Monday, August 2, 2010

සිම්පල් ප්ලෑන් එකක්

පුතාට ඉඳල හිටලා නොවැලැක්විය හේතු හින්දා අල්ලපු රටෙ කෑම වල රහ බලන්ට සිද්ධ වෙනවා... අල්ලපු රටෙ කෑම වලිනුත් ගොඩක් වෙලාවට ඉතින් බැන බැන හරි කන්ට වෙන්නෙම මලබාරි කෑමම තමයි...  


අර දීපාල් සිල්වා කියන ( ගයනවාට වඩා කියනවා කියන එක හරි පුතාට හිතෙන විදිහට..) "ආනන්ද භවන්" සිංදුව තමා පුතාට ඒ වෙලාවට මතකෙට එන්නේ.... "ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා එලියට ඇවිදින් යාපනෙ දෙමළුන්ට බනිනවා..." ඩයල් එක එහෙමටම සෙට් වෙන්නේ නැතිවුනත් මිනිහ කියන කතන්දරේ බලාගෙන ගියාම ඇත්ත නේද??;... මුළු ඉන්දියාවටම පොදු කෑමක් තමයි ගැන තමයි ඕං කියන්ට කියන්නේ... එළවළු වලට කියන හින්දි නම තමා "සබ්ජි"... ඉතින් ඔය මලබාරි පොරවල් ඉතිරිවෙලා තියෙන එළවළු ඔක්කම දාලා හදනවා කරියක්.. ඕකට මුන් කියන්නේ සබ්ජි කරිය කියලා...


කරි වර්ග දෙක තුනක් හදන්ට කම්මැලි හිතුනම එකකින් ෂේප් වෙන්ට පුළුවන් කම හින්දා තමයි ගොඩක් වෙලාවට බුවාල "සබ්ජිය" හදන්ට සෙට් වෙන්නේ...ඕක හදලා කාලා ඉතුරු ටික ප්‍රිජ් එකට දැම්මා, පහුවදා ගත්තා රත් කරා කෑවා.. ඉතුරු හරිය ආපහු ප්‍රිජ් එකට... ඔය ටෙස්ට් මැච් එක ඉතින් සමහරදාට දවස් 5-6 ක් දක්වා ඇදී යන වෙලාවලුත් එනවා..... හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? 





පුතාට හිතෙන්නේ ඕකට ගැලපෙන්නේ සබ්ජි වලට වඩා "බැරිම තැන" වගෙ නමක්... මොකද ඕක හදන්නේ ගොඩක් වෙලාවට උයන එක වදයක් වෙලා බැරිම තැන නේ...


කොහොමටත් පුතා   නම් ඔය සබ්ජිය කන්ට යන්නේනෙම නෑ... ආය මොකටද අපේ එවුන් බය කරන්නේ කොටි ඒ පාර ඩුබායි වලට බෝම්බ දානව කියල... විරේකයක් බීල ඉන්න එක ඊට වඩා පහසුයි ඕං....
ඔය  සබ්ජි සීන් එක දැක්කම පුතාට මතක් වුනා කොහෙදි හරි දැකපු ඊටත් වඩා සිම්පල්ම සිම්පල් ප්ලෑන් එකක් යෝජනා කරන්ට... දැකපු තැන හරියටම මතක නෑ.. මහින්දගෙ ආගිය කතාවලද මන්දා..


මේකයි ක්‍රමය


--------------


අවශ්‍ය කරන එලවළු ටික හෝදලා කපලා කරලා අරගන්නවා... රස කරන්ට දාන පහෙ ජාති මසාලා ටිකත් අනාගන්නවා එලවළුත් එක්ක... ලඟට ගන්නවා වතුර ජෝගුවක්.. ඊට පස්සේ අර තුන පහත් එක්ක අනාගත්ත එලවළු ටික කාලදානවා වතුර බොන ගමන්... 


හ්ම්හ්.. අමුවෙන් එලවළු කාල වැඩක්ද...ඒක නිකන් කෙරෙන්නේ නෑ නෑ වගේ නේ...


නෑ අමුවෙන් නෙවෙයි.... ඉදවගන්ට ක්‍රමයක් තියෙනවා


දැන් කාපු එලවළු ටික බඩෙදිම ඉදෙන්ට තමන් කැමති පැත්තකින් ගිණි පෙනෙල්ලක් ගහගන්නවා... 
සිම්පල් ප්ලෑන් එක නේද? ට්‍රයි කරල බලන්ට කම්මැලි හිතුනු වෙලාවක.....


--------------

13 comments:

  1. අල්ලපු රටේ එවුන්ගේ කෑම ක්‍රම කෑවොත් ආයෙ අලුතින් විරේක ඕනම නෑ නේද?. මං අහල තියනවා උන් expire වෙච්ච කෑමත් අරන් කනවලු නේද?

    ReplyDelete
  2. මම නම් හදිස්සියෙන් ඉන්දියන් කඩේකින් කන්න කැමතියි... පොඩ්ඩක් හරි අපේ රසක් එන කෑම තියෙන්නෙ ඉන්දියන් කඩවල විතරක් නිසා...අනිත් අතින් ඉන්ඩිඅන් රෙස්‍ටුරන්ට් නැති රටක් ඇත්තෙම නැතිව ඇති නේද... අපි බැන්නට...

    ReplyDelete
  3. හප්පච්චියේ...මාර සිම්පල් ප්ලෑන් එකක් නෙව.....:))

    ReplyDelete
  4. හික් හික්!! නියමයි පුතා....

    ReplyDelete
  5. හිහ් හිහ් මාත් ඔය ටෙස්ට් මැච් එක ගහනවා සමහර දවස්වලට. හැබැයි උපරිම දවස් 2කයි. එත් මගේ රූමා ඒ කියන්නේ බන්ගාලියා මුළු සතියෙම වගේ ටෙස්ට් මැච් එක ගහනවා.
    මලයාලී කෑම රසයි. හොද මලයාලි හොටෙල් වල හොදට උයනවා. ලංකාවේ කෑම වලට ගොඩක් දුරට සමානයි. හොද කටට සැරට උයනවා. හැබැයි මලයාලියෝ මලයාලියෝම තමයි. සෙනග 1000 අතරේ එක මලයාලියෙක් සිටියත් තත්පරයෙන් දෙකෙන් අදුන ගන්න පුළුවන් නේද?
    :D

    ReplyDelete
  6. හිහි. මරු ක්‍රමේ.. මාත් නංගිට කියන්න ඕන ආයේ බත් පාර්සල් එවන්න එපා, අමු එළවළුයි ගිනි පෙට්ටියකුයි එවන්න කියලා..

    ReplyDelete
  7. මට නම් හිතෙන්නෙ ඕකට "බැරිම තැන" කියන එකට වඩා "නැතුවම බැරි" කිව්වා නම් තමා හරි. ඔය එහා රටේ අය වගේම , එහෙ නෑකම් තියෙන අපේ රටේ ඉන්න අයත් හදනවා ඔය ගොඩ හොද්ද. රසේ කොහොම වෙතත් සෑහෙන්න ගුණ ඇති. ඒකට නොදාන ජාතියක් නැහැ. ඇත්තටම පෝෂ්‍ය ගුණයෙන් අනූන වෙන්න ඕනැ.

    හැබැයි මෙහෙමත් හිතෙනවා ඒ ගොල්ලො මේ අපි වගේ ජීවත් වෙන්නෙ කන්න නෙමෙයි, කැම්පස් වල ඉන්න අය බලන්න, ඔය ගොඩ හොද්ද හදාගෙන කලා දුවන්නෙම පාඩම් වැඩ වලට. ඒ අතින් අපේ අය හරි දුර්වලයි, නොකා නම් මුත් බෑ නේද?
    මමත් ඔය සබ්ජිය කෑවෙ එකම එක දවසයි, එපාම උනා.
    කොහොම උනත් අර 3 in 1 ප්ලෑන වගේ මේකත් හරියන පොතක් නෙවේ පුතෝ!!!!!

    @ ෆා, පුතාගෙන් උපදෙස් ලබා අමාරුවේ නොවැටෙන්න නගෝ,,,,,,,

    ReplyDelete
  8. පුතා - මං පොඩි කාලේ තේ බිව්වේ ඔය ක්‍රමයටයි. තේ වතඔර කෝප්පයකට ගන්නවා. සීනි සහ කිරී පිටි අනාගන්නවා. ඒක පොඩ්ඩක් කනවා, තේ උගුරක් බොනවා.
    ... ආ, ඔව්, ඊට පස්සෙ උඩ පනිනවා.

    ReplyDelete
  9. කොමන්ට් කිරීමට යන්න තියෙන දුර වැඩියි... සිම්පල් ප්ලෑන් එකක් යොදනු..


    දවසක් දුරපාලතක දී මගේ තාත්තා දැකල තියෙනවා අපූරු නමක් තියෙන කෑම්ක්. ​එකේ නම තමයි
    "බැරිම තැන".'
    ඒක හැදෙන හැටි තමා තවත් ​වැඩියෙම රසවත්.
    පාන් return උනාම ඒක එක එක ඒව කරල ආයේත් කඩවලට දානවා නේ.. එක එක ජාතියෙ කෑම වලට මේ පරණ පාං ගන්නවා... අන්තිමට එවත් ගියේ නැත්තම් ඒ ටික කුඩුකරනවා. ඒ කුඩු වලට ආයේ සීනි එහෙම දාලා තව කෑමක් හදනවා. ඒ හැබෑම කෑමේ නම තමා "බැරිම තැන". ඊට පස්සේ ඒක ආයේ modify කරන්න බැරි ලු.මම නැතුවට මගේ අම්ම්ත් තාත්තත් මේ ​ජාතිය මේ නමින්ම ඈත පලාතක දැකලා තියෙනවා. අනිත් මොඩර්න් පලාත් වල මේවා සව්බොර වැනි ආකර්ශණිය නම් වලින් ඉදිරිපත් කරනවා ඈති...

    ReplyDelete
  10. සිම්පල් ප්ලැන් එක අත්හදා බැලිය යුතුයි.හික්ස්

    ReplyDelete
  11. @ප්‍රියන්ත...
    අපිට තමා ඔය අවුල වෙන්නේ බුවාලගෙ පරණ කෑම කෑවම.... පොරවල්ටනම් කිසි හෙනයක් නෑ... expire වුන කෑම සීන් එක නම් මාත් අහල තියෙනවා.. හැබැයි හරියටම ෂුවර් නෑ...

    @චේජනා
    ඕං හඳෙත් සරවන භවන් එකක් දාන්ට යනවලු...:D

    @හේමලයා....
    ඉංග්‍රීසියෙන් ඕකට කියන්නේ කාර්යක්ෂමතාවය කියලලු මචං

    @බ්ලොග් ගඩොල්...
    තැන්කූ කිව්වා අපේ අහ ආවට....

    @ගීත්...
    දවස් දෙකනම් මොකක්ද නේද? හැමදාම උයන එක තමා එපා වෙන වැඩේ....
    රූමා බංගලියෙක් කිව්වා නේද? කොහොමද නෑම... අති විශිෂ්ටයි නේ...

    @ෆා..
    අත් හදා බලන්ටකෝ... හරි ෂෝක්... ඔය හරි අක්ක කියන එව්වා අහන්ට එපා....

    @හරි...
    අල්ලපු රටෙ උන්ට නම් "නැතුවම බැරි" තමා හරි යන්නේ.... පෝෂණය නම් අනූන ඇති... හැබැයි රස තමා අවුල
    ඕකනෙ කියන්නේ හරි අක්කේ..... ඔය සිම්පල් ප්ලෑන් එකෙන් බල ශක්තිය,කාලය ඔක්කොම ඉතුරු කරගන්ට පුලුවන්.... ලංකාවේ ගෑසුත් ගණන් එකේ....
    මේ දවස්වල නම් 3ඉන්1 ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ හරි අක්කේ.... (උණු වතුර ඇඟට වැටෙන කොට මොන 3ඉන්1 ද.......)

    @කතන්දරකාරයා....
    ඒක නියම සිම්පල් ප්ලෑන් එක... හිකිස්...

    @අමිල....
    ලඟ ක්‍රමයක් තියෙනවනම් කියපන් මචං...
    සිරාවටම මට ඔය "බැරිම තැන" කියන නම ආවේ ඕකෙන්ම වෙන්ට ඕන...උඹ කිව්වම මතක් වුනේ... මමත් කාලා තියෙනවා ඔය "බැරිම තැන"... හරි ෂෝක්...

    @පුබ්දුවා....
    පොඩි ට්‍රය් එකක් දීපන් මචං... ගිණි පෙනෙල්ල ගහගන්නේ පරිස්සමින් ඕං...

    ReplyDelete
  12. මරු ක්‍රමේ...!!
    :)

    ReplyDelete

Related Posts with Thumbnails