Tuesday, April 14, 2015

අවුරුද්ද කියන්නේ.........


අවුරුද්ද කියන්නේ සතුටටය..

නොනගතයට පන්සල් ගොස් බුදුන් වැඳ, නැකතට ලිප ගිණි මොලවා කිරි උතුරවා වැඩ අල්ලා, නැකතට ආහාර අනුභව කර, නැකැතට ගනුදෙනු කර, නැකතට හිස තෙල් ගල්වා, නැකතට නියමිත වස්ත්‍රාභරණයෙන් සැරසී රැකී රක්ෂා සඳා පිටත්ව යාමේ සතුටටය.. අළුත් ඇඳුම් ගෙදරටත් අඳින්න ලැබීමේ සතුටටය, කොට්ට පොර ගසා, ග්‍රීස් ගහේ නැඟ අඩුම තරමින් පැපොල් ගෙඩියේ ඇට ගණන් කර දිනීමේ සතුටටය.කැවිලි පෙවිලි අතින් කටින් ගෙන නෑගම් යෑමේ සතුටටය.. 

අවුරුද්ද කියන්නේ සතුටටය..

නොනගතයටත් ගුදම් ගණන් හිස් කර, ලෝකයේ අන්තිම අරක්කු බෝතලය මේ යැයි සිතා මාළුවෙක් වතුර බොනවා වගේ ඇති පදම් ගසා අවුරුදු සරු වීමේ සතුටටය.. කැට පොලේ අඩු වැඩි අල්ලා, බෙල්ලෝ හයක් පෙරලා ඔත්තේ රෙට්ටේ අල්ලා සූදුවක් කෙලීමේ සතුටටය..
…මූණවත් නොබලා අහක බලන් යන සතුරුව සිටින මිතුරන්ගෙන් "මචං කෝමද" අසා මිතුරු වීමේ සතුටටය.. එකට බොන එකාගේ කන අතගා සොරි මචං කීමේ සතුටටය..

අවුරුදු කියන්නේ සතුටටය..

අවුරුද්ද කියන්නේ මිනිස්සු ඉතිරි දවස් තුන්සිය හැටකම කරදර, ප්‍රශ්ණ අමතක කර තම තමන්ගේ ආතල් අනුන්ට වදයක් නොවෙන්න ගන්න දවස් දෙක තුනටය..






අවුරුදු සමරන, සමරන්න බැරිවෙන හැමෝටම සුබ වේවාය..

5 comments:

  1. "මූණවත් නොබලා අහක බලන් යන සතුරුව සිටින මිතුරන්ගෙන් "මචං කෝමද" අසා මිතුරු වීමේ සතුටටය.. "

    ඉස්කෝලේ කාලේ වලියක් නිසා තරහා වුන එකෙක් ඊයේ රෑ හම්බුනා කියහංකෝ.. පරණ තරහවල් මොකටද කියලා ගිහින් මමත් කතා කරාම ඌත් ඒ වගේම හොඳට කතා කරා. ආං ඉතින් මටත් සතුටුයි!

    සුබ අලුත් අවුරුද්දක් වේවා.. ලංකාවේ නොහිටියට මොකෝ සිංහලනේ.. සමරපං අයියා අවුරුදු ;)

    ReplyDelete
  2. අවුරුද්ද කියන්නේ සතුටටය..

    ඔයා මෙහෙම ලිව්වම සතුටට පත්වන්නේ මමය. ඒ මේ ඊයේ පෙරේදා දවසකත් ඔය එක එක උත්සව වලට සුභ පතන්නට ඔබට උවමනාවක් නෑ කී එකාම අද ඇවිත් මෙහෙම කියනවා දකිද්දි සතුටුය. ඒක රටක් රාජ්‍යයක් දිනුවා හා සමානය... ;)

    අනෙකාගේ සතුට වෙනුවෙන් සමරන හැම උත්සවයකටම මා නම් සුභ පතනවාය. ඒ මම සාමාන්‍ය ලෝකයේ ජීවත්වෙන හින්දාය. එතන ආගම, මගේ බුද්ධිය, සමාජ තත්ත්වය හෝ කිසිම දෙයක් මට වැඩක් නැතිය.
    අනෙකාගේ සතුට මගෙත් සතුට වෙන හින්දා ඔබේ අවුරුද්දත් මට සතුටුය.
    නැත්නම් ඊයේ ගෙදරට, අක්කලාට, නෑයන්ට, යාළුවන්ට කෝල්ස් දෙන්න බැරි තරම් බිසි වුන හින්දා අද උදේ එලාම් තියලා හයට නැගිටලා මම උන්ට විශ් කරන්නේ නැතිය. (මම කෝල් කරන කොටත් උන් නිදි එක වෙනම කතාවක්ය)
    ඒත් ඒ සතුට මට කවදාවත් වෙන කිසිම දේකින් ලබාගන්න බැරිය. අවුරුදු කියන්නේ අන්න ඒකය මට නම්. ෆෙස්ටිවල් හැම එකකදිම( ආගම හෝ වෙන) මට දැනෙන්නේ අන්න ඒ හැඟීමය.
    ඔයාට සුභ අලුත් අවුරුද්දක් ගෙම්බෝ...
    ගෙම්බෙක්ම වෙලා දිගටම හිටපන්... මොකද අපි ගෙම්බන්ට ආදරේය.

    ReplyDelete
  3. අපි කන්නේ, බොන්නේ, පාටි දමන්නෙ, ලියන්නේ සියල්ල කරන්නේ සතුටටය. නැකැත් බලන්නේ, කේන්දර බලන්නේ සතුට ලබාගැනීමටය. ඉගෙන ගන්නෙ දැණුමින් සතුටු වීමට හෝ මුදල් උපයා සතුටින් සිටීමටය.

    එලෙසම, අවුරුදු සමරන්නගේ සතුටට ගරහමින් සමහරුන් සතුටුවන්නේය..!

    ReplyDelete
  4. අවුරුද කියන්නෙ සතුටට තමයි. ඒක ඇත්ත.

    ReplyDelete
  5. ///අවුරුද්ද කියන්නේ සතුටටය.. ///

    ReplyDelete

Related Posts with Thumbnails