Monday, July 26, 2010

උඹට බය හිතෙන්නේ නැද්ද බං (කක්කි කතාවක්)

ඕං කතන්දරකාරයා ඒ පාර කක්කා කතා කියන්ට පටන් අරං.... ඒ මදිවට කියනවා කට්ටිය කක්කා කතා ලියන්ට ගනීද දන්නෙ නෑ කියලා... අපි අහුවෙයි ඕවට... ආය ලියන්නම්කෝ කතා එකට දහයක්.... හිකිස්....
කක්කා කතා කියනකොටම පුතාට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ "කොළඹ සන්නිය" චිත්‍රපටිය... නියම ජෝක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්ට පුළුවං ඒක බැලුවනම්... බලපු නැති කෙනෙක් ඉන්නවනම් නිවාඩු තියෙන වෙලාවක මෙතෙන්ට කොටල ගිහින් බලාගන්ට.....
ඇත්තම කියනවනම් අද මොකුත් නොලිය ඉන්ට තමා පුතා හිතං හිටියේ... ඒ හින්දා අද ලියන කතාවට දෝෂාරෝපණ එහෙම තියෙනවනම් ඒවට වග කියන්ට ඕන පුතා නෙවෙයි කතන්දරකාරයා ඕං...
ඕං එහෙනම් අද (කක්කි) කතාව... ආහ්... මේක කක්කි කතාවක් හින්දා කක්කි වචනත් තියෙයි ඕං... ඈ
හැමෝටම වගෙ මතකයිනෙ ලංකාවේ යුද්ධයක් කියල එකක් තිබුනා...... මතක නැත්තන් ඒත් කමක් නෑ... එහෙම එකක් තිබ්බා හරිය....
ඒ යුද්ධෙ තියෙන දවස්වල තිබ්බා මායිම් ගම්මාන කියල ජාතියක්... ඒ මායිම් ගම්මානවල ආරක්ෂාවට හිටියෙත් ඒ ඒ ගම්මානවලින්ම පොලීසියට බඳවා ගත්තු නිලධාරින් තමයි.. ඒ අයට ආදරෙට කිව්වේ ගම්බට්ටා අයියලා කියලා...
ඔය වගෙ මායිම් ගම්මානයක මායිමේ දවසක් රාත්‍රි මුර සේවයට වැටිලා හිටියා ගම්බට්ටා නිලධාරින් දෙන්නෙක්...
ඔහොම මුර කර කර ඉන්න අතරෙ දෙන්නටම එක දිගටම ඔෆිස් එකෙන් කෝල් එන්ට අරන්..
බඩ දන්නෙ නෑනේ ඉතින් මුං මේ මුර සේවයක් කරන්නෙ කියලා... අනික ටොයිලට් තියනවද කියල දන්නෙත් නැනේ


ඉවසන් ඉන්ට බැරිම තැන දෙන්න කතාවෙලා ලඟ තිබුනු දොල පාරක් ලඟට ගිහින් ඔය තියෙන ෆොටෝ එකේ විදිහට වාඩි වෙලා කර්තව්‍ය කර ගත්තා... බැරි වෙලා හරි සතුරා ආවොත් වැඩේ වගෙ නෙවෙයිනෙ... සතුරා ගැනත් බලන්ට ඕන හින්දා තමයි ඉතින් ඔය විදිහෙ ක්‍රමයක් යෝජනා කර ගත්තේ...
දෙන්නා ඔය විදිහට බර සැහැල්ලු කරගන්න අතරෙ ඈතින් ඇහෙන්ට ගන්නවා වෙඩි තියාගන්න ශබ්ද එහෙම.....
කොහොම හරි ඉතින් අමාරුවෙන් අමාරුවෙන් වැඩේ කරගත්තා කියමුකෝ... 


දැන් ඉතින් හෝද ගන්ටත් එපැයි... 


දෙන්නම දොලට බැහැල කලින් වැඩේ කරගත්ත ඉරියව්වෙන්ම ඉඳලා හෝදන්ට ගන්න කොටම වෙඩි සද්ද ලඟ ලඟම ඇහෙන්ට ගන්නවා...

ඔන්න දැන් ගම්බට්ට අයියලා දෙන්න අතරෙ යනවා මෙහෙම දෙබසක්... ඒයි මචං උඹට බය හිතෙනවද බං නෑ.. පිස්සුද මචං... උඹට හොඳටම ෂුවර්ද උඹ බයවෙලා නෙවෙයි ඉන්නේ කියලා... ඈ.... නෑ මං බය නෑ.... ඇයි උඹ හදිස්සියේ එහෙම ඇහුවේ.... නෑ උඹ බය වුනේ නැත්තන් අවුලක් නෑ..... උඹ මගෙ පුක හෝදගෙන හෝදගෙන යන හින්දා ඇහුවේ........ කක්කි කතාව ඉවරායි....
Related Posts with Thumbnails