Wednesday, September 1, 2010

බලුම බලු - බලු කතා

මේ කියන්ට යන කතාව නම් අතිශයින්ම බලු කතාවක්... බලු කියෙන්නේ ඕං බලුම බලු කතාවක්... ඉතින් එහෙම කිව්වම බලු කතාවලට අකමැති දරුවෝ හැමෝම කියවීම මෙතැනින් නවත්තයි කියලා පුතා විසින් උපකල්පනය කරනු ලබනවා... හරිය...  


ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා... මේ බලු කතාව පුතාට මතක් වුනේ දුමීගේ බලු කතා සීරිස් එක කියෙව්වට පස්සේ කියලත් කියන්ට ඕන... හැබැයි ඒ ඔරිජිනල් බලු කතා වගෙ පුතාගේ ඩුප්ලිකේට් බලු කතාවල මෙව්වා එකක් නැති වෙයිද කියලත් හිතෙනවා... ඔන්න ඔහේ ඕපූ කියල කියන්නම් නේද...... 


ඔන්න දවසක් බල්ලෙකුයි කොල්ලෙකුයි හදිසි අනතුරකට ලක් වුනාලු... කිව්වේ ඇක්සිඩන්ට් එකක හැප්පුනාලු... 
බල්ලයි කොල්ලයි දෙන්නම හොස්පිටලයිස් කලත් බල්ලව බේරගන්ට බැරි වුනාලු... කොල්ලා නොමැරී බේරුනත් සමහර ගැජමැටික් දරුණු විදිහට ඩැමේජ් වෙලා තිබුනලු... හොඳ වෙලාවට අර මැරුණු බල්ලගෙ හානි නොවිච්චි ගැජමැටික් වලින් මිනිහගෙ ඩැමේජ් වුනු ඒවට රිප්ලේස්මන්ට් එකක් දාගන්ට පුලුවන් වුනාලු... 
ආහ්... තව පොඩ්ඩෙන් කියන්ට අමතක වෙනවා මනුස්සයා ඇක්සිඩන්ට් එකේ හැප්පිලා තියෙන්නේ අර පල්සර් කියන බයික් එකක යනින් ගමන් හරිය... ඔය පිංතුරේ තියෙන්නේ ආන් එව්ව එකක් තමයි... 
ඉතින් කොහොම හරි කොල්ලට බල්ලගෙන් දාපු ගැජමැටික් ටික හරියට ෆික්ස් වුනාලු... ඒ කියන්නේ ඔපරෙෂන් එක සක්සස්ෆුල්ලු... 
තුවාල එහෙම හොඳ කරගෙන ගෙදර ගියපු කොල්ලා මාස දෙක තුනකට පස්සේ ඔපරෙෂන් එක කරපු ඩොකාව මුන ගැගෙන්ට ඇවිල්ලා... 


දැන් ඩොකයි කොල්ලයි අතරෙ ඩයලොග් එක යනව මෙහෙම... ඩොක්ටර් : ආ... කොහොමද දරුවො... කොලුවා : හොඳයි ඩොක්ටර්... දැන්නම් කිසිම අවුලක් නෑ.. ඩොක්ටර් : ෂහ්.. බොහොම සන්තෝෂයි පුතා... කොලුවා : ආහ් ඩොක්ටර් පොඩි අවුලක් තියෙනවා... ඩොක්ටර් : මොකක්ද පුතා පොඩි අවුල... කොලුවා : නැ ඩොක්ටර් මේ.... මොකද මන්දා මේ ඔපරේෂන් එකෙන් පස්සේ චූ කරද්දි කකුල ඉස්සෙනවනෙ...


----------


දැකල තියෙනවද බල්ලො දෙන්නෙක් මුන ගැහුනු ගමන් කරන දේ... 
දැකල නැත්තම් දැනගන්ට බල්ලෝ දෙන්නෙක් මීට් වුන ගමන් උන් කරන්නේ අනෙක් එකා වටෙ රවුමක් දාලා කක්කි පැත්ත ඉඹල බලන එක තමයි... 
චීකේයි නේද... මොනව කරන්ටද බල්ලොනේ... 


මුන් මොන ලබ්බකට මේ වැඩේ කරනවද පුතාට සෑහෙන කාලෙක ඉඳන් දැනගන්ට ඕන වෙලා තිබුනත් හරි හමන් විදිහේ බල්ලෙක් සෙට් වුනේම නෑ... පස්සේ කාලෙක ඕකට හේතුව දන්න බුවෙක් පුතාට නිදාන කතාව පහදලා දුන්නා... බුවාට කිව්වේ බල්ලෙක්ද කියලනම් දන්නේ නෑ...
එකෝමත් එක කාලෙක දෙයියෝ විසින් ලෝකේ ඉන්න සියලුම සතුන්ගේ රැස්වීමක් කැඳවෙව්වාලු... 
ඉතින් සියලුම සත්වයන් දැන් දෙවියෝ ඉස්සරහා ඉන්නවලු තම තමන්ට වෙන් කරල තිබුනු ආසනවල... 


දැන් සභාවේ වැඩ කෙරීගෙන යන අතරතුර බල්ලෝ ඉන්න පැත්තෙන් හීනියට වගෙ ගඳක්ද මොකක්ද එනවලු... ඔව් ඔව් මොකෙක් හරි අසමජ්ජාති බල්ලෙක් නැට්ට උස්සලා තමයි... මුලින් හීනියට ආවට මොකද ටිකක් වෙලා යන කොට උහුලන්ට බැරි තරමට මේක උත්සන්න වෙලා... අර නිව්ටන්ගේ නියමයකුත් තියෙන්නේ "සද්ද ___ ගඳ නැතේ... ගඳ ____ සද්ද නැතේ" කියලා නේද...
ඔය අස්සේ මේ ගැන වල් පුසෙක් දෙයියොන්ගේ කනෙ තියල බල්ලෙක් දේව සභාවට අපහාස වෙන විදිහට කටයුතු කරලය කියලා...
දෙවියොත් රේඩාර් එක දාල බලද්දි කාරණෙ ඇත්ත... ඉතින් දෙවියොන්ට හොඳටම මල පැන්නා මේ කරපු අපහාසෙට.. ක්ෂණිකව දෙවියෝ අණ කරා මේක ඇරපු බල්ලා කැමැත්තෙන් ඉදිරිපත් වෙන්ට කියලා... ම්හ්... නෝ ආන්ස්වර්... එහෙනම් කවුද මේක කොරේ කියලා හොයලා කියන්ට කියලා බල්ලෝ සෙට් එකටම කිව්වා... හොයා ගන්ට උනේ නෑ ඇරපු එකාව... මිනිස්සු නම් හෝ දහය කරල හරි හොයා ගයි... බල්ලෝ ඔව්ව දන්න එකක්ය..

අන්තිමේදි දෙයියෝ තීරණයක් ගත්තා... හරි එහෙනම් ඇරපු එකෙක් නෑනේ... තොපිලට මම දඬුවමක් දෙනවා... දඬුවම තමයි අද ඉඳන් උඹලාට දේව සභාව පැත්තේ පස් පාගන්ට බෑ... එහෙම කියලා බල්ලෝ සෙට් එකම දේව සභාවෙන් එලියට පැන්නුවා... ආහ්... පන්නන්ට කලින් මෙහෙම කතාවකුත් කිව්වා... කවදහරි දවසක මේ නැට්ට උස්සපු එකා කවුද කියල කිව්වොත් විතරක් දඬුවම අයින් කරනවා... දැන් පැහැදිලියි නේද බල්ලෝ අලුත් බල්ලෙක් සෙට් වුන ගමන් අර වැඩේ කරන්නේ ඇයි කියලා....
Related Posts with Thumbnails