Saturday, February 11, 2017

ඇයි එහෙම වෙන්නේ? - What the hell ( Incomplete thoughts )

හමුවුනු තැනින් වෙන් වෙන් වෙන්නනම් ඇයි ලං වුනේ ඇයි මේ තරම්...  කාලයක් පට්ට ආදරේ කරපු ගායකයෙක්ගෙ අළුත් සිංදුවක් කියලා අහන්න ගත්තම ඇහුනේ එහෙම.. හෙන ශෝකාලාපයක්.. හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනීනම් ආයේ ඇහෙනවා එහෙම.. අපේ සිංදුවලට මක්කැයි වුනේ.. ලියන්න හිතාගෙන ගත්තේ පල්ෆ් ෆික්ෂන් මූවි එක ගැන. මේ සිංදුව ඇහෙන්න ගත්තම ඒක අමතක වුනා..

ඇත්තම කියනවනම් ඒ සිංදුවට කැමති හිතෙනවා. එයා කලින් කිව්ව නන්දනීය පෙම වගෙං පට්ට සිංදුවල අහලකින්වත් තියන රහක් නැතත් මේවයෙත් අමුතු එකක් තියෙනවා. ඒත් ඒක අපෙ කන් අහන්න කැමති වචන නෙවෙයි. එයා වගේ අපි නැමත්තෙන් උන්නු "පොරවල්" අතරින් උදේ පාන්දරම අපේ ආතල්වලට කෙලෙව්වේ පැහැසර අරුණක කිව්ව මනුස්සයා. එයා අන්තිමට නැවතුනේ පාරේ අයින් වෙලා යකයන්න කියන කවි කියන තැනකින්. ඇයි එහෙම වෙන්නේ?

ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ?
මේක හිත ඇතුලේ දෝංකාර දිදී ඇහෙන්න ගන්නවා. ආය ආයෙත් දුකක් වගේ එකක් දැනෙන්න ගන්නවා. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ???

මේකට හරියාකාර උත්තරේ ලැබෙන්නෙ වත් පොතින්.. එතැන අපි බහ තෝරන කාලේ පට්ට සිරා ඩයල් කියලා හෙන උත්කර්ශවයට නංවලා උන්නු ඩෑල්ස් මුන ගැහෙන්න ගන්නවා. අපි දාපු රික්වෙස්ට් එකක් එයාගෙ ඇගිල්ලෙන් ඇනලා ඇක්සෙප්ට් වුනා කියලා දැක්කම ඊට එහා දෙයක් නෑ ඉතින්. ඒ ආතල් එකට ඕනනම් සතියක් නොකා හිටියැකි. ඒත් කල් යන්න යන්න එයාලගේ බුකි හැසිරීම් දැක්කම තේරෙන්න ගන්නවා එයාලත් අපි අපි වගේම තමාය පරමාද්ර්ශ කියලා දෙයක් ලොවෙත් නැතිය. හැමෝම මේ හැදෙන රැල්ලට අනුගතය කියන එක. මාර්ක් සකර්බර්ග් මතු බුදවෙන්න පතනවනම් මං කියන්නේ අපිට ඒ යතාවෝබොධය දෙන්න උපකරණයක් හදපු එකම ඇති ඒ අරමුණට ලං වෙන්න..

ඉතින් අර මුලින් කතා කරපු සිංදු කියන මිනිස්සුන්ටත් ඒ කතාව ගලපගන්න ලේසියෙන් පුළුවන්.....
 එයාලත් ජීවත් වෙන්න ඕන. සල්ලි හොයන්න ඕන.. චරිත මේන්ටේන් කරන එකට
වඩා දරු පවුල රකින එක. රැල්ලේ කොටසක් වෙන එක එයාලට වැදගත්. ඒම නොවුනොත් පැවතීමක් නෑ.

ඉතින් ගුණාත්මක වැඩක් කරන්න හයි හත්තිය තියෙද්දි විකාර වෙන එයාලා පව්. ගොමරිටි අතරෙ මැණික් බලාපොරොත්තු වෙන අපි ඊට වඩා පව්..

2 comments:

  1. ///// පරමාද්ර්ශ කියලා දෙයක් ලොවෙත් නැතිය. හැමෝම මේ හැදෙන රැල්ලට අනුගතය කියන එක. ///////////

    දුක තමයි රංජනි. ඒත් ඕක තමයි ඇත්ත. මේ පෝස්ට් එක නිසාම ආපහු පැහැසර අරුණක ඇහුවා කාලෙකට පස්සේ. දුක හිතුනා පොර ගැන, ඒත් උන් ජීවත්වෙන්නත් එපැයි.

    ReplyDelete
  2. ඇයි හෙලයේ මහා ගාන්ධර්විය නන්දා මාලීනී ඔය පාඩම, සකබර්ග්ට කලින් කියලා දුන්නනේ.....

    ReplyDelete

Related Posts with Thumbnails