Friday, April 3, 2015

ආදරණීය කපුගේ.. !!!!




ආදරණීය කපුගේ..

අර ප්ලේන් එක පල්ලේ වැටිලා උඹ කොහාටද ගිහින් අදට අවුරුදුම දොළහක් වෙනවලු.. අපිටනම් අද ඊයේ වගේ.. ඔර්ලෝසු කටු දුවන්නේ උන්ගේ පස්සෙන් පොලිසිය පන්නනවා කියලා හිතාගෙනද කොහෙද..

කොයි තැනට ගියත් උඹ ඉන්න තැන නරක තැනක් වෙන්න බෑ කියන එකනම් අපි ඉන්තේරුවෙන්ම දන්නවා..

ඒක නෙවෙයි උඹ ගියාට පස්සේ මෙහේ හරි හරි වැඩ උනා… උඹ උදව් කරපු පක්ෂෙ එවුන් එක්කහුවෙලා අර හම්බන්තොට හාදයා ජනාධිපති කරා නේ… මිනිහා ඇවිත් අර සිංහල සිංදු කියන නලලෙ තිලක තියන කිරිල්ලියි ඒකිගෙ මිනිහගෙ සෙට් එකටයි බඩු පැකට් කරා කියල උඹ දන්නවද.. අප්පා ඒ දවස්වල හැදිච්චි සිංදුනේ සිංදු.. බිම්බරක් සෙනග මොන සිංදුවක්ද කියලා හිතෙයි හිටියනම්.. ඔව්.. අපි සතියක් සිංදු කිය කිය තුන්වේලටම කිරිබත් විතරයි කෑවේ කියලා උඹ දන්නවද.. අඩේ උඹත් හිටියනම් මහජරානෙනි කීල ඉටිකිරිස් සිංදුවක් කරන්ට තිබ්බා.. 

මිනිහා ජනාධිපති වුනයින් පස්සේ තමයි හොඳ හොඳ වැඩ වෙන්ට ගත්තේ.. අපි මහ තඩි රූස්ස ගස් කියලා හිතාගෙන හිටපු එව්වා බට ගස් ගාණට වැටුනා කියහන්… අර ඒ දවස්වල විමුක්ති ගීතද මොනාද කියපු එවුන්ගෙ ඉඳන් කාලාකාරයෝ කියන ජාතිය රැළ පිටින් ඒකාගෙ නියපොත්තෙ ඉඳන් ශක්තිමත් කරන්ට ගත්තනෙ.. අර උඹේ ගෝලයා.. ඔව් ඔව් කොටා.. ඌ උගෙ ගෙවල් පැත්තේ ගවනර් වෙයි කියලා උඹ විහිළුවටත් හිතුවද.. ඒකෙන් කමක් නෑ කියහන්.. දැන් ඌ සින්දු කියන එකත් නවත්තලා දාලා...

කෝම හරි යන්තන් උඹ රජරට සේවේ ඉඳිද්දිවත් නිකමටවත් නොහිතපු ඒ පැත්තෙම හාදයෙක් ඇවිත් හම්බන්තොට හාදයානම් ගෙදර යවන්ට වැඩේ සෙට් කලා.. ඒත් උතුරේ කොනේ නුඹ හිනහෙන් වගේ සිංදු එහෙම ඇහෙද්දි මිනිහට පිස්සු වගේලූ තාමත්..

අනේ මන්දා.. උඹ මේ දවස්වල හිටියනම් උඹටත් මොනවයින් මොනවා වෙයිද කියලා කව්ද දන්නේ නෙහ්.. උඹත් අනිත් එවුන් වගෙ අරූගෙ පස්සේ වැටිලා නිකම්ම නිකන් එහෙයියක් වුනා නම් මේ වගෙ උඹ ගැන ලෙංගතුකමක් දැනෙන්නේ නැතිවෙයි නේද.... 

සමාවෙයන් මෙහෙම කියනවට, ඒ වගෙ හිතෙද්දි එක අතකට උඹ ගියේ හරිම කාලෙක කියලා මහ කාළකණ්නි සතුටක් දැනෙනවා.. 

ඉතින් උඹ වගෙ අපේ හිත් කම්පනය කරන ජාතියේ එකෙක් ආයෙ නම් එන්නේ නැතිවෙයි.. එහෙනම් ඉන්න තැනක සතුටින් හිටපන් මිත්‍රයා…!!!!

17 comments:

  1. හහ් හහ් , අපමණ යුගයට කලින් ලිව් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. අක්කා... හරියටම හරි.. කෝම වුනත් මොන කාලේ ලිව්වත් එයා ගැන ඊට වඩා දෙයක් ලියවෙන්නෙම නෑ ඉතින්... දුමි අයියගෙ කමෙන්ට් එක බැලුවොත් තේරෙයි ඇයි ඒම කියන්නෙ කියලා..

      Delete
  2. කපුගේ වචනේ පරසමාප්තයෙන්ම මානව හිත වාදියෙක්. ඔහු ඇදහූ දේශපාලනේ අවස්ථාවාදී නෑ....! ඒක පාර්ශවික නෑ......!

    හැබයි කපුගේ සර්ව සුදු පුද්ගලයෙක් නෙමෙයි. ඔහුත් අපි වගේම අළු පාට චරිතයක්. ඔහුගේ ඇතැම් විවේචනාත්මක දුර්ගුණයන් (අරක්කු බොන එක, සුස්තියක් අදින එක නෙමෙයි ) මම අත් දැකලා තියෙනවා....!

    ReplyDelete
    Replies
    1. එකඟයි අයියා..මං හිතන්නේ නෑ ලෝකෙ කොහෙවත් සුදු චරිතයක් ඉන්නවා කියලා.. විශේෂයෙන්ම අපිට ලං වෙන්න වෙන්න කළු පේනවා වැඩියි. සපා අයියා මැජික් ගැන කියන කතාව වගෙ.. යමක් ගැන දැන වැඩිපුර දැන ගන්නවා කියන්නේ අපිට ඒ ගැන එපා වෙන සම්භාවිතාවය වැඩි වෙනවා.. කපූ ගැන මඟේ අදහස නම් මනුස්සයගෙ තනියම ගත්තම ෆෝල්ට්ස් ලොකුවට තියෙන්නැති. කෝමත් මිනිස්සු කන්න බොන්න ගියාම අවුල් හැදෙනවා.. ඒත් පුද්ගලයෙක් විදිහට එයා සමාජගත කරපු භාවිතාවය ලොකු අවුලක් කියන්න බෑ, සාපේක්ෂව ගත්තම..

      Delete
  3. ඇයි කපුගේ.. ඔබත් දිවුලා ත් එක්ක එකට යූඇන්පී ආණ්ඩුවෙන් රස්සාවෙන් දොට්ට දාපු ජයතිලක බණ්ඩාර ට දිවුලා ගවනර් වෙලා ඉන්න රජරටදීම ප්‍රගතිශීලී ආණ්ඩුවෙන් මහපාරෙදි ගැහුව තිරිසනෙකුට වගේ.. මේව දකින්න ඔබ නොහිටපු එකමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියා. ඒක ලොකුවටම දැනෙන දෙයක්.. විශේෂයෙන් එකට කූරු ගනන් කරපු මිනිහෙක් ඒ හේතුවටම (අහේතුව ) ගුටි කද්දි අහක බැලුවා කියන එක දරාගන්න අමාරු වැඩක්.

      Delete
  4. අනේ ඒ අනාගතේ නොදැක පරලෝ ගිය එක පිනක් එක පැත්තකින් බැලුවම. අනිත් අතට කපුගේ උනත් දෑත් ශක්තිමත් නොකරයි කියල දෙව්න පුළුවන් සහතිකේ මොකද්ද.

    (වසන්තය ආවට කලබල වෙන්න එපා. සංවාදයක් ඇතිවෙන්න ඇරල එකින් එක දාපං)

    ReplyDelete
    Replies
    1. සෝඩා බෝතලේ වෙන්න එපා නෙහ් කියන්නේ.. ඒක හරි අමාරුයි බන්.. :)

      Delete
  5. අඩෝ මෙහෙම දවසට පෝස්ට් සීයක් ලියුවම අපිට බ්ලොග් කියවන්න වෙලා තියෙනවා කියලා හිතුවද?

    ඇත්තෙන්ම කපුගේ වගේ මිනිස්සු මිය ගියේ හොඳම කාලේ. නැත්නම් මේ වෙනකොට අපිට මේ මිනිසුන් එපා වෙලා තියෙයි මේ වහකුණු ගෑවිච්ච දේශපාලනය එක්ක.

    ඒත් කපුගේ කපුගේමය මට නම්...

    ReplyDelete
  6. "අපි මහ තඩි රූස්ස ගස් කියලා හිතාගෙන හිටපු එව්වා බට ගස් ගාණට වැටුනා කියහන්කෝ"
    කපුගේ හොඳ උඹ වෙලාවට කලින් ගියේ කියලා හිතෙනවා . . නැතිනම් දිවුල්ගනේ, රෝහන, නීලා වගේ උඹ සහෝදර නලාකරයෝ අහ් සොරි කලා කාරයෝ ආත්මය විකුනන අජූව දැකලා උඹල විඳෝලා මැරෙනවා . .

    ReplyDelete
    Replies
    1. නෝ වර්ඩ්ස් අයියා.. ඒක හරි අමාරු වැඩක්.. මං කියන්නේ රූස්ස ගස් පොඩි හුළඟටත් දෙයි ගාලා පළාතක් විනාශ කරගෙන කඩා හැලෙන එක..

      Delete
  7. අනේ කපුගේ.. උඹ අපරාදෙ වේලාසනින් ගියේ.. උඹ හිටිය නං හම්බන්තොට හාදයගේ රාජ්ජ උත්සව වල සංගීතෙ අද්යක්ශනේ කොරල බර ගණන් හොයන්න තිබ්බ කපුගේ...සන්ෆ්ලවර්ල එක්ක සිංදු කියනකොට මිනිස්සු බැන්නට අර වගේ එව්ව කොලාට මිනිස්සු මික් කියන්නෙ නෑ කපුගේ..

    අදමයි මෙතෙන්ට ආවේ.. අලුතෙන් පටන් අරන් රස සොයාගෙන යනවා තාම...

    ReplyDelete
    Replies
    1. සජ්ජා තැන්කු ආවට.. කාලෙකින් ආවේ.

      Delete
  8. කපුගේ කලින්ම එක්ක ගිය එකට දෙවි වරුන්ට පින් දෙනව. නැත්නං මේ අජූත දේශපාලුවො අපිට කපුගේත් එපා කරාවි. කපුගේ මැරුණු දවස් වලම කවුරු හරි කෙලි පැංචියෙක් වගේ මට මතක ලස්සන කවියක් ලියල තිබුණ. මම දැක්ක ලස්සනම කිවිය ඒක. අදටත් මට කටපාඩං එකම සැරයයි කියෙව්වෙ. දන්න කෙනෙක් ඉන්නවනං මේක ලිව්වෙ කවුද කියල කියන්න.
    “පන්සිළු හරවා යවා
    කපුගේ රැගෙන ගියහ
    දෙවිවරු ඉරිසියාවෙන්
    මනු ලොව මිනිසුන්ට“

    ReplyDelete
  9. කපුගේ, ජෝති මලා කියලත්, උදේ හවා චාට් ෂෝ වල ඉන්න ඉරාජ්ලගේ භාතියලගේ පරපුරේ එවුන් බොහොමයක් ජීවත් වෙන බවත්... ඇයි අපිට මතක් කරන්න වෙන්නේ.

    ReplyDelete

Related Posts with Thumbnails