අන්න ඒ කතාවේ ප්‍රධාන වෙච්චි ගංගා හිටපු අච්චු කන්තෝරුවෙ හිටියා ගංගටම ගැලපෙන චරිතයක්...
නම සුනිල් කියල කියමුකෝ... ඇත්ත නම නම් ඒක නෙවෙයි... පුතා ඇත්ත නම නොකියන්නේ සුනිල්ට තියෙන බයකට එහෙම නෙවෙයි ඕං... දුක හිතිල ඇඬුවොත් එහෙම කියලා හරිය... :D
ඉස්සෙල්ලාම කියන්ට ඕන සුනිල් ඇවිල්ලා හරිම හිත හොඳ බුවා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි කේස් එකටත් ශුද්ධ සිංහල ශබ්ද කෝෂය පෙරලන එක... කම්මැලි වගෙ හිතුන වෙලාවක සුනිල්ව අවුස්ස ගත්තම කන පිරෙන්න අහගන්න එක තමා ගංගලයි අපෙයි හොබි එක වෙලා තිබුනේ...
සුනිල්ට තියෙන තවත් අවුලක් තමයි මොකක් හරි කියන්න ගියාම වචන ටැපලෙන එක... නිකන් ආච්චියි තාර පැටියයි වගෙ කතා තමයි හදිස්සි වුනාම බුවාගෙන් පිට වෙන්නෙ...
-----------
ඔන්න දවසක් අපේ එවුන් සෙට් වුනා යාළුවෙකුගේ ගෙදර...
දැන් ඉතින් සීන් එක නැගල යනවා... වීදුරු පිරෙනවා... බෝතල් හිස්වෙනවා... මස් කටු ඇඹරෙනවා... චූටි යුධ පිටියක් වගෙ තමයි...
ඔය අස්සේ සුනිලා කන බොන එව්වා ඔක්කම අමතක කරලා උඩ බලාගෙන කල්පනා කරනවා...( කල්පනා කරාමද දන්නේ නෑ.. කොහොම හරි උඩ බලාගෙන හිටියා විනාඩි තුන හතරක්ම...) ඔහොම හිටපු බුවා එක පාරටම ගෙදර එකාගෙන් අහනවා..
"ඒයි මේ... මේ ලීය හදලා තියෙන්නේ ලෑලි වලින්ද බං.... "
"හෑ මොකක්ද උඹ ඇහුවේ......."
ඒ පාර සිවිලිමට අත් දික් කරලා මූ හෙන අහිංසක විදිහට කියනවා
"නෑ බන් මේක හදලා තියෙන්නේ ලෑලි වලින්ද කියලා ඇහුවේ..."
හදිස්සියට මුට සීලිම කියන නම අමතක වෙලා කොහෙන් හරි ලී කියන වචනයක් ඇවිල්ලා...
පව් නේ... නෑ නෑ පව් නෑ... එදා බයිට් මදිවෙලා බුවාව තමා මදි හරියට ගත්තේ...
එදායින් පස්සේ කවුරුහරි ලී වලින් හදන ලෑලි ගැන සුනිල්ගෙන් ඇහුවොත් අහපු එකාගේ මව් පාර්ශවෙ පරම්පරා දෙක තුනකටම නොමිලේම පිං අනුමෝදන් කරගන්න වාසනාව උදා වුනා...
-----------
දවසක් කන්තෝරුවේ බුවෙක් උදේම ඉන්නවා නිකන් හුඹහකින් ඇදල ගත්තු එකෙක් වගෙ... කන් පාත් වෙලා... ඇස් ගිලා බැහැලා... ලඟින් යන්ට බෑ පුසුඹ...
ඊට කලින්දා රෑ හොඳටම මතට තිත තියලා...
මූ ඉන්න විදිහට දුක හිතුන කන්තෝරුවේ එවුන් මූව යථා තත්වෙට මොනවද දෙන්ට ඕන කියලා කතා කරන්ට ගත්තා...
දැන් ඉතින් එක එකාගෙ අත් බෙහෙත් ජාති එනවා...
එකෙක් කියනවා මුට තැඹිලි එකක් දෙමු.. තව එකෙක් දෙහි බීම එකක් දෙමු කියනවා... ඒ අස්සේ එකෙක් කියනවා තව ෂොට් එකක් දුන්නනම් හරියයි කියලා... (පුතා අහල තියෙන විදිහට ඒක හොඳ අත්බෙහෙතක්ලු නේ... )
ඔය කතා අතරට පැනපු සුනිලා...
"ඒයි මුට බුල්ෂිට් එකක් දෙමු බං... ගහපු ගමන් හරියනවා..."
ඈ මොකක්... ඔච්චර වෙලා අමාරුවෙන් හිටපු එකාගෙ අමාරුවත් ගියා වගෙ සුනිල්ගෙ අත්බෙහෙත අහපු ගමන්...
"ඇයි බං අර දැන් අර එනජි ඩ්‍රින්ක් කියලා එකක් තියෙන්නේ...... ඒක නියමයිලු ඔය වගෙ වෙලාවට..."
හදිස්සියට සුනිල්ට රෙඩ්බුල් බුල්ෂිට් වලට මාරු වෙලා....
-----------