Sunday, August 22, 2010

බණ කතාවක් වගෙ කතාවක්...



අද කියන්න යන්නේ නෝටිම නෝටි, පවු පිරෙන, චාටර් කතාවක් හරිය... ඒ වගෙ කතාවලට අකමැතිනම් බලන්ට එපා ඈ...


ඇයි පුතා වෙනදා ෂෝයි කතාද කියන්නේ... නෑ ඉතින් පූර්ව දැනුම් දීම් කරන එක හොඳයිනේ... නේද..?
සමහර විට මේක අහල තියෙන උදවියත් ඇති... ඕං...


සමහරක් උදවිය දැනුම් තේරුම් එන කාලෙදි තමන්ගේ උප්පැන්න සහතිකේ තියෙන ආගම අතහැරල වෙනත් ආගම් වලට සම්බන්ධ වෙනවනෙ.. 

ඒ වගෙ අනන්තවත් සිද්ධි අහල ඇතිනේ... හොඳම උදාහරණයක් තමා කතන්දරකාරයාගේ මේන් මේ පෝස්ට් එක...


ඉතින් ඕන්න ඔය වගෙ මුස්ලිම් පවුලක ඉපදුන බුවෙක් තරුණ වයසට ආවට පස්සේ බුද්ධාගමට හැරුනලු... හැරුනද හැරෙව්වද හරියටම දන්නේ නෑ... කොහොම හරි බුද්ධාගමට ගියාලු...


බුද්ධාගමට ගියා විතරක් නෙවෙයි ටික දවසකින් මේ හාදයා යෝනකතිස්ස කියන නමින් මහන වුනාලු... 

මහන වෙලා බණ දහම් ඉගෙන ගත්තු යෝනකතිස්ස හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදිහට ප්‍රසිද්ධ වුනාලු... 

මේං මේකා බුද්ධාගමට නිග්‍රහ කරන්ට තමා ලේස්ති වෙන්නේ කියලා ඔබතුමා හරි තුමීට හිතෙනවනම් ඉතිරි ටික නොකියෙව්වත් හොඳයි ඈ...

ඉතින් මේ යෝනකතිස්ස හාමුදුරුවෝ දවසක් වෙස්සන්තර ජාතක කතාව බණකට දේශණා කරනවලු... බණ යනව මෙහෙම...


අපේ වෙස්සන්තර අප්පුහාමි අරිම ඔඳ මුනිහා තමා...

තමන්ගේ අලි ඇත්තු දන් දුන්නා... වස්තුව දන් දුන්නා.... අන්තිමට තමන්ගේ රජ කමත් දන් දුන්නා... 

මේම මේම තමන්ගේ ඔක්කොම දන් දුන්නු වෙස්සන්තර අප්පුහාමිට මොනවද ඉතුරු වුනා... පවුලයි දරු දෙන්නයි තමා ඉතුරු වුනා... 

අනේ වෙස්සන්තර අප්පුහාමි පවුලයි දරු දෙන්නයි එක්කරන් කැලේට පැන්නා... තපස් කරන්ට... 

මේම තපස් කරාගෙන ඉන්න අතරෙ දවසක් අප්පුහාමිගේ පවුල මන්ත්‍රි දේවි කැලේ ඇතුලට ගියා පල වැල කරාන එන්ට... දරුවෝ දෙන්න වෙස්සන්තර අප්පුහාමි ලඟ තියලා.. 

දැන් යෝනක හාමුදුරුවෝ ලස්සනට විස්තර කරගෙන යනවා සීන් එක... ජූතක බමුණා ඇවිල්ලා දරු දෙදෙනා ඇරන් යනවා... මන්ත්‍රී දේවි ඇවිල්ලා වැලපෙනවා... 

ඔය විස්තර කිරීමේ සංවේදි කමටම බණ අහන්ට ඇවිල්ලා ඉන්න උපාසක අම්ම කෙනෙකුට දුක උහුලගන්ටම බැරුව ඉකි ගගහ අඬනවා... 

බණ කියන ගමන් යෝනක හාමුදුරුවෝ මේ සීන් එක දකිනවා... ඒක දැකපු උන්වහන්සේ මෙහෙම දේශනා කරනවා...

දරු දෙදෙනාම නැති වුනා තමා, මන්ත්‍රි දේවි ඇත්තිට බොහෝම දුක තමා, යේකට යේ ඇත්තිට ඇඬෙනවා සරි තමා....
ඒත් මේ පට්ට **** මෙතන මොකට අඬනවා...

ප\ලි: අහල තියෙයිද ෂකීර් නායික් කියල කෙනෙක් ගැන....

9 comments:

  1. ෂකීර් නායික් ගැන අහල තියනවා..... ඇයි?

    ReplyDelete
  2. පුතා කිවාට තාත්තලා කියන ඒවනේ ලියන්නේ,,,නෝටි බෝයි :D
    අර කවුද ෂකීර්? කියමු බලන්න අපිටත් දැන ගන්න

    ReplyDelete
  3. ෂකිර් නායික් ඇහුවෙත් අද පද පෙරලියක් නෙවෙයිනේ.
    @හරි
    තාත්තලත් නොකියන ඒවා මේ පුතා කියන්නේ.

    ReplyDelete
  4. @ඇනෝ...
    නෑ මං නිකන් ඇහුවේ අනේ... නිකං නෙවෙයි හේතුවක් තියෙනවා... කියන්නම්..

    @හරි..
    :( කතාව නෝටි වැඩියි වගෙ නේද හරි අක්කේ...

    @ප්‍රියන්ත...කතාව කක්කි කක්කි වගෙද ප්‍රියන්ත අයියා....:)

    ඔය ෂකීර් නායික් කියන මනුස්සයා හින්ඳා තමයි මට ඔය නෝටි කතාව මතක් වුනේ... ලෝකේ තියෙන හැම ආගමක්ම ගැනම හොඳ දැනුමක් තියෙන ඉස්ලාම් භක්තිකයෙක්... බුද්ධාගම ගැනත් සෑහෙන දැනුමක් තියෙනවා වගෙ පේනවා කියන දේවල් ඇහුවම... හැබැයි එයා ඒ දැනුම පාවිච්චි කරන්නේ බුද්ධාගමෙන් ඉස්ලාම් ආගමට මිනිස්සු අද්දා ගැනීමකට වගෙයි මට තේරුනේ නම්... ගිය අවුරුද්දේ ඩුබායිවල තිබුනු දේශනයකදී ගොඩක් අනිත් ආගම්වල මිනිස්සු එයාගේ කතා අහලා ඉස්ලාම් ආගමට හැරුණ කියල ඒකට ගියපු අල්ලපු රටෙ කෙනෙක් කිව්වා... ගිය මැයි මාසේ ලංකාවෙත් සමුළුවක් තිබුනලු...
    අපි කොහොමටත් වෙන ආගමක කෙනෙක් අපේ ආගම ගැන කියද්දි සෑහෙන උනන්දු වෙනවනෙ... එතෙන්දි අපි අපේ ආගමෙ අපිට නොතේරෙන හරි තේරුම් ගන්ට උත්සාහ නොකරන තැන් ගැන ඒ වගෙ කෙනෙක් කියද්දි හිර වෙන එක අනිවාර්ය සිද්ධියක්නේ... ඒ වගෙ තැනකදී අපිව එයාගේ පැත්තට නම්මා ගන්න එකත් පහසුයිනේ... මට හිතෙන්නෙ නායික්ගෙ දේශන වලට යන අනිත් ආගම්වල උදවියට වෙන්නෙත් ඔය වගෙ සිද්ධියක් කියලයි... කොහොම වුනත් අන්තිමට යෝනක හාමුදුරුවොන්ගේ බණ කියන එකයි නායික් බුද්ධාගම ගැන කතාකරන එකයි අතර ලොකු වෙනසක් නෑ කියල තමයි මටනම් හිතුනේ...

    සුනාමි ඇවිල්ලා යනකන් අපි ඒ ගැන දැනන් හිටියේ නෑනේ... කවුද හිතුවේ ඔය වගෙ එකක් ලංකාවට ඒවි කියලා... හැබැයි ඒ ගැන දැනන් හිටපු කවුරු හරි ඔය ගැන අනිත් අය දැනුවත් කරල තිබුනනම් සෑහෙන ජීවිත ගාණක් බේර ගන්ට තිබුන නේද....

    ReplyDelete
  5. මුස්ලිම් හාමුදුරුවෝ කෙනෙක් නෙ බං මේ බණ කියලා තියෙන්නේ. උන්ගෙන් එකෙක් අපේ සාසනේ මහන උනොත් ඉතිං ඉර ඉස්නාහිරින් පායනවා. ඔන්න දෙමළ හාමුදුරුවෙක් කිවුවනම් ටිකක් හිරි ඔකේ. එට විදිහම තව කථාවක් ලියෙනවා අහල තියේද මන්ද. ඒකනම් සිංහල හමුදුරුවෙක් ඉන්නේ. ඒකනම් මෙහෙම කියන්න බෑ පට්ට පතුරු එකක්.
    කියන කියන හැම එකටම සාදු කියන නිසා මල පැන්න හාමුදුරැවෝ උපාසිකා මාතාවක් ගැන කියලා දෙයක් කිවුවා. ඒකටත් සියළු දෙනා සාදු සාදු සා...කිවුවා.. අහල ඇති මයේ හිතේ

    උබත් කථා පෙටිටියක් නේ බං බලාගෙන ගියහම.

    ReplyDelete
  6. තව මුස්ලිම් හාමුදුරු වරු ගැන අතුරු කතාවක් මතක් උනා. එකත් මෙතනම කියල දාන්නම්. ඔය චෙක් පොයින්ට් තිබුන කාලේ මුස්ලිම් පොරවල් ටිකකට එතනින් හැමදාම යන්න උනාලු. ඒ උනාට හැමදාම පොරවල් චෙක් කරනවා. එත් එතනින් හාමුදුරුවො වඩින කොට හමුදාවෙන් වැඳල එහෙම වඩින්න හාමුදුරුවනේ කියනවලු. ඕක දැකපු අර පොරවල් අම්බානක තද වෙලා ඒ ගැන ඇහුවට පොරවල්ට යන්න දීල නෑ චෙක්කරන්නේ නැතුව. පොරවල් සෙට් වෙලා අපි සාදුල වගේ ඇඳගෙන යන් කියල එහෙම ගියාලු. ආමි කට්ටියත් වැඳල එහෙම වඩින්න හාමුදුරුවනේ කියනවලු. එහෙම යන් විට ආමි පොරක් ටිකක් අමුතු විධියට මේ පොරවල් දිහා බැලුවලු. අප්සේට් ගහපු මූත් ඇයි ෂැකද? අපිත් හාමුදුරුල තමා කිව්වලු.

    ReplyDelete
  7. පමවෙනි කමෙන්ට් එකෙන් මම අර විදිහෙ එකක් ලිවීමට හේතුව වට්ටක්කා නායික් ගොයියා ගැන මේ විදිහේ මතයක් පල කරයි යන හැඟීමෙන් නෙවෙයි. ඒගැන සමාවන්න, ඒ වගේම නායික් කියන්නේ බොහෝ රටවලට වීසා නිකුත් නිකරන එකෙක් ඒකෙන්ම මිනිහා ගැන හිතාගන්න පුලුවන්නේ.
    (ඇනෝ විදිහට කමෙන්ට් කරන්නේ ඒ ක්‍රමෙන් අවංකව යමක් කියන්න පුලුවන් නිසා)

    ReplyDelete
  8. Zakir Naik lies
    http://www.youtube.com/watch?v=mAA2EoZIg18

    ReplyDelete

Related Posts with Thumbnails