Showing posts with label අවුරුදු ආතල්. Show all posts
Showing posts with label අවුරුදු ආතල්. Show all posts

Tuesday, April 14, 2015

අවුරුද්ද කියන්නේ.........


අවුරුද්ද කියන්නේ සතුටටය..

නොනගතයට පන්සල් ගොස් බුදුන් වැඳ, නැකතට ලිප ගිණි මොලවා කිරි උතුරවා වැඩ අල්ලා, නැකතට ආහාර අනුභව කර, නැකැතට ගනුදෙනු කර, නැකතට හිස තෙල් ගල්වා, නැකතට නියමිත වස්ත්‍රාභරණයෙන් සැරසී රැකී රක්ෂා සඳා පිටත්ව යාමේ සතුටටය.. අළුත් ඇඳුම් ගෙදරටත් අඳින්න ලැබීමේ සතුටටය, කොට්ට පොර ගසා, ග්‍රීස් ගහේ නැඟ අඩුම තරමින් පැපොල් ගෙඩියේ ඇට ගණන් කර දිනීමේ සතුටටය.කැවිලි පෙවිලි අතින් කටින් ගෙන නෑගම් යෑමේ සතුටටය.. 

අවුරුද්ද කියන්නේ සතුටටය..

නොනගතයටත් ගුදම් ගණන් හිස් කර, ලෝකයේ අන්තිම අරක්කු බෝතලය මේ යැයි සිතා මාළුවෙක් වතුර බොනවා වගේ ඇති පදම් ගසා අවුරුදු සරු වීමේ සතුටටය.. කැට පොලේ අඩු වැඩි අල්ලා, බෙල්ලෝ හයක් පෙරලා ඔත්තේ රෙට්ටේ අල්ලා සූදුවක් කෙලීමේ සතුටටය..
…මූණවත් නොබලා අහක බලන් යන සතුරුව සිටින මිතුරන්ගෙන් "මචං කෝමද" අසා මිතුරු වීමේ සතුටටය.. එකට බොන එකාගේ කන අතගා සොරි මචං කීමේ සතුටටය..

අවුරුදු කියන්නේ සතුටටය..

අවුරුද්ද කියන්නේ මිනිස්සු ඉතිරි දවස් තුන්සිය හැටකම කරදර, ප්‍රශ්ණ අමතක කර තම තමන්ගේ ආතල් අනුන්ට වදයක් නොවෙන්න ගන්න දවස් දෙක තුනටය..






අවුරුදු සමරන, සමරන්න බැරිවෙන හැමෝටම සුබ වේවාය..
Related Posts with Thumbnails