Showing posts with label මාධ්‍ය සදාචාරය. Show all posts
Showing posts with label මාධ්‍ය සදාචාරය. Show all posts

Sunday, April 5, 2015

බ්ලොග්ලිවීම සහ කොපි රයිට්ස්..

"අනුන්ගේ ජීවිත
කොපි කොට ලියමි.
එබැවින් මෙහි
කොපිරයිට්ස් නැත."

බ්ලොග් කෙරුවාවෙන් මුන  ගැහැනු.. ( වර්චුවල් ලෝකයෙන් එලියේ තවමත් මුන ගැහී නැති නමුත්.. ) සිරාම ඩයල් අතරින් සිරා පොරක් උගේ බ්ලොගයේ කොපි රයිට්ස් ගැන ලියා ඇත්තේ එලෙසය.. 

සෙටිෆිකට් ටෲත්ය..  මේ ලියැවෙන අකුරු මඟේ වුනත් ඒවා කොහෙන් හෝ හොරකම් කරගත් අදහස්ය..

දුමි අයියා සහ ඉන්දික අයියාගෙ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බ්ලොග් වසන්තයට පූර්ව කික් එකක් ගැනීමේ අදහසින් කලින් ලියා බුකියේ දැමූ පෝස්ටුවක් දෙකක් සුළු මොඩිෆිකේෂන් කීපයක් කල බ්ලොගයෙ දැම්මෙමිය.. ප්‍රතිඵලය,  හිතුවාටත් වඩා සාර්ථක ප්‍රතිචාර ලැබුනු නැවත පැමිණීමකි.. සතුටුය.. අවුරුදු පහකට පෙර කකා, ටැබූ ආදී සිරා බ්ලොග් කාරයින් ලියනු දැක ඇතිවූ අමාරුවට බ්ලොගය ලියා දැමූ පළමු පෝස්ටුව දින තුනක් යනතුරු වෙලී වෙලී තිබුනු අතර ආගිය කතා ලියන හසිත පාර වැරදී ඇවිත් දැමූ කමෙන්ටුවෙන් ලැබුනු උත්තේජනය අද වගේ මතකය..

හිතේ හිරවෙන කතන්දර බ්ලොග් ලිවීමෙන් සහ ලියූ පට්ටන්දර කවුරුන් හෝ කියවනු දැකීමෙන් ලැබෙන සතුට හැර බ්ලොග් ලියන්නෙකුට බ්ලොග් ලිවීම හරහා ලැබෙන වෙනත් වාසියක් ඇතැයි නොසිතන්නෙමිය.. ( සිංහල බ්ලොග් අවකාශය හරහා සිදුවූවා යැයි කියැවෙන ඇතැම් සිදුවීම් , බ්ලොග් ලිවීමෙන් නොව තම තමන්ගේ සමාජීයිය අවබෝධයේ මට්ටම් අනුව සිදුවූ අකරතැබ්බයන් සහ වාසි ලෙස උපකල්පනය කරමි.. ලිවීමට එහා දේවල් අදාලම නැත.. )

මේ හෑලි ටික ලියැවෙන්නේ උදේ පාන්දරම මා හිතවත් හිතවතියක් විසින් ලබා දුන්  ආරංචියක් නිසාය.. ආදරණීය කපුගේ වෙනුවෙන් බ්ලොගයේ තැබූ සටහන බුකියේ ෂෙයාර් වී තිබූ අතර එහි උපුටා ගැනීමක් පිළිබඳව සඳහනක් නොතිබුනිය.. ඒ පිළිබඳව මාගේ කිසිම ආරෝවක්ද නැත.. පළමුවෙන් එය උපුටා පළ කර තිබුනේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතිශයින් ප්‍රවීණ මහත්මයකුගේ ෆේස් බුක් ටයිම් ලයිනයේය.. කපුගේට ආදරය කරනවුන් සිය දහස අතරින් එක් ප්‍රාණියකු හැටියට ඒ පිළිබඳව මට දැනුනේ සතුටකි.. 

මා සිතනා පරිදි සිදුවන්න ඇත්තේ ඔබ ළඟින් ඇසුරු කල ළබැඳියකුගේ සමුගැනීමේ වේදනාත්මක මතකය මතින් එය උපුටා  ගැනීමක් බව සඳහන් කිරීමට අමතකවී යාම වන්නට ඇතිය.. එසේ නොමැතිව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ඔබට මාධ්‍ය කලාවේ මූලිකම ආචාර ධර්මයක් හිතාමතා කඩ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ඉතා පැහැදිලිය..   සිරිත් විරිත් ගුණ ධර්ම විදුලි වේගයෙන් මැකී යන සමාජයට  ඔබතුමා  වැනි වැඩිහිටියන් මඟ පෙන්වන පහන් කනුය..  එවැනි තත්වයකදි මෙවන් සුළු අත්වැරදීම් අප නොසලකා හරින නමුත් වෙනත් ලියන්නකුගෙ ලිවීමක් මෙසේ අත්වැරදීමකින් ඔබ අතින් පළ වුවහොත් ලියන්නාට අසාධාරණයක්ද ඔබගේ කීර්ති නාමයට කැලලක්ද එකතු වන්නට ඉඩකඩ වැඩිය.. මේ සටහන තැබුවේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මාගේ වගකීමක් ලෙස සැලකූ බැවින් මිසක ඔබට දෝෂාරෝපණයක් තැබීමට නොවන බවත් සඳහන් කිරීමට කැමෙත්තෙමි..
එසේම, කපුගේ වෙනුවෙන් තැබූ සටහන කපූගේට ආදරය කරන තවත් රසික කැලක් සමග බෙදාහදා ගැනීම පිළිබඳව මාගේ ස්තූතියද පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි.. 





…ප.ලි : මේ කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක්ට  බැක් ලින්ක් දාන හැටි කමෙන්ට් කරන්න පුළුවන්ද..
Related Posts with Thumbnails