Sunday, August 15, 2010

අප්සට් කතාවක්

හරියටම සතියක් ගියා ඕං පුතා අන්තිම පෝස්ට් එක දාලා... 


බ්ලොග් එක පටන් ගනිද්දි පුතා ප්ලෑන් කරගෙන හිටියේ අඩුම ගානේ සතියකට පොස්ට් දෙකක්වත් දානව කියල තමයි... 


ඒ ප්ලෑන් එක වෙනස් වුනා ගිය සතියේ පුතාගෙ පොඩි එන්ජින් ට්‍රබල් එකක් ආපු හින්දා... දැන්නම් තත්වෙ යථා තත්වෙට පත් වෙලා තියෙන්නේ.... 


ඉතින් ඕං පුතාට මතක් වුනාලු  පුතාගේ යාළුවෙක් වෙන චන්දිබූත්ගෙ එන්ජින් ට්‍රබල් එකකදි වෙච්ච සිද්ධියක්... 


කව්ද අනේ චන්දිබූත් කියන්නේ... පුතාට අර ඇවරි කතාවක් ගැන කියපු යාලුවා තමයි චන්දිබූත් කියන්නේ...


-----------

මෙහෙමයි සීන් එක... 


චන්දිබූත් ඩුබායි ආපු මුල්ම දවස්වල.... දවසක් බුවාට උණ ගැනිලා....


කොහොමත් ඔය උණ හෙම්බිරිස්සාව වගෙ ලෙඩ හැදුන ගමන් ඩොකෙක් ලඟට යන සිරිතක් අපි ලඟ නෑනේ... 


ඉතින් චන්දිබූත් දවසක් දෙකක් පැනඩෝල් එහෙම බීලා වැඩේ ගොඩ දාන්ට බලලා... 


ම්හ්... එන්ට එන්ටම උණ වැඩිවෙන සීන් එකක් තමයි වෙලා තියෙන්නේ... 


චන්දිබූත් ඉන්නේ අමාරුවෙන් කියලා දැකපු කම්පැනියේ ලොක්කා බුවයි තව ලංකාවේ එකෙකුයි කම්පැනි වාහනෙකම දාල ඉස්පිරිතාලෙට පිටත් කරලා....  


රියදුරු මහත්තයත් ලංකාවෙම දෙමළ බුවෙක්... ඇත්ත නම කිව්වොත් චන්දිබූත් කවුද කියල එලි වෙන්ට පුලුවන් නිසා මම රියදුරු මහත්තයාට රඝූ කියල කියන්නම්....


ඔන්න ඉතින් ඉස්පිරිතාලේ ලඟටම ආවට පස්සේ චන්දිබූත් රඝූ අයියට කියනවලු.....
"රඝු අයියේ... දැන්නම් මට ඉස්පිරිතාලේ යන්ට බෑ... අපි ආපහු කාමරෙට ගිහිල්ලා එමුද.."
රඝු අයියට මේක ඇහුවම එකසිය ගානට මල පැනල.... "ඈ බන්.... උඹට මොකද හදිස්සියේ උනේ... මෙතෙන්ටම ඇවිල්ලා යන්ට බෑ කියන්නේ" 
තව සිංහල ශබ්ද කෝෂේ තියෙන බ්ලොග් එකක ලියන්ට කැතයි කැතයි වගෙ හිතෙන රඝුවා දන්න කියන ලස්සනම වචන දාලා චන්දිබූත්ට බනිනවලු.... 


ඒත් චන්දිබූත් නෙවෙයිලු හෙල්ලෙන්නේ.... ආපහු යං කියලමලු බුවා කියන්නේ..
බැරිම තැන රඝූ අයියා මුගෙන් ඇහුවලු..... "මොකක්ද ඔච්චරම උඹට තියෙන අමාරුව උඹට ඉස්පිරිතාලෙ යන්ට..." කියලා....
අනේ අපේ චන්දිබූත් අන්තිම අසරණ විදිහට කියනවලු.... "නෑ රඝු අයියේ.... අද මං ඇඳල ඉන්නේ අප්සට් ජොකෙක්.... ඒකයි" කියලා....
ඉතින් ඒක ඇහුවට පස්සේ රඝූ අයියත් වාහනෙ හරවගෙන ආපහු කාමරෙට ඇවිල්ලා.....
උණට බෙහෙත් ගන්න එකෙයි යට ඇඳුමෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද නේද අනේ.... ඕං පුතාට පේනවා තැන් තැන් වලින් කසු කුසු ඇහෙන්ට ගන්නවා...
------------

මේකයි සිද්ධිය...


උණ හැදිල ගියාම මෙහේ ඉස්පිරිතාලවල තියෙන්නේ කෝකටත් තයිලේ වගෙ එකම විසඳුමක්.....



ඒ තමා කක්කි පැත්තට තඩි ඉන්ජෙක්ෂන් එකක් ගහන එක....උදේ ගැහුවොත් හැන්දෑ වෙද්දි උණ කොහෙන් ගියාද නෑ.... ඉතින් ගොඩක් වෙලාවට ඕක ගහන්ට ඉන්නෙත් පිලිපීන් හරි ඉන්දියන් හරි ගැහැණු නර්ස් කෙනෙක්..... 


ඔය සීන් එක චන්දිබූත් දැනගෙන තියෙන්නේ අර බුවාගේ තනියට ආපු යාළුවා ඉස්පිරිතාලෙට යන අතරෙදි කිව්වට පස්සේ තමා... 


ඉතින් චන්දිබූත් අර විදිහට අසරණ වුනේ ඇයි කියලා දැන් හිතා ගත්තැකිනේ.....


Related Posts with Thumbnails