Showing posts with label හිනායන්නේ නෑ. Show all posts
Showing posts with label හිනායන්නේ නෑ. Show all posts

Friday, February 3, 2017

සයිටම් සහ (අ) දේශපාලනික ජෝක්ස් - SAITAM vs Humor.

ජාතික ප්‍රතිපත්තියක් හැටියට නොදන්නා මඟුල් ගැන ලිවීම සහ කතා කිරීම අත් හැරලා ගොඩක් කල්. හරියට නොදන්නා සහ බාගෙට දන්නා දේවල් ගැන කතා කරන්න ගිහින් හරියාකාරව ඇණගෙන කිචවීමේ අත්දැකීම් වලින් උගත් පාඩම් තමයි ඉතින්. ආය මොකටද නිස්කාරණේ රෙදි ගලවගන්නේ.

පහුගිය දවස්වල මුහුණු පොත උණුසුම් කරපු මාතෘකාව වුනේ සයිටම් නීතිගත කිරීම ගැන. අධ්‍යාපණය ප්‍රමිතියක් ඇතිව මිලකිරීම ගැන කිසිම විරෝධයක් නැතත් සයිටම් සහ ඒ සම්බන්ධව වැඩි දුර හොයා බලන්න බැරිවුන හින්දම පාඩුවේ වෙන දෙයක් බලාගෙන උන්නා.

කොහොමටත් තමන් කැමති විෂයයක් ඉගෙන ගන්න මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕන. රජයට ඒකට යන වියදම් දරාගන්න බැරිනම් පුද්ගලික ධනය වියදම් කරලා ඒක කරගන්න ඉඩ දෙන්න ඕන. ඇත්තටම දන්නේ නෑ දැන් සයිටම් විරෝධීන් කියනවා වගේ සයිටම් එක ඇතුලේ මෙලෝ ප්‍රමිතියක් නැතිද කියන එක ගැනනම්. හැබැයි උපාධි කඩ වගේ බංකොලොත් කතා කියන එකනම් හරිම විකාරයක්. විශේෂයෙන් රටේ ඒ පරම්පරාවේ ඉස්ප්‍රිට් එක විදිහට තෝරාගෙන රජයෙ වියදමෙන් අධ්‍යාපණය ලබාගන්න තරුණ පිරිස ඒ වගේ පටු, සිල්ලර සටන්පාඨ වලට හිර වෙනවා කියන්නේ එක අතකට ලොකු ඛේදවාචකයක්. දුක හිතෙන වැඩක්.

ඒත් එක්කම හොඳටම හිනායන වැඩේ සයිටම් නීතිගත කරාම හුරේ දාන බහුතරයකගේ අදහස් කියවන එක. බහුතරයක් ඒක ගන්නේ උසස් අධ්‍යාපණයට වැඩි දෙනෙක්ට ඒ හරහා අවස්ථාව ලැබීම වගේ තැනකින් නෙවෙයි. පඩ දොස්තරලට යසම වැඩේ. දැන්නම් ඕකුන්ගේ රැස්පොට් බහියි වගේ හෙන ගොබ්බ තැනකින්. පව් කියලා හිතෙනවා ඉතිම්. ඒවා දැක්කම මතක් වුනේ ඉස්සර කාලේ තමන්ට කිසිම කරදරයක් නොකලත් කාලා ඇඳලා ඉන්න අල්ලපු ගෙදර එකාට හූනියම් වලලන මිනිස්සුන්ගේ හැසිරීම්. කොච්චර ටයි-කෝට් ඇඳලා, අළුත්ම ගැජමැටික්ස්වලින් සන්නද්ද වෙලා උන්නුත් අපිට තාම අර බැද්දේගම සිළිඳුලාගෙන් මෙහාට ඇවිදගන්න බැරිවෙලා. බහුතරයක් පරණ කාලේ දොස්තරලා එහෙම අහසේ ඇවිදපු එවුන් වුනත් අපේ පරම්පරාවේ එවුන්ගෙන්නම් අතරින් පතර එකෙක් දෙන්නෙක් ඇරෙන්න ගොඩක් එවුන් පොළවේ පයගහලා ඉන්න මිනිස්සු.

කොහොම වුනත් මේක ලියන්න හිතුනේ අද ඇත්තටම සතුටු හිතුනු දවසක් හින්දා. සහ ඒත් එක්කම අපි පැටළිලා ඉන්න පඹගාල ගැන තඩි හිනාවක් ගිය හින්දා.

සතුටු හිතුනු කාරණාව
පෙරටුගාමි දේශපාලනය සහ සමාජ භාවිතාව ගැන ලොකු පැහැදීමක් නැතත් කාලයක් තිස්සේ කෙනෙහිලිකම්වලටම ලක්වුනු කුමාර් ගුණරත්නම්ට ආයෙත් එයා මේ රටේ පුරවැසියෙක්ය කියන පිළිගැනීම ලැබිලා. මොන දේශපාලන මතවාදය දැරුවත් තමන්ගේ අක්මුල් තියෙන රටේ අයිතිය මිනිහෙක්ට නැතිවෙනවය කියන එක මොන වගේ අපරාධයක්ද? අනික පුද්ගලික අභිවෘද්ධිය ගැන නොහිතා ජීවිතයම රටට හොඳක් කරන්න පුළුවන් කියලා හිතපු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැප කරපු මනුස්සකුට එහෙම වෙද්දි මොන වගේ හැඟීමක් ඇතිවෙයිද? පහුගිය නිවාඩුවට ලංකාවට ගියාම අහම්බෙන් දැක්කේ කොටුවේ ස්ටේෂම ඉස්සරහා අටවපු අට්ටාලයක තිහ හතලිහක් ගුලි වෙලා ඉන්නවා. ඒ අතරෙ හිටපු මූණු පොතේ සෑහෙන කාලයක ඉඳන් හොඳ මිතුරියක් වුනු නිල් අක්කා ඇවිත් කියද්දි තමයි දැන ගත්තේ මේ  කුමාර් ගුණරත්නම්ව නිදහස් කරගන්න කරන සත්‍යග්‍රහයයි. එදාට හරියටම අවුරුද්දයි කියලා. ඉතින් ඉස්සරහා තිබ්බ ආධාර පෙට්ටියට නෝට්ටුවක් දාලා පෙරටුගාමි නායකයින්ගෙ මුහුණු බලලා හිනාවක් පෑවට තරහකින් වගේ බලන් උන්නත් ඇත්තටම ඒ මිනිස් කණ්ඩායම ගැන පට්ට ආදරයක් හිතුනා. සමහර විට ෂෝටක් ගහලා, ටැටූ ගහලා කිසිම සමාජවාදි පෙනුමක් නැතිව ඉන්න එකෙක් මොන ජෝක්ස් එකකට අපිට උදව් කරනවද කියලා හිතුනද දන්නෙත් නෑ. කොහොම වුනත් අන්තිමේදි ඒ කුහුඹු මිනිස් එකමුතුව තමන්ගේ සටන දිනාගත්තා. එක පුතෙක්ව තරුණ කාලෙදිම අහිමි කරගත්ත රාජ්මනී ගුණරත්නම් අම්මට අද පට්ට සතුටු දවසක් වෙන්න ඇති. හරියට තමන්ගේ දෙවැනි පුතා ආයෙත් ඉපදුනා වගේ දැනෙනවා ඇති.

තඩි හිනාවට කාරණාව
හිනා කියන්නේ අම්මපා ඇත්තටම හිනා ගියා. ඊයේ දවසේ සයිටමය නීතිගත කරාට පස්සේ අතලොස්සක් හැරෙන්න බුකියේ ජෙප්පෝ, පෙරෙට්ටෝ, භයියෝ හැමෝම වගේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ගැන බරපතල ප්‍රශ්ණ කිරීම් කලා. සාරාංශගත කලොත් ඒක හරියට නීතිය අන්ධයි, උසාවිය බිහිරියි, විනිසුරන් ගොළුයි වගේ ශෝකාලාපයක්. අහන දකින මිනිස්සුන්ගේ හදවත කීරි ගැහිලා චූත් යන තරමට දුක හිතෙන එකක්. ඒ උණුසුමේම කුමාර් ගුණරත්නම්ට පුරවැසි අයිතිය ලැබෙනවා. හම්මට අර සන්ධාන ගත වෙලා උන්නු භයි ජනතාවට හෙනම චූන් එකක් යනවා. හූ ඇද්ද රතු අලින්ට. හොක්කි හොක්කි හූ. කිය කිය ඔලොක්කු දාන්න ගන්නවා. ඕං එහෙනම් අන්තිමේදි යුක්තිය ඉෂ්ට වුනා. ඈහ්.. යකෝ මේ පැය කීපයට අර අබ්බගාත වෙලා චොර වෙලා තිබ්බ නීති පද්ධතිය පිටසක්කලයොවත් ඇවිත්  "විශ්වය සැමටම යුක්තිය ඉටුවන" විදිහට ඇජස් කරලා දුන්නද? :D :D

Sunday, July 3, 2011

පරණ කතාවක් | An old Story.


අමරසිරි පීරිස් මහත්තයා කියන "මිනිසා..." සින්දුව අහල ඇතිනේ. ලස්සන සින්දුව නේද? ඉතින් ඔය සින්දුව අහන් ඉන්දැද්දි පුතාට කාලෙකට ඉස්සර අහපු චූටි කතාවක් මතක් වුනාලු. 

මේක බොහොම පරණ එකක්. ඇත්තටම සිද්ධ වුන එකක් කියලයි අහල තියෙන්නේ. සමහර විට අහලත් ඇති. අහල නැති අයත් ඇතිනේ. ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුවා.. :)

අහල තියේද මේං මේ කවිය,

වනෙත් ගිජිඳාය සිටියොත්                වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ                 කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල්          බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි             කෑය
 

මේ කවිය බෞද්ධ කථාවක් ආශ්‍රයෙන් බිහිවෙච්ච බොහෝම වටිනා කියන උපදේශාත්මක එකක් බව ඔබ තුමාලා තුමීලා දන්නවා ඇතිනේ. ඈ.. දන්නේ නෑ කිව්වා. එහෙනම් ඉතින් මේන් මේ බ්ලොගේට ගිහින් මුළු ඉස්ටෝරියම දැන ගන්ට පුළුවන් වෙයි.

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක එකෝමත් එක ඉස්කෝලෙක බුද්ධාගම උගන්වන ගුරුතුමී අටේ පන්තියට ඇවිත් ඔය උඩින් තියෙන කවිය කළු ලෑල්ලේ ලියලා මේ කවියෙන් ළමයින්ට තේරෙන්නේ මොකක්ද කියලා අහනවලු.


ම්හ්.. වෙනදට ක්ෂණිකව උත්තර දෙන පන්තියේ ඉස්සරහා පේළිවලින් කිසිම ප්‍රතිචාරයක් නැතිලු..
 

ප්‍රශ්ණයක් ඇහුවම මීක් සද්දයක් නැති නසරාණියෝ සෙට් එක ඉන්න පස්සහා පේළිවලින් නම් හීන් කසු කුසුවක් යනවලු..

ගුරුතුමීට දැන් සෑහෙන අප්සට්ලු සීන් එකට..
මෙච්චර සරල කවියක්වත් මුන්ට තේරෙන් නැද්ද..
ඔය අතරේ අර නසරාණි සෙට් එකේ ඉන්න ඇම්ඩෙක් අත උස්සගෙන ඉන්නව ගුරුතුමීට පේනවලු...
හ්ම්..ඇති යන්තම් එකෙක් හරි හිටියා.. 

"ආ.. පුතා කියන්ට බලන්ට පුතාට මේ කවියෙන් මොනවද තේරුණේ කියලා.."

"ටීච.. ටීච මට මුළු කවියම තේරෙන්නේ නෑ.. හැබැයි භාගයක් විතර තේරෙනවා..."

"කමක් නෑ පුතා.. කමක් නෑ.. පුතාට තේරෙන ටික කියන්ටකෝ එහෙනම්..."

"ටීච.. ඔය කවියෙන් කියවෙන්නේ නාකි මනුස්සයෙක් ගැන ටීචර්.."


"ඈහ්.. ඔය ළමයා කොහොමද එහෙම කියන්නේ මේක නාකි මනුස්සයෙක් ගැන කියලා.."
කොළුවා දුන්න උත්තරෙන් අවුල් ගිය ගුරුතුමී ආපහු අහනවලු..

"ඔව් ටීච එයා හරි.. නාකි මනුස්සයෙක් ගැන තමා ඔය කවියෙන් කියවෙන්නේ.."
ඒ පාර කොල්ලෝ සෙට් එකම කියනවලු.

මුන් හැමෝම මෙහෙම කියන්නේ මොකද කියල හිතපු ගුරුතුමී ආපහු කළු ලෑල්ල දිහා බැලුවලු...

හපොයි.. 

ගුරුතුමීට කවියේ අන්තිම පේළිය පටන් ගනිද්දි "ම" යන්න වෙනුවට "ප" යන්න ලියවිලා...
Related Posts with Thumbnails