුවේ "Rear Gate" එකේ පොස්ට් එකකින්,වචනනම් පිහියෙන් අනිනවා වගේ උවමනා තැනටම ගහනවා,වොයිස් එක තමයි අවුල.

    ReplyDelete
  5. මෙයා නේද අලිමංකඩ film එකේ සිංදුව කීයන්නේ ? මට මෙයාව මතකයි

    ReplyDelete
  6. මෙයා නේද අලිමංකඩ film එකේ සිංදුව කීයන්නේ ? මට මෙයාව මතකයි

    ReplyDelete
  7. මෙන්න සිංදුව පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න

    http://www.youtube.com/watch?v=xE2vQeSxXT4

    ReplyDelete
  8. පුතේ,...
    සමනල්ලු පියාබල යනතරමට
    මල් පරවි යන තරමට
    ගොරහැඩ් වුනත් උගේ හඩ,
    අහින්සක සමනල් හින ගොඩක්
    තියනව Rock අජිත් ලග...

    ReplyDelete
  9. මම හිතන්නෙ මේවා සින්දු කියල හඳුන්වන එකේ තමා වැරැද්ද. සින්දුවක් කියනකොටම ඔලුවට එන ෆෝර්මැට් එකක් තියෙනවනේ.
    ප්‍රශ්ණේ තමා ඒ ෆෝර්මැට් එකෙන් කියන්න බැරි අදහස් වලට මොකද කරන්නෙ කියන එක.
    උදාහරණයක් හැටියට
    'කසිප්පු කාරයො ගඟ අයිනට එනවා- ගෝඩා බැරල් ටික ගඟ පතුලට යනවා..'
    මේ අදහස අජන්තා රණසිංහ කොහොම ලියයිද/වික්ටර් වගේ කෙනෙක් කොහොම ගයයිද හිතා ගන්න බෑ. හැබැයි මේ ෆීල් එක නං එන්නෙ නෑ කියලා ෂුවර්.
    මේවා සින්දු නෙමේ. මියුසික්.
    අජිත් සිංහල මියුසික් වල වෙනම කලර් එකක්.

    ReplyDelete
  10. @රත්ගමයා...
    :).. සතුටුයි තවත් එකෙක් අහන්ට කැමතියි කිව්වම..

    @දුමි අයියා...
    තරහ වෙන්නේ මොකටද අයියා... අයියා අපිට වඩා සංගීතේ ගැන කොච්චර දන්නවද කියල මං දන්නවනේ... මම බලෙන්ම වගෙ අහන්ට දීපු ගොඩක් එවුන්ටත් මේක සෙට් වුනේ නෑ... හැබැයි අජිත්ගේ සිංදු අහද්දි මට මොකක්ද මෙව්වා එකක් දැනෙනවා... මොලේ කොලොප්පම් වෙනව වගේ එකක්ද මන්දා.... හැබැයි මම ඒකට ආසයි... මමත් අයියා වගේම සංගීතයේ අහු මුළු අතගාල තිබුන නම් මෙහෙම නොදැනෙන්ටත් තිබුනා...

    @h
    මට කියන්ට ඕන වුනෙත් ඒ දේ තමයි මචං.... බොහොම ස්තුතීයි අදහසට

    @සිතුවිලි..
    මට හිතෙන්නේ ඒ වොයිස් එකෙන් තමයි ඒ වචනවල නියම තේරුම එලියට එන්නේ... ඒ මොනව වුනත් තැන්කූ වේවා අදහසට...

    @හසිත...
    මට ඒ සිංදුව එච්චරම සෙට් වුනේ නෑ හසිත... ඒකේ අජිත්ගේ අනිත් සිංදුවල තියෙන ගැම්ම නෑ වගේ දැනුනා...

    @මාස්කින්ග්...
    රොක් අජිත්... ගල් වගේ හඬක් තියෙන අජිත්... :)

    @චාමි...
    වාදයක් නෑ... එකඟයි... බොහෝම ස්තූතියි චාමි පැහැදිලි කිරීමට...

    ReplyDelete
  11. මමත් යූ ටියුබ් එක පැත්තේ ගිහින් අහලා බැලුවා මේ පෝස්ට් එක දැක්කට පස්සේ.. පට්ටයිනේ.. මෙන්න මමත් බානවෝ... ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  12. මේ ගායකය මම දැන් තමයි අඳුරගත්තේ . සිංදුව......... ඒක අමුතුයි . මුලින්ම මහ ජරාවක් වගේ හිතෙනවා ඒත් ඒක හුරු උනාම ගොරහැඩි උනත් ඒකත් හිතට වදිනවා .ඒකත් එකතරා කලාවක් . ඒක නිසා මම ඒ සිංදුව තව පාරක් අහනවා ! මේක බාගත්තට මම දුක්වෙනේ නෑ මේක නියම සිංදුව.

    ජයවේවා !!

    ReplyDelete
  13. හී හී දැන් කට්ටිය වෙන අජිත් කෙනෙක් ගැනත් කතා වෙනවා නේද? මෙගා ස්ටාර් අජිත්.

    ReplyDelete
  14. අජිත් ගේ ගීතයක් ගැන මමත් ලිව්වා බ්ලොග් එකේ කාලෙකට පෙර. ඔහුගේ කටහඬ නම් අවුල් තමයි. ඒත් අපි නරක පැත්තකින් තියල අජිත් කියන්න හදන දේ ගැන හිතුවොත්.... වටිනවා...

    ReplyDelete
  15. මේක ප්ලේ වෙන්නේ මොකේද බං. දැං ඩවුන්ලෝඩ් කරගෙන කාලයක් ට්‍රයි කරනවා. තවම බැරිවුනා අහන්ට. කියලා දීපංකො. යූ ටියුබ් එකේ තිබුන කෑල්ලක් විතරක් ඇහුවා.

    ReplyDelete
  16. ඔංන මචං මමත් ඇහුවා.

    මට හිතෙන විදිහට අජිත් ආයෙත් සැරයක් මේ සින්දු කීවොත් මේ රිදම් එක වෙනස් වෙලා ඇහෙයි. නැවත නැවත එහෙමමයි.ගොඩක් වෙනස් විදිහට තියෙයි. ඒත් එහෙමයි කියලා අපි මේක රිජෙක්ට් කරන්න ඕනෙද? නැහැ.

    මම හිතන්නේ අජිත් අවශ්‍ය වීදියට(Street), වැඩබිමට, හේනට කුඹුරට. ඒ මේ අජිත්ම නෙවෙයි. අජිත්ගෙන් ආදර්ශය ගන්න පිරිස.

    මම හිතන විදිහට ඉස්සර ජන කවියෙන් වුනේ ඒක. දැනෙන දේ ගයන්න.මේක ලංකාවට අවශ්‍යයි. මට හිතෙන විදිහට කපුගේ මිනිසු අතර ජීවත් වුනාට කපුගේ ශාෂ්ත්‍රීයයි. අජිත් ගේන්නේ සමස්ථයේ ප්‍රකාශනය පිළිබද ඉගිය. ඒක චූල සම්ප්‍රදාය. ලංකාව තුළ චූල සම්ප්‍රදායේ පද්‍යමය ප්‍රකාශනය මම හිතන විදිහට මිය ගිහින් තිබුනේ. මේ කටෝර හඩින් අජිත් ආයෙත් ඒක ඇති කරන්න උත්සහ කරනවා.

    මම තව දුරටත් හිතන්නේ චූල සම්ප්‍රදායේ නිර්මාන නැති තැනක මහා සම්ප්‍රදාය නිර්මාණශිලිව ගොඩ නැගෙන්නේ නැහැ. රටක එහෙම වුනාම පවතින්නේ යම් සීමිත උගතුන් පිරිසකගේ අධිපතිවාදීත්වයක්. රටක බිමි මට්ටමේ සාමාජිකයින්ගේ ප්‍රකාශනය ඒ තුළ එළියට එන්නේ නැහැ.එහෙව් තැනක ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ උගතුන්ගේ හිතූ මනාපෙට. අජිත් සිය කටෝර හඩින් බිද මන්නේ අන්න ඒ පවුර. මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
  17. අජිත්ගෙ සින්දු වලට සින්දු කියන්න බැහැ.

    සින්දු වලින් අජිත් කියන දේ කියන්නත් බැහැ. අර කිව්වත් වගේ සින්දු වලින් වෙන්නේ සිත නිවීම නම් අජිත් කරන්න හදන්නේ මේ කුණු ගොඩේ ගඳ අපේ නහය වහගෙන ඉන්න අත අයින් කරල බලෙන්ම නහයේ ගහන එක. ඒක දරා ගන්න වෙනවා.

    අජිත් ගේ සින්දු මුලින්ම මම ඇහුවේ අවුරුද්දකට කලින්. බූන්දියෙද කොහෙද ලින්ක් එක දාලා තිබුනා.

    "තුන්වෙනි ලෝකයෙ රටක් මේක"

    ReplyDelete

Related Posts with Thumbnails