Showing posts with label කපුගේ. Show all posts
Showing posts with label කපුගේ. Show all posts

Friday, April 3, 2015

ආදරණීය කපුගේ.. !!!!




ආදරණීය කපුගේ..

අර ප්ලේන් එක පල්ලේ වැටිලා උඹ කොහාටද ගිහින් අදට අවුරුදුම දොළහක් වෙනවලු.. අපිටනම් අද ඊයේ වගේ.. ඔර්ලෝසු කටු දුවන්නේ උන්ගේ පස්සෙන් පොලිසිය පන්නනවා කියලා හිතාගෙනද කොහෙද..

කොයි තැනට ගියත් උඹ ඉන්න තැන නරක තැනක් වෙන්න බෑ කියන එකනම් අපි ඉන්තේරුවෙන්ම දන්නවා..

ඒක නෙවෙයි උඹ ගියාට පස්සේ මෙහේ හරි හරි වැඩ උනා… උඹ උදව් කරපු පක්ෂෙ එවුන් එක්කහුවෙලා අර හම්බන්තොට හාදයා ජනාධිපති කරා නේ… මිනිහා ඇවිත් අර සිංහල සිංදු කියන නලලෙ තිලක තියන කිරිල්ලියි ඒකිගෙ මිනිහගෙ සෙට් එකටයි බඩු පැකට් කරා කියල උඹ දන්නවද.. අප්පා ඒ දවස්වල හැදිච්චි සිංදුනේ සිංදු.. බිම්බරක් සෙනග මොන සිංදුවක්ද කියලා හිතෙයි හිටියනම්.. ඔව්.. අපි සතියක් සිංදු කිය කිය තුන්වේලටම කිරිබත් විතරයි කෑවේ කියලා උඹ දන්නවද.. අඩේ උඹත් හිටියනම් මහජරානෙනි කීල ඉටිකිරිස් සිංදුවක් කරන්ට තිබ්බා.. 

මිනිහා ජනාධිපති වුනයින් පස්සේ තමයි හොඳ හොඳ වැඩ වෙන්ට ගත්තේ.. අපි මහ තඩි රූස්ස ගස් කියලා හිතාගෙන හිටපු එව්වා බට ගස් ගාණට වැටුනා කියහන්… අර ඒ දවස්වල විමුක්ති ගීතද මොනාද කියපු එවුන්ගෙ ඉඳන් කාලාකාරයෝ කියන ජාතිය රැළ පිටින් ඒකාගෙ නියපොත්තෙ ඉඳන් ශක්තිමත් කරන්ට ගත්තනෙ.. අර උඹේ ගෝලයා.. ඔව් ඔව් කොටා.. ඌ උගෙ ගෙවල් පැත්තේ ගවනර් වෙයි කියලා උඹ විහිළුවටත් හිතුවද.. ඒකෙන් කමක් නෑ කියහන්.. දැන් ඌ සින්දු කියන එකත් නවත්තලා දාලා...

කෝම හරි යන්තන් උඹ රජරට සේවේ ඉඳිද්දිවත් නිකමටවත් නොහිතපු ඒ පැත්තෙම හාදයෙක් ඇවිත් හම්බන්තොට හාදයානම් ගෙදර යවන්ට වැඩේ සෙට් කලා.. ඒත් උතුරේ කොනේ නුඹ හිනහෙන් වගේ සිංදු එහෙම ඇහෙද්දි මිනිහට පිස්සු වගේලූ තාමත්..

අනේ මන්දා.. උඹ මේ දවස්වල හිටියනම් උඹටත් මොනවයින් මොනවා වෙයිද කියලා කව්ද දන්නේ නෙහ්.. උඹත් අනිත් එවුන් වගෙ අරූගෙ පස්සේ වැටිලා නිකම්ම නිකන් එහෙයියක් වුනා නම් මේ වගෙ උඹ ගැන ලෙංගතුකමක් දැනෙන්නේ නැතිවෙයි නේද.... 

සමාවෙයන් මෙහෙම කියනවට, ඒ වගෙ හිතෙද්දි එක අතකට උඹ ගියේ හරිම කාලෙක කියලා මහ කාළකණ්නි සතුටක් දැනෙනවා.. 

ඉතින් උඹ වගෙ අපේ හිත් කම්පනය කරන ජාතියේ එකෙක් ආයෙ නම් එන්නේ නැතිවෙයි.. එහෙනම් ඉන්න තැනක සතුටින් හිටපන් මිත්‍රයා…!!!!
Related Posts with Thumbnails