Monday, February 6, 2017

පොත් සහ කවර

ආරුගම්බේ ට්‍රිප් එකක් යන යාළුවෝ සෙට් එකක් මොණරාගලට කිට්ටුවෙන්න පාර අයිනේ පොඩි බත් කඩයක් අයිනේ වාහනේ නැවැත්තුවා. දවල්ට කන්ට. කන්ට කිව්වට කන්න විතරම නෙවෙයි.

යාළුවෙක් ගෙනාපු රටබීම බෝතලයක් තමා පානය.
අඩිය හැප්පීමක් ලෑස්තිවෙනවා දැකපු මුදලාලි අනාරාධණයෙන්ම කරවෙන්න බැදපු බල කරවල තසිමක් යාළුවෝ සෙට් එකට ලං කලා.

මනුස්සයා එහා මෙහා වුනාම යාළුවෝ මූණෙන් මූණ බැලුනා. ( වට් ද ෆක් ජස්ට් හැපන්ඩ්. )

ඒහ් බලහං නරියගෙ ඩයල් එක. ( යාළුවො අතර කතාබස්වලදි නරියගෙ අකුරු වෙනස් වෙනවා...)

ඔව් බං. මං දැක්කා මිනිහගෙ රේඩාර් එක බෝතලේ දිහාට වැඩ කරනවා..

කසියම ගහන ඩෑල්ස්නේ. බලාන් කට්ට කළුයි. ගසනවෑති ලොවෙත් නැති වෙන්න.

මේහ් මොකෝ කරන්නේ.

මොනවා කරන්නද? ඔන්න ඔය ග්ලාස් එකක් ගණින්. පෙරේත පංගුව අයින් කරා කියලා හිතාගෙන පූජා කරමු. ෂැන්ඩි.. අනේමේ අහවල් ෂැන්ඩි..

මුදලාලි..

ඇයි මහත්තයෝ. මොනවත් ඕනද?

නෑ.. නෑ.. පොඩ්ඩක් මෙහාට ආවනම්...( මුගේ මෑණියන්ට ඉතින්... බබාවෙන්න හදන්නේ නරිය...)

මුදලාලි මේ පොඩ්ඩක් ගන්න ඉතිම්... මේහ් ආ....

අනේ මහත්තයෝ බොහොම ස්තූතියි.
මං අවුරුදු දහ අටක් ආමි එකෙත් හිටියා.
එහෙදිවත් අරක්කු ඩිංගක් කටේ තියලා නෑ.
මහත්තුරු සතුටෙන් දෙන එක තමා. ඒත් මට එපා.
මං බොන්නෑ මහත්තයෝ.

යාළුවන්ට ළඟ ළඟ දෙවැනි වතාවටත් "වට් ද ෆක් ජස්ට් හැපන්ඩ්" මොහොතක් උදාවුනා.
ඒත් මේ වතාවේ එකිනෙකාගේ මුහුණු බලාගන්න තරම් හයියක් තිබ්බේ නෑ.
ටික වෙලාවක් යනකල් කෙනෙක් පොළවේ වැලි කැටත්, තව එකෙක් දවල් අහසෙ තරුත් ගැන්නා.



කැත කවරවලින් ලස්සන, රසවත් පොතුත් - පාට පාට ලස්සන කවරවලින් මෙළෝරහක් නැති නීරස පොතුත් කවර් වෙන්න පුළුවන් නේද කියලා තේරුනා.

9 comments:

  1. මේ මම කැමතිම කතා වර්ගය- ජීවිතය සහ මිනිස්සු ( බයිට් එකට කාපු කඩචෝරු විස්තර ටිකක් සමඟ).මේ වගේ නියම මනුස්සයො වගේම ලෝක පොත් කාරයොත් සමහරක් ගැනත් , කවරෙන් කියවන්න බෑ.

    සුද්දා ඕකට කියන්නෙ genre කියල නෙව. උඹැහෙට කියන්න, වට්ටක්කා පුතේ, මේ ලඟදියි ඕක "ජොන්රා" කියලයි කියන්නෙ කියල ඉගෙන ගත්තෙ. බ්ලොගෙ නමට "Incomplete" දාගත්තට කාරි නෑ ,අර "ඉත්තො" දෙවන කොටස කල්දානව එහෙම නෙමෙයි

    ReplyDelete
  2. බස්සා.. ඒක ලියලා අහවරයි. කපන්න කොටන්න මූඩ් එකක් ආවේ නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්. ෂැන්ඩි නැතුවට, අමුවෙන්ම හරි කාරි නෑ :)

      Delete
  3. @Owl&Son

    You Can't Judge a Book
    By Bo Diddley

    You can't judge an apple by lookin' at the tree
    You can't judge honey by lookin' at the bee
    You can't judge a daughter by lookin' at the mother
    You can't judge a book by lookin' at the cover

    Oh, can't you see -- whoa, you've misjudged me
    I look like a farmer but I'm a lover
    You can't judge a book by lookin' at the cover

    (Aww, come on in here closer baby, hear what else I got to say --
    You got your radio turned down too low -- turn it up!)

    You can't judge sugar by lookin' at the cane
    You can't judge a woman by lookin' at her man
    You can't judge a sister by lookin' at her brother
    You can't judge a book by lookin' at the cover

    Oh, can't you see -- whoa, you've misjudged me
    I look like a farmer but I'm a lover
    You can't judge a book by lookin' at the cover

    Aw, how am I doin', baby?

    You can't judge a fish by lookin' in the pond
    You can't judge right from lookin' at the wrong
    You can't judge one by lookin' at the other

    Oh, can't you see -- whoa, you've misjudged me
    I look like a farmer but I'm a lover
    You can't judge a book by lookin' at the cover

    ReplyDelete
    Replies
    1. //You can't judge a daughter by lookin' at the mother//
      හහ් උන්දැ දන්න ඉටිගෙඩිය. ජයමංගල කපුමහත්තයා නං කිව්වෙ, කෙල්ලක් බලන්න ගියාම ,කෙල්ලගෙ අම්මව හොඳට බලපල්ලා, මොකද ඒ තමා කෙල්ලගෙ අනාගත ස්වරූපෙ කියලයි

      Delete
    2. ////කෙල්ලගෙ අම්මව හොඳට බලපල්ලා, මොකද ඒ තමා කෙල්ලගෙ අනාගත ස්වරූපෙ කියලයි ////////////

      ඕක තමයි හරි කතාව,,,,,,

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔන්න ඕක තමයි පුතේ වැඩේ. වස ලැජ්ජ හිතෙනවා නේද....ඕක මිනිස්සු අතර කොච්චර ජීවත්වුනත් සීයට සීයක් තේරුම් කරගන්න පුලුවන් දෙයක් නෙමේ.

    ReplyDelete
  6. වට්ටක්කා තෝරන එකත් ලේසි පාසු වැඩක් නෙමේනේ. ලෙල්ල කොළපාට වුනත් දිය වට්ටක්කාත් තියෙනවා :

    ReplyDelete

Related Posts with Thumbnails