Sunday, August 8, 2010

ලුනු ඇඹුල් දමා (අ)නා ගැනීම....

අපි ගොඩක් වෙලාවට කතාවක් තවත් කාට හරි කියන්ට ගියාම අමතරෙන් ලුනු ඇඹුල් ටිකක් දානවනෙ.... සොරි වෙන්ට ඕන ඔබතුමී හරි ඔබතුමා හරි එහෙම කරන්නෙ නැත්තම්... හැබැයි මමතුමානම් ටිකක් විතර දානවලු... හරිය.. 


ඉතින් ඔය ප්‍රධාන සීන් එකේ මෙව්වා එකට හානියක් වෙන්නේ නැත්තම් ටිකක් විතර අතින් දැම්මට අවුලක් නෑ කියල තමයි පුතා හිතන්නේ..... හැබැයි දාන කොට පරිස්සමින් දාන්ට ඕන... එහෙම නැතුව නිකන් තියෙන එකනෙ කියල දාගෙන දාගෙන ගියොත් නම් ඉතින් වැඩේ අල වෙන්ට පුලුවන් කියල තමා පුතාට හිතෙන්නේ....(ඔය පඬි වදන් දුන්නට ලුනු ඇඹුල් දාන්ට ගියාම ගොඩක් වෙලාවට පුතත් කරගන්නෙම නාගන්න එක තමයි ඉතින්....)


එහෙම අතින් දාල නාගත්තු සීන් කෝන් එකක් ගැන පුතාට අහන්ට ලැබුනු කතාවක් තමයි ඕං අද ලියන්නේ...
ලංකාවේ සිදුවුනු දරුණුම ගුවන් අනතුර මොකක්ද කියලා දන්නවද..?


පුතා දන්න කියන විදිහට ඔය දරුණුම ගුවන් අනතුර සිරීපාදේ හැප්පිලා තියෙන්නේ පුතා ඉපදෙන්ට අවුරුදු 7-8කට විතර කලින්... ඒකෙදි මිනිස්සු දෙසීයක් විතර මැරිලා තියෙනවලු.... ඉන්දුනීසියාවෙන් හරි මැලේසියාවෙන් හරි (හරියටම මතක නෑ රට මොකක්ද කියලා..) ඉඳන් මක්කම වඳින්ට යන්ට ආපු මුස්ලිම්වරු පිරිසක් තමයි ඔය ප්ලේන් එකේ ඉඳලා තියෙන්නේ....
ඉතින් ඔය ප්ලේන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඒක දැකපු බුවාලගෙන් ඒ ගැන විස්තර එහෙම ඇරන් තියෙනවා... පුතා හිතන්නේ කළු පෙට්ටිය හොයා ගන්නකම් වැඩකුත් තියෙන්ට ඕන හින්දා තමයි ඔය වටපිටාවේ හිටපු බුවාලගෙන් මොනවද දැක්කේ කියල අහන්ට ඇත්තේ... ආහ්... "කළු පෙට්ටිය" කියන්නේ මොකක්ද කියලා දන්නවනෙ.... ප්ලේන් එකක් ඇක්සිඩන්ට් එකක හැප්පුනාම ඒ කියන්නේ ඒයාර් ක්‍රෑෂ් එකක් වුනාම ඒකට හේතුව හොයාගන්ට තියෙන හොඳම සාක්කිකාරයා තමා "කළු පෙට්ටිය" කියන්නේ... ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.. 


ඉතින් ඔය කළු පෙට්ටිය මොන පාටද කියල ඇහුවොත් එක පාරටම හිතෙන්නේ නිකන් අර "කළු ජූලිය" සිදුවූයේ කිනම් මාසයකද ජාතියේ ප්‍රශ්ණයක් ඇහුව කියල නේද..? 
අදත් ඕන් නැති ප්‍රශ්ණ අහල ඇදගෙනම නාගන්ට වගෙ නේද පුතා සෙට් වෙන්නේ...... නෑ නෑ අද නාගන්නෙ ප්‍රශ්න අහල නෙවෙයි... :D


ඉතින් ඕකෙ නම කළු පෙට්ටිය වුනත් ඔය ගැජමැටික් එක තද තැඹිලි පාටින් තමා පාට කරල තියෙන්නේ.... 


ඔය ඕනතරම් කට්ට කලු බුවාල බුවීල ඉන්නේ සුදූ කියල නම තියෙන..... ඒ ඉතින් ආදරෙට කියන නමක්නෙ... නේද.... එහෙනම් තැඹිලි පාට පෙට්ටියට කළු පෙට්ටිය කියන්නෙත් ආදරෙට වෙන්ටැති කියල පුතා උපකල්පනය කරනවා.....
පෙට්ටි ගැන කියන්ට ගිහිල්ල කියන්ට ආපු කතාවත් අමතක වෙනවා... ඕං.... ම්... ම්... හරි... ඉතින් ඔය ප්ලේන් ක්‍රෑෂ් එක දැකපු බුවාලගෙන් විස්තර ගන්නවනෙ.... දැන් ඉතින් එක එක්කෙනා කියනවා තමන් දැකපු දේවල්..... ඔහොම අහගෙන අහගෙන යන අතරෙ එක බුවෙක් කියනවලු...(මිනිහත් ටිකක් විතර පුතා වගෙ අතිනුත් දාන බුවෙක්ලු.....) "මම දැක්කා අහස් යාත්‍රාවක් සෑහෙන පාතින් යනවා........ 
බීපු මිනිහෙක් එලවනවා වගෙ එහෙට මෙහෙට පැද්දි පැද්දි තමා ඕං ගියේ..... 
මට ඒත් හිතුනා මොකුත් නමුත් ලොකු අනතුරක් වෙන්ට තමා යන්නේ කියලා...
හිතුවා හරි.. මේං අහස් යාත්‍රාවකන්දේ හැප්පිච්චි... මේ නේත්තරා දෙකෙන් බලාගෙන ඉන්ඳැද්දිම......  
දුකේ බෑ අප්පා... 
එකේ හිටපු මිනිස්සු බුදු අම්මෝ බේරගනියෝ කියල කෑ ගහපු සද්දෙ මට දැනුත් දෝංකාර දෙනවා දෙනවා වගෙ ඕං...."
කතාව ඉවරායි....
ප/ලි: ඕං පුතා නාගෙනලු... අහස් යන්තරෙ හැප්පිලා තියෙන්නේ සිරීපාදේ නෙවෙයි සප්ත කන්‍යා කන්දෙලු.... තැන්කූ කිව්වලු මකරට වැරැද්ද පෙන්නුවාට...
Related Posts with Thumbnails