මම ලියමි. ඊයේ මතක හැටියටත්.. අද දැනෙන තරමටත්.. හෙට පතන හැටියටත් මම ලියමි. කියවන ඔබ ඒවා කියවාගන්නා වගකීම ඔබ සතුය. මතක තබාගන්න ඔබ හැම විටම නිවරදිය. එබැවින් මා ලියනා දෑ මතින් ඔබ අඳින්නට නියමිත චිත්රයන් සම්බන්ධව මට කිසිදු වගකීමක් දැරිය නොහැකි බව කාරුණිකව පිළිගන්න.
Sunday, July 3, 2011
පරණ කතාවක් | An old Story.
අමරසිරි පීරිස් මහත්තයා කියන "මිනිසා..." සින්දුව අහල ඇතිනේ. ලස්සන සින්දුව නේද? ඉතින් ඔය සින්දුව අහන් ඉන්දැද්දි පුතාට කාලෙකට ඉස්සර අහපු චූටි කතාවක් මතක් වුනාලු.
මේක බොහොම පරණ එකක්. ඇත්තටම සිද්ධ වුන එකක් කියලයි අහල තියෙන්නේ. සමහර විට අහලත් ඇති. අහල නැති අයත් ඇතිනේ. ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුවා.. :)
අහල තියේද මේං මේ කවිය,
වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
මේ කවිය බෞද්ධ කථාවක් ආශ්‍රයෙන් බිහිවෙච්ච බොහෝම වටිනා කියන උපදේශාත්මක එකක් බව ඔබ තුමාලා තුමීලා දන්නවා ඇතිනේ. ඈ.. දන්නේ නෑ කිව්වා. එහෙනම් ඉතින් මේන් මේ බ්ලොගේට ගිහින් මුළු ඉස්ටෝරියම දැන ගන්ට පුළුවන් වෙයි.
ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක එකෝමත් එක ඉස්කෝලෙක බුද්ධාගම උගන්වන ගුරුතුමී අටේ පන්තියට ඇවිත් ඔය උඩින් තියෙන කවිය කළු ලෑල්ලේ ලියලා මේ කවියෙන් ළමයින්ට තේරෙන්නේ මොකක්ද කියලා අහනවලු.
ම්හ්.. වෙනදට ක්ෂණිකව උත්තර දෙන පන්තියේ ඉස්සරහා පේළිවලින් කිසිම ප්‍රතිචාරයක් නැතිලු..
ප්‍රශ්ණයක් ඇහුවම මීක් සද්දයක් නැති නසරාණියෝ සෙට් එක ඉන්න පස්සහා පේළිවලින් නම් හීන් කසු කුසුවක් යනවලු..
ගුරුතුමීට දැන් සෑහෙන අප්සට්ලු සීන් එකට..
මෙච්චර සරල කවියක්වත් මුන්ට තේරෙන් නැද්ද..
ඔය අතරේ අර නසරාණි සෙට් එකේ ඉන්න ඇම්ඩෙක් අත උස්සගෙන ඉන්නව ගුරුතුමීට පේනවලු...
හ්ම්..ඇති යන්තම් එකෙක් හරි හිටියා..
"ආ.. පුතා කියන්ට බලන්ට පුතාට මේ කවියෙන් මොනවද තේරුණේ කියලා.."
"ටීච.. ටීච මට මුළු කවියම තේරෙන්නේ නෑ.. හැබැයි භාගයක් විතර තේරෙනවා..."
"කමක් නෑ පුතා.. කමක් නෑ.. පුතාට තේරෙන ටික කියන්ටකෝ එහෙනම්..."
"ටීච.. ඔය කවියෙන් කියවෙන්නේ නාකි මනුස්සයෙක් ගැන ටීචර්.."
"ඈහ්.. ඔය ළමයා කොහොමද එහෙම කියන්නේ මේක නාකි මනුස්සයෙක් ගැන කියලා.."
කොළුවා දුන්න උත්තරෙන් අවුල් ගිය ගුරුතුමී ආපහු අහනවලු..
"ඔව් ටීච එයා හරි.. නාකි මනුස්සයෙක් ගැන තමා ඔය කවියෙන් කියවෙන්නේ.."
ඒ පාර කොල්ලෝ සෙට් එකම කියනවලු.
මුන් හැමෝම මෙහෙම කියන්නේ මොකද කියල හිතපු ගුරුතුමී ආපහු කළු ලෑල්ල දිහා බැලුවලු...
හපොයි..
ගුරුතුමීට කවියේ අන්තිම පේළිය පටන් ගනිද්දි "ම" යන්න වෙනුවට "ප" යන්න ලියවිලා...
අලුත් තුනක් වුණා නම් තමයි නියම තේරුම එන්නේ නේද ?
ReplyDeleteමීමා නාකිඋනාට අඟ නාකිවෙන්නේ නෑ කියලා කියමනක් තියනවලු.
ReplyDeleteඕං ඕකනේ කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියලා :D
ReplyDeleteහික්ස්...
ReplyDeleteඅහ්..ඔය ඇවිත් තියෙන්නේ වට්ටක්කා පුතා කාලෙකින් පැණි කොමඩුවක් අරගෙන..
ReplyDeleteයකෝ මිස්ව කොටියම කන්න එපැයි... පොඩි එව්වොන්ට කුනුහබ්බ කියලා දෙනවට....
ReplyDeleteෂික් විතරක්. වලත්ත කතා.
ReplyDeleteඈ ායිබොවන්ඩ? ඔය ජාතියේ ජනශැති දෙසාබාපු සුරා ගුරාට මක්ක උනැයි?
මුංනම් මහ ඇම්බැට්ට කොල්ලො.. අකුරක් වරදින්න බෑ.
ReplyDeleteපුතා කිව්වොත් ඉතින් ඔහොම එකක් තමා,, පුතෙක් නෙමේ තාත්තෙක් වෙලා මූ :P
ReplyDeleteඅර ඇම්ඩා පුතා හෙම නෙවේලු.. හික්ස්
ReplyDeleteතුඃ අවලං කතා.
ReplyDeleteහෆොයි . . අර මම දවස ලියපු ටීචර්ට ඇටසැකිල්ල කියලා කියලා ලියනන් ගිහින් වෙච්චි වැඩේමයි . . පවු ඕයි . . හික් හික් හික් .. .
ReplyDelete@ප්‍රසන්න
ReplyDeleteඒකනේ මචං.. :)
@චාමි
ඕං සුරා කාලෙකට පස්සේ එලි බැහැලා තිබ්බා..
@අවුට්සයිඩර්..
ReplyDeleteඒකනේ.. බලහං එක අකුරනේ..
@හරි පිණි පලස..
හපොයි.. සමාව භජනය වෙන්ට ඕන හරි අක්කේ.. මට ඒත් මතක් වුනා..
@චතුවා..
අප්පද.. ඌද කියන්ටත් බෑ හැබෑට..
@විකී..
කොහෙද බොල වහන් වෙලා උන්නේ.. ආං අරෙහෙ නයි පොළොංගු රිංගලා... ආයෙ සුද්ද බුද්ද කරල ගත්තනම්..
@දුකා..
මට ඒත් මතක් වුනා දුකා අයියගෙ කතන්දරේ.. අර අනික් චූටි ටීචගෙ කතන්දරෙත් මතක් වුනා.. :)
ඔවැනි වට්ටක්කා කතාවක් අහන්න ඉතිං උඹ ඉන්නම එපැයි බං. ඒකනේ අපි කියන්නේ දිගටම ලියහං කියලා... මට මතක් වුනේත් අර ඇටසැකිල්ල තමා... :-)
ReplyDelete