Sunday, August 8, 2010

ලුනු ඇඹුල් දමා (අ)නා ගැනීම....

අපි ගොඩක් වෙලාවට කතාවක් තවත් කාට හරි කියන්ට ගියාම අමතරෙන් ලුනු ඇඹුල් ටිකක් දානවනෙ.... සොරි වෙන්ට ඕන ඔබතුමී හරි ඔබතුමා හරි එහෙම කරන්නෙ නැත්තම්... හැබැයි මමතුමානම් ටිකක් විතර දානවලු... හරිය.. 


ඉතින් ඔය ප්‍රධාන සීන් එකේ මෙව්වා එකට හානියක් වෙන්නේ නැත්තම් ටිකක් විතර අතින් දැම්මට අවුලක් නෑ කියල තමයි පුතා හිතන්නේ..... හැබැයි දාන කොට පරිස්සමින් දාන්ට ඕන... එහෙම නැතුව නිකන් තියෙන එකනෙ කියල දාගෙන දාගෙන ගියොත් නම් ඉතින් වැඩේ අල වෙන්ට පුලුවන් කියල තමා පුතාට හිතෙන්නේ....(ඔය පඬි වදන් දුන්නට ලුනු ඇඹුල් දාන්ට ගියාම ගොඩක් වෙලාවට පුතත් කරගන්නෙම නාගන්න එක තමයි ඉතින්....)


එහෙම අතින් දාල නාගත්තු සීන් කෝන් එකක් ගැන පුතාට අහන්ට ලැබුනු කතාවක් තමයි ඕං අද ලියන්නේ...
ලංකාවේ සිදුවුනු දරුණුම ගුවන් අනතුර මොකක්ද කියලා දන්නවද..?


පුතා දන්න කියන විදිහට ඔය දරුණුම ගුවන් අනතුර සිරීපාදේ හැප්පිලා තියෙන්නේ පුතා ඉපදෙන්ට අවුරුදු 7-8කට විතර කලින්... ඒකෙදි මිනිස්සු දෙසීයක් විතර මැරිලා තියෙනවලු.... ඉන්දුනීසියාවෙන් හරි මැලේසියාවෙන් හරි (හරියටම මතක නෑ රට මොකක්ද කියලා..) ඉඳන් මක්කම වඳින්ට යන්ට ආපු මුස්ලිම්වරු පිරිසක් තමයි ඔය ප්ලේන් එකේ ඉඳලා තියෙන්නේ....
ඉතින් ඔය ප්ලේන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඒක දැකපු බුවාලගෙන් ඒ ගැන විස්තර එහෙම ඇරන් තියෙනවා... පුතා හිතන්නේ කළු පෙට්ටිය හොයා ගන්නකම් වැඩකුත් තියෙන්ට ඕන හින්දා තමයි ඔය වටපිටාවේ හිටපු බුවාලගෙන් මොනවද දැක්කේ කියල අහන්ට ඇත්තේ... ආහ්... "කළු පෙට්ටිය" කියන්නේ මොකක්ද කියලා දන්නවනෙ.... ප්ලේන් එකක් ඇක්සිඩන්ට් එකක හැප්පුනාම ඒ කියන්නේ ඒයාර් ක්‍රෑෂ් එකක් වුනාම ඒකට හේතුව හොයාගන්ට තියෙන හොඳම සාක්කිකාරයා තමා "කළු පෙට්ටිය" කියන්නේ... ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.. 


ඉතින් ඔය කළු පෙට්ටිය මොන පාටද කියල ඇහුවොත් එක පාරටම හිතෙන්නේ නිකන් අර "කළු ජූලිය" සිදුවූයේ කිනම් මාසයකද ජාතියේ ප්‍රශ්ණයක් ඇහුව කියල නේද..? 
අදත් ඕන් නැති ප්‍රශ්ණ අහල ඇදගෙනම නාගන්ට වගෙ නේද පුතා සෙට් වෙන්නේ...... නෑ නෑ අද නාගන්නෙ ප්‍රශ්න අහල නෙවෙයි... :D


ඉතින් ඕකෙ නම කළු පෙට්ටිය වුනත් ඔය ගැජමැටික් එක තද තැඹිලි පාටින් තමා පාට කරල තියෙන්නේ.... 


ඔය ඕනතරම් කට්ට කලු බුවාල බුවීල ඉන්නේ සුදූ කියල නම තියෙන..... ඒ ඉතින් ආදරෙට කියන නමක්නෙ... නේද.... එහෙනම් තැඹිලි පාට පෙට්ටියට කළු පෙට්ටිය කියන්නෙත් ආදරෙට වෙන්ටැති කියල පුතා උපකල්පනය කරනවා.....
පෙට්ටි ගැන කියන්ට ගිහිල්ල කියන්ට ආපු කතාවත් අමතක වෙනවා... ඕං.... ම්... ම්... හරි... ඉතින් ඔය ප්ලේන් ක්‍රෑෂ් එක දැකපු බුවාලගෙන් විස්තර ගන්නවනෙ.... දැන් ඉතින් එක එක්කෙනා කියනවා තමන් දැකපු දේවල්..... ඔහොම අහගෙන අහගෙන යන අතරෙ එක බුවෙක් කියනවලු...(මිනිහත් ටිකක් විතර පුතා වගෙ අතිනුත් දාන බුවෙක්ලු.....) "මම දැක්කා අහස් යාත්‍රාවක් සෑහෙන පාතින් යනවා........ 
බීපු මිනිහෙක් එලවනවා වගෙ එහෙට මෙහෙට පැද්දි පැද්දි තමා ඕං ගියේ..... 
මට ඒත් හිතුනා මොකුත් නමුත් ලොකු අනතුරක් වෙන්ට තමා යන්නේ කියලා...
හිතුවා හරි.. මේං අහස් යාත්‍රාවකන්දේ හැප්පිච්චි... මේ නේත්තරා දෙකෙන් බලාගෙන ඉන්ඳැද්දිම......  
දුකේ බෑ අප්පා... 
එකේ හිටපු මිනිස්සු බුදු අම්මෝ බේරගනියෝ කියල කෑ ගහපු සද්දෙ මට දැනුත් දෝංකාර දෙනවා දෙනවා වගෙ ඕං...."
කතාව ඉවරායි....
ප/ලි: ඕං පුතා නාගෙනලු... අහස් යන්තරෙ හැප්පිලා තියෙන්නේ සිරීපාදේ නෙවෙයි සප්ත කන්‍යා කන්දෙලු.... තැන්කූ කිව්වලු මකරට වැරැද්ද පෙන්නුවාට...

16 comments:

  1. මක්කම වඬින්න ගිය ඈයෝ වෙන්න ඇති බුදු අම්මෝ කීවෙ ?? හික් හික්

    ඇන්ටන් ජෝන්ස් ගෙ සින්දුවකුත් තිබ්බ නේ ඕක ගැන... " කන්දේ හැපුන "

    ReplyDelete
  2. ඔය අනතුර වුනේ සප්ත කන්‍යා වල, සිරිපාද කන්දෙ නෙවෙයි

    ReplyDelete
  3. මකර හරි පුතේ,,,,,, මරු නේ ලංකාව උඩින් යනකොට නිකන්ම සිංහල කියවෙන්න ඇති නේ

    ReplyDelete
  4. පට්ට කතාව.....දැන් අපේ එවුනුත් ලේසියකට බුදු අම්මෝ කියන්නේ නෑනෙ ඉංග්‍රිස් කෑලිතමා කියන්නේ කකුලක් හැප්පුනත් ගලක.......:)

    ReplyDelete
  5. කන්දේ හැපුන මහ වනන්තරේ
    ඊZසී අට අහස් යන්තරේ...
    මරුවා කල සසරෙ බේරෙන්න බෑ මිතුරෙ...
    ඇයි ගියෙ වනයට පියාඹලා....
    වනයට පියාඹලා...වනයට පියාඹලා...
    ඇයි ගියෙ කන්දට පියාඹලා...

    ReplyDelete
  6. මම දන්න කියන කෙනෙක්ටත් ඕන ඔය ජාතියේම වැඩක් උනා. . .

    ඒ ඇත්ති සල්වාර් එකක් එහෙම ඇඳගෙන මුස්ලිම් ගෑනු කෙනෙක් වගේ බස් එකේ නගින්න යද්දී කකුල පැටලිලා වැටෙන්න ගිහින් "බුදු අම්මෝ" කිව්වලු . . .

    එහෙව් එකේ ඔය අර පුතාගේ ජාතියේ උන්දැට අහුනේ ඒ ප්ලේන් එකේ හිටපු එකෙක් නෙමෙයි කන්දේ හිටපු එකෙක් වෙන්න බැරිද . .

    කිව්වේ මේ ප්ලේන් එක ගිහින් කන්දේ මී කඩපු බුවෙක්ගේ ඇඟේ හපුනා වෙන්න බැරිද . . හික්ස්

    ReplyDelete
  7. හික් හික්!! මරු කතාව!!!!

    ReplyDelete
  8. මම හිතන්නෙත් ඔය කන්දේ මහ රෑ මී කඩන්න ගිය එකෙක් බයවෙලා කෑගහපු සද්දෙ වෙන්න ඕන. ඒකාලෙ එහෙම වුනාට දැන් කළුපෙට්ටිය පොඩි පෙන් ඩ්‍රයිව් එකක් විතර ඇති කියනවානේ. ඔය කිව්වට මාත් දැකල නෑ. හැප්පුන ප්ලේන් එකක යන්න තාම බැරිඋනා. ලුනු ඇඹුල් මදිවට ගම්මිරිසුත් දාල වගේ මට නම් පේන්නේ

    ReplyDelete
  9. බුදූ... කියලා මුස්ලිම් ගෑනු කෙනෙක්වත් හිටියද දන්නේ නෑ ප්ලේන් එකේ. එයාගේ පුතා වෙන්න ඇති කෑගහන්න් ඇත්තේ... ;) ඒත් කාන්තාවෝ මක්කමේ යන්නේ නැද්ද කොහෙද නේද?
    මොනා වුනත් පට්ට කතාව.

    ReplyDelete
  10. 'දරුණුම ගුවන් අනතුර සිරීපාදේ හැප්පිලා'
    අනේ පුතේ ඒ කොහොමද..??

    ReplyDelete
  11. ෂුවර් එකටම අපේ පොරක් තට්ටෙ හරි එල්ලිලා ඉන්ඩ ඇති.. හික්.. එල කතාව!!!

    ReplyDelete
  12. @නිමන්ති-- අර ඇක්සිඩන්ට් එකක් හැප්පුනා කිව්වා වගේ නේ ;)

    පුතේ-- මම අපහු කියෙව්වා... අර දැක්කා වගේ කියපු එකා පට්ට කොල්ලෙක් බං.

    ReplyDelete
  13. @කුෂාන්
    හ්ම්ම්ම් ඇයි කැච් එකක් අල්ලා ගත්තා :-)

    ReplyDelete
  14. @නිමන්ති-- ඇයි නිව් නවරත්න ස්ටෝර්ස් ;-)

    ReplyDelete
  15. [p][url=http://www.tiffanyjewellryuksale.co.uk]tiffany outlet[/url] S . subject tiffany diamond rings in sale

    tiffany rings Thinking about the winner of bne's very best value fund within the 2009 rating maintained it having a return of merely in search of . ??It usually requires about $4,000 to grant each wish, and with the money we've raised, we can give memory-making experiences to another sixteen families . While several unauthorized copies have surfaced, claiming to be ,Tiffany Sets, 隆掳inspired by隆卤 or 隆掳modeled after隆卤, there still remains one authorized trademarked version which is found at http://www . The start of the wedding engagement ring dates back to the Fourth Lateran Council, which was presided over by Pope Innocent III (1215) . People can effortlessly choose the jewelry designs from the range made available and can acquire everything they are looking for . So, let look at some of them . After you seek out styles, your variety can advancing and often locate enormous choices associated with styles which range from exquisite in order to common styles . I explained Avatar is destined to turn out to be a classic, I believe it currently [url=http://www.tiffanyandcobraceletuk.co.uk]tiffany and co uk[/url] is.[/p][p][url=http://www.tiffanyandcoringsuk.co.uk]tiffany rings[/url] wordpress . A powerflush can work wonders for your system . Pandora diamond jewelry harm Pandora Charms On Sale fluid solution, therefore, [url=http://www.tiffanyjewellryuksale.co.uk]tiffany stores[/url] greater remain while using repairing manual . The fantastic colouring from the tanzanite gem can be bought through through light/pale pink, to be able to loaded sapphire-type pink, while using priciest along with popular sort becoming that will connected with the one that displays the deeply pink heart plus a tip connected with violet-purple halo across the surface borders . 00 [url=http://www.tiffanyandcoringsuk.co.uk]tiffany jewellery uk[/url] list . [url=http://www.tiffanyandcobraceletuk.co.uk]tiffany & co uk[/url] S . The tale may be the fight amongst great and bad having a mom world vibe, and can produce yourself to turn out to be enthralled on this clash of cultures . According to Cancer Research UK, they are sold in the form of capsules, which you take up to four times a day . well-known jewelers right listed here are consistently thinking about [url=http://www.tiffanyandcoringsuk.co.uk]tiffany jewelry[/url] of new methods to enhance their diamond jewelry lines.[/p]

    ReplyDelete

Related Posts with Thumbnails