Sunday, August 15, 2010

අප්සට් කතාවක්

හරියටම සතියක් ගියා ඕං පුතා අන්තිම පෝස්ට් එක දාලා... 


බ්ලොග් එක පටන් ගනිද්දි පුතා ප්ලෑන් කරගෙන හිටියේ අඩුම ගානේ සතියකට පොස්ට් දෙකක්වත් දානව කියල තමයි... 


ඒ ප්ලෑන් එක වෙනස් වුනා ගිය සතියේ පුතාගෙ පොඩි එන්ජින් ට්‍රබල් එකක් ආපු හින්දා... දැන්නම් තත්වෙ යථා තත්වෙට පත් වෙලා තියෙන්නේ.... 


ඉතින් ඕං පුතාට මතක් වුනාලු  පුතාගේ යාළුවෙක් වෙන චන්දිබූත්ගෙ එන්ජින් ට්‍රබල් එකකදි වෙච්ච සිද්ධියක්... 


කව්ද අනේ චන්දිබූත් කියන්නේ... පුතාට අර ඇවරි කතාවක් ගැන කියපු යාලුවා තමයි චන්දිබූත් කියන්නේ...


-----------

මෙහෙමයි සීන් එක... 


චන්දිබූත් ඩුබායි ආපු මුල්ම දවස්වල.... දවසක් බුවාට උණ ගැනිලා....


කොහොමත් ඔය උණ හෙම්බිරිස්සාව වගෙ ලෙඩ හැදුන ගමන් ඩොකෙක් ලඟට යන සිරිතක් අපි ලඟ නෑනේ... 


ඉතින් චන්දිබූත් දවසක් දෙකක් පැනඩෝල් එහෙම බීලා වැඩේ ගොඩ දාන්ට බලලා... 


ම්හ්... එන්ට එන්ටම උණ වැඩිවෙන සීන් එකක් තමයි වෙලා තියෙන්නේ... 


චන්දිබූත් ඉන්නේ අමාරුවෙන් කියලා දැකපු කම්පැනියේ ලොක්කා බුවයි තව ලංකාවේ එකෙකුයි කම්පැනි වාහනෙකම දාල ඉස්පිරිතාලෙට පිටත් කරලා....  


රියදුරු මහත්තයත් ලංකාවෙම දෙමළ බුවෙක්... ඇත්ත නම කිව්වොත් චන්දිබූත් කවුද කියල එලි වෙන්ට පුලුවන් නිසා මම රියදුරු මහත්තයාට රඝූ කියල කියන්නම්....


ඔන්න ඉතින් ඉස්පිරිතාලේ ලඟටම ආවට පස්සේ චන්දිබූත් රඝූ අයියට කියනවලු.....
"රඝු අයියේ... දැන්නම් මට ඉස්පිරිතාලේ යන්ට බෑ... අපි ආපහු කාමරෙට ගිහිල්ලා එමුද.."
රඝු අයියට මේක ඇහුවම එකසිය ගානට මල පැනල.... "ඈ බන්.... උඹට මොකද හදිස්සියේ උනේ... මෙතෙන්ටම ඇවිල්ලා යන්ට බෑ කියන්නේ" 
තව සිංහල ශබ්ද කෝෂේ තියෙන බ්ලොග් එකක ලියන්ට කැතයි කැතයි වගෙ හිතෙන රඝුවා දන්න කියන ලස්සනම වචන දාලා චන්දිබූත්ට බනිනවලු.... 


ඒත් චන්දිබූත් නෙවෙයිලු හෙල්ලෙන්නේ.... ආපහු යං කියලමලු බුවා කියන්නේ..
බැරිම තැන රඝූ අයියා මුගෙන් ඇහුවලු..... "මොකක්ද ඔච්චරම උඹට තියෙන අමාරුව උඹට ඉස්පිරිතාලෙ යන්ට..." කියලා....
අනේ අපේ චන්දිබූත් අන්තිම අසරණ විදිහට කියනවලු.... "නෑ රඝු අයියේ.... අද මං ඇඳල ඉන්නේ අප්සට් ජොකෙක්.... ඒකයි" කියලා....
ඉතින් ඒක ඇහුවට පස්සේ රඝූ අයියත් වාහනෙ හරවගෙන ආපහු කාමරෙට ඇවිල්ලා.....
උණට බෙහෙත් ගන්න එකෙයි යට ඇඳුමෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද නේද අනේ.... ඕං පුතාට පේනවා තැන් තැන් වලින් කසු කුසු ඇහෙන්ට ගන්නවා...
------------

මේකයි සිද්ධිය...


උණ හැදිල ගියාම මෙහේ ඉස්පිරිතාලවල තියෙන්නේ කෝකටත් තයිලේ වගෙ එකම විසඳුමක්.....



ඒ තමා කක්කි පැත්තට තඩි ඉන්ජෙක්ෂන් එකක් ගහන එක....උදේ ගැහුවොත් හැන්දෑ වෙද්දි උණ කොහෙන් ගියාද නෑ.... ඉතින් ගොඩක් වෙලාවට ඕක ගහන්ට ඉන්නෙත් පිලිපීන් හරි ඉන්දියන් හරි ගැහැණු නර්ස් කෙනෙක්..... 


ඔය සීන් එක චන්දිබූත් දැනගෙන තියෙන්නේ අර බුවාගේ තනියට ආපු යාළුවා ඉස්පිරිතාලෙට යන අතරෙදි කිව්වට පස්සේ තමා... 


ඉතින් චන්දිබූත් අර විදිහට අසරණ වුනේ ඇයි කියලා දැන් හිතා ගත්තැකිනේ.....


20 comments:

  1. බඩුම තමයි...මචං ඌට ජොකාලා දෙතුන් දෙනෙක් අරන් දියහන්කෝ මං ගානේ කියලා හිතාන

    ReplyDelete
  2. නියමයි ජොකු කතාව...

    ReplyDelete
  3. හි හි පව් බන්.. ජොකා උප්සට් කියන්නේ ලෙඩක් නේ. උන වගේද ඒක...

    ReplyDelete
  4. කන්තෝරුව වහන්න යන්නේ.... කියවා ප්‍රතිචාර හෙට බලාපොරොත්තුවන්න.... ;)

    ReplyDelete
  5. හිහි ............ ජෝ කතා ..........

    එලම තමයි

    ReplyDelete
  6. ඔව් ඔව් . . . මම දන්න සමහර එවුන් යන්තන් ඇඟ රත් වෙච්ච ගමන්ම ක්ලිනික් එකට දුවනවා. මොකද ඉන්ජෙක්ෂන් එකක් ගැහැව්වත් ඉතින් මොකද පස්ස පැත්තටනෙ . . . . !

    ReplyDelete
  7. ඇයි පුතේ ඔහේ male nurses ලා ඇත්තෙම නැද්ද? :D

    ReplyDelete
  8. හික් හික්!! මටත් ඔහොම වැඩක් වෙලා තියෙනවා!!!

    ReplyDelete
  9. කවුරුවත් හිතුවෙ නැද්ද ඔය බෙහෙත ලංකාවට ගෙනාවොත් වෙන දේ....

    ReplyDelete
  10. ආයෙ.. ඕක මරේ මරු බේත.. හික් හික්..

    ReplyDelete
  11. ඇත්තට වත් කිව්ව ගේ ඕක ලංකාවට ගෙනාවොත් ඩෙංගු ඉවරම කරන්න පුළුවන් වෙයි. කොයි උණටත් හොඳයි කියල නේද කිව්වේ...හික්ස්....

    ReplyDelete
  12. නොදෑනුවත් කම නිසා තම මූ පෑනඩොල් බිබී ඉදල තියෙන්නෙ........

    හිහිහ්

    ReplyDelete
  13. @අන්ශ්
    :))))

    @ගීත්
    දැන්නම් ඌ අප්සට් එවුන් අඳින්නේ නෑලු..... ඒත් දුන්නොත් නම් බෑ කියයි..

    @හේමලයා
    ..:D

    @මාස්කින්
    තැන්කූ කිව්වා....

    ReplyDelete
  14. @පිස්සා...
    ඒ දවස්වල ලංකාවේ යුද්ධෙ දරුණුවටම තිබුනු කාලෙනෙ... මූගෙ යට ඇඳුමේ තිබ්බ හිල් දැක්ක නම් මූව හිරේට දානව ත්‍රස්ත්‍රවාදියෙක් කියලා... එච්චරටම හිල්ලු...

    @කුෂාන්...
    ඕකේ...මචං...

    @වැපා...
    :))))))

    @දුමී...
    හිකිස්... මම නම් තවම ගියේ නෑ... ඕං..

    ReplyDelete
  15. @හරි...
    අනේ මන්දා හරි අක්කේ.. මුන් කියන විදිහට ඉන්නේම ෆීමේල් කට්ටිය විතරලු...

    @බ්ලොග් ගඩොල්..
    ඕං කට්ටියට දැනගන්ටත් එක්ක ඒ ගැනත් පොස්ට් එකක් දැම්මනම් එලට තියෙයි...

    @වත්...
    ඇත්තටම මොනව වෙයිද... ඈ....

    @වැම්පා...
    ඒ කියන්නේ වැම්පයර්ලත් ඔය බෙහෙත ගැන දන්නවා .... ඈ..

    ReplyDelete
  16. @ප්‍රියන්ත...
    කොයි උණටත් හොඳයි කියල තමයි කියන්නේ.... හැබැයි සීන් එක කියන්නේ ප්‍රියන්ත අයියා මෙහේ බෙහෙතකටවත් ගන්ට මදුරුවෝ නෑනේ...

    @නිශ්....
    නොදැනුවත්කමද.... බෙහෙත් ගන්ට යන්ට කම්මැලිකමද මන්දා...

    ReplyDelete
  17. මම පුතේ හරිම බයයි ඉන්ජෙක්ෂන් ගහනවට . .

    ඒත් මොනා කරනන්ද මුන් ගහන්නේම පස්ස පැත්තාට් ඉන්ජෙක්ෂන් නේ . .

    අපේ ගෙදර උන්දැට හරි ජොලි මට උණ හැදිලා බෙහෙත් ගන්න යන කොට . . ඇයි ඉතිං මේ මර බයේ වෙව්ලන එකාට පස්සට ඉන්ජෙක්ෂන් ගහනවනේ . . .

    සමහර වෙලාවට පස්ස පැත්තේ ෆෙයාර් ඇන්ඩ් ලවුලි එහෙම ගාගෙන යනවා ඇයි ඉතිං ඉන්ජෙක්ශන් ගහන බව ටක්කෙටම දනන්වනේ . . .

    අනේ කියන්නේ ඒ දවටසම බොන්න විතරක් බෙහෙත් දීලා එවනවා බන් . . දුකේ බෑ . . හික් හික්

    ReplyDelete
  18. එතකොට චන්දිබූත් බෙහෙත් ගත්තෙ නෑ...

    ReplyDelete

Related Posts with Thumbnails