පුතාගේ මූඩ් එව්වා එක මේ දවස්වල මෙලෝ රහක් නැත.හරියට කියනවානම් පතෝල වගේය. ලියා ඩ්‍රාෆ්ට් කර ඇති පෝස්ටුද දහයක් පහලවක්ම ඇති මුත් ඒවාද ෆබ්ලිස් නොකරම ඔහේ වේලෙන්ට තබා ඇත.ඒවා මොඩිෆයි එකක් නොකර බ්ලොග් අවකාශයට අත හැරීම කියවන ඔබතුමාලාගෙ තුමීලාගෙ වටිනා කියන කාලයට පාඩුවකි.(කලින් ෆබ්ලිස් කොරාපු ඒවාගෙනුත් වුනු අහවල් සෙතක් නැති බව ඇත්තය.) මේවා ඊටත් එහා අමු චාටර්ය.
හැමදාම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන බ්ලොග් කියවා කමෙන්ටු ලිව්වත් ඒව නොදැමු අවස්ථා දැමූ ඒවාට වඩා බොහෝ වැඩිය. අහවල් එකක් වුනාදැයි නොතේරුනත් කුමක් හෝ මඟුලක් සිද්ධ වී ඇත.
පුතාගේ යාළුවන් කියන්නේ නම් නිසි වයසට කරුණු කාරණා සිදු නොවුනාම ඔහොම අඤ්ඤ කොරොස් මූඩ් එන එක සාමාන්‍ය සිද්ධියක් බවය.උන් එහෙම කීවාට පුතානම් ඕවට අහුවෙයිළුය...
කොහොම වුනත් මේ දවස්වල රංගගේ මගේ ලෝකයෙත්.. දිනේෂ්ගේ අකේලේ හම් එකෙත් ගොල්ඩ් ෆිෂ්ගේ මාළු ටැංකියෙත් ලියවෙන ආදර අන්දර කියවද්දි පුතාට අනේ අපොයි කියවෙනවාළුය... හැඳුනුම්පත කීක් ගෑවෙනවාය... ඒ පුතාගේ අතීත චිකිරිබිරිස් මතක් වෙද්දිලුය...
ඔන්න ඔහේ ඕපූ කියලා ඒවායින් එකක් දෙකක් ලියල දානවය කියලා පුතා අන්තිමට තීරණය කරාලුය... ඔන්න ඉතින් එව්වගේ මෙව්වා එකක් නොතිබුනොත් පුතාගේ නමට ඉදිරියෙන් විශේෂණ පද දාලා පුතාගේ දෙමව්පියන්ට මිය පරළොව ගිය ඥාතී බන්ධූන්ට එහෙම පිං අනුමෝදනා කරන්ට ඔට්ටු නැතිලු හරිය...
පුතාගේ පළමුවෙනි ක්‍රෂ් එක....
ඇතිවුනේ තුන වසරේදීලුය... පුතා ඒ වෙද්දි ඉගෙන ගත්තේ පුතාට අවුරුද්දක් වැඩිමල් ළමයි සමගය...
ඇය සුදුය... කොණ්ඩය දිගය... අකුරු ලස්සනය... ගණිතයටද දක්ෂය...
ඇය පුතාට වඩා අවුරුද්දක් වැඩිමල් වූ අතරම පුතාට වඩා අඩි භාගයක් වැනි සුළු උසකින් යුක්ත වූවාය...
ඒ නමුත් පුතා එක හිතින්ම ඇයට පරම පිවිතුරු ආදරය පුද දුන්නේය... පුතාගේ මහාමෙරක් තරම් වූ ආදරය හමුවේ වයස උස වැනි දේ වැලි කැටයක් වග පුතා ඉඳුරාම දැන හුන්නේය...
දෙදෙනා පාසල් ගියෙත් පාසල් ඇරී ආවෙත් එකටමය... ඉන්ටබල් එකට බෙදන ඉස්කෝතු සීට්ටු දමාගත්තෙත් අප දෙදෙනාය... පුතාගේ අන්නාසි රස මක්කේ පාවිච්චි කරන්නට දුන්නේත් ඇයට පමණක්මය...
ඒ කෙසේ නමුත් පුතා ඇයට පුතාගේ පිවිතුරු ආදරය පිලිබඳ කිසිවක් දැන ගන්නට ඉඩ හැරියේ නැත... ඒ තව අවුරුදු දෙකකින් සිස්සත්තෙට මුහුණ දෙන්නට සිටින ඇයගේ ඉගෙනීමේ වැඩවලට එය බාධාවක් වන්නට ඉඩ ඇති හෙයිනි... ඇයගේ නම කියමින් පුතාට නම්වානම් පටබඳින කොල්ලන් සමග රණ්ඩු සරුවල් කරගන්නට ගියේ ලැජ්ජාවට නොව එය ඇයට ඇසුනි නම් ඇය ඉගෙනීම කඩාකප්පල් කරගනීවීය යන බියටය...
තුනෙන් හතරට.... හතරින් පහට... කාලය විදුලි වේගයෙන් පියඹා ගියේය...
ඇය සිස්සත්තේ සමත් වී නුවර බාලිකා විදුහලකට ඇතුල් විය...
පුතාට සිස්සත්තෙට මුහුණ දීමට වයස මදි වූ හෙයින් තවත් වසරක් පහ වසරේම රැඳෙන්නට සිදු විය.... ඊ ලඟ අවුරුද්දේ පුතාටද සිස්සත්තේ සමත්වී නුවර පිරිමි ඉස්කෝලෙකට යන්නට හැකි විය... පුතාව බෝඩිමක නවත්තන්නට තීරණය විය...
ඇයගේ පාසල කොළඹ පාරෙත් පුතාගේ පාසල කටුගස්තොට පාරෙත් වීම නිසා පුතාට ඇයව දැක ගැනීමට තිබුනු අවස්ථාව අහිමි වී ගියේය.... නමුත් ඈ වෙනුවෙන් පුතාගේ හද මන්දිරයේ තැනූ පෙම් මාළිගාවේ විවර වුනු දොරටු එලෙසින්ම විවරව තිබුනි...
කාලය ගතවුනි...
කාලයාගේ ඇවෑමෙන් ඒ විවර වුනු දොරටුවෙන් වෙනත් කුමාරිකාවන් දෙතුන් දෙනෙක් ඇතුල් වී තිබුනු නමුත් දොරටු විවෘතව තැබූ හෙයින් ඔවුන් පිටව ගොස් තිබුනි....
නැවතත් පුතාට ඇය හා ඇසුරු කරන්නට ලැබෙන්නේ පුතාගේ පළවෙනි රස්සාව කරන අතරතුරය...
වියලී ඉරි තැලී ගිය බිමට නැවතත් වැහි පිණි වැටෙන්නට විය... මරණාසන්නවු රෝස පඳුරු යලිත් දළු ලා වැඩෙන්නට විය... ගොළුව කුරුළු ගී නද නැවුම් ප්‍රබෝධයකින් අවදි වන්නට විය....
සුපුරුදු කතාබහ අතීත මතක මැදින් දින සති කිහිපයක් ගෙවී ගියේය.... පෙරටත් වඩා ඇය පුතා හා ලෙන්ගතු වුවාය... තම සිතැඟි ඈ හමුවේ තබන්නට සුදුසු වේලාවක් එලඹෙන තුරු පුතා කල්යල් මනින්නට විය...
අතරතුරු දිනක්...
ඇය : වරුණ පොඩි කාරණාවක් කියන්ට ඔයා මොකුත් හිතන්නේ නෑ නේද...
කාජල් සමගින් ෂාරුක් පුතාගේ ඉහ අද්දරින් හිඳ කුච් කුච් හෝතාහේ ගයමින් වැස්සේ තෙමි තෙමී නටන්නට විය....
පුතා : පිස්සුද රසාංගි... ඕන දෙයක් කියන්ට.... මං මොනව හිතන්ටද....
ඇය : ඔයා දන්නවද අර කොඩිය පාගපු හාමුදුරුවොන්ගේ ඉස්කෝලේ ගිය රුවන්....
පුතා : ඔව්...
දැල්වුනු තරු දහසක් සැනෙකින් නිවී යන්නට විය....
ඇය : එයා මගෙන් ඇහුවා...
පුතා : ඉතින්...
ඇය : මම හා කිව්වා...
පුතා : හ්ම්...
විනාඩි දෙක තුනක කල්පයක් නිහඬතාවය ගිල ගනිමින් පැවතින...
දැඩි නිහඬ බව බිඳිමින් ඈ...
වරුණ දන්නවද... "ඔයා හැමදෙටම පරක්කු වෙනවා වැඩියි..."
එතෙක් ගී ගයමින් හුන් කොවුලෙක් කපුටු වෙස් ගෙන පුතාගේ කණ පිරෙන්නට වසුරු පිඩක් හෙලමින් පියඹා ගියේය....
තොට මෙච්චර කාලයක් පික්සු හැදිලාවත්ද කියලා හිටං නොලියා හිටියේ මේක කියංටද බොල?
ReplyDeleteමක්කෙ දීලා , සිස්සත්වේ පාස් කොරවලා, කොල්ලගෙං කිච වෙලා, ළගට ආව උං අතෑරලා දැං කාන්තාරේ කඹුරපිය. චික් යකෝ මහනුවරටම නැතුව ඇති උඹ වගේ එකෙක්.
ඔය පැත්තේ හොද ජිම්නාස්ටික් උගන්නන තැනක් තියෙනවනං පලයං. පශ්චාත් බාගේ හපාගෙන මැරෙංට ව්‍යායාම් ටිකක් ඉගෙන ගනිං.
හුටා!!!! :)
ReplyDeleteඅන්තිම ටික කියවද්දීනං මාර අස්පට් ළමයටත්.. අපායට ගියත් ඉස්සෙල්ලා පල කියලා කීප දෙනෙක් මටත් කියලා තිබුණාට මටත් උනේ මේ ටිකම තමා..
ReplyDeleteලම්යෝ ඔයාගේ කතාවට මාත් එකඟයි..අපායට ගියත් ඉස්සෙල්ල යන එක තමයි හොඳ..ඒ වුනට සමහර විට ඉකමන කෙටිය් කියලත් කියනවනේ
ReplyDeleteබුදු පුතේ !! මේ මොකෝ කරගත්තේ .. අපායට ගියත් ඉස්සර වෙන්න්ඩ කියන්නේ අමාරුවකට නෙවේ නේද ?
ReplyDeleteඇත්තට මොකද්ද මචං මේ කරගත්තේ මටත් එපා උනා ..ඇයි බං ඕන දෙයක් වෙද්දෙං කියලා ඕක කියලා දාල හිත නිදහස් කරගත්තේ නැත්තේ ..
හරි ඒව ඉවරයි ..
පුතා අයියා තාම පමා නෑ ..අපි සෙට් වෙලා අර කොල්ලට ගේමක් දෙමු ..(මොලෙං ) ඕන දේකට අපි ඉන්නවා ..
ජයවේවා !!
යුවතියකට ඔබ ආදරේ නම් ඇයහට පවසන්න, පැවසීමට අතපසුවේ නම් ඇය ගැන නොසිතන්න...
ReplyDeleteහපෝයි කොල්ලෝ . .
ReplyDeleteඕකනේ කියන්නේ අපායට ගියත් කලින් පලයන් කියලා . .
ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු . ..
අඩේ ඔක්කෝම කියලා තියෙනේ අපායට යන කතාවමයි.
ReplyDeleteමම කොමෙන්ට් කියෙව්වේ මගේ කොමෙන්ට් එක දාලා ඉවර වෙලා . .
හපෝයි . . අපි ඔක්කෝටම එකම දේ තම්යි හිතිලා තියෙන්නේ
හික් හික් හික්
අනේ පව් පුතා... නුවර කොල්ලෝ එහෙම තමා හොද හැදිච්ච ළමයි. (නුවර කෙල්ලො කොහොමත් නුවර කොල්ලන්ට සපෝට් නේ) කමක් නෑ පුතේ... අපි ඉතින් මොකක් හරි වෙන වැඩක් බලාගෙන ඉම්මු.
ReplyDelete@විකී...
ReplyDeleteඅපොයි ඒ දවස්වලනම් මටත් හිතුනා ඕක කරගන්ට.. කොන්දේ අමාරුවක් අල්ලපු හින්දා වැඩේ අත ඇරියා ... කාන්තාරෙට අවුරුද්දකට දෙකකට සමුදෙන්ට කියලා හිතන් ඉන්නේ ඕං... දවසක සැට්වෙලා කැටියක් බොමු ඈ... :)
@රොයිලි...
:)) තැන්කූ අපේ අහ ආවට ඈ...
@ළමයා...
උඹේ කතාව කියවද්දි මට හිතුනෙත් බොලාත් මගෙ බෝට්ටුවේම නේද කියලා..
@දඟමල්ල...
කොහොමත් ලබා උපන් හැටියටලුනේ බබා වැනෙන්නේ නේද... :) ස්තූතියි මේ පැත්තේ ආවට නංගි...
හිස් අහස...
ReplyDeleteමේක දැන් සෑහෙන කාලෙකට කලින් වෙච්ච එකක් බන්... ඒ සීන්කෝන් එක පස්සේ නැවතුනාලු... දැන් ඒයා වෙන එකෙක් බැඳලා පොඩි එකෙකුත් ඉන්නවා... කොහොම වුනත් එයා තවමත් මගෙ හොඳ යාළුවෙක්... තැන්කූ උඹේ වචනෙට...
@නිර්මල...
තැන්කූ ඔවදන්ට මචං...
@දුකා...
හිකිස්... ඔය එකොමත් එක කාලෙකට ඉහත හිල් වෙච්ච කතන්දරයක් අයියා... ඒ දවස්වල මගෙත් එක්ක හිටපු එවුන්ට ඕක කියන්ට මොළේ කලඳක් තිබුනේ නෑනේ....
@සංජු...
තැන්කූ ටීචර්... :) ආන් ඔහොම කියන්ට එපෑය... අඩුගානේ හිත හැදෙන්ටවත්....
හපොයි බුදු පුතේ, උඹටත් වෙච්ච දෙයක්. දැන් ඉතිං හිත හදාගෙන වෙන දැරිවියෙක් ගැන හිතුවනං?
ReplyDeleteඉයෑ..! මම චාටර් උනාද මන්දා ....
ReplyDeleteඅනේ පුතේ ඔන්න ඕවා අමතක කරලා වෙන අතක් බලගන්න,,,ඔහෙත් නැතෑ සුදු නංගිල ,,,,,,,:D
ReplyDeleteපිස්සු හැදේන සඳ.... ගනන් ගන්න එපා පුතේ..
ReplyDeleteඕව ඔහොම තමයි.... විරහව කියන්නෙ එක අතකින් හෙනම සුන්දර දෙයක්... විරහව විඳල නැත්තන් අපිට ආදරයත් හරියට විඳවන්න බැරිවෙයි....
බ්ලොග් ගඩොල් වලත් ඔය වගේ සීන් 1ක් වෙලා තිබුන වගේ මතකයි, පුරු පුරු ට ද කොහෙද...
ReplyDeletehttp://bloggadol.blogspot.com/2010/06/blog-post_8324.html
දුක හිතෙනව බන්,
ReplyDeleteමේ වගෙ සිද්ධි ගොඩක් කොල්ලන්ගෙ ජීවිත වල තියෙනව..........
මූදෙ ඉන්නෙ එක කෙල්ලද පුතේ.... වරෙන් යන්න බිලී පිත්තක් අරන්..
ReplyDeleteකෙල්ලොනම් බස් වැනිය.එකක් මිස් උනොත් වෙන එකක යා හැකිය.දැන් කලවයසත් හරි වෙච්චි,කලදසාවත් හොඳ වෙච්චි,කටයුත්තකුත් බලාපන් පුතේ.
ReplyDeleteඒ ඔක්කොමත් හරි කියමුකෝ..
ReplyDeleteපස්සෙන් පහු වෙනකොට අර උස පුස්නේ විසදුනැයි...
යකෝ තුනේ පන්තියෙ ඉඳලද පටන් ගත්තෙ.හික්.........මට දැන් පරක්කුවෙලා හින්ද හදිස්සියෙ බැලුවෙ.හවස හොඳට කියවන්න ඕනෙ.අනිත් පෝස්ට් ටිකත් දාපන්කො බං.
ReplyDelete//ඕං... දවසක සැට්වෙලා කැටියක් බොමු ඈ..//
ReplyDeleteඅනේ මචෝ එහෙමනං ජිම්නාස්ටික් නොකර පරිස්සමෙං වර.
ඇත්තටම අර මාරයා අහන එකටත් උත්තරයක් දීපංකො
This comment has been removed by the author.
ReplyDeleteගිය ලූලා - මහ ලූලා නේද?
ReplyDeleteඅපූරුවට ලියලා තියෙනවා. හැබැයි මට කේන්ති ඔය මගුල ගැන නෙමේ. උඹ නොලියන මගුල ගැන.
(අර කැටිය ගැන සලකා බලමු නේ?)
@බ්ලොග් ගඩොල්...
ReplyDelete:))) දැන් අවුරුදු හත අටකට කලින් උනු සීන් එකක් මචං... ඉන් පස්සෙත් එකක් දෙකක් තිබ්බලු... කුළුඳුල් එකනෙ... අමතක කරන්ට අමාරුයිළු...
@හිස් අහස...
අපොයි නෑ සඳරු... එහෙම එකක් නෑ... උඹ ෆිට් එකට ගේමට බහිමු කිව්වේ බොල.. ( ඔය කිව්වට පොඩ්ඩක් විතර චාටර්ලු ඈ... විහිලුවක් කරෙ ඕං...)
@හරි - පිණිපළස...
තැන්කූ හරි අක්කේ උපදෙසට... අක්කලා උනාම ඔහොම ඉන්ට එපෑය මං කියන්නේ...
@දුමී..
ඇත්ත කතාව දුමී අයියේ... විරහවෙත් අමුතුම විඳීමක් තියෙනවා...
@සමීර විජේවර්ධණ...
ReplyDeleteලකීගේ සීන් එක නේද... ලකී බී.ඒ. කරන්ට කැමති වුනේ නැතිලුනේ නේද... දුක වගෙම පොඩි ගතියකුත් තියෙනවා නේද බං පස්සේ හිතල බලද්දි...
@අභීත...
කොහෙද බං අපි යන යන තැන වෙන එවුන් දැල් ගහල නොවැ...
@සිතුවිලි මණ්ඩිය...
කතාව ඇත්ත... කතාව ඇත්ත... ඒත් ඔව්වට තව කල් තියෙනව කියලම නොවැ හිතෙන්නේ..
@මාරයාගේ හෝරාව...
ඒ පුරස්නේ නම් විසඳුනාලු මාරයියේ...
ඔන් ඔය පරන කෑලි ගැන හිතන එක අතෑරලා, පෙලවහක් වෙයන් හොඳ පුතෙක් වගේ.
ReplyDeleteනුවර පලාතේ ඉන්නවාලුනේ හොඳ හොඳ මැණිකෙලා..
@දිනේෂ්...
ReplyDeleteදන් නැද්ද ඉතින් පොඩි එවුන්නේ... :)))))
@විකී...
:)) අනිවා... හැබැයි දැන්නම් ආපහු ඒක කොරගන්ට හිතිල තියෙන්නේ ඕං...
ආ... අතන දාලා තියෙන දැන්වීම නම් මරු ඈ.. තැන්කූ කිව්වා ඕං...
@චාමි...
පහුගිය ටිකේ පොඩි පොඩි අවුල් ටිකක හිටියේ ලොකු අයියේ... ලියන්ට ඕනා... ඒක නෙවෙයි බොලාත් අර අයවැය වාර්තාවේ ප්‍රතිසංස්කරණ යෝජනා අකුරම ක්‍රියාත්මක කරනවා වාගේ... දෙසැම්බරෙට තවම පෝස්ට් එකයි... (කැටිය ගැන නම් අහවල් අවිශ්වාසයක් තියාගන්ට එපා ඕං...)
@සමීර...
ReplyDeleteදැන් අනගාරික වෙන්ට හිතිලලු තියෙන්නේ ඕං... දැන් නුවර මැණිකෙලා හරි අඩුයි බං... ඔක්කම කැන්ඩි ළමිස්සියෝ වෙලා....
අපොයි පුතාටත් වෙච්ච වැඩක්. ඊළඟ ආත්මෙදි වත් තුන වසරෙ නෙමේ මොන්ටිසෝරියෙදි හරි ක්‍රශ් එකක් ඇති උනානම් හිත හිත ඉන්නැතුව අහන්ට ඕන්. ඒක නෙමේ, draft කරපු පෝස්ට් එකතු කරන් ඉන්නෙ කරවල හදන්ටද ආ..
ReplyDeleteඅඩෝ පුතා උබල අපේ ඉස්කෝලෙට එහෙමද කියන්නෙ ආහ්.
ReplyDelete@පිණිබිඳු..
ReplyDelete:)) අනිවා... කොහෙද ගෑණු ළමයිත් ඔක්කම හිතේ තියාගෙන ඉන්නවනෙ කියන්නේ නැතුව... කරවල වුනු ටිකත් දාන්නම් හිමීට...
@ගීත්...
ඕක බ්ලොග් ගඩොල් ලියන පූසොන්ගෙන් හොරකම් කරපු අයිඩියාවක් මචං... උඹලගෙ ඉස්කෝලෙට ඒ දවස්වල කිව්වේ ගැට පොලොස් වගෙ නමක් මතක විදිහට...
ආහ්.... :O අහුවෙයන් ගැරඩියා ගුඩ්සෙඩ් එක පැත්තේ දි. උබලා එකට කියපුවා ප්ර සිද්ධීයේ කියන්න බැ... මේ උබ ශිල්පි (ගයාන් 2002) දන්නවද?
ReplyDeleteඋඹ කියන්නේ දිගන පැත්තේ එකාද... ඌ 2001... (අපේ අවුරුද්දේ... :) ) උඹේ ෆිට් එකක්ද... ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙම දැක්කේ නෑ බන්...
ReplyDeleteඅපොයි... ගුඩ්ෂෙඩ් ටවර් පැත්තේ යන්නේ නෑ මචං.. චණ්ඩි කොල්ලෝ ගොඩායි... අඳුරන කියන මූණක් හොයා ගන්ටවත් නෑ... අනික අපි අහිංසකයි නොවැ...
දැං බං ඉස්සර ගුඩ්ෂෙඩ් එක නෙවේ. ඇවිත් බලපංකො.මූත්‍රා කොරංටම රුපියල් දහයක් ගන්නවා.
ReplyDeleteහිහ්.....හිහ්....ඌ තමා...ගමේ වුනාට අවුරුදු 7 කින් විතර මාත් දැකලා නෑ...2001ද වෙන්ට ඇති මට හරියට මතක නැ...ඌත් ගමේ හිටියේ නැහැ මාත් ගමේ හිටියේ නැහැ..ළමයි දෙන්නෙක්ද කොහෙද ඉන්නවා කියලනම් ආරන්චියක් අාවා... :D මම ඉස්සර ඌත් එකක් උබලගේ කක්කා ඉස්කෝලෙට එනවා ඉදලා හිටලා...එතකොට බොලාලා පොඩි කොල්ලෝ.....මම දැක්කා දවසක් පුතා හිටියා හොටු පෙරාගෙන අඩ අඩ ගේට්ටුව ගාව අම්මා එනකන් එක්කන් යන්ට....මතකද මන්ද මම එතකොට රැපියල් දෙකක් දීලා කිවුවා ආහ් ඩෝං පුතා මල්ලි අඩන්න එපා දැන් අම්මා එයිනේ එක්කන් යන්න කියලා..... :D හහ්.......හහ්......
ReplyDeleteමරු ලවක්නෙ බන්....
ReplyDeleteකෙල්ල වගේම මේක කියවපු ගොඩක් කට්ටිය කියන්නෙත් උඹ පරක්කු වැඩි උනා කියලනෙ. ඒත් මම කියන්නෙ පුතා හරි කියලා. ආදරේ කරද්දි "ඇහුවෙ" නැත්තම් අප්සට් කියලා කියන එකට මම එකඟ නෑ. කෙල්ල හදිස්සි උනා කියල තමයි කියන්ඩ තියෙන්නෙ. මොනව කොරන්ඩද බන්, කෙල්ලට වාසනාව නෑ....
ඒක නෙවේ, කොලඹ පාරේ ඉස්කෝල කීපයක් තියනවනෙ. නිකන් "උසස්" මොකක් හරි එකක්ද? නැත්තන් "රත්තරන්" මොකුන් හරි ඉන්න එකක්ද?
කටුගස්තොට පාරේ තියෙන්නෙ "විද්‍යාවට මොකද්ද අර්ථයක්" දෙන ඉස්කොලේ නේද?
@විකී..
ReplyDeleteහපොයි... රුපියල් දහයක් ඕක කොරන්ට... ඒ දවස්වලනම් සිරිපුරේ පිටි පස්සේ ඕන තරම් ඉඩ තිබ්බා ඕං... දැන් ඒකත් වහලයැ...
@ගීත්...
අඩෝ... අඩෝ.... ඔය කිව්වට අපි චන්ඩිලු ඈ... උඹ අපේ ඉස්කෝලෙ පැත්තේ ආවනම් අනිවා සැට් වෙන්ට එපැයි... උඹ ශාක්‍යලැගේ පන්තිවලද හිටියේ...
@චමිල..
:)... මමත් හිතන්නේ මම පරක්කු වුනේ නෑ කියල... මොනව වුනත් ලබා උපන් හැටියටනේ හැමදේම වෙන්නෙ කියලා මම හිත හදාගත්තා... මේක ලිව්වට පස්සේ කාලයක් තිස්සේ හිතේ තිබුනු බරක් සැහැල්ලු වුනා වගේ දැනුනා මචං... ඔව් ඔව් විද්‍යාවට අහවල් එකක් කරන ඉස්කෝලෙ තමයි බං... එයා ගියේ ඔය රත්තරන් එවුන් ඉන්න එකට තමා.... උඹ නුවර කොහෙද...
උඹ උඹ ගගැනම ඇඩ් දා ගන්නේ නැතිව ලියපං....හොඳ රහයි යසයි.
ReplyDeleteමම මරුවා
සුදු අයියේ මොකෑ බොල මේ කොරගෙන තියෙන්නේ. අපිනම් ඕං පරක්කු වෙන්නේ නෑ. ඇහුවා , බෑ කිව්වොත් තව එකක් ඇහුවා. ඒකට කොල්ලෙක් ඉන්නවා කිව්වොත්, ඒක නැවතුන දාට කියන්න කිව්වා අපි ගියා. හික්ස්... මම නම් පරක්කු වෙන්නේම නෑ ඔය වගේ දේවල් වලට. පුළුවං ඉක්මනට අහල දානවා. හැබැයි ඔය බඳින්න ඉන්න ගෑනු ළමයි දෙතුන් දෙනෙක්ම මට කියලා තියෙනවා ඔයා ඇයි ටිකක් ඉස්සර වුනේ නැත්තේ කියලා. එහෙම වුනානම් අපේ අම්මලත් කැමති විදියකට මැරි කරන්න පුළුවන් කියලා. ඔය මගේ අනවසර ඇතුළුවීම එහෙම ඒ ටික එහෙමම කිව්වනේ බොල.
ReplyDeleteමේ තෝ ලංකාවට එද්දී කියපිය, උඹේ මූන බලන්නත් ආසයි බං. 2005 න් පස්සේ දැක්කේම නැහැනේ.
මොකද අප්පා මේ අපේ කොල්ලන්ට වෙන්නේ. සිංහල බ්ලොග් ලියන කොල්ලන්ගෙන් 80 % කටත් වඩා එවුන්ට මේ සන්තෑසියම වෙලා නොවැ. අනිච්චේ දුක්ඛේ. ගේම අත අරින්න එපා අයියා.
ReplyDeleteට්‍රයි ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි :))
හප්පච්චියේ තෝ මෙච්චර දොහක් කෙකර ගගා හිටියේ ඕක කියනඩැයි බොල? මං හිතුවා අන්තිමේදී කාජොල් පාරුක්ට උම්මා එකක් දීලා වන් පෝ ත්‍රී කියයිය කියලා. හුටා. කතාව වෙන අහකට ඇදිලාය. නලුවා නොමැරී මලාය.
ReplyDeleteවරුණ දන්නවද... "ඔයා හැමදෙටම පරක්කු වෙනවා වැඩියි..."
හත්තිලව්වේ ඕක යහමින් දන්නවනං අර ඇච්චිට තිබුනනේ උඹට පොඩි ඉඟියක් බිඟියක් දීලා කතා කොරලා කාරණාව හමාර කරගන්ට.
හනේ හපොයි...!!!
(මේ පුතේ, හරි ගිය කතාවත් විගහට යයි කියලා අපි මාන බලංය ඉන්නේ හරිය....)
මුලින්ම දැක්ක කෙල්ලට ට්‍රයි කරලා,
ReplyDeleteමුලින්ම ට්‍රයි කරපු කෙල්ල ගෙන් අහලා,
මුළින්ම අහපු කෙල්ල හා කියලා,
මුලින්ම යාළු වුණු කෙල්ල බැඳලා.....
මොන මුස්පේන්තු ලෝකයක් ද ඕයි ඒ?
මේ බ්ලොග්වල කියවන්න දෙයක්වත් නැති වෙයි!
-කතන්දරකාරයා
අම්මපා කසූගේ කතාව අමූලික ඇත්ත තමා. හැමදේම හිතන විදිහට වෙනවා නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ
ReplyDelete@මරුවා...
ReplyDeleteස්තූතියි අවවාදයට සහ අපේ අහ ආවට... උඹ වගේ එකෙක් අරෙහෙම කිව්වම නම් ඇත්තමයි දෙයියෙක් මොකක්දෝ කොලා වගෙ ඕං...කොහෙද බොලාගේ එකට හැමදාම ආවත් අපිට හිතෙන එකක් කියන්ට ඉඩක් නෑනේ බොලාගේ මෙව්වා එකේ...
@ප්‍රසන්න...
අපොයි මට මතකයි... බොලාගේ ඉක්මන්කම් අපි නොදන්නවයැ...
නවම් මහේ මුල ගොඩ බහින්ට හිතන් ඉන්නේ මචං... සැට් වෙමු දවසක...
@හසිත...
දැන්නම් තටු කැඩිලා වගේ හසිත මලේ....
@වන්නි...
:)... ඒකත් එහෙම තමා... ඒ වුනත් ඒ දවස්වල ට්‍රෙඩ්ෂන් එක ඉතින් කොල්ලා යෝජනාව ගේන එකනේ මචං...
හරි ගිය එකද... බලමු... බලමු....:)
@කතන්දරකාරයා...
:) ඇත්ත.... සහතික ඇත්ත... එහෙම වුනොත්නම් බ්ලොග් නෙවෙයි සිංදු චිත්‍රපටි නාට්ටි වලින් 90%ක්ම හදන්ට වෙන් නැතිවෙයි...
ටුරු ලව් ඔහොමම තමයි..
ReplyDeleteකිසිවක් කියන්නට ඉඩක් නොතියාම කතන්දර කමෙන්ටුව දමා ගොස් ඇත.
ReplyDeleteඕව ගණන් ගන්න එපා මල්ලි.
ආයෙනම් කිසි දේකට පරක්කු වෙන්න එපා.
දුක තමයි පුතා..
ReplyDeleteආදරනීය වට්ටක්කේ...
ReplyDeleteමා රත්ගමයාහුය...අලුත් ගෙදරක පදින්චියට ගියාහුය....ඇවිල්ලා යන මෙන් ඉල්ල සිටිමි....
ස්තූති....
මෙයට විශ්වාසි
රත්ගමයා හෙවත් ඉරු
කෝ මේ පුතා,,,, පුතේ,,,,ඒ,,,,,,,,,,,,,,
ReplyDeleteඅදහස් ගොඩක් පලවි තියෙන්නෙ....
ReplyDeleteඔක මොකක්ක්ද? ඔයිට වැඩිය දෙවල් වෙන්නෙ...
හැමොටම ඔය වගෙ අත්දැකිම් තියනව...
මටත් වෙලා තියනව....
ඇයි හිතින් ලව්කරන කෙල්ලගෙ ලව් 1කට සපොට් කරන එක...
එක අතකින් එකත් ආතල්...
උබට මචන් වට්ටක්කයි බතුයි කන්න පුලුවන් සහකාරියක් කවද හරි හම්බ වෙවි...
ඉදිවි කොතැනක හො....... කියන්නෙ එකනෙ......
දවසක් නුගෙගොඩ ක්ලාස් 1ක ක සර් කෙනෙක් කියුව
"මලේම ඉපදිලා මල මත්තෙම ඉදල මලම කාල මලෙම මැරිල යන්නෙ පනුවෙ..
පිස්සු කෙලින්නෙ නැතිව විභාගෙ කරපල්ල... මල් වත්තක් දාගන්න පුලුවන්..." කියල...
හැබැයි මල් තමයි ගෙඩි වෙන්නෙත්... නෙ ද මචන්....
සුබ දවසක්....!!!
සෑර් අර සුද්දෝ " take it on the bump " කියන්නේ මෙවගේ අලකලංචි වුනාමයි, මගෙ හිතේ.
ReplyDeleteහපොයි දෙයියනේ...මදැ කොලා...
ReplyDeleteමම
මොකෝ මේ සද්දයක්වත් නැත්තේ ???
ReplyDeleteHey - I am really delighted to discove this. Good job!
ReplyDeleteඉක්මන් වෙන එක ලෙඩක්.පරක්කු වෙන එක වරප්‍රසාදයක් කියලා හිත හදා ගම්මු බං
ReplyDelete