Wednesday, August 18, 2010

ඉස්කෝලෙ කාලේ - 01 "එපා අෙන්"

මේ ඒ ලෙවල් කාලෙනෙ.. මේ වෙද්දිනම් විභාගෙ සෑහෙන දුරට ඉවරවෙලා ඇත්තේ..... 


වෙන්ඩ ඉංජිනියර් වෙන්ඩ ඩොක්ටර් වගෙ හිටපු නංගිලා මල්ලිලා අතරින් හරියට වැඩ කරපු ළමයිනම් සතුටෙන් ඇති ඇට්ටි හැලෙන්ට ගේම දුන්නා කියලා.... 


පුරුදු විදිහටම හරියට වැඩ නොකරපු නංගිලා මල්ලිලා නම් තමන්ගේ තත්වෙ තේරුම් අරන් වෙන්ඩ ටීඕ හරි වෙන්ඩ නර්ස් හරි වගෙ හිත හදාගෙන ඇති මේ වෙද්දි..... 


පුතත් ඒ ලෙවල් ලියන්ට කලින් නම් හිටියේ වෙන්ඩ ඉංජිනියර් මෙන්ටලිටි එකෙන් තමයි.... ඒත් විභාගේ ඉවර වෙද්දි අ.පො.ස කියන එකේ නියම තේරුම "අපරාදෙ පොත්වලට සල්ලි"  කියලම තමයි හිතුනේ... 


විස්ස විජ්ජාලේ යන්ට බැරිවුනාම දුක තමා රංජණී කියලා හිත හදාගත්තට අවුරුදු අටක් නවයක් ගිහිල්ලත් ඉඳල හිටල හීනෙන් පේනවා ආපහු විභාගෙ ලියනවා..... හරිම දුක හිතෙන සෙන්ටිමෙන්ටල් සීන් එකක් තමයි පුතාටනම් ඒක... 


යාළුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරනවා කියලා වෙන වෙන නසරාණී වැඩ කරපු එකට දිට්ඨ ධම්ම වේදණීය කරුමෙන් පටිසන් දුන්නා කියලා තමයි පුතා අන්තිමට තේරුම් ගත්තේ... 


ඒ මොනව වුනත් ඒ ලෙවල් කාලෙ කියන්නේ පිස්සු හොඳම එකෙන් තියෙන කාලෙනේ... පාඩම් කරන්ට සෙට් වුනත් එහෙමනෙ.... ඉතින් ඔය ඒ ලෙවල් වලට පාඩම් කරද්දි පුතාගේ යාළුවෙකුට වෙච්ච එලම සීන් කෝන් එකක් මතක් වුනා.....  


විභාගෙට මාස පහක් හයක් විතර තියෙද්දි පුතාගෙ හොඳම යාළුවෙක් වෙන තමිලට මිනිහගෙ කුළුඳුල් පස්වෙනි පෙම්වතියත් හා කිව්වලු... 


ගෑණු දරුවා සිදුහත් කුමාරයාගෙ අම්මගෙ ඉස්කෝලේ ළමයෙක්ලු.... 


ඒ වෙද්දි සිරාම බ්‍රයිට් කේස් එකක්.... ඒත් අපෙ බුවා ආශ්‍රය කරපු හින්දද මන්දා ඒ ළමයත් විභාගේ හොඳටෝම ඇන ගත්තා.... 


ඉතින් විභාගෙ ලං වෙන්ට වෙන්ට මුං දෙන්නගෙ සීන් කෝන් එකත් උපරිම තලයට ඇවිල්ලා තිබුනේ....  


සතියට දවස් තුනක්වත් ෂූටිං තියෙනවම තමයි... 


මාතලෙ පාර්ක් එක, උඩවත්ත කැලේ, පේරාදෙණියේ මල්වත්ත එහෙම තමයි ඉතින් මුන්ගෙ ලොකේෂන් විදිහට තෝරාගෙන තිබුනේ.... 


තමිල නම් කිව්වේ මුළු ෂූටිං එකම යන්නේ බුවාගේ අධ්‍යක්ෂණය යටතෙ කියලයි... ඇත්තම සීන් එක වෙලා තියෙන්නේ මූ නිෂ්පාදන වියදම් දරද්දි අනිත් පාර්ශ්වයට ඕන විදිහට චිත්‍රපටිය යන එක... 


ඉතින් බුවා දවල්ට ෂූටිං ගිහිල්ලා ඇවිල්ලා මහන්සියට නිදාගෙන රෑ නැගිටලා තමයි පාඩම් කරන්නේ... 


සැරටම ෂූටිං ගිය දවසක බුවා රෑ එකොලහට විතර එලාම් එක සෙට් කරල නිදාගෙන... 


දවල් සීන් කෝන් වල නැවත විකාශය හීනෙන් බල බල ඉද්දි දැනිල ගෑණු ළමයා බුවාගේ ඔළුවෙ ඉඳන් පල්ලෙහාට අතගාගෙන යනව වගෙ.... 


බුවත් නින්දෙන්ම "එපා අනේ.... ඇයි කරදර කරන්නේ..."කියල හුරතල් විදිහට කියාගෙනම අර අතත් සිනිඳුවට අතගාගෙන ගිහිල්ලා...


ඒ ක්ෂණිකවම බුවාට ඇහිලා "චූටි පුතා නැගිටිනවා" කියල කෑ ගහන සද්දයක්...


දඩ බඩස් ගාල ඇහැරිල බලද්දි මෙන්න තාත්තා ඉන්නවලු ඇඳ ගාව හිටගෙන නිකම් හොල්මනක් දැකලා බයවෙලා වගෙ..... 


සීන් එක වෙලා තියෙන්නේ එලාම් එක දෙතුන් පාරක් වැදෙද්දිත් මූ ඇහැරිලා නැති කොට තාත්ත ඇවිල්ලා මූව නැගිට්ටවන්ට.... 


තාත්තා ඇවිත් බුවාව නැගිට්ටවන්ට හිතාගෙන ඔළුවෙන් අල්ලලා හොල්ලද්දි තමයි බුවාගෙ හීනෙත් ඔළුව අතගාන සීන් එක ඇවිල්ල තියෙන්නේ.... ඊට පස්සේ ඉතින් වෙච්ච දේ හිතාගත්තැකිනේ....

14 comments:

  1. ඕක කවද්ද උනේ පුතා මල්ලියේ. නිදාගනිද්දි හොඳ සිහියෙන් නිදා ගන්න කියන්නේ ඕකනේ. කොහෙද උඹලට ඔය කාලේ ඒව මතක තියනවයෑ

    ReplyDelete
  2. මල් 7යි.අපේ මල්ලිටත් තිබුනා ඔහොම ලෙඩක්. ඌගෙ තිබුන හොදේ තමයි අහන ප්ර ශ්ණ වලටත් උත්තර දෙන එක. සමහර දවස් වලට තාත්තියි මායි මු දවල් කාලේ කරපු කියපු දේවල් සේරම රෑට අහගන්නවා. අපේ තාතත්තිත් මල් 7යි නිසා අවුලක් වෙන්නේ නැහැ ඉතිං. දවල ්කාලේ කෙල්ලෝත් එක්ක කරපු කියපුවා රේකෝරඩ් කරගෙන ආවා වගේ ආපහු රෑට විකාශනය කරනවා.... :D

    පුතා මචං නුවරද?

    ReplyDelete
  3. ඇත්ත කියහං පුතේ, පුතාට නේද ඕක උනේ?

    ReplyDelete
  4. "" යාළුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරනවා කියලා වෙන වෙන නසරාණී වැඩ කරපු එකට දිට්ඨ ධම්ම වේදණීය කරුමෙන් පටිසන් දුන්නා කියලා තමයි පුතා අන්තිමට තේරුම් ගත්තේ... ."""

    සහතිකම ඇත්ත.

    අරූට සබ්බුව දුන්නද තාත්ත.... හික් හික්.... පව් බන් හොඳ හරියක ඉන්න ඇත්තෙ

    ReplyDelete
  5. අර තේ එක තියල ගිය සීන් එකේ අනිත් කතාව....

    ReplyDelete
  6. හික් හික්!! මරු සීන් එක.අරූ පොළොව පලාගෙන යන්න ඇති.

    අර හරී කිව්වා වගේ මේක පුතාටම වුණ කේස් එකක්ද දන්නෑ?

    ReplyDelete
  7. maxxsaaa
    පුතා අපිත් නුවර...

    ReplyDelete
  8. ඈ බං එතකොට අර ෂූට් කරපු ෆිල්ම් එකට මොකෑ උනේ ?

    ReplyDelete
  9. @ප්‍රියන්ත...
    අවුරුදු හත අටකට විතර කලින් ප්‍රියන්ත අයියා.... ඒ දවස්වල ඉතින් අතින් ඇල්ලුවත් ඇතිනේ....

    @ගීත්...
    :) පව් බං මලයා... තාමත් ඌ එහෙමද...

    @හරි...
    අපොයි හරි අක්කේ අපි ඔය ෂූටිං වැඩවලට නෑනේ.. බෝ පැල වගේ දරුවෝ...

    @හේමලයා...
    අපිටත් ටික දවසක් යනකම් උන්ගෙ තාත්තගේ මූන බලන්ට නිකන් මොකද්ද මොකද්ද වගෙ තිබුනා මචං..

    ReplyDelete
  10. @පිස්සා...
    දැන්නම් මතක් වෙද්දිත් දුකයි නේද මචං ඒ කාලේ... උට ගෙදරින් පෝරියල් කියන්නේ බත් කනවා වගේ අනිවාර්ය එකක්... ඒ හින්දා වැඩි වෙනසක් නෑ ඉතින්... :)

    @අභීත...
    අර කරන්ට් එක ගියපු වෙලාවේ සීන් එක නේද... :D

    @බ්ලොග් ගඩොල්..
    ඌර්ධවපාතනය වෙන්ට හිතුනලු මචං.. :))
    පිස්සුද බං අපි හොඳ හොඳ ලමයි.. :)

    @අරුණ...
    සතුටුයි.. සතුටුයි... එහෙනම් තවත් නුවර එකෙක් ඈ....

    @දුමී...
    සීන් එක කියන්නේ දුමී අයියා ඕක මැදට දුෂ්ටියක් කඩා පාත් වෙලා නිළිය පැන්ෂන් යැව්වනේ අරූ... :(

    ReplyDelete
  11. එල කතාව පුතා. පාඩම් කරද්දී වුණු රස කතා නම් කොච්චර තියෙනවාද ?

    ReplyDelete
  12. අඩේ එල කතාව ඈ.... පරක්කු වෙලා කියෙව්වට සිරාම සිරා...

    ReplyDelete
  13. Ela Kathaawa... Puthaatamada uneee..
    Anyway I really like that Dittadammaweedaneya karmaya part ekata.. :)

    ReplyDelete

Related Posts with Thumbnails