තොරන් බැඳල රබන් ගහල ආයෙත් බ්ලොග් ලියන්ට පටන් ගන්නව කියල ඇඩ් දැම්මට
බ්ලෝගේ මොකුත් දාන්ට බැරි වෙන තරමට අධික බිසී වුනා.. බොරුවක් අහරෙ මේ කියනව
නෙවෙයි හරිය.. ආය ඉතින් බොරුවක් එහෙම නම් මේ කියවන කාට හරි හෙනයක් වදින්ට
ඕන ඕං..
ආහ්.. හදිස්සියේම ගමේ යන්ට සිද්ධ වුනා... ලංකාවට ගොඩ
බැස්සත් හරි ගමේ ගියාමයි... ගම කිව්වට ඉතින් පුත්තලම් බූරුවෝ තුන් හතර
දෙනෙක්ගේ වයසට ආපු ජීවිත කාලෙන් අවුරුද්දක්වත් ගමේ ඉඳල නැතුව ඇති.. ඒත්
ඉතින් මනුස්සයෙක් වුනාම ඉතින් මගේ ගම කියලා කියන්ටත් එකක් තියෙන්ට එපැය
නේද..
ආය දැන් ගම කොහෙද කියලා අහන්ට තියාගන්ට එපා... ප්‍රාදේශීය සිතියම්
වලත් නැති පට්ට ඩොටේ ගමක් කියල හිතා ගන්ටකෝ... හැබැයි කොළඹ ඉඳන් තනි බස්
එක.. පිටකොටුවට පාන්දර දෙකට තුනට ගියත් ගමට යන්ට බස් එකක් ඇති.. ඒ වගේ
පහසුකම් තියෙන ගමක් ඈ...
ඉතින් ගමේ ගියා කිව්වනේ.. ගමේ ගියාට දන්න
කියන උදවිය හරිම අඩුයි.. දන්න කියන බුවාල සෙට් එකම ඉතින් හැන්දෑ ජාමෙට
තමා එලියට බහින්නේ... ආය ඉතින් ගමේ සෙට් වෙන්ට කියලා ක්ලබ්, රෙස්ටුරන්ට්
තියනව කියලයැ.. හන්දියේ චූටිගෙ කඩේ ගාව කයියක් ගහගෙන ඉන්න සැට් එක චූටි කඩේ
වහන්ට ලෑලි ටික ගනිද්දි හිමිහිට බෝක්කුව ගාවට සෙට් වෙනවා...
එතන තමා
තැන.. හැන්දෑ වෙන්ට ඇරල බොක්කුව ළඟට සෙට් වුනා කියමුකෝ.. දහ දොලොස්
දෙනෙක් සෙට් වෙලා මල් පූජාවක් තියන්ට ලෑස්ති වෙනවා... හප්පේ ඒ දර්ශණය
දැක්කම ඇතිවුන සතුට..
පුතත් ඉතින් කා...ලෙකට පස්සේ බොහොම
ශ්‍රද්ධාවෙන් වන්දනා මාන කරා කියමුකෝ... අනේ.. ටික වෙලාවක් යනකොට හූ
තියාගෙන හිටපු සැට් එකේ සද්දේ හිමීට හිමීට අඩුවේගෙන යනවා.. මීක් සද්දයක්
නෑ.. එක එකා බලාගත්තු අතේ බලාගෙන කල්පනා කරනවා.. දෙතුන් දෙනෙක් ළඟ තියන බුරුත ගහේ ඉන්න කළාමැදිරියෝ ගනන් කරනවා...
"ආ.. කොල්ලෝ ගොළු බෙහෙත් බීලා වගේ ඈ.. සද්දයක් නැත්තේ"
හන්දිය පැත්තේ ඉඳන් ආපු බුවෙක් බෝක්කුව පහු කරගෙන ආපු වේගෙන්ම ෆුටෑර් එක පදින ගමන් පොඩි නොන්ඩියක් දාගෙන ගියා...
"කව්ද බං ඒ..."
"ඔය කොළණියේ උක්කුං නේ..."
"ඇයි දැන් ඌ සෙට් වෙන්ට එන් නැද්ද.."
"ළඟදි උට පොඩි සීන් එකක් වුනානේ.. ඊට පස්සේ ගෙදරින් මේ ප්‍රාන්තේ ගැවසෙන එක තහනම් කරල තියෙන්නේ..."
"ඇයි මොකද වුනේ.."
"දවසක්
ඕකා මෙහෙ ඇවිල්ලා අපිත් එක්කම උදේම හඳේ ගිහින් ගෙදර ගියා.. ආය එකෙන්ම
වැදිලා... මුට ගෙදරින් කොස් අත්තක් කපන්ට කියලා..මූ නිකමුත් ගොනානේ.. මේක අත්ත උඩ ඉඳගෙනම
කපලා.. භාගයක් කපද්දි අත්තත් කඩාගෙන මූ බිම වැටිලා..
වැටිච්චි පාරට ටිකක් දරුණුවට ඩැමේජ් වෙලා... සිද්ධිය ඒක නෙවෙයි.. සද්දෙ
ඇහිලා ගෙදර මිනිස්සු එද්දිත් මූ හිනාවෙනවලු පෙරලි පෙරලි... අම්මලා බයවෙලා
යකෙක්වත් ගහලද කියලා.. පස්සේ අප්පච්චිට මුගේ ඇස් දෙක දැක්කම සීන් එක මීටර්
වෙලා.. එදා ඉදන් මුට උඩහ ප්‍රාන්තෙට වීසා කැන්සල්..."
"ඇයි උක්කුවා කොළඹ ගිය සීන් එක දන්නේ නැද්ද..."
"ඒ මොකක්ද ඒ සීන් එක..?"
"ආහ්.. ඕක
ඉස්කෝලෙන් ට්‍රිප් ගියාට තනියම කොළඹ ගිහින් තිබුනේ නෑනෙ... දැන් සමන්ත බස්
එක පාන්දරම යනවනෙ කොළඹටම.. මූත් කොහොම හරි දවස් තුන හතරක්ම ගිහිල්ලා..
පිටකොටුවෙන් බහිනවලු... ආය බස් එක ගහන වෙලාවටම බස් එකටත් සෙට් වෙනවලු.. බස්
එකේ ගෝලයට සැක හිතිලා මේකා ගොනා වගේ මොකක් හරි එකකට මාට්ටු වෙලාද
කියලවත්.. මුගෙන් අහලා මොකද උඹ හැමදාම ඇවිල්ලා ආපහු යන්නේ කියලා... "
මූ කියනවලු,
"ඒක
තමා බං මාත් බැලුවේ.. මං මේ කොළඹ දැනගන්ටත් එක්ක ඇවිදින්නම් කියලා ආවේ..
කොහෙද මං එන හැමදවසකම පොළනේ.. බලපන් ඉන්න සෙනග කැටිය... අඩේ කොළඹට පොළක්
නැති දවසක් ඇත්තෙම නැද්ද.."
ඇත්තටම කොළඹ පොළක් නැති දවසක් ඇත්තෙම නැද්ද...?
මල් පූජාවක්! :D
ReplyDeleteකොළඹ පොලක් නෑ රෑ 1ට විතර ගියානම් :D
ආය ඉතින් බොරුවක් එහෙම නම් මේ කියවන කාට හරි හෙනයක් වදින්ට ඕන ඕං..
ReplyDeleteහි හි...
ගමේදි පුතාට කියන්නෙ උක්කුවා කියලද? අපි අදනෙ දන්නෙ
ReplyDeleteමලක අසිරිය මෙන්ම එහි නුගුණද අතිමහත් යැ. එදිනෙදා ජිවිතයේදී උත්තේජනය නොවෙන , මොලයේ යම් කිසි කොටසක්, පුෂ්ප දුමාරය මගින් උත්තේජනය වනවා ඇති යන්න මයියා ගේ පිලිගැනීමයි.
ReplyDeleteඇත්තට කොළඹ හැමදාම පොළ නොවැ.
ReplyDeleteකොළඹ රටේ කරක් ගහලා තියෙන එකේ පුතාටත් තිබුනේ ඉතින් කොළඹ හැමදාම පොළක් තිබේ කියලා කියන්ට..
ReplyDeleteතව වැඩෙයෙං ඕන නං ඩුබායි පොළ ගැනත් කියන්ඩ බැරියැ.
මෙන්න පුතා ආයෙමත් ඇවිල්ලා . අපි උඹගේ ලියවිල්ලක් දකින්න පෙරුම් පුරපු තරම් . මම කලින් පෝස්ටුව දැක්කේ නෑ නේ
ReplyDeleteමල් පූජාව නම් කරපු කාලයක් මතක නෑ ලඟදීම මට ඒකටත් අවස්ථාවක් ලැබේවි
එහෙනම් ලියමු දිගටම .
ඇත්තට කොහේද පුතේ ඔයාගේ ගම ..?
ඔය කොළඹ කතාව එක එකාට වෙච්ච දෙයක් නෙමේ පුතාටම වෙච්චි දෙයක්ලු.
ReplyDeleteඋඹ කෝමත් අරහෙ ආවෙත් එකොලහට විතරනේ.... ඒ දවස් වල ඔව්වා හිතුනට අහන්න ගියේ නෑ ඕං.
මෙලෝ රහක් නැහැයි කිව්වට රස කතාවක් අරගෙනම ඇවිත්.මෙහෙත් උක්කුවාලා නගරවලට ගියාම ඔය විදියම කතා කියනවා!!! මාත් ඉන්නෙ ගමක. ගමින් පිට කවදාවත් ගිහින් නැති අය ඉන්නවා.
ReplyDeleteහික්.. කොස් අතු කැපිල්ල නම් පට්ටයි.. :D
ReplyDeleteඋඹ කොහොමැයි බන් මෙලෝඅ රහක් නෑ කියන්නේ . . .
ReplyDeleteඋඹ ඩුබායි වට්ටක්කා උයපන් අපි කාලා කියන්නම් රහයිද මෙලෝ රහක් නැද්ද කියල . . .
මේ කතාවත් අනෙක් එව්වා වගේම රහයි . . .
අර මල් පූජාවේ සීන් එක පට්ට ඈ . .
එකපාරටම මල් පූජාව කිව්ව ගමන් ඔලුවට ආවෙ මොකක් කියලා පස්සේ වැඩේ මීටර් උනාම මැරෙන්න හිනා . .
මල් පූජා කර කර හිටියට කමක් නෑ ඉස්සර ඉගෙන ගන්න කාලේ වගේ පික්සු නටන්නේ නැතුව කරන්න ආපු වැඩේ හරියට ඉවරයක් කරලා මෙන්න මෙහේ වරෙන් . . .
අහන්නත් දෙයක්ඇ. පොල වගේ නේන්නං. සෙනඟ කනදරාව. එළ කොල්ලෙක්නේ බං උක්කුවා.
ReplyDeleteමොනා වුනත් උඹ ආපහු ලියන එකනං අගෙයි.!!!
@පුසා...
ReplyDeleteරෑ එකට දෙකට විතර තමා මචං පොළ නැතිවුනත් නියම කොළඹ බලා ගන්ට පුලුවන් වෙන්නේ.. :)
@තාරා.. :) චූචි විහිළුවක් කොලේ..
@හරි-පිණිපලස..
ර් ර් ර්... එහෙනම් හරි අක්කා කොහොම හරි වැඩේ අල්ලා ගත්තා නේ.. :)
@මයියා..
ඇත්ත මචං.. තාවකාලිකව ලබන අසිරිය වගේම.. දිගුකාළීණව බලපාන අතුරු ආබාධත් ඒත් එක්කම තියෙනවා.. විශේෂයෙන් මතකය වගේ දේවල්... කොහොම වුනත් මචං මමනම් ඔය විදේශීය නිෂ්පාදනවලට වඩා දේශීය එව්වට හරි මනාපයි..
@පිණිබිඳු..
ඒකනේ වැඩේ.. ගමේනම් සතියට එකයි..
@සමීර..
ReplyDeleteඩුබායි වල සිකුරාදට පොළ වහනව මචං.. :)
@හිස් අහස..
සඳරුලාට මල් පූජාවක් තියන්ට වුනේ නෑ කියන්නේ එහෙත් බඩු හිඟද.. :) අපේ ගමේ ඉඳන් උඹලගේ ගමට පැය තුන හමාරක විතර දුරක් තියෙන්නේ මං හිතන්නේ..
@ප්‍රසන්න..
:) උඹට කිව්වයි කියල හිතාගනින්කෝ..
@චතුවා..
ගම්වල ඔයවගේ ඩයල් එකෙක් හරි අනිවර්යෙන් ඉන්නවමයි..
@අරුණි ෂපිරෝ..
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට අක්කේ.. ඒ කියන්නේ එහෙත් එහෙමයි එතකොට... :) මම දැකල තියෙනවා සමහර ෆිල්ම්වල එහෙම ඔය වගේ සිද්ධි..
@දුකා..
බොහොම ස්තූතියි වචන ටිකට අයියා... පික්සු බොහොම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ.. අනිවා පුළුවෙන් ඉක්මනින් වැඩේ ගොඩ දාගෙන ආපහු එන්ට තමයි ඉන්නේ..
@වන්නි..
නැතුව නැතුව මචං.. බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට...
පුතේ . . . . බොහෝම නරකයි උඹල ඔය බෝක්කු ගානෙ ලැගගන රෑ තිස්සෙ කොරන මල් සෙල්ලම . . . . . අපි වගේ හොඳ විදියට හැදියල්ලකෝ . . . .
ReplyDeleteඕනයා.. හෙහ් හෙහ්.. බොලා වගේ හැදුනොත් යසට හිටියි..
ReplyDelete