මම ලියමි. ඊයේ මතක හැටියටත්.. අද දැනෙන තරමටත්.. හෙට පතන හැටියටත් මම ලියමි. කියවන ඔබ ඒවා කියවාගන්නා වගකීම ඔබ සතුය. මතක තබාගන්න ඔබ හැම විටම නිවරදිය. එබැවින් මා ලියනා දෑ මතින් ඔබ අඳින්නට නියමිත චිත්රයන් සම්බන්ධව මට කිසිදු වගකීමක් දැරිය නොහැකි බව කාරුණිකව පිළිගන්න.
Tuesday, April 14, 2015
අවුරුද්ද කියන්නේ.........
අවුරුද්ද කියන්නේ සතුටටය..
නොනගතයට පන්සල් ගොස් බුදුන් වැඳ, නැකතට ලිප ගිණි මොලවා කිරි උතුරවා වැඩ අල්ලා, නැකතට ආහාර අනුභව කර, නැකැතට ගනුදෙනු කර, නැකතට හිස තෙල් ගල්වා, නැකතට නියමිත වස්ත්‍රාභරණයෙන් සැරසී රැකී රක්ෂා සඳා පිටත්ව යාමේ සතුටටය.. අළුත් ඇඳුම් ගෙදරටත් අඳින්න ලැබීමේ සතුටටය, කොට්ට පොර ගසා, ග්‍රීස් ගහේ නැඟ අඩුම තරමින් පැපොල් ගෙඩියේ ඇට ගණන් කර දිනීමේ සතුටටය.කැවිලි පෙවිලි අතින් කටින් ගෙන නෑගම් යෑමේ සතුටටය..
අවුරුද්ද කියන්නේ සතුටටය..
නොනගතයටත් ගුදම් ගණන් හිස් කර, ලෝකයේ අන්තිම අරක්කු බෝතලය මේ යැයි සිතා මාළුවෙක් වතුර බොනවා වගේ ඇති පදම් ගසා අවුරුදු සරු වීමේ සතුටටය.. කැට පොලේ අඩු වැඩි අල්ලා, බෙල්ලෝ හයක් පෙරලා ඔත්තේ රෙට්ටේ අල්ලා සූදුවක් කෙලීමේ සතුටටය..
මූණවත් නොබලා අහක බලන් යන සතුරුව සිටින මිතුරන්ගෙන් "මචං කෝමද" අසා මිතුරු වීමේ සතුටටය.. එකට බොන එකාගේ කන අතගා සොරි මචං කීමේ සතුටටය..
අවුරුදු කියන්නේ සතුටටය..
අවුරුද්ද කියන්නේ මිනිස්සු ඉතිරි දවස් තුන්සිය හැටකම කරදර, ප්‍රශ්ණ අමතක කර තම තමන්ගේ ආතල් අනුන්ට වදයක් නොවෙන්න ගන්න දවස් දෙක තුනටය..
අවුරුදු සමරන, සමරන්න බැරිවෙන හැමෝටම සුබ වේවාය..
Sunday, April 5, 2015
බ්ලොග්ලිවීම සහ කොපි රයිට්ස්..
"අනුන්ගේ ජීවිත
කොපි කොට ලියමි.
එබැවින් මෙහිකොපිරයිට්ස් නැත."
බ්ලොග් කෙරුවාවෙන් මුන ගැහැනු.. ( වර්චුවල් ලෝකයෙන් එලියේ තවමත් මුන ගැහී නැති නමුත්.. ) සිරාම ඩයල් අතරින් සිරා පොරක් උගේ බ්ලොගයේ කොපි රයිට්ස් ගැන ලියා ඇත්තේ එලෙසය..
සෙටිෆිකට් ටෲත්ය.. මේ ලියැවෙන අකුරු මඟේ වුනත් ඒවා කොහෙන් හෝ හොරකම් කරගත් අදහස්ය..
දුමි අයියා සහ ඉන්දික අයියාගෙ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බ්ලොග් වසන්තයට පූර්ව කික් එකක් ගැනීමේ අදහසින් කලින් ලියා බුකියේ දැමූ පෝස්ටුවක් දෙකක් සුළු මොඩිෆිකේෂන් කීපයක් කල බ්ලොගයෙ දැම්මෙමිය.. ප්‍රතිඵලය, හිතුවාටත් වඩා සාර්ථක ප්‍රතිචාර ලැබුනු නැවත පැමිණීමකි.. සතුටුය.. අවුරුදු පහකට පෙර කකා, ටැබූ ආදී සිරා බ්ලොග් කාරයින් ලියනු දැක ඇතිවූ අමාරුවට බ්ලොගය ලියා දැමූ පළමු පෝස්ටුව දින තුනක් යනතුරු වෙලී වෙලී තිබුනු අතර ආගිය කතා ලියන හසිත පාර වැරදී ඇවිත් දැමූ කමෙන්ටුවෙන් ලැබුනු උත්තේජනය අද වගේ මතකය..
හිතේ හිරවෙන කතන්දර බ්ලොග් ලිවීමෙන් සහ ලියූ පට්ටන්දර කවුරුන් හෝ කියවනු දැකීමෙන් ලැබෙන සතුට හැර බ්ලොග් ලියන්නෙකුට බ්ලොග් ලිවීම හරහා ලැබෙන වෙනත් වාසියක් ඇතැයි නොසිතන්නෙමිය.. ( සිංහල බ්ලොග් අවකාශය හරහා සිදුවූවා යැයි කියැවෙන ඇතැම් සිදුවීම් , බ්ලොග් ලිවීමෙන් නොව තම තමන්ගේ සමාජීයිය අවබෝධයේ මට්ටම් අනුව සිදුවූ අකරතැබ්බයන් සහ වාසි ලෙස උපකල්පනය කරමි.. ලිවීමට එහා දේවල් අදාලම නැත.. )
මේ හෑලි ටික ලියැවෙන්නේ උදේ පාන්දරම මා හිතවත් හිතවතියක් විසින් ලබා දුන් ආරංචියක් නිසාය.. ආදරණීය කපුගේ වෙනුවෙන් බ්ලොගයේ තැබූ සටහන බුකියේ ෂෙයාර් වී තිබූ අතර එහි උපුටා ගැනීමක් පිළිබඳව සඳහනක් නොතිබුනිය.. ඒ පිළිබඳව මාගේ කිසිම ආරෝවක්ද නැත.. පළමුවෙන් එය උපුටා පළ කර තිබුනේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතිශයින් ප්‍රවීණ මහත්මයකුගේ ෆේස් බුක් ටයිම් ලයිනයේය.. කපුගේට ආදරය කරනවුන් සිය දහස අතරින් එක් ප්‍රාණියකු හැටියට ඒ පිළිබඳව මට දැනුනේ සතුටකි..
මා සිතනා පරිදි සිදුවන්න ඇත්තේ ඔබ ළඟින් ඇසුරු කල ළබැඳියකුගේ සමුගැනීමේ වේදනාත්මක මතකය මතින් එය උපුටා ගැනීමක් බව සඳහන් කිරීමට අමතකවී යාම වන්නට ඇතිය.. එසේ නොමැතිව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ඔබට මාධ්‍ය කලාවේ මූලිකම ආචාර ධර්මයක් හිතාමතා කඩ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ඉතා පැහැදිලිය.. සිරිත් විරිත් ගුණ ධර්ම විදුලි වේගයෙන් මැකී යන සමාජයට ඔබතුමා වැනි වැඩිහිටියන් මඟ පෙන්වන පහන් කනුය.. එවැනි තත්වයකදි මෙවන් සුළු අත්වැරදීම් අප නොසලකා හරින නමුත් වෙනත් ලියන්නකුගෙ ලිවීමක් මෙසේ අත්වැරදීමකින් ඔබ අතින් පළ වුවහොත් ලියන්නාට අසාධාරණයක්ද ඔබගේ කීර්ති නාමයට කැලලක්ද එකතු වන්නට ඉඩකඩ වැඩිය.. මේ සටහන තැබුවේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මාගේ වගකීමක් ලෙස සැලකූ බැවින් මිසක ඔබට දෝෂාරෝපණයක් තැබීමට නොවන බවත් සඳහන් කිරීමට කැමෙත්තෙමි..
එසේම, කපුගේ වෙනුවෙන් තැබූ සටහන කපූගේට ආදරය කරන තවත් රසික කැලක් සමග බෙදාහදා ගැනීම පිළිබඳව මාගේ ස්තූතියද පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි..
ප.ලි : මේ කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක්ට බැක් ලින්ක් දාන හැටි කමෙන්ට් කරන්න පුළුවන්ද..

Friday, April 3, 2015
ආදරණීය කපුගේ.. !!!!
ආදරණීය කපුගේ..
අර ප්ලේන් එක පල්ලේ වැටිලා උඹ කොහාටද ගිහින් අදට අවුරුදුම දොළහක් වෙනවලු.. අපිටනම් අද ඊයේ වගේ.. ඔර්ලෝසු කටු දුවන්නේ උන්ගේ පස්සෙන් පොලිසිය පන්නනවා කියලා හිතාගෙනද කොහෙද..
කොයි තැනට ගියත් උඹ ඉන්න තැන නරක තැනක් වෙන්න බෑ කියන එකනම් අපි ඉන්තේරුවෙන්ම දන්නවා..
ඒක නෙවෙයි උඹ ගියාට පස්සේ මෙහේ හරි හරි වැඩ උනා… උඹ උදව් කරපු පක්ෂෙ එවුන් එක්කහුවෙලා අර හම්බන්තොට හාදයා ජනාධිපති කරා නේ… මිනිහා ඇවිත් අර සිංහල සිංදු කියන නලලෙ තිලක තියන කිරිල්ලියි ඒකිගෙ මිනිහගෙ සෙට් එකටයි බඩු පැකට් කරා කියල උඹ දන්නවද.. අප්පා ඒ දවස්වල හැදිච්චි සිංදුනේ සිංදු.. බිම්බරක් සෙනග මොන සිංදුවක්ද කියලා හිතෙයි හිටියනම්.. ඔව්.. අපි සතියක් සිංදු කිය කිය තුන්වේලටම කිරිබත් විතරයි කෑවේ කියලා උඹ දන්නවද.. අඩේ උඹත් හිටියනම් මහජරානෙනි කීල ඉටිකිරිස් සිංදුවක් කරන්ට තිබ්බා..
මිනිහා ජනාධිපති වුනයින් පස්සේ තමයි හොඳ හොඳ වැඩ වෙන්ට ගත්තේ.. අපි මහ තඩි රූස්ස ගස් කියලා හිතාගෙන හිටපු එව්වා බට ගස් ගාණට වැටුනා කියහන්… අර ඒ දවස්වල විමුක්ති ගීතද මොනාද කියපු එවුන්ගෙ ඉඳන් කාලාකාරයෝ කියන ජාතිය රැළ පිටින් ඒකාගෙ නියපොත්තෙ ඉඳන් ශක්තිමත් කරන්ට ගත්තනෙ.. අර උඹේ ගෝලයා.. ඔව් ඔව් කොටා.. ඌ උගෙ ගෙවල් පැත්තේ ගවනර් වෙයි කියලා උඹ විහිළුවටත් හිතුවද.. ඒකෙන් කමක් නෑ කියහන්.. දැන් ඌ සින්දු කියන එකත් නවත්තලා දාලා...
කෝම හරි යන්තන් උඹ රජරට සේවේ ඉඳිද්දිවත් නිකමටවත් නොහිතපු ඒ පැත්තෙම හාදයෙක් ඇවිත් හම්බන්තොට හාදයානම් ගෙදර යවන්ට වැඩේ සෙට් කලා.. ඒත් උතුරේ කොනේ නුඹ හිනහෙන් වගේ සිංදු එහෙම ඇහෙද්දි මිනිහට පිස්සු වගේලූ තාමත්..
අනේ මන්දා.. උඹ මේ දවස්වල හිටියනම් උඹටත් මොනවයින් මොනවා වෙයිද කියලා කව්ද දන්නේ නෙහ්.. උඹත් අනිත් එවුන් වගෙ අරූගෙ පස්සේ වැටිලා නිකම්ම නිකන් එහෙයියක් වුනා නම් මේ වගෙ උඹ ගැන ලෙංගතුකමක් දැනෙන්නේ නැතිවෙයි නේද....
සමාවෙයන් මෙහෙම කියනවට, ඒ වගෙ හිතෙද්දි එක අතකට උඹ ගියේ හරිම කාලෙක කියලා මහ කාළකණ්නි සතුටක් දැනෙනවා..
ඉතින් උඹ වගෙ අපේ හිත් කම්පනය කරන ජාතියේ එකෙක් ආයෙ නම් එන්නේ නැතිවෙයි.. එහෙනම් ඉන්න තැනක සතුටින් හිටපන් මිත්‍රයා…!!!!
මොහිදීන් බායි...
(ඇත්තම කියනවනම්, මේක ලියන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල වගේ.. "ජයලලිතා" දූෂන චෝදනාවලට අත් අඩංගුවවට ගත්ත දවසේ.. බුකියේ ගෲෆ් එකක පෝස්ට් කලත් බ්ලොගෙ අප්ඩේට් කරන්න හිතුනේ නෑ.. බ්ලොග් වසන්තයට වැඩ අල්ලන්න කියලා පරණ එකක් වුනත් කාලෙකින් ආවෙ නැතිව පාළුවට ගිය බ්ලොගේ වස් දොස් යන්නත් එක්ක. ඔන්න ඔහේ ඕපු කියලා චුට්ටක් කපලා කොටලා පෝස්ට් කරනවා... )
තමිල්නාඩුවේ ඈත ගමක තුනේ පංතියට යනකල් විතරක් ඉගෙන ගත්තු වචනයෙ පරිසමාප්තියෙන්ම අහිංසකම මනුස්සයෙක්.. අවුරුදු දහ අට වෙන්නත් කලින් හොර පාස්පෝට් එකක් හදාගෙන ඩුබායි ආපු මනුස්සයා මට මුන ගැහෙද්දි ජීවිත කාලෙන් අවුරුදු තිහකටත් වැඩිය කාන්තාරයටම දිය කරලා දාලා තිබ්බා.. කම්කරුවෙක් හැටියට සොච්චම් පඩියකට ඩුබායි ආපු මනුස්සයා ඒ වෙද්දි මැසෙන්ජර්වරයෙක් හැටියට රස්සාව කරලා ලංකාවේ සල්ලි වලින් ලක්ෂ දෙකකට වඩා පඩියක් ගන්න තරමට දියුණු වෙලා උන්නා..
උපතින් මුස්ලිම් වරයෙක් වුනත් රාමසාන් කාලයට උපවාස නොකරන, පස් වතාව දෙවියන් නොවඳින ඔහු අමුතුම විදිහක චරිතයක්.. වැඩපළෙ කාත් එක්කවත් වැඩි භජනයක් නොතිබ්බ මනුස්සයෙක් වුනු මොහිදීන් බායි මගෙත් එක්ක සුහද වෙන්න ගත්තෙ ලංකාවේ යුද්ධේ නැගලා යන දවස්වල.. ඒ දවස්වල ලංකාවේ අපි කොහොමටත් හිටියේ අඩි දෙක තුනක් ඉහළින්.. තමිල්නාඩුවෙන් ආපු අනිත් මිනිස්සු ලංකාවේ අපෙ මූණ බලලා කතාවත් නොකරන ඒ දවස්වල මොහිදින් බායි ඔහුගෙ කැඩුනු බිඳුනු ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කරගත්තා..
යුද්ධෙ ගැන ඔහුට තිබ්බේ මිශ්‍ර හැඟීමක්.. ඇත්තටම කිව්වොත් ඔහුට ඒක අනිත් ඉන්දියානුවන්ට වගෙ දැනුනේ නෑ.. ඔහුට ඊට වඩා ලොකු හීන තිබ්බා.. තමන්ගෙ පුතාව හොඳ විශ්ව විද්‍යාලයකට යවන්න.. දුවට ලොකු දෑවැද්දක් දීලා හොඳ තැනකට බන්දලා දෙන්න වගෙ..
ඒත් ඔහුගෙ ලෝකෙ එකම එක වීරවරියක් හිටියා.. ඒ තමයි ඔහු තමන්ගෙ අම්මටත් වඩා ආදරෙ කරපු මුළු තමිල්නාඩුවෙම "අම්මා" වුනු ජය ලලිතා.. ඇය ඔහුගෙ ලෝකෙ හිටපු එකම වීරවරිය.. වැඩපළේ උන්නු එකම පකිස්තානුවා, සොහෙල් "මොහිදීන් උඹේ අම්මා දුන්නොත් මුළු පකිස්තානෙම උඹට දෙන්නම්" කීම මොහිදින්ගෙ ඉහමොළ රත්වෙන වැඩක් වුනා.. සතියකට දෙකකට වතාවක් සොහෙල්ගෙ පස්සෙන් පන්නන මොහිදීන් සාමාන්‍ය දර්ශණයක්..
ජයලලිතා උඹලට කරපු දෙයක් නෑ, උඹයි උඹේ ජීවිතෙ ගොඩ දාගත්තේ කියලා කොයි තරමට තර්ක කලත් මොහිදින් නෙවෙයි කවදාවත්ම මාත් එක්ක එකඟ වුනේ.. ඔහු විශ්වාස කලෙ ජයලලිතා ඔවුන්ගෙ ජීවිතවල එකම ගැලවුම්කාරිය හැටියට..
අවුරුදු දෙක තුනකට කලින් මොහිදීන් නිවාඩු ගියපු වෙලාවක හදිසියෙම වැළඳුනු හෘදයාබාධයක් හේතුවෙන් මියැදුනා.. මං හිතන්නේ ඒක මනුස්සයා හිත සතුටින් ගිය ගමනක් වෙන්න ඇති.. ඒ වෙද්දි තමන්ගෙ දරුවෝ වෙනුවෙන් කරන්න ඕන යුතුකම් වලින් සෑහෙන ප්‍රමාණයක් කරලා තිවුනු හින්දම ඔහුගේ හිතේ ඒ තරම් දුකක් නොතියෙන්න ඇති..
ඒත් අද ඔහු හිටියනම් මොනවා හිතෙයිද..
දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" තමන් වගෙ දුප්පත්තු ලක්ෂ ගාණකට වංචා කරාය කියල පිළිගනීවිද.. දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා යවපු මුදල් වලට වංචා කරා කියලා පිළිගනීවිද.. දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" ටත් වඩා බලගතු ශ්‍රේෂ්ඨධිකරණයක්, බලගතු නීති පද්ධතියක් තමන්ගෙ රටෙ තියෙනවයි කියලා සතුටු වෙයිද..
Subscribe to:
Posts (Atom)