අන්න ඒ කතාවේ ප්‍රධාන වෙච්චි ගංගා හිටපු අච්චු කන්තෝරුවෙ හිටියා ගංගටම ගැලපෙන චරිතයක්...
නම සුනිල් කියල කියමුකෝ... ඇත්ත නම නම් ඒක නෙවෙයි... පුතා ඇත්ත නම නොකියන්නේ සුනිල්ට තියෙන බයකට එහෙම නෙවෙයි ඕං... දුක හිතිල ඇඬුවොත් එහෙම කියලා හරිය... :D
ඉස්සෙල්ලාම කියන්ට ඕන සුනිල් ඇවිල්ලා හරිම හිත හොඳ බුවා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි කේස් එකටත් ශුද්ධ සිංහල ශබ්ද කෝෂය පෙරලන එක... කම්මැලි වගෙ හිතුන වෙලාවක සුනිල්ව අවුස්ස ගත්තම කන පිරෙන්න අහගන්න එක තමා ගංගලයි අපෙයි හොබි එක වෙලා තිබුනේ...
සුනිල්ට තියෙන තවත් අවුලක් තමයි මොකක් හරි කියන්න ගියාම වචන ටැපලෙන එක... නිකන් ආච්චියි තාර පැටියයි වගෙ කතා තමයි හදිස්සි වුනාම බුවාගෙන් පිට වෙන්නෙ...
-----------
ඔන්න දවසක් අපේ එවුන් සෙට් වුනා යාළුවෙකුගේ ගෙදර...
දැන් ඉතින් සීන් එක නැගල යනවා... වීදුරු පිරෙනවා... බෝතල් හිස්වෙනවා... මස් කටු ඇඹරෙනවා... චූටි යුධ පිටියක් වගෙ තමයි...
ඔය අස්සේ සුනිලා කන බොන එව්වා ඔක්කම අමතක කරලා උඩ බලාගෙන කල්පනා කරනවා...( කල්පනා කරාමද දන්නේ නෑ.. කොහොම හරි උඩ බලාගෙන හිටියා විනාඩි තුන හතරක්ම...) ඔහොම හිටපු බුවා එක පාරටම ගෙදර එකාගෙන් අහනවා..
"ඒයි මේ... මේ ලීය හදලා තියෙන්නේ ලෑලි වලින්ද බං.... "
"හෑ මොකක්ද උඹ ඇහුවේ......."
ඒ පාර සිවිලිමට අත් දික් කරලා මූ හෙන අහිංසක විදිහට කියනවා
"නෑ බන් මේක හදලා තියෙන්නේ ලෑලි වලින්ද කියලා ඇහුවේ..."
හදිස්සියට මුට සීලිම කියන නම අමතක වෙලා කොහෙන් හරි ලී කියන වචනයක් ඇවිල්ලා...
පව් නේ... නෑ නෑ පව් නෑ... එදා බයිට් මදිවෙලා බුවාව තමා මදි හරියට ගත්තේ...
එදායින් පස්සේ කවුරුහරි ලී වලින් හදන ලෑලි ගැන සුනිල්ගෙන් ඇහුවොත් අහපු එකාගේ මව් පාර්ශවෙ පරම්පරා දෙක තුනකටම නොමිලේම පිං අනුමෝදන් කරගන්න වාසනාව උදා වුනා...
-----------
දවසක් කන්තෝරුවේ බුවෙක් උදේම ඉන්නවා නිකන් හුඹහකින් ඇදල ගත්තු එකෙක් වගෙ... කන් පාත් වෙලා... ඇස් ගිලා බැහැලා... ලඟින් යන්ට බෑ පුසුඹ...
ඊට කලින්දා රෑ හොඳටම මතට තිත තියලා...
මූ ඉන්න විදිහට දුක හිතුන කන්තෝරුවේ එවුන් මූව යථා තත්වෙට මොනවද දෙන්ට ඕන කියලා කතා කරන්ට ගත්තා...
දැන් ඉතින් එක එකාගෙ අත් බෙහෙත් ජාති එනවා...
එකෙක් කියනවා මුට තැඹිලි එකක් දෙමු.. තව එකෙක් දෙහි බීම එකක් දෙමු කියනවා... ඒ අස්සේ එකෙක් කියනවා තව ෂොට් එකක් දුන්නනම් හරියයි කියලා... (පුතා අහල තියෙන විදිහට ඒක හොඳ අත්බෙහෙතක්ලු නේ... )
ඔය කතා අතරට පැනපු සුනිලා...
"ඒයි මුට බුල්ෂිට් එකක් දෙමු බං... ගහපු ගමන් හරියනවා..."
ඈ මොකක්... ඔච්චර වෙලා අමාරුවෙන් හිටපු එකාගෙ අමාරුවත් ගියා වගෙ සුනිල්ගෙ අත්බෙහෙත අහපු ගමන්...
"ඇයි බං අර දැන් අර එනජි ඩ්‍රින්ක් කියලා එකක් තියෙන්නේ...... ඒක නියමයිලු ඔය වගෙ වෙලාවට..."
හදිස්සියට සුනිල්ට රෙඩ්බුල් බුල්ෂිට් වලට මාරු වෙලා....
-----------
මෙන්න මඩ....අර කව්දෝ එකෙකුත් Brett Leeට රීප්ප කීවාලුනේ ලී වලට ටැපලිලා......:))).....
ReplyDeleteඔය සුනිල් මේ බ්ලොග් එක කියවපුදාට පුතාව ස්ටිකර් එකක් කරලා බිත්තියෙ අලවනවා ඒක මට සහතිකයි !!!!
ReplyDeleteමඩ නේන්නං.
ReplyDelete(ඔය කන්තෝරුවෙ කෙනෙක් අල්ලගන්ඩ බැරිවෙයිද දන්නෑ. නොකියන කෑලි ටික අහගන්න)
හිනා යන්න මේවට....කාටද හිනා යන්නේ මේවට....මචෝ තරහවෙන්න එපා...බඩ රිදෙනවා හිනා කාලා....පට්ටම පට්ට...
ReplyDeleteඕක ඔෆීස් එකක්ද එහෙමත් නැතිනම් හිනා මුඩුවක්ද...පට්ට පට්ට්...තවා ඔය වගේ හිනා කන ඒවා නැද්ද...තියෙනම් දාන්න...උදේම මේවා කියවලා වැඩ පටන්ගත්තාම දවසම කූල්...ස්තූතියි බෙදාගත්තාට...
I just put this comment to get "Email follow-up".
ReplyDeleteIf you feel this is as an unwanted comment please be kind to remove.Thanks.
එල කතාව පුතෝ . . . . . ! මමනම් ඔය බුල්ෂිට් එක ගහන්නෙ පාඩම් කරනකොට. ආයි නෑ වෙනදට කිලෝ එකේ පඩි එල්ලපු ඇස් දෙක කොන්ක්‍රීට් දැම්ම වගේ ඇරිල තියෙනවා. ප්රථ්යක්ෂයි අත්දුටුවයි . . . ! ඔය වගේ වචන ටැපලෙන එවුන් නොහිටියොත් උඹයි මායි බ්ලොග් ලියල ඉවරයි . . . !
ReplyDeleteසියල්ලෝ කරුනාවෙන් සවන් දෙත්වා . . . අද සවස් භාගයෙන් පසු අපේ පුතාගේ කන් ඇසීම පෙර පරිදි සිදු නොවන බව කරුණාවෙන් දැනුම් දෙනු ලැබීමයි . . .
ReplyDelete(අර සුනිල් කියලා නම වෙනස් කරලා කියපු බුවා පුතාගේ කන පලපු නිසා නෙමෙයි හොඳේ . . හික්ස්)
මරු මරු..
ReplyDeleteසුනිලට මම මේ කතා යවනව මචන්, උබට බුල් ශිට් අකක් ශුවර් අනිල්ගෙන්...
ReplyDeleteහික්ස්...මරු කතා ටික පුතා.හැබැයි පරිස්සමෙන්...සුනිලා දැක්කොත් ඉතිං සොරි තමයි.හෙල්මට් දාගෙන ඔෆිස් යන්න වෙන්නෙ...
ReplyDelete@දුමී:
ReplyDeleteමටනම් බුල්ශිට් වැඩකරන්නේම නෑ..
බුල්ශිට් නෙවයි කිසිම කැෆේන් තියෙන එකක් වැඩ කරනනේ නෑ. ගහලම වැඩිවෙලාද කොහෙද.
පෙරේදත් රෑ ඇහැරලා ඉන්න ඕනේ වෙලා රෙඩ්බුල් දෙකකුයි, තද කෝපි එකකුයි ගැහුවා..මොන විනාඩි 30 කින් බල්ලා පොලෙවේ ගැහුවා වගේ නිදි.
කියපන්කෝ දන්නවනම් වෙන දෙයක් ඇහරලා ඉන්න.
අප්පේ මට නම් බුල්ශිට් මරුවට වෑඩ,
ReplyDeleteඇත්ත කියපං සුනිලාට බයේ නේද නම නෙස් කරල දැම්මේ....
ReplyDeleteඑල කතාවක් මලේ....
හික් හික් හික් පට්ට බන්. හිනා කාල නහිනවා.
ReplyDeleteසුනිල් ට අහු උනොත් නම් පුතේ උබව ළදරුවෙක් කරයි හික් හික්..
grey : මට නම් කැෆීන් ඩ්‍රින්ක් වලට නින්ද සම්බන්ද ගනු දෙනු නැත. හැබයි cofee වැඩ කරනවා ගින්දර වගේ. ඒකත් කැෆීන් තියෙනවා නේ..
අන්න ලී ලෑල්ල බිඳගෙන බුල්ෂිට් පිටකරමින් දුම් දමමින් අනිලා දුවගෙන දුවගෙන එනෝ
ReplyDeleteදුවපාං......... පුතා
පුතේ... සිරාවට ඕකක් පොරට දීලා බලන්න තිබ්බේ... අද උදෙත් මට ඔය වැයේ ජාතියකින් එකක් පැගෙන්න ගියා... පට්ට බං. හෙට එහෙම ඒවා එකක් පාරේ තිබ්බොත් මට ත් සුනිලයා මතක් වෙයි... හික් හික්...
ReplyDelete@හේමලයා...
ReplyDeleteමඩ නෙවෙයි මචෝ... බුවා හෙන සතුටෙන්ලු ඉන්නේ බුවාගේ නම අන්තර්ජාලෙට ඇතුල් වුනා කියලා...
@හරි....
හරි අක්කේ... මිනිස්සු ප්‍රකෝප වෙන කතා කියන්ට එපා ඕං...
@චාමි...
තැන්කූ කිව්වා අපේ අහ ආවට... නොකියන එව්වා බලධාරියා විසින් කපා හැරලලු....
@හසියා...
තැන්කූ ඈ... අපේ පැත්තේ ආවට... දැන්නම් ගොඩක් කල් ඔය කන්තෝරුවෙන් අයින් වෙලා මලේ... සිරාවටම හිනා සාගරයක්....
@දුමී...
ReplyDeleteලංකාවේ ඉද්දිනම් ඔව්වා දැක්කත් අහක බලාගෙන යන්නේ මම නම්... දවසක් කාල හිටියැකිනේ ඕකක් බොන වෙලේ... සිරාවටම සුනිලා වගෙ එවුන් නැත්නම් ඉතින් අපි බ්ලොග් ලියලා හමාරයි... වෙලාවට දුමී අයියා ලංකාවට ගියේ නැත්තම් හොයාගෙන ඇවිත් බුල්ෂිට් එකක් දෙනවා...
@දුකා..
ඕං.. මට නෙවෙයි දුකා අයියට හෙල්මට් එකක් ගන්ට වෙයි ඈ... චූටි ටීචට හොඳටෝම තරහ ගිහිල්ලලු....
@අන්ශ්...
තැන්කූ...
@මාස්කින්...
උඹ සුදුයිනේ බං....කියන්ට එපා ඈ.... ඇයි මං ලංකාවට යනවට අකමැතිද උඹ...
@බ්ලොග් ගඩොල්...
ReplyDeleteඅවුලක් නෑ මචං... බුවා ලංකාවේ ඉන්නේ... ලංකාවට ගිය දවසට තමා සීන් එක තියෙන්නේ...
@ග්‍රේ...
බල්ලා පොලොවෙ ගැහුවම කොයි වගේද බං...
@පුබුදුවා...
ඒ කියන්නේ පුබ්බටත් සැර බීම බීලා පහුවදා උදේට ඔළුවේ කැක්කුම හැදෙනවා... ඈ....
@ප්‍රියන්ත...
පික්සුද ප්‍රියන්ත අයියා.. අපි බය නෑ... බුවා ලංකාවෙනේ....
@පිස්සා...
ReplyDeleteලංකාවට යන්ට කලින් කනට වෙනම ඉන්ෂුවරන්ස් එකක් දාගෙන යන්ට හිතාගෙන ඉන්නේ මචං...
@රන්දිල්...
අප්පෝ ඇත්ත නම කියන්ට එපෝ... බුවා මාව හොයාගෙන මෙහෙටත් එයි...
@කුෂාන්...
පරිස්සමින් සුනිලා මතක් කරලා අයින් වෙලා පලයන්... උඹේ හාලියේ එහෙම ගා ගන්ට එපා ඕං...
මෙච්චර දවසක් ඩුබායි වට්ටක්කා කෑවල, පස්සෙන් ඇවිල්ලා නැහැ නෙව. ඕන් දැන් ඉඳං එළවනවා....
ReplyDelete[p]Cheap Jordans Right after a 22-year battle with cancer, Yow died in 2009, but her unselfish inclination continues to be the power behind much forward movement stated in the strive with contrary to the disease . [url=http://www.2013sportsshoes.com/air-jordan-retro-23.html]Jordan Retro 23[/url] uggsonlineaustraliass . co . IE9 only will install on Windows Vista and Windows 7, and if you're still running Xp or lower, you're stayed with IE8 . And yes it seems Jordan Brand is set on keeping all of it's signature sneakers stuck just using Jordan Retros within a way an additional . In case you aren't certain [url=http://www.2013sportsshoes.com]air jordan for sale[/url] to be able to change an oxygen sensor, just bring the car in your nearest mechanic and they will have the ability to change it out for yourself . His gold medals were only available in the 50m and 100m [url=http://www.airjrodan2013.com]air jordan 2012[/url] freestyle, and many types of three relays . [url=http://www.2013sportsshoes.com/air-jordan-retro-1.html]Jordan Retro 1[/url] 9.[/p][p]The tradition referred to as Tiger Walk involves the football players [url=http://www.airjrodan2013.com]air jordan 2013[/url] walking from your dorm often known as Sewell Hall (a dorm specifically reserved and designed for athletes) to the stadium hours before kickoff . 5 years and 5 years . However, the letter from Israel's adversaries, informing Artaxerxes of Israel's rebellious history, had sufficiently scared him on the extent that he or she temporarily stopped the task in Jerusalem, which he had previously authorized as part of his 457 BC decree . Lizard skinsThis is a lot [url=http://www.2013sportsshoes.com]jordan shoes for sale
ReplyDelete[/url] more for eccentric types . Most Australia brands will also be now manufactured in China instead of in Australia or New Zealand as some tags might claim . Popular sneaker brands which are . Form London Metal Exchange, other reliable sources for accurate copper pricing are websites dedicated for scrap metal auctions . By following the instructions below, it is certain that this will never happen to you.[/p]