Friday, April 3, 2015

මොහිදීන් බායි...


(ඇත්තම කියනවනම්, මේක ලියන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල වගේ.. "ජයලලිතා" දූෂන චෝදනාවලට අත් අඩංගුවවට ගත්ත දවසේ.. බුකියේ ගෲෆ් එකක පෝස්ට් කලත් බ්ලොගෙ අප්ඩේට් කරන්න හිතුනේ නෑ.. බ්ලොග් වසන්තයට වැඩ අල්ලන්න කියලා පරණ එකක් වුනත් කාලෙකින් ආවෙ නැතිව පාළුවට ගිය බ්ලොගේ වස් දොස් යන්නත් එක්ක.  ඔන්න ඔහේ ඕපු කියලා චුට්ටක් කපලා කොටලා පෝස්ට් කරනවා... )


තමිල්නාඩුවේ ඈත ගමක තුනේ පංතියට යනකල් විතරක් ඉගෙන ගත්තු වචනයෙ පරිසමාප්තියෙන්ම අහිංසකම මනුස්සයෙක්.. අවුරුදු දහ අට වෙන්නත් කලින් හොර පාස්පෝට් එකක් හදාගෙන ඩුබායි ආපු මනුස්සයා මට මුන ගැහෙද්දි ජීවිත කාලෙන් අවුරුදු තිහකටත් වැඩිය කාන්තාරයටම දිය කරලා දාලා තිබ්බා.. කම්කරුවෙක් හැටියට සොච්චම් පඩියකට ඩුබායි ආපු මනුස්සයා ඒ වෙද්දි මැසෙන්ජර්වරයෙක් හැටියට රස්සාව කරලා ලංකාවේ සල්ලි වලින් ලක්ෂ දෙකකට වඩා පඩියක් ගන්න තරමට දියුණු වෙලා උන්නා..

උපතින් මුස්ලිම් වරයෙක් වුනත් රාමසාන් කාලයට උපවාස නොකරන, පස් වතාව දෙවියන් නොවඳින ඔහු අමුතුම විදිහක චරිතයක්.. වැඩපළෙ කාත් එක්කවත් වැඩි භජනයක් නොතිබ්බ මනුස්සයෙක් වුනු මොහිදීන් බායි මගෙත් එක්ක සුහද වෙන්න ගත්තෙ ලංකාවේ යුද්ධේ නැගලා යන දවස්වල.. ඒ දවස්වල ලංකාවේ අපි කොහොමටත් හිටියේ අඩි දෙක තුනක් ඉහළින්.. තමිල්නාඩුවෙන් ආපු අනිත් මිනිස්සු ලංකාවේ අපෙ මූණ බලලා කතාවත් නොකරන ඒ දවස්වල මොහිදින් බායි ඔහුගෙ කැඩුනු බිඳුනු ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කරගත්තා..

යුද්ධෙ ගැන ඔහුට තිබ්බේ මිශ්‍ර හැඟීමක්.. ඇත්තටම කිව්වොත් ඔහුට ඒක අනිත් ඉන්දියානුවන්ට වගෙ දැනුනේ නෑ.. ඔහුට ඊට වඩා ලොකු හීන තිබ්බා.. තමන්ගෙ පුතාව හොඳ විශ්ව විද්‍යාලයකට යවන්න.. දුවට ලොකු දෑවැද්දක් දීලා හොඳ තැනකට බන්දලා දෙන්න වගෙ..

ඒත් ඔහුගෙ ලෝකෙ එකම එක වීරවරියක් හිටියා.. ඒ තමයි ඔහු තමන්ගෙ අම්මටත් වඩා ආදරෙ කරපු මුළු තමිල්නාඩුවෙම "අම්මා" වුනු ජය ලලිතා.. ඇය ඔහුගෙ ලෝකෙ හිටපු එකම වීරවරිය.. වැඩපළේ උන්නු එකම පකිස්තානුවා, සොහෙල් "මොහිදීන් උඹේ අම්මා දුන්නොත් මුළු පකිස්තානෙම උඹට දෙන්නම්" කීම මොහිදින්ගෙ ඉහමොළ රත්වෙන වැඩක් වුනා.. සතියකට දෙකකට වතාවක් සොහෙල්ගෙ පස්සෙන් පන්නන මොහිදීන් සාමාන්‍ය දර්ශණයක්..

ජයලලිතා උඹලට කරපු දෙයක් නෑ, උඹයි උඹේ ජීවිතෙ ගොඩ දාගත්තේ කියලා කොයි තරමට තර්ක කලත් මොහිදින් නෙවෙයි කවදාවත්ම මාත් එක්ක එකඟ වුනේ.. ඔහු විශ්වාස කලෙ ජයලලිතා ඔවුන්ගෙ ජීවිතවල එකම ගැලවුම්කාරිය හැටියට..

අවුරුදු දෙක තුනකට කලින් මොහිදීන් නිවාඩු ගියපු වෙලාවක හදිසියෙම වැළඳුනු හෘද‍යාබාධයක් හේතුවෙන් මියැදුනා.. මං හිතන්නේ ඒක මනුස්සයා හිත සතුටින් ගිය ගමනක් වෙන්න ඇති.. ඒ වෙද්දි තමන්ගෙ දරුවෝ වෙනුවෙන් කරන්න ඕන යුතුකම් වලින් සෑහෙන ප්‍රමාණයක් කරලා තිවුනු හින්දම ඔහුගේ හිතේ ඒ තරම් දුකක් නොතියෙන්න ඇති..

ඒත් අද ඔහු හිටියනම් මොනවා හිතෙයිද..

දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" තමන් වගෙ දුප්පත්තු ලක්ෂ ගාණකට වංචා කරාය කියල පිළිගනීවිද.. දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා යවපු මුදල් වලට වංචා කරා කියලා පිළිගනීවිද.. දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" ටත් වඩා බලගතු ශ්‍රේෂ්ඨධිකරණයක්, බලගතු නීති පද්ධතියක් තමන්ගෙ රටෙ තියෙනවයි කියලා සතුටු වෙයිද..

16 comments:

  1. වසන්තට පින් දෙන්නම එපැයි මේ වගේ බ්ලොග් අතහැර දාපු අයව ආපහු අවදි කෙරෙව්වට.

    ReplyDelete
  2. ලයික් බට්න් එක හොයනවා කියන්නකෝ මේකෙත්..

    ReplyDelete
  3. Thank u Wasantha!!

    ReplyDelete
  4. එල. වසන්තයට පින් සිද්ධ වෙන්න ලියනව මදෑ.
    ඔය ජනතාව ඔලුවෙ තියාගෙන වඳින පුදන "අම්මල" විතරක් නෙවේ "තාත්තලාගෙත්" ඇත්ත තත්තෙ ඕකයි.

    ReplyDelete
  5. බුකියෙ මේකට දාපු කොමෙන්ට් එක හොයගත්තාම ඒකම මේකට දාන්නං

    ReplyDelete
  6. අප්පට සිරි මුන් ඔක්කොම ලියන්න අරන්... හිටු මාත් ලියන්න ඕනේ එකක් සතුට සමරන්න....

    මේ ජයලලිතා ආන්ටි දැන් සාරි ගණන් කරනවද ඇත්තටම?

    ReplyDelete
  7. උඹ සිරාවටම හිතනවද මොහොදින් බායිගේ ජාතියේ දීන මිනිස්සු කොයි තරම් සාක්කි සහිතව උන්ගේ ඊනියා අම්මා හෙරක් කියලා විස්වාස කියලා . . උඹට පික්සු . .
    උදාහරණෙකට ඕන නම් තමිනාඩුවට වඩා සාක්ෂරතාවයක් සහ අන්තර්ජාල පහසුකම් තියෙන ජාත්‍යාන්තර සබන්දකම් ගැන හොඳ වැටහීමක් තියෙන උගත් බුද්දිමත් මිනිස්සු වෙසෙන ශ්‍රී ලන්කාවේ ලක්ෂ 58ක් උන් අදහපු අප්පච්චී හොරෙක් කියලා පිලිගන්නවද අදටත්?
    එහෙව් උගත් මිනිස්සු අර හොරා උන්ගේ එකම ගැලවුම් කරුවා කියලා මැරෙන්න හදල ලෝකේ මොහොදින් බායිල වගේ නූගත් මිනිස්සු උන්ගේ අම්මා හෙරක් කියලා හිතයිද . . හීනෙන් ඇහරියන් මල්ලී . .
    අවුරුදු දාස් ගානක් තිස්සේ ලේ වලට මිශ්‍ර උනු දීන කම නිදහස, ප්‍රජාතන්තවාදය ලැබුන කියලා අවුරුදු 60කින් 70කින් වෙනස් වෙන්නේ නෑ

    ReplyDelete
  8. සහතික ඇත්ත. මිනිස්සු වන්දනා කරන අම්මල තාත්තල බහුතරයක් ඔය ජාතියෙ. ඒ වුණාට අපි හැමදාම රැවටෙනවා.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මාත් ලයික් බටන්නෙක හෙව්වා කොටලා මාරුවෙන්න. ඒම එකක් නැති එක හෙලාදකිමු..!!

    ReplyDelete
  11. ඔය අම්මාම ඇවිත් කිව්වොත් 'අනේ සොරි මොහිදීන්..මම හොරකම් කළා තමා' කියලා. ඒත් ඌ පිළිගන්නේ නෑ.

    මෙහෙත් මොහිදිලා වැහි වැහැලා...

    ReplyDelete
  12. නැවත ලියන පටන් ගත්ත එක ලොකු දෙයක්......! වසන්තයට ජය වේවා.....!

    ReplyDelete
  13. Replies
    1. ඔව් මේ වසන්තයා කතා කලානේ..

      Delete
  14. දුවිලි ටික සෙලා එනකොට කොච්චර දෙයක් ද?

    ReplyDelete

Related Posts with Thumbnails