Sunday, July 25, 2010

(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත්

ඊයේ දාපු ටොයිලට් ප්‍රශ්නෙට සෑහෙන ප්‍රතිචාර තිබුනා... පුතා දන්න කියන ගොඩාක් දෙනෙක් කැමතිම තැන තමා ඔතන... නිදහසෙ වැඩක් කරන්ට තියෙන එකම තැන ඔතනනෙ නේද?


දුමීගෙන් බරපතල චෝදනාවක් එල්ලවෙලත් තිබුනා උත්තරය ගැන... ඕං ඒ පිලිබඳ සම්පූර්ණ වගකීම පුතා බාරගන්නවා.... (ඒකත් මරු නේ... වගකීම බාරගන්නවා කිව්වම කේස් එක ඉවරයිනෙ... ඔය කැම්පස් වල එහෙම අරගල අරව මෙව්වා කරන්නෙ වගකීම බාර ගන්ට කියලනෙ... පුතා එහෙම ඔය ලොකු පුටුවක හිටියනම් වචන දෙකෙන් වර්ජන සේරම ඉවරයි... වගකීම බාරගන්නවා)


ඔය වැපාල එහෙම නම් ටොයිලට් එකේ ඉන්නෙ කවුද කියලා බලනවලු යන්ට කලින්... කවුරු හරි ඉන්නවද නෙවෙයි... කවුද ඉන්නෙ කියලා.... ඒ කියන්නේ ඉන්න කෙනා බලල ඇතුලට රිංගනවා.. එහෙමද? (පුතාට තෙරෙන විදිහෙ අවුලක් තියෙනවද මන්දා..)


ඉතින් ඔය ටොයිලට් ප්‍රශ්නේ යන අතරෙ පුතාට ඔය ජාතියෙ ප්‍රශ්න පෝලිමක්ම එක පේලියට මතක් වුනා... මතකෙ අමතක වෙලා යන්ට කලින් ඒවායින් එකක් දෙකක් ලියන්ට කියල හිතුනා...



------------




මේ ලියන්ට යන ප්‍රශ්නෙටනම් පුතා තමයි හරි උත්තරෙ දුන්නේ... ඕං..
මේකයි ප්‍රශ්නේ...
ඔන්න ශක්‍ර දෙවියෝ අළුත් අවුරුදු දවසක කැලේට වැඩල සත්තු හැමෝටම තෑගි දුන්නලු...
අවුරුද්දට ඉතින් තෑගි විදිහට දෙන්නේ ඇඳුම් නේ... ශක්‍රයත් ලේසියටද මන්දා ගෑණු පාර්ශවයට චීත්තයකුයි හැට්ට රෙද්දකුයි... පිරිමි සත්තුන්ට කිබ්ස් සරමකුයි බැනියමකුයි තමයි ගෙනත් තියෙන්නේ...
හැබැයි එක සතෙකුට විතරක් වෙනමම ටයිට් ෂොට් එකකුයි බොඩි ෆිට් ටී-ෂර්ට් එකකුයි ගෙනත් තිබුනා...
ඉතින් ප්‍රශ්නේ තමයි..... කවුද මේ අළුත් අවුරුද්ද දවසෙත් ෂොට්ස් අඳින පොෂ් සතා?



------------
ඊ ළඟ එක... ඇත්තටම කිව්වොත් මේක එකක් නෙවෙයි ප්‍රශ්ණ පත්තරයක්.... සමහරවිට ගොඩක් දෙනෙක් දන්න එකක් වෙන්ටත් පුලුවන්... ඒ හින්දා උත්තරත් එක්කම ප්‍රශ්ණ ටිකත් කියල දාන්නම්.. 


ගඟක් අයිනෙ තියෙනවා ගඟ පැත්තටම නැවිච්චි පොල් ගහක්... ඕක උඩ ඉන්නවා කුකුලෙක්... ඌ බිත්තරයක් දැම්මොත් වැටෙන්නේ කොහෙටද?


උත්තරය - කුකුලෝ බිත්තර දාන්නේ නෑනේ... ඒ හින්දා කොහෙටවත් වැටෙන්නෙ නෑ.. බැරි වෙලාවත් කුකුලා බිත්තරයක් දැම්මොත් එහෙම....
කුකුලා යට කලිසමක් ඇඳගෙන හිටියොත් ඒකට වැටෙයි... (මේ එක එක කතා කියන්ට ඔට්ටු නෑ ඕං... කතාව යන්නෙ එහෙමයි.. අහගෙන ඉන්ට..) කුකුලෙක් බිත්තරයක් දැම්මොත් වැටෙන පුලුවන් තවත් තැන් දෙකක් තියෙනවා... ඒ මොනවද...
පත්තරෙට වැටෙනවා "කුකුලෙක් බිත්තරයක් දමයි" කියලා.. පත්තරෙට වැටුනත් නැතත් අනිවාර්යෙන්ම අටපට්ටමටනම් වැටෙනවාමයි..... ඔය බිත්තරෙ දාන කුකුලා යටට මුකුත් ඇඳල හිටියේ නැතිවුනොත් බිත්තරෙ ගඟට වැටෙනවනෙ... ඔය ගඟට වැටෙනකොට බිත්තරෙට මොකක්ද වෙන්නෙ...

පුතාම ප්‍රශ්න අහල පුතාම උත්තර දෙන එක හරි නෑනේ... හොඳයි වැඩකරු නම් කියන්ට බලන්ට උත්තරෙ


------------


තුන්වෙනි හා අවසාන ප්‍රශ්ණය.... හරිම සරලයි... 


හැබැයි තාමත් පුතා දන්නෙත් නෑ මේකට උත්තරෙ... 
නිවුන් නයි දෙන්නෙක් (ඒ කියන්නේ එකම සයිස් එකේ නයි දෙන්නෙක්) වලියක් ගහගන්ට පටන් ගන්නවා.. 


ඔය වලිය ගහගෙන ගහගෙන යන අතරෙ උන් දෙන්නට අහුවෙනවා අනික් එකාගෙන කක්කි පැත්ත.... (පුතා හරියටම දන්නෙ නෑ... කක්කි පැත්ත එතැනමද කියලා.... කොහොමහරි පෙනේ පැත්ත නෙවෙයි අනික් කෙලවර....) 


ඔන්න ඉතින් ගිලින්ට ගන්නව දෙන්නම.. ඔහොම ගිලගෙන ගිලගෙන ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ.... 


වැඩක් නැතුව නිකන් ඉන්න වෙලාවක (නිදාගන්ට යන්ට කලින් වගෙ)
හිතලා බලලා උත්තරෙ දැනගත්තොත් පුතාටත් කියන්ට අමතක කරන්ට එපා ඕං..... 



------------
ප\ලි වැඩේ පබා වෙලා වගෙ පේන්නෙ... පුතා ඇහුවේ මේං මේ චූටි ප්‍රශ්ණ තුන විතරයි...
1. සරම් හරි චීත්ත රෙද්දක් ඇඳලා වැඩක් නැති සතා කවුද? 2. ගඟට වැටෙන බිත්තරෙට ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? 3. තුන්වෙනි ප්‍රශ්නෙට පුතත් උත්තරෙ දන්නෙ නෑ... නිවාඩු පාඩුවේ හිතල බලන්ට කිව්වේ ඒකයි... සොරි වෙන්ට ඕන කතාව දික්වුනාට අමතක වෙන්ට කලින් ලිව්වේ ඕං...



16 comments:

  1. අන්තිම එකට නම් ෂුවර් එකටම ඌ ගිලින්න ඇත්තේ ඌගෙම පසුපස.
    ගඟට වැටුන බිත්රරේ අර දර කපන්නාගේ කතාවේ වගේ දෙවි කෙනෙක් වත් ඇරන් දෙයිද?

    ReplyDelete
  2. අප්පොච්චියේ ප්‍රශ්න පත්තරයක්යැ මාගලක් නෙව......අනිතිම එකේදි මොකා මොකාගෙ අනිත් කොන කෑවත් එකමයි නේ....මේ ප්‍රශ්න අර ජිරාෆ් ෆ්‍රිජ් එකට දැම්මා වාගේ උත්තර තියෙන ඒවා වත්ත්ද?.....:D

    ReplyDelete
  3. 1)short tail කියලා මාළුවෙක් ඉන්නවළු නේද?

    කොහෙන් මේවා හොයා ගන්නවද මන්දා

    ReplyDelete
  4. හුටා... ඒ පාර ප්‍රශ්න පත්තර දෙන්න අරන්නේ... නිදා ගන්න ගිය වෙලේක තමා හිතන්න වෙන්නෙ... මට නම් වැටුන ගමන් නින්ද යන එක නිසා හිතන එක ශුවර් හික් හික්

    ReplyDelete
  5. හප්පේ.. පුරස්න වැලක් නෙව..

    ReplyDelete
  6. 1) වවුල නේද?

    ReplyDelete
  7. 2)බිත්තරේ ගං බිත්තරයක් වෙනවා......

    ReplyDelete
  8. මේ දවස්වල මෙහේ තියෙන අම්බානක රස්නේ නිසා පුතාගේ මොලේ කරකුට්ටම් වෙලාද කොහේද මෙන්න අපේ මොලත් චොර කරන්න හදනවා සිරා ප්‍රශ්න ටිකක් අහලා . . හික් හික්

    ReplyDelete
  9. @Haree
    Swordtail (not short tail)
    http://en.wikipedia.org/wiki/Green_swordtail

    -AD

    ReplyDelete
  10. 1 වෙනි එකට උත්තරෙ - වවුලා (සරම් ඇඳලා වැඩක් නෑ ඔලුව පල්ලෙහාට වෙන්ටනෙ ඉන්නේ)

    එක ඇනෝ කෙනෙක් උත්තරය හරියට දීලා තිබුනා...

    2 වෙනි එකට උත්තරෙ - තෙමෙනවා..

    හරියි තවත් ඇනෝ කෙනෙකුයි හරි උත්තරෙ දීලා තිබුනා...

    3 වෙනි එකට උත්තරෙ - දන්න කවුරු හරි ඉන්නවනම් මටත් කියන්ට...

    ReplyDelete
  11. ප්‍රියන්ත...
    කතන්දරෙ හැටියට එකෙක් අනිකගෙ පස්ස තමා ගිලින්ට ගන්නේ... අන්තිමට මම ඌ කනවා.. මම මම කනවා වගෙ සීන් එකක් තමයි වෙන්ට ඇත්තේ....

    හේමලයා..පිස්සා... වැම්පා...
    සොරි වෙන්ට ඕන ඕං සීන් කෝන් එක දිග වැඩි උනාට...

    හරි...
    ඔය මාළුවාට අපි short tail කිව්වට උගේ නම sword tail.. (හැබැයි ඌත් හරියට දන්නවද දන්නේ නෑ උගේ ඇත්ත නම මොකක්ද කියලා... හිකිස් ) උගේ ටේල් එක කඩුවක් වගෙ හින්ද මයෙ හිතේ.... ( ඇනෝ කෙනෙකුත් කියල තිබ්බා.... තැන්කූ ඇනෝ)

    අනුරුද්ධ...
    ඒක පට්ට.. ගඟට වැටුනම ගං බිත්තර වෙනවා.. එල...

    දුකා...
    එලියට බහින් නෑ අයියා මේ දවස්වල... තියෙන් අව්වෙ හැටියට එලියට ගියොත් අනිවා කරවල වෙනවා... ඇතුලෙ ඉඳලම මොලේ freeze වෙලා තියෙන්නේ.... හිකිස්

    ReplyDelete
  12. @ Anno,ස්තූතියි නිවැරදි කිරීමට, අනේ මම දන්න මාළු :D

    ReplyDelete
  13. ආ ඔය කියලා තියෙන්නේ මං ගැන ...

    හිකිස් ...

    [මට පෙන්නේ පුතා කරනදේට අනුව තමයි මගේ වැඩ තේරුම් අරන් තියෙන්නෙ :D]

    ReplyDelete
  14. තුන් වෙනි 1ක නෙ අමාරු නෙද..
    දෙන්නම 1/2 ගෙ ගනෙ ගිලල බලගෙන ඉදිවි...
    ගිලෙන්නෙ නැතු උනිත් වමාරයි..
    නත්නම් 1/2 දිරවනකම් ඉදල තව 1/4ක් ගිලිවි..(1/2 න් 1/2 ගෙ)
    අන්තිමට කටවල් 2ක එතුරු වෙයි...

    ReplyDelete

Related Posts with Thumbnails