Thursday, August 5, 2010

(ඕන්)නැති ප්‍රශ්ණ....

පුතා මල ගෙවල්වල නයිට් ගහපු දවස්වල නින්ද යනවට කියපු ප්‍රශ්ණ මතක ඇති කියල උපකල්පනය කරනව ඕං........ ඇත්තද ආ... එහෙමත් එකක් තිබ්බද? අපි දන්නේ නැනේ...  


දැනට සතියකට දෙකකට කලින් එහෙම පෝස්ට් දෙකක් විතර දැම්මලු... හරිය.... ප්‍රශ්ණ දාගන්ට කැමතිනම් පල්ලෙහා තියෙන ලින්ක් වලට ගිහිං බලාගන්ට ඕං...


1.ටොයිලට් ප්‍රශ්ණයක්...  
2.(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත්...
ඉතින් ඔය ප්‍රශ්ණ කතා දෙකට තමා පුතාගේ බ්ලොග් එක කියවන උදවිය වැඩිම පාරක් ගිහිල්ල තියෙන්නේ... ගූගල් එකෙන් අලුතින් හයි කරපු ස්ටැට් මීටරෙ තමා පුතාට ඕක පෙන්නලා දුන්නේ... තැන්කූ වේවා කිව්වා ගූගල් එකේ අයියලාට ඕං... පුතා ඔය එම්.එස්.ප්‍රනාන්දුගේ බාප්පා වගෙ ගීත ගායනා කරගෙන යන්නේ අදත් ඉතින් මාගලක් වගෙ ප්‍රශ්ණ පත්තරයක් දාන්ට තමයි ඕං.. එහෙම නේද හිතෙන්නේ... ඉතින් හිතුන එක හරිනේ... අදත් ප්‍රශ්ණයක් දෙකක් දාන්ට කියල තමයි පුතා හිතුවේ... 


හැබැයි මේ ප්‍රශ්ණ නම් මලගෙවල්වලදි පුතාට අහන්ට ලැබුනු ඒවා නම් නෙවෙයි...
මේක පුතාගේ නැදැ අක්කෙක් පුතාගෙන් අහපු එකක්... ඕක අහල තියෙන්නේ එයා සහභාගි වුන seminar එකකදි ඒක මෙහයවපු ලොක්කෙක්ලු.. ලොක්ක කිව්වේ නා...කි ලොක්කෙක් නෙවෙයි බුවාගේ තනතුරේ හැටියට ලොක්කෙක් හින්ද ඈ... ( ඇයි ඉතින් සමහරු වයසක ඇත්තොන්ටත් ආ.. ලොක්කා කියලනෙ කියන්නේ... ඒකයි නොමග යන්ට කලින් තේරුම් කරල දුන්නේ... ඕං... )
ප්‍රශ්ණේ අහනවනම් අහන්ට අදාල නැති කයි කතන්දර නොකියා... අපිට වැඩ තියෙනවා නේද...? 
නෑ ඉතින් ලොක්කෙක් අහපු එකක්නෙ.. ඒකයි පොඩි ඇඩ් එකක් එහෙම දාල ගත්තේ...
-----------------

ඕං එහෙනම් වැඩ්ඩෙක් ඉන්නවනම් උත්තරෙ දෙන්ට....
ඔන්න එකමත් එක දවසක තාත්තෙකුයි පුතෙකුයි ගමනක් යද්දි දෙන්නා හැප්පෙනවා ඇක්සිඩන්ට් එකක... කියන්නේ ඒ දෙන්නා ගිය බයික් එක හැප්පෙනවා මාර ගහක....  


අනේ තාත්තා ඒතෙනදිම මියෑදෙනවා.. ගෙනාපු ආයුෂ ඉවර වුනාම අනිවා යන්ටම එපැය නේද..? 
හොඳටම අසාධ්‍ය තත්වේ ඉන්න පුතාව වටෙ පිටේ හිටපු කට්ටිය ඉක්මනටම ඉස්පිරිතාලෙට ගෙනියනවා... ඉතින් ඉස්පිරිතාලේදි ලෙඩාගේ තත්වය දරුණු හින්දා ගන්නවා කෙලින්ම ඔපරෙෂන් කරන්ට.... 
දැන් ඕං ඔපරෙෂන් කරන කාමරෙට ඇරන් ලෙඩා දාලා ඉන්නවලු. ඇඳෙ..... ඔන්න ඉතින් එනවලු ඔපරෙෂන් එක කරන දොස්තර... එයාට සිංහලෙන් කියන්නේ "ස(ර්)ජන්" කියල නේ.... 
අනේ මේ ස(ර්)ජන් ඇඳෙ ඉන්න ලෙඩා දැක්ක විතරයි "මගෙ පුතේ මොකක්ද මේ වෙලා තියෙන්නේ...." කිය කිය හූ තිය තිය අඬන්ට ගත්තලු... 
ඈ එහෙම වෙන්නෙ කොහොමද තාත්තා ඇක්සිඩන්ට් එකේ හැප්පිලා මැරුණනෙ... ඉතින් ඒක තමයි මාත් අහන්ට යන ප්‍රශ්නේ....


ස(ර්)}ජන් කොහොමද මේ ඉන්නේ මගෙ පුතා කියල කියන්නේ?
-----------------

එක ප්‍රශ්ණයක් විතරක් මදි මදි වගේ නේ... ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් නේ... ----------------


හරි එහෙනම් දෙවැනි එක..
ඔන්න අමාවක දවසක... කලුම කලු කිට් එකක් ඇඳ ගත්තු ගොලු බුවෙක් (ගොලු බුවාලට කන් ඇහෙන්නෙත් නෑ හරිය... ) කලුම කලු තාර පාරක් දිගේ ඉස්සරහට ඇවිදගෙන එනවලු.... ඉස්සරහට නැතුව පස්සට ඇවිදින රටක් තියෙනවද ...? ගොන් කතා කියන්නෙ නැතුව අහනවනම් ප්‍රශ්නෙ අහන්ට නේද.... 


ඔන්න අනිත් පැත්තෙන් එනවලු කලුම කලු කාර් එකක් මිනිහගෙ ඉස්සරහට... ලයිටුත් ඔෆ් කරගෙන... 


දැන් නිකම් කොහොමද සීන් එක ආ... ගොලු බීරි බුවා වැඩ්ඩා වගේ ඇවිදගෙන යනවා ඉස්සරහට... අනිත් පැත්තෙන් කාර් එක හැටට හැටේ එනවා මිනිහාගේ පැත්තට... 
ඔය බලාගෙන ඉන්නේ තවත් ඇක්සිඩන්ට් එකක් හැප්පුනා කියනකම්නේ නේ... 


හූ... මේ පාර හැප්පෙන්නේ නෑලු ඕං.. කාර් එක නවත්තනවලු මිනිහ හැප්පෙන්ට කලින්...


ප්‍රශ්ණය... කොහොමද කාර් එකේ රියදුරු මහත්තයා ගොලු බුවාව දැක්කේ.....?

14 comments:

  1. ඇක්සිඩෙන්ට් එකෙන් පුතාව ( උබ නෙමෙයි හොඳද ) වෙනස් වෙලා තියෙන්න ඇති...

    චා පිලිතුර. හික් හික් සාර්තක නැත වගේ. ගානක් නැහ.


    2. ඇයි බන් ඩ්‍රයිවර් ට ඇස් පේනව නේ.

    ReplyDelete
  2. හරි ලේසියිනේ,
    1. ස(ර්)ජන්ට් ඇවිල්ලා ගෑනු කෙනෙක්. ඒ කියන්නේ කොල්ලගෙ තාත්තා නෙමෙයි අම්මා.

    2. අමාවක දවසක් උනාට මේක වෙන්නෙ රෑ නෙවෙයි දවල්. දවල්ට ඉතිං ඉර එළිය තියෙද්දි වෙන මොන එළිද?

    හරි සිම්පල් ප්ලෑන් එක!

    ReplyDelete
  3. ඔය කතා දෙක නම් අසා ඇත.....:)

    ReplyDelete
  4. jeewantha niwaradi pilitura dee etha :D

    ReplyDelete
  5. 1 තාත්තෙකුයි පුතයි කිව්වට ඒ තාත්තගෙම පුතා නේවේනේ. දොස්තරගේ පුතා වෙන්න ඇති. මැරුනේ වෙන කෙනෙක්ගේ තාත්තෙක් වෙන්න ඇති.
    2 දවල්ට වාහන වල ලයිට් දාන්නේ නෑනේ. දවල්ට දෙන්නටම පේනවනේ.

    ReplyDelete
  6. එකට උත්තරේ ජීවන්නගේ එක තමා දැන් මතක් වුනේ.

    ReplyDelete
  7. අද තෑග්ග ජීවන්තට ඕං,,,,,,

    ReplyDelete
  8. හ්හ්ම්ම්ම්ම්..........

    ReplyDelete
  9. මං ඒත් බැළුවා කවුද මේ ටික දවසක ඉඳන් ප්‍රශ්ණ ඇති කරන්නේ කියලා ;-) බැලින්නම් මේ අපේ පුතානේ.
    හරිබරි ගැහිලා තකහනියක් ආවේ ඩුබායි වට්ටක්කාවල රහ බලන්න. රහයි රහයි... හරිය...
    උත්තර කලින්ම දී ඇත. අනිසා ආපසු යමි :)

    ReplyDelete
  10. ඉස්සෙල්ලාම කියන්ට වෙන්නේ පුතා කට්ටියට ඕන් නැති ප්‍රශ්ණ දාන්ට ගිහිල්ලා හොඳ හැටියට නා ගෙනලු ඕං... ලැබිල තියෙන ප්‍රතිචාර හැටියට හිතාගන්ට තියෙන්නේ එහෙමලු හරිය..... ආයෙනම් කාලෙකට ප්‍රශ්ණ දාන්නේ නැතිවෙයිලු...
    @පිස්සා... උත්තර භාගයක් වගේ හරි... 100න් 75ක් විතර දෙන්ට පුලුවන් මචං....

    @ජීවන්ත... උදේ පාන්දරම හරි උත්තර දීලා නේද එහෙනම් ඈ... ජයවේවා කිව්වා ඕං.. ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... අපේ අහ ආවට තැන්කූ වේවා...

    @හේමලයා... තැන්කූ කිව්වා ප්‍රතිචාරෙට මචං..

    @වැම්පා... ඔව් ඔව් ජීවන්ත හරි මචං...

    ReplyDelete
  11. @ප්‍රියන්ත...
    එහෙනම් ජීවන්තත් හරි... ප්‍රියන්ත මහතාත් හරි ඕං....:ඪ්

    @හරි....
    ඒක තමා හරි අක්කේ.. තෑග්ග යවන එක තමා කේස් එක... අවුලක් නෑ ලංකාවට ගිය දවසකට ගිහින් දෙනවා ඕං...

    @අන්ශ්
    අද නම් වැඩේ ජෝන් බාස්ට ගිහින් වගේ නේද....

    @කුෂාන්...
    තැන්කූ කිව්වා අපේ අහ ආවට... ආය දෙන්නත් එක්ක සංචාරයක් ගියේ නැතෙයි....

    ReplyDelete
  12. තාම නෑ තාම නෑ... ලඟදීම... පුතත් තාත්තගෙන් අහල එනු මේ පැත්තේ...

    ReplyDelete
  13. හි හී නියම ප්‍රශ්න දෙක. මේවට උත්තර දෙන්න පෙට්ටියට පිටතින් සිතන්න ඕන(Thinking out of box). :-p මට නම් ඇත්තටම උත්තර හිතාගන්න බැරිවුණා. කොමෙන්ටු වලින් තමයි දැන ගත්තේ. පුතා අයියෙ ඔයාගෙ කතා හරි රසවත්. ඒත් මේ ලිපියෙ පොඩි වචන පැටලැවිල්ලක් තියෙනව.පෙන්නල දුන්නට තරහ නෑනේ..
    ශල්‍ය වෛද්‍යවරයාට ඉංග්‍රීසියෙන් කියන්නෙ ස(ර්)ජන්ට් නෙමෙයි ස(ර්)ජන්. ස(ර්)ජන්ට් කියන්නේ හමුදා නිලයක්. අපි සිංහලෙන් සාජන් කියල කියන්නේ ස(ර්)ජන්ට් ට තමයි.
    sergeant = සාජන්
    surgeon = ශල්‍ය වෛද්‍ය

    ReplyDelete
  14. තැන්කූ වේවා නංගි... ඕං වැරැද්ද නිවැරදි කරා....

    ReplyDelete

Related Posts with Thumbnails