Monday, June 13, 2011

කලකට පස්සෙලු වෙලකට බැස්සෙ ¦ Back in Business

මම මේ ආපහු බ්ලොග් එක ලියන්ට කියලා.. ඉතින් අපිට පුකද කියලා කියන්ට එපා.. මම පවුනේ... :)
මාස හයක් හතක් විතර බ්ලොගේ මොනවත් වැටුනේ නෑ..
කාරණේ මමතුමා පරණ රස්සාවට යන්ට කියලා අලුත් රස්සාවක් කරන්ට හිත හදා ගත්තා.. අන්තිමට ඩුබායි වලට බායි කියලා සියරට ඇවිත් මුළ සිට සරලව අළුත් රස්සාවක් කරන්ට ඉගෙන ගනිමින් සිටිනවා.... ඉතින් මම හරියට බිසී වුනා... :)
කොහොම කොහොම හරි වෙලාව තියෙන විදිහට ආයෙත් පුළු පුළුවං හැටියකට ඔන්න ඔහේ මොනව හරි කොටන්ට කියලා තමයි මේ තනන්නේ... බලමු මේ පාරවත් එක විදිහකට පිළිවෙලකට වැඩේ කරන්ට පුළුවං වෙයිද කියලා...
එහෙනම් කියවපු හැමෝටම ස්තූතියි.. නැවත එන්න... :)


21 comments:

  1. හප්පට සිරි....පට්ටා කාලෙකින්.....

    ReplyDelete
  2. වෙල්කම් කිව්වා... දැං ඉස්සර වගේ නෙමේ.. වෙලකට බහින එක ලාබයි..... පෝර සහනාධාරෙ දෙනවනේ බං.......

    ReplyDelete
  3. හා ආයෙම ඇවිත් ලියන්න ලියන්න එහෙනම්

    ReplyDelete
  4. වෙලට බහින්නෙ අමුඩෙ ගහලද? නැත්තං කක්කුට්ටො එල්ලෙයි! එළ එළ...වරෙං මලේ..

    ReplyDelete
  5. මමත් ඔය පරණ වට්ටක්කා ටිකක් කාලා බැලුවා. නරකම නැහැ.එහෙනම් කොටමුකො බලන්න. අලුත් ඒවාත් ටිකක් කන්න. හැබැයි ආසනික් දාන්න ඔට්ටු නැහැ.ඔය ල0කාවෙ සමහර මුදලාලිලා වගේ P මුන දාන්නෙ නැතුව හොඳ customer care එකක් තිබුනොත් බඩු නියමෙට විකිනෙයි.

    ReplyDelete
  6. එළ එළ..ආයෙත් ලියමු. මමත් මේ උඹ කොහෙද කියලා ඊයේ පෙරේදා පෝස්ට් එකකුත් දැම්මා...

    ReplyDelete
  7. එළ එළ.... වට්ටක්ක මාලුවක් කාපු කාලයක් මතක නෑ....

    ReplyDelete
  8. එහෙනං ලාංකික වට්ටක්කා කමු...

    ReplyDelete
  9. හ්ම්ම්.. සෑහෙන කාලෙකින්. සතුටුයි දැක්කටත්. ලියමු ලියමු ආයෙත්.

    ReplyDelete
  10. කලකට පස්සේ හරි වෙලට බැස්ස එක මදැයි.ආයේ පස්සෙ දවසක මඩ හෝදගෙන බැරියැ අර එක්කෙනෙක් වෙන්න.

    ReplyDelete
  11. එල එල වෙල්කම් වේවා කිව්වා එහෙනම්...මොකෝ සද්දයක් වත් නැත්තේ කියලා බල බලා තමයි හිටියේ මමත්...

    ReplyDelete
  12. පූසා.. රත්ගමයා.. චාමි... නදී.. ඉන්දික.. ලකී... සමීර... චමිල.. ඔබායියා.. පිණිබිඳු.. සිමා... තීර්ථයා.. හැමෝටම මේ උණුසුම් පිළිගැනීමට බොහොම ස්තූතියි...
    තොරන් බැඳලා රබන් ගහලා පටන් ගත්තා වගේ නෙවෙයි ලියන්ට ගියාම.. ඔළුවෙ තියෙන එක ඇඟිලිවලට එද්දි වෙනස් වෙනවනේ... :(

    ReplyDelete
  13. පුතා අයියා හොරා සේ ලංකාවට ඇවිත්... හොරා සේම ඉන්නව නේද? හලේ කමක් නෑ කමක් නෑ පහු ගිය කාලෙ වෙච්ච දේවල් ලියමු ටික ටික!

    ReplyDelete
  14. මම දැංනේ මේක දැක්කෙ. මම මේ අහන්නත් හිටියේ මොකෝ කියලා. අපි හිතුවා දැං නම් දරු පවුල් වෙලත් ඇතියි කියලා. :P
    සෑහෙන්ට දේ ඇති නේ ලියන්න.
    අලුතින් පටන්ගත්තු හැමදෙයක්ම සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනවා මල්ලී...

    ReplyDelete
  15. කෝ බං ඉතිං තාම නෑ නෙ . . . . .????

    ReplyDelete
  16. පරන වට්ටක්ක ටික කුනු වෙලායන්න කලින් ඇති යන්තන් ලියන්න හිතක පහල උනා.P.H.I පැන්න නම් දඩ තමයි.

    ReplyDelete
  17. සතුටුයි බන් උබ ලංකාවෙ රස්සවක් කරන්න හිතපු එක ගැන... අපේ රට වගේ නැහ නේ බන් කොහේ ගියත්.... ඒ වගේම වට්ටක්කව දැක ගන්න ලැබීම ගැනත් සතුටු වෙනවා

    ReplyDelete
  18. ආපහු ආපු එක නං කොච්චර දෙයක්ද? මොකද්ද බං පරණ රස්සාව? අර සමනළ බිස්නස් එකද? අනේ එතන උඹලා දෙන්නා හරි සෙක්සි බං ;-)

    ReplyDelete
  19. @සංජු..
    හපොයි හොර වැඩ නෑ.. මේ ආපහු ඉස්කෝලෙ යනවා..

    @මයියා..
    තැන්කූ මචං..

    @හරි-පිණිපළස..
    හපොයි හරි අක්කේ.. තනියෙන්වත් ජීවත් වෙන්ට අමාරු කාලේ දරු පවුල් වුනොත් කොහොමට හිටීද.. බොහොම ස්තූතියි අක්කේ සුභ පැතුමට..

    @ඕනයා..
    ඔහොම තමා බං.. සද්දෙයි පඩ ගඳයි විතරයි.. බිසී වුනා මචෝ.. :)

    @මොළකාරයා..
    ස්තූතියි අපෙ අහ ආවට..

    @පිස්සා..
    කතාව ඇත්ත මචං.. ඒත් දැන්නම් වෙලාවකට හිතෙනවා අපේ රට කියලා හිතුවට මේ ඇත්තටම අපේ රටද කියලත් බන්..

    @වන්නි..
    උඹලගෙ තියෙන ඉරිසියාව.. :)

    ReplyDelete

Related Posts with Thumbnails