Saturday, July 24, 2010

ටොයිලට් ප්‍රශ්ණයක්

පුතා දහයෙ එකොලහෙ පන්තිවල ඉද්දි බොහෝම කැපවීමෙන් සමාජ සේවා කටයුතු වලට සහභාගි වුනා... කටයුතු වලට කිව්වට මල ගෙවල්වල රෑ නයිට් ගහන එක තමා පුතා බොහෝම ආසාවෙන් කරපු සමාජ සේවාව... (ඔව්.. ඔව් ඒ දවස්වල රෑ නයිට් ඩියුටි එක තමා කරන්නේ..) 


එහෙම කිව්වට ඉතින් පුතාගෙ යාලුවෙක්ගේ යාලුවෙක්ගෙ වඳ ආත්තම්මගෙ ලොකු පුතාගෙ නෝනගෙ අම්මගෙ මල ගේ වගෙ නොයාම බැරි මල ගෙවල්වල තමා පුතයි පුතාගේ යාලු පුතාල සෙට් එක නයිට් ඩියුටි වලට යන්නේ... 
ඔය වගෙ අවස්ථා වලට සහභාගි වුනාම පුතාගේ අතේ කීයක් හරි තිබුනොත් අග මුල බැලීමේ ජාතික ක්‍රීඩාවටත් සම්බන්ධ වෙනවා... ඕකට කොළේ කැපීමේ ක්‍රීඩාව කියලත් කියනවා සමහර පැති වල කියනවා... 


ඉතින් ඕවට මේවට සහභාගි වෙලා අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වුනාම පුතාල සෙට් එක කතා කියන්ට සෙට් වෙනවා... ඔය කතා අතරෙ අනිවාර්ය අංගයක් තමයි ප්‍රශ්ණ අහන එක... ගොඩක් කතා වගෙම ප්‍රශ්ණත් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ජාතියේ ඒව තමයි..... 


කතන්දරකාරයාගෙ අලුත් චූ සීරිස් කතාව කියවද්දි පුතාට මතක් වුනා ඔය මලගෙදරකදි අහපු හරි ෂෝක් ප්‍රශ්ණයක්.... හරිම සරල ප්‍රශ්ණයක්...


මේකයි ප්‍රශ්ණය...
ටොයිලට් එකට ගියපු ගමන් කරන්නේ මොකක්ද?
උත්තරය...
මේ පොස්ට් එකට යටින් තියෙනවා Post a comment කියලා සිංහලෙන්ම ලියලා... දන්න කෙනෙක් ඉන්නවානම් ඒකට යටින් තියෙන කොටුවේ උත්තරය කැමතිනම් ලියන්ට පුලුවන්... :D


ඉඟිය.. 1.බුවාලා-බුවීලා දෙපාර්ශ්වයම මේක කරනවා.... 2.හදිසිම අවස්ථාවලදී බුවා පාර්ශවයට මේක ඔට්ටු නැතිවෙන්ටත් පුලුවන්... 3.අන්තිමට කියන්නෙ උත්තරය කුණුහරපයක් එහෙම නෙවෙයි ඕං..
4.හරි උත්තරය කිව්වාම "ඕක අහන්ටත් දෙයක්ය" එහෙම කියන්ට ඔට්ටු නෑ... ප\ලි: හරි උත්තරය ලබා දෙන බුවාල බුවීලාට ලැමිනේෂන් කරපු සහතිකයක් තෑගි වශයෙන් ලැබෙනවා ඇත...

28 comments:

  1. වතුර තියෙනවාද බලනවා......:)

    ReplyDelete
  2. දොර වහල ලොක් කරගන්න එක. :)

    ReplyDelete
  3. යන්න ඉස්සෙල්ලා කවුද ඉන්නේ කියලා බලනවා

    ReplyDelete
  4. උඹටත් ඕනෙ නැති මගුලක් නෑ.

    ReplyDelete
  5. ලැබී ඇති ප්‍රතිචාර හතර අතරින් ඉතාම ආසන්න උත්තරය ලබාදීමට දුමී සමත් වී තිබෙනවා.. නමුත් නිවැරදි උත්තරය තවම ලැබී නැති බව කණගාටුවෙන් වුවත් දැනුම් දීමට සිදුවෙනවා...

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. කවුද ඉන්නේ කියලා බලනවා :D :D

    ReplyDelete
  8. ඔව්.. ඔව් මෙන්න ජයග්‍රාහිකාවක් සිටිනවා.. රන්දිල්ට එක් සහතිකපතක් යතා කාලයෙ තතා යෝගයෙන් ලැබෙනවා ඇති.. අනිකුත් තරඟකරුවන්ගේ පහසුව සඳහා බලධාරියා විසින් රන්දිල්ගේ උත්තරය ඉන්විසිබල් කරනවා ඇත...
    තරහ වෙන්ට එපා ඕං රන්දිල්...

    ReplyDelete
  9. අපි කොහොමද බං දන්නේ බුවී පාර්ශ්වය කරන වැඩ? උඹ දන්නෙ කොහොමද කියපං බලන්න... :P

    ReplyDelete
  10. රන්දිල් අක්ක දිනල වගේ හික් හික්...

    මට නම් හිතෙන්නෙ නැහ... උබ ඉතින් අපිව අමාරුවෙ නොදා කිව්වනම්...

    ReplyDelete
  11. අනිත් පැත්ත හැරෙනවා...(දොර වහගන්න)

    ReplyDelete
  12. පුක තියෙනවද බලනවා :P

    ReplyDelete
  13. චු බරක් කක්කා බරක් තියෙනවද බලනවා

    ReplyDelete
  14. හරි හරි , දොර වහගන්න ඉස්සෙල්ල දොරක් තියෙන්න එපැයි ! ඉතින් දොර තියෙනවද කියල බලනවා.

    හැබැයි ඉතින් අපි වගේ බුවාලනම් නොම්බර එකට පඳුරකට අල්ලනව මිසක්ක දොරවල් හොයන්නෙ නැහැනෙ !

    ReplyDelete
  15. ඕං එහෙනම් හරි උත්තරෙ රන්දිල්ගෙ වචනවලින්ම....
    ඔන්න සහතිකේ නම් ඕනේමයි හලෝ හරිද?

    උත්තරය:

    රවුමක් කැරකෙනවා. ඒකියන්නේ අංශක 360ක් කැරකෙනවා.

    (උපකල්පනය: දොර කෙලින්ම වැසිකිලි පෝච්චිය ඇත දොර දිහා බලාගෙන)

    ඒ අනුව සමන්ටත් පුතා විසින් පුතාගෙ අත්සන යෙදූ ලැමිනේෂන් කරන ලද සහතිකපතක් යථා කාලයෙදී ලැබෙන්නට සලස්වනවා ඇත...

    ReplyDelete
  16. හේමලයා...
    ඒකත් අනිවාර්යෙන්ම බලන්ට ඕන එකක් තමා... හැබැයි පොඩි වැඩේටනම් වතුර නැතිවුනත් එච්චරම අවුලක් නෑ නේ...

    ඇනෝ -01
    ඇතුලෙ කව්ද ඉන්නෙ කියලා බලලා ඇතුලට යනවද? හරි ෂෝක්...

    ගැන්ස්ටර්...
    මචං... මේ උඹ ගැන්ස්ටර් තමයි.. ඒ වුනාට අපිට චන්ඩි නෑ හරිය... විහිලුවක් කරෙ... තරහ ගන්නෙ එහෙම නෑ ඕං....

    වැප්..
    ඉතින් කවුද ඉන්නෙ කියලා බලලා උඹත් ඇතුලට රිංගනවද... හිකිස්

    ශාකුන්තල...
    මාත් ඔය කිව්වට දන්නෙ නෑ මචං..

    ඇනෝ-02
    ඒකත් ඇත්ත.. ඕක නැතුව ඇතුලට ගිහින් වැඩැක් තියෙනවයැ නේද?

    දුමී..
    ඕං ලැමිනේෂන් නොකරපු සහතිකයක් එවනවා... උත්තරෙ ආසන්නෙටම ආවට...

    ReplyDelete
  17. @පුතා
    ලින්ක් එකට ස්තුතියි. හැබැයි ඔය අංශක 360 උත්තරේ නං සාධාරණීකරණය කරන්න බෑ. ඕක අදාල වෙන්නේ පොදු වැසිකිලි වලට පමණයි.

    අපේ ගෙදර තියෙන ටොයිලට් දෙකෙන් මං යන එකේ හැරෙන්න ඕනෑ අංශක 120ක් පමණයි.

    අනිත් එකේ අංශක 90ක් විතරයි.

    ඉතිං අපේ ගෙදර සාමාන්‍ය හැරීම අංශක 105 යී.

    ඕක නෙමේ ටොයිලට් යන්න කලින් කළ යුතු වැඩක් ගැණ සඳුදා උදේ අටට බලන්නකෝ.
    (ඩුබායි වෙලාවෙන් නෙමේ ලංකා වෙලාවෙන් හොඳේ?)

    ReplyDelete
  18. පුතා මලයෝ, අංශක 360 හැරුනොත් නම් ඉතින් ආපහු හිටපු විදිහට කොමඩ් එක දිහා බලාගෙන තමයි ඉන්න වෙන්නෙ. කොමඩ් එක උඩ වාඩිවෙන්න ඕනෙ නම් ඉතින් අංශක 180 හැරුනොත් ඇති.

    එක නිසා මම නිවැරදි පිලිතුර විදිහට මේක ප්‍රකාශ කරපු එක ගැන විරෝද තාවය පළකරනවා !

    ReplyDelete
  19. මළා මම එනකොට ප්‍රශ්ණ අහල උත්තරත් දීල ඉවරයි. ඕක සාධාරණද? හැබැයි මගේ උත්තරේ නම් ඔය එකක් වත් නෙවේ. හැබැයි හුඟක් ටොයිලට් වල 360 කැරකෙන්න ඕන වෙනනේ නෑ. අර "♠GaŋGster♠™" කිව්වා වගේ උඹටත් ඕන නැති P නෑ.

    ReplyDelete
  20. දුමී...
    ඔව් ඔව් මට වගකීම බාර ගන්ට වෙනවා... පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් තමා වුනේ අයියා.. 180º තමා හැරෙන්ට ඕන... හරිම උත්තරය දුන්නේ සමන්....

    කතන්දරකරු...
    360º සීන් එකේ අවුලක් තියෙනවා තමයි... හරි උත්තරය - අනිත් පැත්ත හැරෙනවා...
    ඔය 90º ටොයිලට් එක 2in1 එකක් නේද?

    ප්‍රියන්ත
    සොරි වෙන්ට ඕන අයියා....360º කතාව ඉල්ලා අස් කරගත්තා.. හරිම උත්තරය - අනිත් පැත්ත හැරෙන්ට ඕන දොර වහගන්ට....
    ඕකනෙ කියන්නේ හැමදාම කරන දෙයක් ගැන ඇහුවම කට්ටියට මල පනිනවා.. :ඪ්

    ReplyDelete
  21. පුතාටත් හිතෙන දේවල්!!!!!!

    ReplyDelete
  22. අපේ කොමෝඩ් නෑ.. තියෙන්නෙ පෝච්චියක්.. ගිය ගමන් ඉද ගන්න පැත්තට තමයි හදලා තියෙන්නෙ... ආයෙ හදිස්සියට පුලුවන්ද කැරකි කැරකි ඉන්න...

    ReplyDelete
  23. අපේ කොමෝඩ් නෑ.. තියෙන්නෙ පෝච්චියක්.. ගිය ගමන් ඉද ගන්න පැත්තට තමයි හදලා තියෙන්නෙ... ආයෙ හදිස්සියට පුලුවන්ද කැරකි කැරකි ඉන්න...

    ReplyDelete
  24. එහෙව් එකකනං බුවීල දොර තියෙනවද කියල බලපු ගමන් කරන්නෙ ඇතුලෙන් හොඳ ලොක් එකක් තියෙද කියල බලන එක.බැරිවෙලාවත් කවුරුත් පිටිපස්සෙන් ඇවිත් දොර ඇරියොත් එහෙම පේන්නෙත් නැහැනෙ. හිහි

    ReplyDelete
  25. ෂා....!! එතකොට මම ද හරිම උත්තරේ දීලා තියෙන්නේ..එළ එල...
    මම හෙට ඉඳන් පාර බලාගන ඉන්නවා ඔය සහතිකේ එනකම්..
    මොකද දහම් පාසැල් සහතිකේ විතරනේ මට තියෙන්නේ....
    මම ඉන්නේ සාජා වල....ඒ නිසා වැඩිය මුද්දර ගහන්න වෙන එකකුත් නෑ අතේ දුරනේ...
    හැබැයි මුලින්ම කරන්නේ ඕක වුනාට දෙවෙනියට කරන්නේ කොමඩ් එක උඩට නැඟලා එහා පැත්තේ බුවීලගේ ටොයිලට් එකක් තියනවා නම් ඒකට ඔලුව දාන එක නේද...

    ReplyDelete
  26. සාජා වල කිව්වා නේද ඉන්නේ.. ඇඩ්‍රස් එක කියන්ට... ගෙදරටම ගෙනල්ලා දෙන්නම් ඕං... අර බුවීලගෙ ටොයිලට් වලට ඔලුව දාන එකනම් පරිස්සමින් පුතේ...

    ReplyDelete
  27. ආ මං 180 තමයි කිව්වේ. මෙයා මගේ කොමෙන්ටුව වෙනස් කරලා. මගේ බලවත් විරෝධය. (:D)

    සහතිකේ ආවේ නැත්තං බලා ගමු හරී????????

    ReplyDelete
  28. රන්දිල්...
    බොරු කියන්ට එපා. අපායෙ යයි ඈ... මං ගාව තියෙනවා ඔරිජිනල් කමෙන්ට් එක.. ලැමිනේෂන් නොකරපු සහතිකයක් එවන්ට හිටියේ පවු කියලා.. ඒක එවන්නෙත් නෑ ඕං බොරු කිව්වොත්.. .

    ReplyDelete

Related Posts with Thumbnails