මම ලියමි. ඊයේ මතක හැටියටත්.. අද දැනෙන තරමටත්.. හෙට පතන හැටියටත් මම ලියමි. කියවන ඔබ ඒවා කියවාගන්නා වගකීම ඔබ සතුය. මතක තබාගන්න ඔබ හැම විටම නිවරදිය. එබැවින් මා ලියනා දෑ මතින් ඔබ අඳින්නට නියමිත චිත්රයන් සම්බන්ධව මට කිසිදු වගකීමක් දැරිය නොහැකි බව කාරුණිකව පිළිගන්න.
Sunday, July 3, 2011
පරණ කතාවක් | An old Story.
අමරසිරි පීරිස් මහත්තයා කියන "මිනිසා..." සින්දුව අහල ඇතිනේ. ලස්සන සින්දුව නේද? ඉතින් ඔය සින්දුව අහන් ඉන්දැද්දි පුතාට කාලෙකට ඉස්සර අහපු චූටි කතාවක් මතක් වුනාලු.
මේක බොහොම පරණ එකක්. ඇත්තටම සිද්ධ වුන එකක් කියලයි අහල තියෙන්නේ. සමහර විට අහලත් ඇති. අහල නැති අයත් ඇතිනේ. ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුවා.. :)
අහල තියේද මේං මේ කවිය,
වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
මේ කවිය බෞද්ධ කථාවක් ආශ්‍රයෙන් බිහිවෙච්ච බොහෝම වටිනා කියන උපදේශාත්මක එකක් බව ඔබ තුමාලා තුමීලා දන්නවා ඇතිනේ. ඈ.. දන්නේ නෑ කිව්වා. එහෙනම් ඉතින් මේන් මේ බ්ලොගේට ගිහින් මුළු ඉස්ටෝරියම දැන ගන්ට පුළුවන් වෙයි.
ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක එකෝමත් එක ඉස්කෝලෙක බුද්ධාගම උගන්වන ගුරුතුමී අටේ පන්තියට ඇවිත් ඔය උඩින් තියෙන කවිය කළු ලෑල්ලේ ලියලා මේ කවියෙන් ළමයින්ට තේරෙන්නේ මොකක්ද කියලා අහනවලු.
ම්හ්.. වෙනදට ක්ෂණිකව උත්තර දෙන පන්තියේ ඉස්සරහා පේළිවලින් කිසිම ප්‍රතිචාරයක් නැතිලු..
ප්‍රශ්ණයක් ඇහුවම මීක් සද්දයක් නැති නසරාණියෝ සෙට් එක ඉන්න පස්සහා පේළිවලින් නම් හීන් කසු කුසුවක් යනවලු..
ගුරුතුමීට දැන් සෑහෙන අප්සට්ලු සීන් එකට..
මෙච්චර සරල කවියක්වත් මුන්ට තේරෙන් නැද්ද..
ඔය අතරේ අර නසරාණි සෙට් එකේ ඉන්න ඇම්ඩෙක් අත උස්සගෙන ඉන්නව ගුරුතුමීට පේනවලු...
හ්ම්..ඇති යන්තම් එකෙක් හරි හිටියා..
"ආ.. පුතා කියන්ට බලන්ට පුතාට මේ කවියෙන් මොනවද තේරුණේ කියලා.."
"ටීච.. ටීච මට මුළු කවියම තේරෙන්නේ නෑ.. හැබැයි භාගයක් විතර තේරෙනවා..."
"කමක් නෑ පුතා.. කමක් නෑ.. පුතාට තේරෙන ටික කියන්ටකෝ එහෙනම්..."
"ටීච.. ඔය කවියෙන් කියවෙන්නේ නාකි මනුස්සයෙක් ගැන ටීචර්.."
"ඈහ්.. ඔය ළමයා කොහොමද එහෙම කියන්නේ මේක නාකි මනුස්සයෙක් ගැන කියලා.."
කොළුවා දුන්න උත්තරෙන් අවුල් ගිය ගුරුතුමී ආපහු අහනවලු..
"ඔව් ටීච එයා හරි.. නාකි මනුස්සයෙක් ගැන තමා ඔය කවියෙන් කියවෙන්නේ.."
ඒ පාර කොල්ලෝ සෙට් එකම කියනවලු.
මුන් හැමෝම මෙහෙම කියන්නේ මොකද කියල හිතපු ගුරුතුමී ආපහු කළු ලෑල්ල දිහා බැලුවලු...
හපොයි..
ගුරුතුමීට කවියේ අන්තිම පේළිය පටන් ගනිද්දි "ම" යන්න වෙනුවට "ප" යන්න ලියවිලා...
Wednesday, June 22, 2011
මෙලෝ රහක් නැති කතාවක්... | Just a Boring Story..
තොරන් බැඳල රබන් ගහල ආයෙත් බ්ලොග් ලියන්ට පටන් ගන්නව කියල ඇඩ් දැම්මට
බ්ලෝගේ මොකුත් දාන්ට බැරි වෙන තරමට අධික බිසී වුනා.. බොරුවක් අහරෙ මේ කියනව
නෙවෙයි හරිය.. ආය ඉතින් බොරුවක් එහෙම නම් මේ කියවන කාට හරි හෙනයක් වදින්ට
ඕන ඕං..
ආහ්.. හදිස්සියේම ගමේ යන්ට සිද්ධ වුනා... ලංකාවට ගොඩ බැස්සත් හරි ගමේ ගියාමයි... ගම කිව්වට ඉතින් පුත්තලම් බූරුවෝ තුන් හතර දෙනෙක්ගේ වයසට ආපු ජීවිත කාලෙන් අවුරුද්දක්වත් ගමේ ඉඳල නැතුව ඇති.. ඒත් ඉතින් මනුස්සයෙක් වුනාම ඉතින් මගේ ගම කියලා කියන්ටත් එකක් තියෙන්ට එපැය නේද..
ආය දැන් ගම කොහෙද කියලා අහන්ට තියාගන්ට එපා... ප්‍රාදේශීය සිතියම් වලත් නැති පට්ට ඩොටේ ගමක් කියල හිතා ගන්ටකෝ... හැබැයි කොළඹ ඉඳන් තනි බස් එක.. පිටකොටුවට පාන්දර දෙකට තුනට ගියත් ගමට යන්ට බස් එකක් ඇති.. ඒ වගේ පහසුකම් තියෙන ගමක් ඈ...
ඉතින් ගමේ ගියා කිව්වනේ.. ගමේ ගියාට දන්න කියන උදවිය හරිම අඩුයි.. දන්න කියන බුවාල සෙට් එකම ඉතින් හැන්දෑ ජාමෙට තමා එලියට බහින්නේ... ආය ඉතින් ගමේ සෙට් වෙන්ට කියලා ක්ලබ්, රෙස්ටුරන්ට් තියනව කියලයැ.. හන්දියේ චූටිගෙ කඩේ ගාව කයියක් ගහගෙන ඉන්න සැට් එක චූටි කඩේ වහන්ට ලෑලි ටික ගනිද්දි හිමිහිට බෝක්කුව ගාවට සෙට් වෙනවා...
එතන තමා තැන.. හැන්දෑ වෙන්ට ඇරල බොක්කුව ළඟට සෙට් වුනා කියමුකෝ.. දහ දොලොස් දෙනෙක් සෙට් වෙලා මල් පූජාවක් තියන්ට ලෑස්ති වෙනවා... හප්පේ ඒ දර්ශණය දැක්කම ඇතිවුන සතුට..
පුතත් ඉතින් කා...ලෙකට පස්සේ බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනා මාන කරා කියමුකෝ... අනේ.. ටික වෙලාවක් යනකොට හූ තියාගෙන හිටපු සැට් එකේ සද්දේ හිමීට හිමීට අඩුවේගෙන යනවා.. මීක් සද්දයක් නෑ.. එක එකා බලාගත්තු අතේ බලාගෙන කල්පනා කරනවා.. දෙතුන් දෙනෙක් ළඟ තියන බුරුත ගහේ ඉන්න කළාමැදිරියෝ ගනන් කරනවා...
"ආ.. කොල්ලෝ ගොළු බෙහෙත් බීලා වගේ ඈ.. සද්දයක් නැත්තේ"
හන්දිය පැත්තේ ඉඳන් ආපු බුවෙක් බෝක්කුව පහු කරගෙන ආපු වේගෙන්ම ෆුටෑර් එක පදින ගමන් පොඩි නොන්ඩියක් දාගෙන ගියා...
"කව්ද බං ඒ..."
"ඔය කොළණියේ උක්කුං නේ..."
"ඇයි දැන් ඌ සෙට් වෙන්ට එන් නැද්ද.."
"ළඟදි උට පොඩි සීන් එකක් වුනානේ.. ඊට පස්සේ ගෙදරින් මේ ප්‍රාන්තේ ගැවසෙන එක තහනම් කරල තියෙන්නේ..."
"ඇයි මොකද වුනේ.."
"දවසක් ඕකා මෙහෙ ඇවිල්ලා අපිත් එක්කම උදේම හඳේ ගිහින් ගෙදර ගියා.. ආය එකෙන්ම වැදිලා... මුට ගෙදරින් කොස් අත්තක් කපන්ට කියලා..මූ නිකමුත් ගොනානේ.. මේක අත්ත උඩ ඉඳගෙනම කපලා.. භාගයක් කපද්දි අත්තත් කඩාගෙන මූ බිම වැටිලා.. වැටිච්චි පාරට ටිකක් දරුණුවට ඩැමේජ් වෙලා... සිද්ධිය ඒක නෙවෙයි.. සද්දෙ ඇහිලා ගෙදර මිනිස්සු එද්දිත් මූ හිනාවෙනවලු පෙරලි පෙරලි... අම්මලා බයවෙලා යකෙක්වත් ගහලද කියලා.. පස්සේ අප්පච්චිට මුගේ ඇස් දෙක දැක්කම සීන් එක මීටර් වෙලා.. එදා ඉදන් මුට උඩහ ප්‍රාන්තෙට වීසා කැන්සල්..."
"ඇයි උක්කුවා කොළඹ ගිය සීන් එක දන්නේ නැද්ද..."
"ඒ මොකක්ද ඒ සීන් එක..?"
"ආහ්.. ඕක ඉස්කෝලෙන් ට්‍රිප් ගියාට තනියම කොළඹ ගිහින් තිබුනේ නෑනෙ... දැන් සමන්ත බස් එක පාන්දරම යනවනෙ කොළඹටම.. මූත් කොහොම හරි දවස් තුන හතරක්ම ගිහිල්ලා.. පිටකොටුවෙන් බහිනවලු... ආය බස් එක ගහන වෙලාවටම බස් එකටත් සෙට් වෙනවලු.. බස් එකේ ගෝලයට සැක හිතිලා මේකා ගොනා වගේ මොකක් හරි එකකට මාට්ටු වෙලාද කියලවත්.. මුගෙන් අහලා මොකද උඹ හැමදාම ඇවිල්ලා ආපහු යන්නේ කියලා... "
මූ කියනවලු,
"ඒක තමා බං මාත් බැලුවේ.. මං මේ කොළඹ දැනගන්ටත් එක්ක ඇවිදින්නම් කියලා ආවේ.. කොහෙද මං එන හැමදවසකම පොළනේ.. බලපන් ඉන්න සෙනග කැටිය... අඩේ කොළඹට පොළක් නැති දවසක් ඇත්තෙම නැද්ද.."
ඇත්තටම කොළඹ පොළක් නැති දවසක් ඇත්තෙම නැද්ද...?

Monday, June 13, 2011
කලකට පස්සෙලු වෙලකට බැස්සෙ ¦ Back in Business
මම මේ ආපහු බ්ලොග් එක ලියන්ට කියලා.. ඉතින් අපිට පුකද කියලා කියන්ට එපා.. මම පවුනේ... :)
මාස හයක් හතක් විතර බ්ලොගේ මොනවත් වැටුනේ නෑ..
කාරණේ මමතුමා පරණ රස්සාවට යන්ට කියලා අලුත් රස්සාවක් කරන්ට හිත හදා ගත්තා.. අන්තිමට ඩුබායි වලට බායි කියලා සියරට ඇවිත් මුළ සිට සරලව අළුත් රස්සාවක් කරන්ට ඉගෙන ගනිමින් සිටිනවා.... ඉතින් මම හරියට බිසී වුනා... :)
කොහොම කොහොම හරි වෙලාව තියෙන විදිහට ආයෙත් පුළු පුළුවං හැටියකට ඔන්න ඔහේ මොනව හරි කොටන්ට කියලා තමයි මේ තනන්නේ... බලමු මේ පාරවත් එක විදිහකට පිළිවෙලකට වැඩේ කරන්ට පුළුවං වෙයිද කියලා...
එහෙනම් කියවපු හැමෝටම ස්තූතියි.. නැවත එන්න... :)

Subscribe to:
Posts (Atom)