Sunday, April 5, 2015

බ්ලොග්ලිවීම සහ කොපි රයිට්ස්..

"අනුන්ගේ ජීවිත
කොපි කොට ලියමි.
එබැවින් මෙහි
කොපිරයිට්ස් නැත."

බ්ලොග් කෙරුවාවෙන් මුන  ගැහැනු.. ( වර්චුවල් ලෝකයෙන් එලියේ තවමත් මුන ගැහී නැති නමුත්.. ) සිරාම ඩයල් අතරින් සිරා පොරක් උගේ බ්ලොගයේ කොපි රයිට්ස් ගැන ලියා ඇත්තේ එලෙසය.. 

සෙටිෆිකට් ටෲත්ය..  මේ ලියැවෙන අකුරු මඟේ වුනත් ඒවා කොහෙන් හෝ හොරකම් කරගත් අදහස්ය..

දුමි අයියා සහ ඉන්දික අයියාගෙ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බ්ලොග් වසන්තයට පූර්ව කික් එකක් ගැනීමේ අදහසින් කලින් ලියා බුකියේ දැමූ පෝස්ටුවක් දෙකක් සුළු මොඩිෆිකේෂන් කීපයක් කල බ්ලොගයෙ දැම්මෙමිය.. ප්‍රතිඵලය,  හිතුවාටත් වඩා සාර්ථක ප්‍රතිචාර ලැබුනු නැවත පැමිණීමකි.. සතුටුය.. අවුරුදු පහකට පෙර කකා, ටැබූ ආදී සිරා බ්ලොග් කාරයින් ලියනු දැක ඇතිවූ අමාරුවට බ්ලොගය ලියා දැමූ පළමු පෝස්ටුව දින තුනක් යනතුරු වෙලී වෙලී තිබුනු අතර ආගිය කතා ලියන හසිත පාර වැරදී ඇවිත් දැමූ කමෙන්ටුවෙන් ලැබුනු උත්තේජනය අද වගේ මතකය..

හිතේ හිරවෙන කතන්දර බ්ලොග් ලිවීමෙන් සහ ලියූ පට්ටන්දර කවුරුන් හෝ කියවනු දැකීමෙන් ලැබෙන සතුට හැර බ්ලොග් ලියන්නෙකුට බ්ලොග් ලිවීම හරහා ලැබෙන වෙනත් වාසියක් ඇතැයි නොසිතන්නෙමිය.. ( සිංහල බ්ලොග් අවකාශය හරහා සිදුවූවා යැයි කියැවෙන ඇතැම් සිදුවීම් , බ්ලොග් ලිවීමෙන් නොව තම තමන්ගේ සමාජීයිය අවබෝධයේ මට්ටම් අනුව සිදුවූ අකරතැබ්බයන් සහ වාසි ලෙස උපකල්පනය කරමි.. ලිවීමට එහා දේවල් අදාලම නැත.. )

මේ හෑලි ටික ලියැවෙන්නේ උදේ පාන්දරම මා හිතවත් හිතවතියක් විසින් ලබා දුන්  ආරංචියක් නිසාය.. ආදරණීය කපුගේ වෙනුවෙන් බ්ලොගයේ තැබූ සටහන බුකියේ ෂෙයාර් වී තිබූ අතර එහි උපුටා ගැනීමක් පිළිබඳව සඳහනක් නොතිබුනිය.. ඒ පිළිබඳව මාගේ කිසිම ආරෝවක්ද නැත.. පළමුවෙන් එය උපුටා පළ කර තිබුනේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතිශයින් ප්‍රවීණ මහත්මයකුගේ ෆේස් බුක් ටයිම් ලයිනයේය.. කපුගේට ආදරය කරනවුන් සිය දහස අතරින් එක් ප්‍රාණියකු හැටියට ඒ පිළිබඳව මට දැනුනේ සතුටකි.. 

මා සිතනා පරිදි සිදුවන්න ඇත්තේ ඔබ ළඟින් ඇසුරු කල ළබැඳියකුගේ සමුගැනීමේ වේදනාත්මක මතකය මතින් එය උපුටා  ගැනීමක් බව සඳහන් කිරීමට අමතකවී යාම වන්නට ඇතිය.. එසේ නොමැතිව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ඔබට මාධ්‍ය කලාවේ මූලිකම ආචාර ධර්මයක් හිතාමතා කඩ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ඉතා පැහැදිලිය..   සිරිත් විරිත් ගුණ ධර්ම විදුලි වේගයෙන් මැකී යන සමාජයට  ඔබතුමා  වැනි වැඩිහිටියන් මඟ පෙන්වන පහන් කනුය..  එවැනි තත්වයකදි මෙවන් සුළු අත්වැරදීම් අප නොසලකා හරින නමුත් වෙනත් ලියන්නකුගෙ ලිවීමක් මෙසේ අත්වැරදීමකින් ඔබ අතින් පළ වුවහොත් ලියන්නාට අසාධාරණයක්ද ඔබගේ කීර්ති නාමයට කැලලක්ද එකතු වන්නට ඉඩකඩ වැඩිය.. මේ සටහන තැබුවේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මාගේ වගකීමක් ලෙස සැලකූ බැවින් මිසක ඔබට දෝෂාරෝපණයක් තැබීමට නොවන බවත් සඳහන් කිරීමට කැමෙත්තෙමි..
එසේම, කපුගේ වෙනුවෙන් තැබූ සටහන කපූගේට ආදරය කරන තවත් රසික කැලක් සමග බෙදාහදා ගැනීම පිළිබඳව මාගේ ස්තූතියද පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි.. 





…ප.ලි : මේ කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක්ට  බැක් ලින්ක් දාන හැටි කමෙන්ට් කරන්න පුළුවන්ද..

15 comments:

  1. To enable backlinks on your blog go to your Settings | Posts and comments tab and select Show

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. මට ඕන අර href වගේ එච්ටීඑම්ල් කෝඩ් එකකින් වෙනත් බ්ලොග් වලට ලින්ක් එකක් ෂෙයාර් කරන විදිහ. බුකියේ @ එක ගහලා ලින්ක් එක දෙන්නේ.. අන්න ඒක..

      Delete
  2. සයිබර් එක ඇතුලෙ කොපිරයිට්ස් වලට සත පහක වටිනාකමක් නෑ. මොකද උස්සන එවුන් උස්සනව. ඒ වගේම අපි ලියපු කතන්දර ඊමේල් වලින් සංසරනය වෙනව.
    දවසක් මම ලියපු කතාවක් බුකියෙ ගෘෘප් එකක දාල තිබුන. මාත් ඉතිං ගිහිල්ල "මචං නියම කතාවක්" කියල කමෙන්ටුවකුත් දාල ආව.
    මට නං මම ලියන දේ මගේ නම ඇතුව හරි නැතුව හරි වැඩි පිරිසක් කියවනව නං එච්චරයි.

    මුලින් කියපු කාරනාව ගැන කිව්වොත් බ්ලොග් එක පටන් අරගෙන ටික කලක් ගියාම සෑහෙන පිරිසක් එනව. මේක බුකියට වැඩිය සෑහෙන්න වැදගත්. ලියපු දේවල් හැමදාම කවුරුහරි කියවනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් මචං බ්ලොග් කාරයින්ගෙ සම්ප්‍රදායක් තිබ්බ නෙහ් ෆොටෝ එකක් ගත්තත් ඒක ගත්ත තැන සඳහන් කරන.. සම්ප්‍රදායික ජඩමාධ්‍යකාරයින්ගෙන් බ්ලොග් වෙනස් වෙන්න ඒ වගේ චූටි දේවල් එහෙමත් උදව් වෙනවා කියලා හිතනවා..

      Delete
  3. මුල් කලෙ මතක් උනා. ආගිය කතා ලියන හසිත තමයි මගෙ බ්ලොගයටත් මුලින්ම ආවෙ ගියෙ
    දැන් ඉතින් දිගටම ලියමු පුතා.......

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල අනිවාර්ය කමෙන්ට් කාරයෝ කීප දෙනෙක්ම හිටියා නෙහ් .. හසිත, දුකා, ෂැඩෝ හෙවත් හේමලයා වගෙ සෙට් එකක්ම..

      Delete
  4. මොනාද බන් වයසට ගියාම පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව මේ එක එක වසන්තවල් කරන්න හදන්නේ. :-D

    ReplyDelete
    Replies
    1. ඒහ් උඹ ඉන්නවද.. මං හිතුවේ මලා කියලා ඕයි.. :P

      Delete
    2. අඩෝ මරණෙ, නිකං බාල්දි දාල කන්ඩෙපා හරී... ( මේ මොකෝ වහන් වෙලා ඉන්නෙ, උඹත් කාට හරි... ?? හැක් හැක් )

      Delete
  5. පුතේ අදයි මේ පැත්තට අාවේ..... කාලෙකින් නෙවැ ලියැවිල්ල අරඹලා තියෙන්නේ. ඉතින් දිගට ම හම්බෙමු......

    ReplyDelete
  6. ඔය විලිලැජ්ජ නැති කොපි කිරිල්ල බෝ කලේ අර මොනකිරි ද මන්ද කියල තියෙන සයිට් එක. දැන් ඕක මේන්ස්ට්‍රීම් ගිහින් තියෙන්නෙ , ඉන්දිකයගෙ පෝස්ට් එකක් ලක්බිමේ දැම්ම වෙන එකෙක්ගෙ නමින් , ඒක නිවැරදි කරන්න ගත්තු උත්සාහය වුනත් නොසැලකිල්ලෙන් තමයි ලක්බිමේ උන් බාර ගත්තෙ...

    ReplyDelete
  7. ඔව්ව ඔහොම තමයි පුතා. සපා කිව්ව වගෙ මගෙ පුංචි කතාවක් වෙන එකෙක්ගෙ නමින් ගියෙ ලක්බිමෙ. අන්තිමට උන් ඒක නිවැරදි කරේ මම මුල් රචකය කියල. එතකොට අරූ පසු රචකය.

    කොපි කරල ඒක තමන්ගෙ වගේ දාන්නෙ තමන්ගෙ ලිපිය රහ හින්දනෙ කියල හිතල සැනසෙන්න පුලුවන් බ්ලොග් වල, ඒත් පොත් වල? මොකද දැන් පොත් හිට හොරට ගහනවනෙ.

    ඕක කිව්වම මතක් උනේ, කුරුණෑගල පැත්තෙ ශිෂ්‍යත්ව පොත් ලියන එකෙක් ඉන්නව මිනිහගෙ පොත් විකිනෙන්නෙ නෑ, නමුත් හම්බුකරන්නෙ හොරට ගහනව කියල නඩු දාල දඩ වලින්ලු. මගෙ යාළුවෙකුත් උගෙ රැකට් එකට අහු උනා.

    ReplyDelete
  8. // මේ කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක්ට බැක් ලින්ක් දාන හැටි කමෙන්ට් කරන්න පුළුවන්ද.. //

    මල්ලි මේ ලින්ක් එකේ ගිහින් බලහන් ඕන දේ තියෙද කියල.

    ReplyDelete
  9. මෙන්න මේකට ගිහිල්ලා ජාවා ස්ක්‍රිප්ට් කෝඩ් කෑල්ල් දාගනින්......!

    http://www.copyscape.com/duplicate-content/

    ReplyDelete

Related Posts with Thumbnails