Monday, July 19, 2010

තවත් ඇවරි කතාවක්

කතන්දරගෙ ඇවරි කතාව කියෙව්වම පුතාට මතක් වුනා කතාවක්....

මේ කතාව පුතාට කිව්ව යාලුවා ගැන යමක් නොකිව්වොත් ඒක සෑහෙන අඩුවක් වෙනවා... මොකද බොහෝ දුරට ඉදිරියට ලියන්ට හිතාගෙන ඉන්න කථා බොහෝමයක ප්‍රධාන චරිතයක් වෙන්ට පුලුවන් චරිතයක් තමයි මේ යාලුවා... චන්දිබූත් කියන නමින් මේ යාලුවා සිංහල බ්ලොග් අවකාෂයෙ භෞතිස්ම කරන්ට කියලා පුතා හිතා ගත්තා.. බුවාගෙ ඇත්ත නම මේක නෙවෙයි...


චන්දිබූත් ඇවිල්ලා ලංකාවේ සුවිශේෂ චරිත බොහෝමයක් බිහි කරපු ඉස්කෝලෙක ආදි ශිෂ්‍යයෙක්... බුවා බොහොම අභිමානයෙන් තමා ඒ චරිත ගැන කතා කරන්නේ... දැන් ඔය හිරේ විලංගුවේ දාල ඉන්න සරත් ෆොන්සේකා ජෙනරල්තුමත් මුලින්ම අකුරු කරල තියෙන්නේ චන්දිබූත් ඉගෙන ගත්තු ඉස්කෝලේම තමයි... ඕං දැන්නම් ගොඩක් දෙනෙක් දැනගන්ට ඇති චන්දිබූත් කොයි පැත්තෙ බුවෙක්ද කියලා නේ...


ඔය ඉස්කෝලෙම තමා අපි හැමෝම වගෙ ආදරෙ කරන කලාකරුවෙක් ඉගෙන ගෙන තියෙන්නේ.... අපේ චන්දිබූත් තමන්ගෙ ආදි ශිෂ්‍යයාට සෑහෙන්ට ආදරෙයි... ආදරෙ කොච්චරද කියනවනම් අපි දැන් තහනමක් දාලා තියෙන්නෙ බුවාට ඔය කාපු බීපු වෙලාවට ඒ ගායකයගෙ සිංදු කියන එකට.... ආය ඉතින් ඇත්ත ගායකයා සිංදු කියන්ට ගත්ත වගෙම තමයි...... එකදිගටම nonstop එකක් තමයි වදින්නේ... ඔව් ඔව් එක දිගටම nonstop.....


---------------

මේ කියන්ට යන කතාව චන්දිබූත්ම තමන්ගේ දීප්තිමත් ආදි සිසු ගායකයා ගැන කියපු කතාවක්....


චන්දිබූත් ඉස්කෝලේ යන දවස්වල ඒකේ ආදි ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරල තියෙනවා ඔය කියන ගායකයා වෙනුවෙන් උපහාර උළෙලක්... 


ඉතින් ඔය උත්සවයෙ එක අංගයක් වෙලා තියෙන්නේ Classical සංගීත සැඳැවක්.. ඔය පැදුරු පාටි Style එකේ එකක්... සිංදු කියන්නේ, සංගීතය සපයන්නේ අර භාවනා කරන්ට වගෙ එරමිණියා ගොතා ගෙන... (ඔය උඩ ෆොටෝ එකේ සෙට් එක ඉඳගෙන ඉන්නෙ එරමිණියා ස්ටයිල් එකට ) 


ඔය ගායකයා බොහොම සංවේදි මනුස්සයෙක්.... ඒ වගෙම මධු විතටත් බොහෝම ප්‍රියයි... ( කොහොමත් මධු විතයි සංවේදි කමයි බොහොම ලඟින් යනවලුනෙ නේද...?) 


ඔන්න ඉතින් සංගීතය නැගල යන අතරතුරේ අපේ ආදරණීය ගායකතුමා කතා කරන්ට ගන්නවා...(ඔය ආලෝකකරණය කරන ශිල්පියොත් සභාවෙ පූර්ණ අවධාණය එන විදිහට වේදිකාව අඳුරු කරලා එහෙම ගායකයා දිහාවට Spotlight එකක් ගහනවා...)


"අනේ මේ මං අයන්න ආයන්න කියපු ඉස්කෝලෙ නේද..මට ලොකූ සතුටක් මගෙ ඉස්කෝලෙ වේදිකාවේ සිංදු කියන්ට ලැබීම........." දිගටම කරගෙන යන්ට යන්ට කතාව තනිකරම සෙන්ටිමෙන්ටල් සීන් එකක් වෙනවා.... දුක වැඩිමකටම ගායකතුමාගේ ඇස් වලින් කඳුලුත් එනවා....  


අර එරමිණියා Style එකෙන් වේදිකාවේ ඉඳගෙන ඉන්න ගායකතුමා කඳුළු පිහදාගන්ට සරම උස්සලා උඩට ගන්නකොට තමයි ප්‍රේක්ෂකයොත් හොඳටෝම සෙන්ටිම සෙන්ටිමෙන්ටල් වෙන දර්ශණයක් වේදිකා ගතවෙන්නේ.......






---------------

ප\ලි : මේ කතාව මීට අදාල ගායකයානන්ට අපහාස කරන්ට ලිව්වා එහෙම නෙවෙයි ඕං... ඇවරි කතාව දැක්කම කට නිකන් කහනවා කහනවා වගෙ දැනුන හින්දා ලිව්වේ...

14 comments:

  1. හපෝයි! ඒකෙන් පස්සේ ඒ ගායකයගේ ජනප්‍රිය බව වැඩි වුනාද?

    ReplyDelete
  2. දුමී
    පිස්සු හැදෙයි දුමී අයියා.. මම මේ රන්දිල්ගෙ පොස්ට් එක දැකලා ඔයාගේ පොස්ට් එකට ලින්ක් එකක් එහෙම දාලා බලද්දි තමා ඔයාගෙ කොමෙන්ටුව දැක්කේ...
    රන්දිල් කියනකම්ම මගෙ චූටි මොලේට ඔය අදහස ඇවිත් තිබ්බෙ නෑ

    ReplyDelete
  3. හේමලයා,ඉලංදාරියා,වැම්පා,බ්ලොග් ගඩොල් තැන්ක්යූ වේවා කිව්වා ඕං...

    ReplyDelete
  4. ප්‍රියන්ත අයියා... ඔය කියන ගායකයා ඒ වෙනකොට බොහොම ප්‍රසිද්ධයි.. දැන්නම් ජීවතුන් අතර නෑ.. ඒකයි මම ඇත්ත නම නොදැම්මේ...

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. එහෙනම් මෙයා අපේ පැත්තෙ කෙනෙක්

    ReplyDelete
  7. ඕං කතන්දරනම් ගායකයා කවුද කියල දන්නවලු....

    ReplyDelete
  8. කුමාර් අයියා අම්බලංගොඩයි... ඔව් ඔව් අපේ චන්දිබූත් ඒ අහ...

    ReplyDelete
  9. Mchan. Math giye oya skuleta thamai.he he..math oya show eka balanna giya. eth oya scene eka mata mataka nane.man e dawaswala godak podiyi... mata meter wenne natuwa ati... n way nice story.

    ReplyDelete

Related Posts with Thumbnails