Monday, July 26, 2010

උඹට බය හිතෙන්නේ නැද්ද බං (කක්කි කතාවක්)

ඕං කතන්දරකාරයා ඒ පාර කක්කා කතා කියන්ට පටන් අරං.... ඒ මදිවට කියනවා කට්ටිය කක්කා කතා ලියන්ට ගනීද දන්නෙ නෑ කියලා... අපි අහුවෙයි ඕවට... ආය ලියන්නම්කෝ කතා එකට දහයක්.... හිකිස්....
කක්කා කතා කියනකොටම පුතාට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ "කොළඹ සන්නිය" චිත්‍රපටිය... නියම ජෝක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්ට පුළුවං ඒක බැලුවනම්... බලපු නැති කෙනෙක් ඉන්නවනම් නිවාඩු තියෙන වෙලාවක මෙතෙන්ට කොටල ගිහින් බලාගන්ට.....
ඇත්තම කියනවනම් අද මොකුත් නොලිය ඉන්ට තමා පුතා හිතං හිටියේ... ඒ හින්දා අද ලියන කතාවට දෝෂාරෝපණ එහෙම තියෙනවනම් ඒවට වග කියන්ට ඕන පුතා නෙවෙයි කතන්දරකාරයා ඕං...
ඕං එහෙනම් අද (කක්කි) කතාව... ආහ්... මේක කක්කි කතාවක් හින්දා කක්කි වචනත් තියෙයි ඕං... ඈ
හැමෝටම වගෙ මතකයිනෙ ලංකාවේ යුද්ධයක් කියල එකක් තිබුනා...... මතක නැත්තන් ඒත් කමක් නෑ... එහෙම එකක් තිබ්බා හරිය....
ඒ යුද්ධෙ තියෙන දවස්වල තිබ්බා මායිම් ගම්මාන කියල ජාතියක්... ඒ මායිම් ගම්මානවල ආරක්ෂාවට හිටියෙත් ඒ ඒ ගම්මානවලින්ම පොලීසියට බඳවා ගත්තු නිලධාරින් තමයි.. ඒ අයට ආදරෙට කිව්වේ ගම්බට්ටා අයියලා කියලා...
ඔය වගෙ මායිම් ගම්මානයක මායිමේ දවසක් රාත්‍රි මුර සේවයට වැටිලා හිටියා ගම්බට්ටා නිලධාරින් දෙන්නෙක්...
ඔහොම මුර කර කර ඉන්න අතරෙ දෙන්නටම එක දිගටම ඔෆිස් එකෙන් කෝල් එන්ට අරන්..
බඩ දන්නෙ නෑනේ ඉතින් මුං මේ මුර සේවයක් කරන්නෙ කියලා... අනික ටොයිලට් තියනවද කියල දන්නෙත් නැනේ


ඉවසන් ඉන්ට බැරිම තැන දෙන්න කතාවෙලා ලඟ තිබුනු දොල පාරක් ලඟට ගිහින් ඔය තියෙන ෆොටෝ එකේ විදිහට වාඩි වෙලා කර්තව්‍ය කර ගත්තා... බැරි වෙලා හරි සතුරා ආවොත් වැඩේ වගෙ නෙවෙයිනෙ... සතුරා ගැනත් බලන්ට ඕන හින්දා තමයි ඉතින් ඔය විදිහෙ ක්‍රමයක් යෝජනා කර ගත්තේ...
දෙන්නා ඔය විදිහට බර සැහැල්ලු කරගන්න අතරෙ ඈතින් ඇහෙන්ට ගන්නවා වෙඩි තියාගන්න ශබ්ද එහෙම.....
කොහොම හරි ඉතින් අමාරුවෙන් අමාරුවෙන් වැඩේ කරගත්තා කියමුකෝ... 


දැන් ඉතින් හෝද ගන්ටත් එපැයි... 


දෙන්නම දොලට බැහැල කලින් වැඩේ කරගත්ත ඉරියව්වෙන්ම ඉඳලා හෝදන්ට ගන්න කොටම වෙඩි සද්ද ලඟ ලඟම ඇහෙන්ට ගන්නවා...

ඔන්න දැන් ගම්බට්ට අයියලා දෙන්න අතරෙ යනවා මෙහෙම දෙබසක්... ඒයි මචං උඹට බය හිතෙනවද බං නෑ.. පිස්සුද මචං... උඹට හොඳටම ෂුවර්ද උඹ බයවෙලා නෙවෙයි ඉන්නේ කියලා... ඈ.... නෑ මං බය නෑ.... ඇයි උඹ හදිස්සියේ එහෙම ඇහුවේ.... නෑ උඹ බය වුනේ නැත්තන් අවුලක් නෑ..... උඹ මගෙ පුක හෝදගෙන හෝදගෙන යන හින්දා ඇහුවේ........ කක්කි කතාව ඉවරායි....

Sunday, July 25, 2010

(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත්

ඊයේ දාපු ටොයිලට් ප්‍රශ්නෙට සෑහෙන ප්‍රතිචාර තිබුනා... පුතා දන්න කියන ගොඩාක් දෙනෙක් කැමතිම තැන තමා ඔතන... නිදහසෙ වැඩක් කරන්ට තියෙන එකම තැන ඔතනනෙ නේද?


දුමීගෙන් බරපතල චෝදනාවක් එල්ලවෙලත් තිබුනා උත්තරය ගැන... ඕං ඒ පිලිබඳ සම්පූර්ණ වගකීම පුතා බාරගන්නවා.... (ඒකත් මරු නේ... වගකීම බාරගන්නවා කිව්වම කේස් එක ඉවරයිනෙ... ඔය කැම්පස් වල එහෙම අරගල අරව මෙව්වා කරන්නෙ වගකීම බාර ගන්ට කියලනෙ... පුතා එහෙම ඔය ලොකු පුටුවක හිටියනම් වචන දෙකෙන් වර්ජන සේරම ඉවරයි... වගකීම බාරගන්නවා)


ඔය වැපාල එහෙම නම් ටොයිලට් එකේ ඉන්නෙ කවුද කියලා බලනවලු යන්ට කලින්... කවුරු හරි ඉන්නවද නෙවෙයි... කවුද ඉන්නෙ කියලා.... ඒ කියන්නේ ඉන්න කෙනා බලල ඇතුලට රිංගනවා.. එහෙමද? (පුතාට තෙරෙන විදිහෙ අවුලක් තියෙනවද මන්දා..)


ඉතින් ඔය ටොයිලට් ප්‍රශ්නේ යන අතරෙ පුතාට ඔය ජාතියෙ ප්‍රශ්න පෝලිමක්ම එක පේලියට මතක් වුනා... මතකෙ අමතක වෙලා යන්ට කලින් ඒවායින් එකක් දෙකක් ලියන්ට කියල හිතුනා...



------------




මේ ලියන්ට යන ප්‍රශ්නෙටනම් පුතා තමයි හරි උත්තරෙ දුන්නේ... ඕං..
මේකයි ප්‍රශ්නේ...
ඔන්න ශක්‍ර දෙවියෝ අළුත් අවුරුදු දවසක කැලේට වැඩල සත්තු හැමෝටම තෑගි දුන්නලු...
අවුරුද්දට ඉතින් තෑගි විදිහට දෙන්නේ ඇඳුම් නේ... ශක්‍රයත් ලේසියටද මන්දා ගෑණු පාර්ශවයට චීත්තයකුයි හැට්ට රෙද්දකුයි... පිරිමි සත්තුන්ට කිබ්ස් සරමකුයි බැනියමකුයි තමයි ගෙනත් තියෙන්නේ...
හැබැයි එක සතෙකුට විතරක් වෙනමම ටයිට් ෂොට් එකකුයි බොඩි ෆිට් ටී-ෂර්ට් එකකුයි ගෙනත් තිබුනා...
ඉතින් ප්‍රශ්නේ තමයි..... කවුද මේ අළුත් අවුරුද්ද දවසෙත් ෂොට්ස් අඳින පොෂ් සතා?



------------
ඊ ළඟ එක... ඇත්තටම කිව්වොත් මේක එකක් නෙවෙයි ප්‍රශ්ණ පත්තරයක්.... සමහරවිට ගොඩක් දෙනෙක් දන්න එකක් වෙන්ටත් පුලුවන්... ඒ හින්දා උත්තරත් එක්කම ප්‍රශ්ණ ටිකත් කියල දාන්නම්.. 


ගඟක් අයිනෙ තියෙනවා ගඟ පැත්තටම නැවිච්චි පොල් ගහක්... ඕක උඩ ඉන්නවා කුකුලෙක්... ඌ බිත්තරයක් දැම්මොත් වැටෙන්නේ කොහෙටද?


උත්තරය - කුකුලෝ බිත්තර දාන්නේ නෑනේ... ඒ හින්දා කොහෙටවත් වැටෙන්නෙ නෑ.. බැරි වෙලාවත් කුකුලා බිත්තරයක් දැම්මොත් එහෙම....
කුකුලා යට කලිසමක් ඇඳගෙන හිටියොත් ඒකට වැටෙයි... (මේ එක එක කතා කියන්ට ඔට්ටු නෑ ඕං... කතාව යන්නෙ එහෙමයි.. අහගෙන ඉන්ට..) කුකුලෙක් බිත්තරයක් දැම්මොත් වැටෙන පුලුවන් තවත් තැන් දෙකක් තියෙනවා... ඒ මොනවද...
පත්තරෙට වැටෙනවා "කුකුලෙක් බිත්තරයක් දමයි" කියලා.. පත්තරෙට වැටුනත් නැතත් අනිවාර්යෙන්ම අටපට්ටමටනම් වැටෙනවාමයි..... ඔය බිත්තරෙ දාන කුකුලා යටට මුකුත් ඇඳල හිටියේ නැතිවුනොත් බිත්තරෙ ගඟට වැටෙනවනෙ... ඔය ගඟට වැටෙනකොට බිත්තරෙට මොකක්ද වෙන්නෙ...

පුතාම ප්‍රශ්න අහල පුතාම උත්තර දෙන එක හරි නෑනේ... හොඳයි වැඩකරු නම් කියන්ට බලන්ට උත්තරෙ


------------


තුන්වෙනි හා අවසාන ප්‍රශ්ණය.... හරිම සරලයි... 


හැබැයි තාමත් පුතා දන්නෙත් නෑ මේකට උත්තරෙ... 
නිවුන් නයි දෙන්නෙක් (ඒ කියන්නේ එකම සයිස් එකේ නයි දෙන්නෙක්) වලියක් ගහගන්ට පටන් ගන්නවා.. 


ඔය වලිය ගහගෙන ගහගෙන යන අතරෙ උන් දෙන්නට අහුවෙනවා අනික් එකාගෙන කක්කි පැත්ත.... (පුතා හරියටම දන්නෙ නෑ... කක්කි පැත්ත එතැනමද කියලා.... කොහොමහරි පෙනේ පැත්ත නෙවෙයි අනික් කෙලවර....) 


ඔන්න ඉතින් ගිලින්ට ගන්නව දෙන්නම.. ඔහොම ගිලගෙන ගිලගෙන ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ.... 


වැඩක් නැතුව නිකන් ඉන්න වෙලාවක (නිදාගන්ට යන්ට කලින් වගෙ)
හිතලා බලලා උත්තරෙ දැනගත්තොත් පුතාටත් කියන්ට අමතක කරන්ට එපා ඕං..... 



------------
ප\ලි වැඩේ පබා වෙලා වගෙ පේන්නෙ... පුතා ඇහුවේ මේං මේ චූටි ප්‍රශ්ණ තුන විතරයි...
1. සරම් හරි චීත්ත රෙද්දක් ඇඳලා වැඩක් නැති සතා කවුද? 2. ගඟට වැටෙන බිත්තරෙට ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? 3. තුන්වෙනි ප්‍රශ්නෙට පුතත් උත්තරෙ දන්නෙ නෑ... නිවාඩු පාඩුවේ හිතල බලන්ට කිව්වේ ඒකයි... සොරි වෙන්ට ඕන කතාව දික්වුනාට අමතක වෙන්ට කලින් ලිව්වේ ඕං...



Saturday, July 24, 2010

ටොයිලට් ප්‍රශ්ණයක්

පුතා දහයෙ එකොලහෙ පන්තිවල ඉද්දි බොහෝම කැපවීමෙන් සමාජ සේවා කටයුතු වලට සහභාගි වුනා... කටයුතු වලට කිව්වට මල ගෙවල්වල රෑ නයිට් ගහන එක තමා පුතා බොහෝම ආසාවෙන් කරපු සමාජ සේවාව... (ඔව්.. ඔව් ඒ දවස්වල රෑ නයිට් ඩියුටි එක තමා කරන්නේ..) 


එහෙම කිව්වට ඉතින් පුතාගෙ යාලුවෙක්ගේ යාලුවෙක්ගෙ වඳ ආත්තම්මගෙ ලොකු පුතාගෙ නෝනගෙ අම්මගෙ මල ගේ වගෙ නොයාම බැරි මල ගෙවල්වල තමා පුතයි පුතාගේ යාලු පුතාල සෙට් එක නයිට් ඩියුටි වලට යන්නේ... 
ඔය වගෙ අවස්ථා වලට සහභාගි වුනාම පුතාගේ අතේ කීයක් හරි තිබුනොත් අග මුල බැලීමේ ජාතික ක්‍රීඩාවටත් සම්බන්ධ වෙනවා... ඕකට කොළේ කැපීමේ ක්‍රීඩාව කියලත් කියනවා සමහර පැති වල කියනවා... 


ඉතින් ඕවට මේවට සහභාගි වෙලා අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වුනාම පුතාල සෙට් එක කතා කියන්ට සෙට් වෙනවා... ඔය කතා අතරෙ අනිවාර්ය අංගයක් තමයි ප්‍රශ්ණ අහන එක... ගොඩක් කතා වගෙම ප්‍රශ්ණත් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ජාතියේ ඒව තමයි..... 


කතන්දරකාරයාගෙ අලුත් චූ සීරිස් කතාව කියවද්දි පුතාට මතක් වුනා ඔය මලගෙදරකදි අහපු හරි ෂෝක් ප්‍රශ්ණයක්.... හරිම සරල ප්‍රශ්ණයක්...


මේකයි ප්‍රශ්ණය...
ටොයිලට් එකට ගියපු ගමන් කරන්නේ මොකක්ද?
උත්තරය...
මේ පොස්ට් එකට යටින් තියෙනවා Post a comment කියලා සිංහලෙන්ම ලියලා... දන්න කෙනෙක් ඉන්නවානම් ඒකට යටින් තියෙන කොටුවේ උත්තරය කැමතිනම් ලියන්ට පුලුවන්... :D


ඉඟිය.. 1.බුවාලා-බුවීලා දෙපාර්ශ්වයම මේක කරනවා.... 2.හදිසිම අවස්ථාවලදී බුවා පාර්ශවයට මේක ඔට්ටු නැතිවෙන්ටත් පුලුවන්... 3.අන්තිමට කියන්නෙ උත්තරය කුණුහරපයක් එහෙම නෙවෙයි ඕං..
4.හරි උත්තරය කිව්වාම "ඕක අහන්ටත් දෙයක්ය" එහෙම කියන්ට ඔට්ටු නෑ... ප\ලි: හරි උත්තරය ලබා දෙන බුවාල බුවීලාට ලැමිනේෂන් කරපු සහතිකයක් තෑගි වශයෙන් ලැබෙනවා ඇත...

Monday, July 19, 2010

තවත් ඇවරි කතාවක්

කතන්දරගෙ ඇවරි කතාව කියෙව්වම පුතාට මතක් වුනා කතාවක්....

මේ කතාව පුතාට කිව්ව යාලුවා ගැන යමක් නොකිව්වොත් ඒක සෑහෙන අඩුවක් වෙනවා... මොකද බොහෝ දුරට ඉදිරියට ලියන්ට හිතාගෙන ඉන්න කථා බොහෝමයක ප්‍රධාන චරිතයක් වෙන්ට පුලුවන් චරිතයක් තමයි මේ යාලුවා... චන්දිබූත් කියන නමින් මේ යාලුවා සිංහල බ්ලොග් අවකාෂයෙ භෞතිස්ම කරන්ට කියලා පුතා හිතා ගත්තා.. බුවාගෙ ඇත්ත නම මේක නෙවෙයි...


චන්දිබූත් ඇවිල්ලා ලංකාවේ සුවිශේෂ චරිත බොහෝමයක් බිහි කරපු ඉස්කෝලෙක ආදි ශිෂ්‍යයෙක්... බුවා බොහොම අභිමානයෙන් තමා ඒ චරිත ගැන කතා කරන්නේ... දැන් ඔය හිරේ විලංගුවේ දාල ඉන්න සරත් ෆොන්සේකා ජෙනරල්තුමත් මුලින්ම අකුරු කරල තියෙන්නේ චන්දිබූත් ඉගෙන ගත්තු ඉස්කෝලේම තමයි... ඕං දැන්නම් ගොඩක් දෙනෙක් දැනගන්ට ඇති චන්දිබූත් කොයි පැත්තෙ බුවෙක්ද කියලා නේ...


ඔය ඉස්කෝලෙම තමා අපි හැමෝම වගෙ ආදරෙ කරන කලාකරුවෙක් ඉගෙන ගෙන තියෙන්නේ.... අපේ චන්දිබූත් තමන්ගෙ ආදි ශිෂ්‍යයාට සෑහෙන්ට ආදරෙයි... ආදරෙ කොච්චරද කියනවනම් අපි දැන් තහනමක් දාලා තියෙන්නෙ බුවාට ඔය කාපු බීපු වෙලාවට ඒ ගායකයගෙ සිංදු කියන එකට.... ආය ඉතින් ඇත්ත ගායකයා සිංදු කියන්ට ගත්ත වගෙම තමයි...... එකදිගටම nonstop එකක් තමයි වදින්නේ... ඔව් ඔව් එක දිගටම nonstop.....


---------------

මේ කියන්ට යන කතාව චන්දිබූත්ම තමන්ගේ දීප්තිමත් ආදි සිසු ගායකයා ගැන කියපු කතාවක්....


චන්දිබූත් ඉස්කෝලේ යන දවස්වල ඒකේ ආදි ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරල තියෙනවා ඔය කියන ගායකයා වෙනුවෙන් උපහාර උළෙලක්... 


ඉතින් ඔය උත්සවයෙ එක අංගයක් වෙලා තියෙන්නේ Classical සංගීත සැඳැවක්.. ඔය පැදුරු පාටි Style එකේ එකක්... සිංදු කියන්නේ, සංගීතය සපයන්නේ අර භාවනා කරන්ට වගෙ එරමිණියා ගොතා ගෙන... (ඔය උඩ ෆොටෝ එකේ සෙට් එක ඉඳගෙන ඉන්නෙ එරමිණියා ස්ටයිල් එකට ) 


ඔය ගායකයා බොහොම සංවේදි මනුස්සයෙක්.... ඒ වගෙම මධු විතටත් බොහෝම ප්‍රියයි... ( කොහොමත් මධු විතයි සංවේදි කමයි බොහොම ලඟින් යනවලුනෙ නේද...?) 


ඔන්න ඉතින් සංගීතය නැගල යන අතරතුරේ අපේ ආදරණීය ගායකතුමා කතා කරන්ට ගන්නවා...(ඔය ආලෝකකරණය කරන ශිල්පියොත් සභාවෙ පූර්ණ අවධාණය එන විදිහට වේදිකාව අඳුරු කරලා එහෙම ගායකයා දිහාවට Spotlight එකක් ගහනවා...)


"අනේ මේ මං අයන්න ආයන්න කියපු ඉස්කෝලෙ නේද..මට ලොකූ සතුටක් මගෙ ඉස්කෝලෙ වේදිකාවේ සිංදු කියන්ට ලැබීම........." දිගටම කරගෙන යන්ට යන්ට කතාව තනිකරම සෙන්ටිමෙන්ටල් සීන් එකක් වෙනවා.... දුක වැඩිමකටම ගායකතුමාගේ ඇස් වලින් කඳුලුත් එනවා....  


අර එරමිණියා Style එකෙන් වේදිකාවේ ඉඳගෙන ඉන්න ගායකතුමා කඳුළු පිහදාගන්ට සරම උස්සලා උඩට ගන්නකොට තමයි ප්‍රේක්ෂකයොත් හොඳටෝම සෙන්ටිම සෙන්ටිමෙන්ටල් වෙන දර්ශණයක් වේදිකා ගතවෙන්නේ.......






---------------

ප\ලි : මේ කතාව මීට අදාල ගායකයානන්ට අපහාස කරන්ට ලිව්වා එහෙම නෙවෙයි ඕං... ඇවරි කතාව දැක්කම කට නිකන් කහනවා කහනවා වගෙ දැනුන හින්දා ලිව්වේ...

Friday, July 16, 2010

ගුලි තුනේ කථා වස්තුව

ගුත්තිල මූසිල කතාන්දරය ඉස්කෝලෙ ගිය හැමෝම වගෙ දන්න කතාවක් කියා පුතා උපකල්පනය කරනවා... පුතා දන්න විදිහට ඔය උපකල්පනය කරනවා කියන වචනය හරිම ෂෝක් වචනයකි... පුතා උසස් පෙළට ගණිතය ඉගෙන ගන්නට ගියා ගාමිණි පෙරේරා කියන ගුරුතුමා ගාවට.. ඔහු හරි අපූරු ගුරුවරයෙකි.. හැම දේශනයක් අවසානයෙදිම ඔහු කියනවා... "මා උපකල්පනය කරනවා මේ පාඩම හැමෝටම තේරුනා කියලා... ඔන්න ඉතින් අතරින් පතර අත් ඉස්සෙන්ට ගන්න කොටම ආපහු කියනවා ... නොතෙරුන කවුරු හරි ඉන්නවානම් මම එය නොසලකා හරිනවා". ඔන්න පුතාත් උපකල්පනය කරනවා ගුත්තිල මූසිල කතාව හැමෝම දන්නවා කියලා... 


ඉතින් ඔය ගුත්තිල කතාවෙ අන්තිමට ශක්‍ර දෙවියෝ වැඩලා ගුත්තිලට ගුලි සෙට් එකක් දීලා මූසිලට එරෙහි සටන ගොඩ දාල දෙනවනෙ... බලාගෙන ගියාම පැන්ෂන් යන්ට ඕන කාලෙ පැන්ෂන් යන් නැතුව තමන්ගේම ගෝලයාටවත් සුදුසු තැන නොදෙන ගුරුවරු අද විතරක් නෙවෙයි ඉස්සරත් ඉඳල තියෙනව නේද....? 


අද කියන්ට යන කතාවත් ගුත්තිල කතාව වගෙම ගුලිවලට සම්බන්ධ කතාවක්..... සමහරවිට මේක ගොඩාක් අය අහල තියෙනව වෙන්ටත් පුලුවන්..... අහල තියේනම් පුතාට බනින්ට එහෙම ඔට්ටු නෑ ඕං හරිය...... (බොරුවට කිව්වේ... පුතා වැඩියෙන්ම කැමති බැනුම් අහන්ට.... හැබැයි පුතාගෙ නමට ඉස්සරහින් විශේෂණ පද දාලා පුතාගේ අම්මට එහෙම බනින්ට නම් ඔට්ටු නෑ හරිද.....)
මෙන්න මේකයි සිද්ධිය....
----------------


එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටපු බුවෙක් කරන කරන වැඩේ අනාගෙන අනාත නාත වෙලා හිටියලු.... බැරිම තැන බුවා දෙයියන්ට කන්නලව් කරාලු තමන්ගේ දුක කියලා... අනේ ඉතින් දෙවියොන්ගෙත් පුටුව රත් වෙලා බැලුවාම දැක්කලු මේ නර බුවාට උදව්වක් ඕන වෙලාව තමා මේ කියලා...
ඔන්න ඉතින් දෙවියෝ අපේ බුවා ඉදිරියේ පහල වෙලා..... "එම්බල නර කොල්ල... මා තට ගුලි තුනක් දෙමි... ඒ ගුලියක් උඩ දමා තට රිසි දෙයක් ඉල්ලව.... එසැනින් එය තට හිමි වෙනු ඇත...." කියලා ගුලි තුන දීලා චුත වුනාලු... 


අනේ ඉතින් බුවාත් ගුලි තුන ගෙදර අරං ගිහින් කට්ටියගෙ අදහස් විමසුවාලු මොනවද ඉල්ලන්නෙ කියලා... 


ඔන්න ඉතින් එන්ට ගන්නවා යෝජනා.... 


එකෙක් කියනවා බැන් කී මූන් ගෙදර යවන්ට අයියා..... 


තව එකෙක්... අයිෆා HD විඩීයෝ එක ඉල්ලන්ට අයියා.... ඉවරයක් නෑ ඉල්ලීම්, යෝජනා වල.... 


වැලේ වැල් නැතුව ඉඳලා මුන් ඉල්ලන ඒවා දැකලා මල පැනපු පාර ගුලියක් උඩ දාන බුවාට කියවුනේ ඕ...න පුකක් වරෙන් කියලලු.... ( පුක කියන වචනේ හැමවෙලාවෙම කියවෙන කොට කක්කි කක්කි වගේ හින්දා ඔය වචනෙ එන තැන් වලදි මම P කියල කියන්නම්.)


අනේ උඩ දැම්ම ගුලිය වැටෙන්ටත් කලින් මිනිහගෙ ඇඟ පුරාම ආවෙ නැතෑ නා නා ප්‍රකාර P වර්ග.... ඇෆ්‍රිකන්ද, ඉන්දියන්ද, ඇමරිකන්ද පාට පාට ඒවා... ස්මෝල්, ඩබල් එක්ස් එල් එක ප්‍රමාණ වලින්....


බුවාට ගඳ ඉවසන් ඉන්ට බැරි තැන ඉක්මනටම දෙවැනි ගුලිය විසි කරන ගමන් කිව්වලු "අනේ මට එක Pවත් එපා කියලා..." ඔන්න ඉතින් අර මැවිච්ච P ඔක්කොම ඩිසපියර් වෙන අතරෙ බුවාගෙ තිබ්බ P එකත් නැතිවෙලා ගියා... ඇයි ඉතින් මිනිහ කිව්වනෙ එක Pවත් එපා කියලා....


අන්තිමට ඉතින් අර ඉතුරු වුන ගුලිය විසිකරලා මිනිහා ඉල්ලුවාලු මට මගෙ තිබුන P එකවත් ලැබෙන්ට කියලා...


පුතාගෙ ඔවදන - දෙවියො දුන්නත් ගුලි විසිකිරීමේදි තමාගේ P ගැන සැලකිලිමත් වන්න.
----------------

Sunday, July 11, 2010

(හොරෙන්) කිරි බී වැඩෙන්නෝ

මේක කියවන බුවාලා බුවීලාගෙන් බහුතරයක් අඩු ගානෙ එක පාරක් හරි මවු කිරි බීලා තියෙන්ට ඕන... (මොනම හේතුවකින් හරි ඒ අවස්ථාව අහිමි වුන කවුරු හරි හිටියොත් සමාවෙන්ට ඕන... කාගෙවත් හිත රිදවන අදහසකින් එහෙම නෙවෙයි මම ඔය කතාව කිව්වේ...)


කොච්චර අම්මගෙන් කිරි බීවත් අපි දැන් එල කොල්ලෝ කෙල්ලෝනෙ නේද.... ඒකත් එක අතකට හරි.. ඇයි ඉතින් අපි වැඩිපුරම බීලා තියෙන්නේ පිටි කරපු එල කිරිනේ නේද? 


පුතා පොඩි කාලේ දෙකේ පංතියේදි විතර පොරක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්ට ගහනවා කිව්වා පුතාට තාමත් මතකයි... එදා නම් ඇත්තටම පුතා බය වුනේ ඌ ඒක කියපු සද්දෙට වෙන්ට ඕන.. මොකද පුතාට ඇත්තටම කැමතියි ඒ රස විඳින්ට ආයෙත් හම්බ වුනොත්...
පුතා ඔය අතීත කතා ඩ්ංගිත්තක් කියවගෙන කියවගෙන ගියේ මේල් එකක් කියවලා හදිස්සියේම අවුරුදු 20-25ක් විතර පස්සට හිත දිව්ව නිසයි.... ඔය මේල් එකේ තිබුනේ මවු කිරි වල ගුණ පිලිබඳව ලියවෙච්ච වාක්‍ය 5-6ක්... ඒවා නිකම් කැතයි කැතයි වගෙ වගෙ තේරුණ හින්දා පුතා ඒවායින් එකක්වත් නොලියා ඉන්ට හිතාගත්තා... 


ඕක කියවනකොට පුතාට මතක් වුනා පුතාගේ යාලුවෙකුට වුන සීන් කෝන් එකක්.. මේකයි සිද්ධිය....
දවසක් පුතාගේ යාලුවාගේ ගෙදරට බුවාගේ ඥාතියෙක් එනවා බිරිඳයි, අවුරුදු තුනක විතර දුවයි, අලුත උපන් පුතයි එක්ක.... කට්ටිය Lunch එක එහෙම ඇරගෙන සාලෙට වෙලා සතුටු සාමීචියේ ඉන්න වෙලාව... පවුලේ හැමෝම එතන... 


කතාව යන අතරෙ ඥාතියාගෙ බිරින්දෑ කියනවා... බලන්න අනේ මෙච්චර උස ගිහිල්ලත් අපේ දෝණි අම්මි කුක්කු බොනවනෙ..... 


දැන් ඉතින් හැමෝගෙමෙ Bite එක පොඩි එකී.... 


අයියෝ මෙයා ඉස්කෝලෙ යන්න නේද ඉන්නේ.. තාම අම්මි කුක්කු බොනවද? ඉස්කොලේ ගියම යාලුවෝ හිනා වෙයි... එක්කෙනෙක් කියනවා..... 


පවු අනේ මල්ලි බබාට තියෙන කුක්කු අක්කි බීවාම මල්ලි මොනාද බොන්නේ.... තව එකෙක්.... 


දැන් ඉතින් දිගටම පොඩි එකී අම්මගෙන් කිරි බොන එක ගැන වැරදිම තමා හැම පැත්තෙන්ම ඇහෙන්නේ... නවතින පාටක් පේන්ටම නෑ... 


කාගෙන්වත් තමන්ගේ පැත්තට Support එකක් නැති විත්තිය තේරුන පොඩි එකීගේ මල මුදුනටම ඇවිල්ල එකපාරටම කිව්වේ නැතෑ.... "ඇයි මං විතරද අම්මි කුක්කු බොන්නේ..... තාත්තිත් බොන්නේ" 


--------කතාව ඉවරායි--------

Saturday, July 10, 2010

බස් කතා බස්

ලංකාවේ හුඟක් දෙනෙක් 154 බස් එකක ගිහිල්ලා ඇති... Michael Jacksonta වඩා talented ජැක්සන්ලා බලා ගන්න පුලුවන් ඔය බස් එකක ගියොත් එහෙම..  (ආහ්... ජැක්සන්ලා ගැන බඩ කොරවෙන ජාතියෙ කතාවක් තිබුනා දුකාගෙ ලිපියක)
උදේට එහෙම ආය තනි කකුලෙන්වත් යන්න බැරි තරමටම සෙනග... පුතා අවුරුදු දෙකක් විතර හරිම ආසාවෙන් උදේ හවස කිරිබත්ගොඩ ඉඳන් බොරැල්ලට දෙහිවලට එහේ මෙහේ ගියා.... ඔය ගමනෙදි වුනු රසවත් සිදුවීම්නම් අනන්තයි... හැබැයි අද කියන්න යන්නෙ නම් එහෙම සිදුවීමක් ගැන නෙවෙයි.. මේක පුතාට ඔය 154 යන්න පටන් ගත්තු දවස් වල ඉඳලා හිතුනු දෙයක්... 


මේකයි සිද්ධිය... කැලණි Campus එක පහු වුන ගමන් කොන්දොස්තර මහත්තයා කෑ ගහලා අහනවා... දාස බහිනවද දාස බහිනවද කියලා... ඉතින් ඔතන කවුරු හරි බහින්න හිටියොත් ඉතින් උත්තර දෙන්නේ ඉතින් දාස බහිනවා කියලා තමයි... එතන දාස Building එක තිබුන නිසා තමයි ඔය හෝල්ට් එකට දාස නම වැටිලා තියෙන්නේ.. 


පුතාට හිතුනු දෙයක් තමයි ඔතෙන්දි හැමෝම බහිනවා බහිනවා කියන හින්දමද දාස ව්‍යාපාරය කිසිම දියුණුවක් නැතුව බැහැලම ගියේ කියලා... පුතාට ඔය සිද්ධිය ආපහු සැරයක් මතක් වුනේ බූන්දියෙ තිබුනු E.A.ඩෝසන් ප්‍රීති ගේ පල්පීය කතාවක් කියෙව්වට පස්සෙයි.. හැබැයි එකේ තියෙන්නේ බොරැල්ලේ දාස Building එක ගැනයි... 


පුතාට හිතුන විදිහට ඔය ගාමිණි හොල් කියන එකත් බහිනවා කියන වචනෙ කටවහ හින්දම බැහැල ගිය එකක් වෙන්ට ඇති.. මොකද පුතා දන්නෙ ඔය නම විතරමයි... ඔය හෝල් එකනම් දැකලම නෑ.... 


හැබැයි 154 පාරෙම ෆිල්ම් හෝල් දෙකක් තියෙනවා මානිලුයි, සමන්තායි කියල... ඔය හෝල්ට් දෙක ලඟදිත් කියන්නෙ මානිල් බහිනවා, සමන්තා බහිනවා කියලා.. හැබැයි ඔය ෆිල්ම් හෝල් දෙක නම් එහෙම ලේසියෙන් බහින ජාතියෙ දෙකක් නම් නෙවෙයි... ඕවගෙ පෙන්නන්නෙම බහින්න බහින්න ආයෙත් නගින ජාතියෙ චිත්‍රපටි.... 


ඉතින් ඊයෙ පුතා ඔය "දාස කතාව" යාලුවෙකුට කිව්වහම පොරත් කිව්ව කතාවක්... මේක ගොඩක් දෙනෙක් දන්න කතාවක් වෙන්න ඇති... හැබැයි පුතානම් ඇහුවෙ ඊයෙමයි... OP කියල ඒ කතාවත් කියල දාන්නට කියල හිතුවා... 


මේකයි කතාව..


දවසක් හම්බන්තොට පැත්තෙ බුවෙක් ඇවිල්ල ජා ඇල ඉන්න පොරගෙ යාලුවෙක් හම්බවෙන්න... බස් එකේ වැඩිය සෙනග ඉඳලත් නෑ... පොරට ඕන කම තිබ්බා පොරත් පිට පලාතක නෙවේය කියල පෙන්නන්න... (දැන්නම් ඕකෙ අනිත් පැත්ත නේද ) ඉතින් පොරත් මීටරෙ දාගෙන හිටියා අනිත් මගියොන්ගෙ කතා බහ කරන විලාශය ගැන.... 


ඔන්න ඉතින් බස් එක වත්තල හරියට කිට්ටු වුනාම කොල්ලෙක් නැගිටලා කියනවා... ගැමුණු බහිනවා... කොන්දොස්තර මහත්තයත් රියදුරු මහත්තයාට කියපි ගැමුණු බහිනවා කියලා.. අපේ බුවත් දැන් බලාගෙන ඉන්නවා සිද්ධ්ය දිහා.. කිව්ව වගෙම බස් එක හෝල්ට් එකේ නැවැත්තුවා... ගැමුණු හෝල්ට් එකෙන් බැහැලා ගියා.... 


ටික දුරක් ගියාම මැදි වියේ ගැණු කෙනෙක් නැගිටලා කියනවා රත්නාවලි බහිනවා කියලා.. අනේ ඉතින් ගෑණු කෙනත් රත්නාවලි හොල්ට් එකෙනුත් බැහැලා ගියා... 


අපේ බුවත් බහින්න ලං වුනා.. බැලුවා වටපිට හ්ම්.. මං මොකටද සෙකන්ඩ් වෙන්නේ අපි දකුණේ කොල්ලො හරිය කියල හිතට ඇරගෙන එහෙම කිව්වලු..... "ඉස්සරහින් සිරිපාලත් බහිනවා"


ප\ලි : මුලු රටම පංචායුධ කුමාරයාගේ මාර (න්තික) උපවාසය දිහා බලාගෙන ඉන්න වෙලාවක අපි පිස්සු ලියන එක හරිද මන්දා.... හැබෑටම පංචායුධ කුමාරයට මොනව වේයිද ඈ? මටනම් හිතෙන්නෙ කොයි වෙලාවේ හරි රජ්ජුරුවෝ ඇවිල්ල එක්කරගෙන යයිම කියලා...

Wednesday, July 7, 2010

බිත්ති දිගේ ඇවිදින ඉබ්බෝ

මේකත් අර දුමීගේ කට කහන කතා වල තිබුන භාෂාව වැරදීම කතා Series එකේ තිබුන වගෙ කතාවක්.... මම ඩුබායි එන්න කලින් වැඩ කරපු අච්චු කන්තෝරුවේ සගයෙකුට වෙච්ච වැඩක්.. මම ඔය කන්තෝරුවට යන්න අවුරුදු 10කට විතර කලින් තමා ඔය කතන්දරෙ වෙලා තියෙන්නේ... අපේ යාලූවා යාපනෙ ඉඳන් කොලඹ ආපු දවස් වල... මට සෙට් වෙනකොටනම් මිනිහ සිංහල දැනුම සෑහෙන්න හදාගෙන හිටියේ... කොච්චරද කියනවම් මිනිහත් එක්ක අනිත් එවුන් කවුරුවත් වාද කරන්න යන්නෙ නෑ... අනිවාර්යෙන්ම නා ගන්න වෙනවා.. මොකද පොර දෙමළ උපමා උපමෙය ජාතිත් සිංහලට Translate කරලා එඩ්‍රස් නැති වෙන්නම දෙනවා පොරව Bite කරන්න එන එකාට... අනිත් එවුන් උට නම දාල තිබුනෙත් කක්කා බාල්දිය කියල... එච්චරටම පොරගෙ කට හොඳයි...


ඉතින් මෙහෙමයි ඔය මම මුලින් කියන්න ගිය සීන් එක වෙලා තියෙන්නේ.... අපේ මැනේජර්ගෙ අලුත් ගෙදර මාලු ටැංකියක් හදලා.. දන්නවනෙ ඔය ඉස්සර තිබුනේ ගේ ඇතුලෙම දිය ඇල්ලක් හදලා ඕක පාමුල ගල් අරෙහෙ මෙහෙ සෙට් කරලා හදන්නෙ.. අන්න ඒ ජාතියෙ එකක්... පොරට ඕන වෙලා තියෙනවා ඕකට ඉබ්බෙක් දෙන්නෙක් දාන්ට ලස්සනට.... ඉතින් පොර කන්තෝරුවට ඇවිල්ලා එකෙක්ගෙන් ඇහුවලු....
මචං.. උඹලගෙ ගෙවල් පැත්තේ ඉබ්බෝ හොයාගන්න නැතිවෙයිද..... කියලා....
ඔය කතාව ඇහිල තියෙනවා අපේ ගංගට... ආහ්... උට අපි කියන්නෙ ගංගා කියලා.. නම ගංගාදරන්...... මේක ඇහිච්ච ගමන් මූ පැන්න කතාව මැද්දට... ඔන්න දැන් කතාව යනවා මෙහෙම...
ගංගා - ආහ් අපේ ගෙදර නම් සෑහෙන්න ඉබ්බෝ ඉන්නවා අයියා...
මැනේජර් - ඇයි උඹලගෙ ගෙදරත් මාලු ටැංකියක් තියෙනවද?


ගංගා - නේ නේ අයියා.. උන් මිදුලේ තමා ඉන්නවා..... අපේ අම්මා උදේ මිදුල අතුගාලා විසිකරල තමා දානවා... උන්ට කොච්චර කිව්වත් අහන්නේ නේ..... හෙටත් ආය මිදුලට තමා එනවා....


මැනේජර්ටත් පුල් ආතල්, දැන් මුට කියල ඉබ්බො සෙට් එකක්ම ගෙන්න ගන්න පුලුවන්නෙ.... මුගෙ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්.. මොකද ගංගලා ගෙවල් අරන් හිටියේ වත්තල හුනුපිටිය පැත්තේ... එහේ දිගටම වෙල්නෙ තියෙන්නෙ... අනිවාර්යෙන් වෙල් වලින් මුන්ගෙ මිදුලට ඉබ්බො එනව ඇති...
මැනේජර් - එහෙනම් ඉබ්බෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන වරෙන්කෝ හෙට එනකොට....
ගංගා - අනිවාර්යෙන් ඇරන් එන්නම් අයියා... මං දැනගෙන හිටියේ නේ නේ ඉබ්බා එකා මාලු ටෙංකි වලට තානවා කීලා.. සමාර පොඩි ඉබ්බෝ කට්ටිය අපේ බිත්ති දිගෙත් ඇවිදිනව අයියා.....


ඇහ්... බිත්ති දිගේ යන ඉබ්බෝ..!!!!! මූ අන්තිමට කිව්ව කතාව අහපු ගමන් අපේ මැනේජර්ට තේරුනාලු සීන් එකේ මොකක් නමුත් අවුලක් තියෙනව කියලා... කොකටත් කියලා අපේ බුවාට කිව්වලු "ඇඳපන් බලන්න උඹලගෙ ගෙදර ඉන්න ඉබ්බෙක්ව", කියල...
ගංග ඇඳපු බිත්ති දිගේ ඇවිදින ඉබ්බෙක්ගෙ පිංතූරයක් තමා ඔය තියෙන්නේ...

Tuesday, July 6, 2010

Brand New මොළේ

මේ කතාව මට මතක් වුනේ අහම්බෙන් වගෙ බලන්න සෙට් වුන youtube clip එකක් නිසයි.. ඉතින් ඔය clip එකට අදාල චරිතය ගැන ඕනවටත් වඩා කතාකරල තියෙන හින්දා මම ඔය චරිතය ගැනවත් ඊට අදාල අනිත් සිදුවීම් ගැනවත් කතා කරන්න යන්නෙ නැහැ. (හැබැයි කොච්චර කතා කරල තිබ්බත් ආය ආය කතා කරන්න හිතෙන චරිතෙ නේද අප්පා ඕක..... හිකිස්) මේ සිද්දිය වුනෙ මගෙ පලමු රැකියාවට ගියපු කාලෙ... A\L කරලා චාර්ටර් වෙවී ඉන්න කාලෙ අපේ අයියා කෙනෙක් තමා මට ඔය රස්සාව සෙට් කලෙ.... දැනට අවුරුදු 9 කට විතර කලින්, මතකද මන්දා "ආයුබෝවන් - රන් කතා" කියලා එකක් තිබුනා... සමහරු "ආයුබෝවන් - ගොන් කතා" කියලත් ඕකට කිව්වා.. එකේ SALES EXECUTIVE කෙනෙක් විදිහට තමා මගෙ පලමු රැකියාව ලැබුනේ... ( හ්ම්ම්.. පලවෙනි එකම EXECUTIVE ආ... ) නම EXECUTIVE වුනාට හතර වටින්ම අපේ අම්මගෙ, අම්මගෙ අම්මගෙ ගුණ ගායනා ඇහෙන ජාතියෙ රස්සාවක් තමා ඒක... හැබැයි අපරාදෙ කියන්න බෑ මම කරපු කැමතිම රස්සාව තමා ඔය... 
රස්සාව ගැන කියන්න ගිහිල්ල කියන්න හිටපු කතාවත් අමතක වෙනව.... ඉතින් අපේ ආදරණීය Clientlaගෙන් මම කලින් කිව්ව වගෙ මවු ගුණ ගායනා අහන්න ලැබෙනවා, කන්තෝරුවට ගිය වෙලාවෙ ඉඳන්... සමහරු නම් කෙලින්ම සිංහල ශබ්ද කෝෂය එහෙම පිටින්ම දිග හරිනවා.. මට මුල් දවස් ටිකේ අවුල් වුනාට දවස් දෙකක් තුනක් ගියාම නිකන්ම හුරු වුනා ඔය සිද්දිවලට... ඔන්න ඔය අතරෙ අපේ කන්තෝරුවට ආව පිලිගැනීමේ නිලධරිනියක් ( සිංහලෙන් කිව්වොත් Receptionist කෙනෙක්)... අනේ අපරාදේ කියන්න බෑ සිරියාවන්ත ළමය (ඒ වගෙම හිත හොඳයි හිකිස්)... එයා ආවට පස්සෙ ඉතින් එයාට තමා ඔය Clientsලගෙ complains එහෙම ගන්න රාජකාරිය පැවරුනෙ... දවසක් ඔහොම ආපු Client කෙනෙකුගෙ ප්‍රශ්නෙකට මෙයා දුන්නු මසුරන් වටින උත්තරෙ ( ප්‍රශ්නෙයි උත්තරෙයි නම් මතක නෑ... හැබැයි කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ සීන් කෝන් එකක් තමයි වෙලා තිබුනේ...) අහපු Client ෂහ් නංගිගේ මොලේ නම් Brand New හා... කියලා යන්න ගිහිල්ල... මේකිත් Thank you Sir කියල, පවු නේ.....


ප/ලි :- බලාගෙන ගියාම ඉතින් ඕකට Receptionist ට මොකුත් කියන්න බෑ... තේරෙන තරමනෙ නේද... එයාව ඔතෙන්ට දාපු Management එක දැනගන්න ඕන ගැලපෙන කෙනාව දාන්ට නේද... ?


දෙවනි ප/ලි සමාවෙන්ට ඕන.. පොස්ට් එක කියවපු ගොඩක් දෙනෙකුට මම කතාව පටන් ගන්න කොටම දාල තියෙන ලින්ක් එක මඟ ඇරිලා වගේ.. මේක බැලුවට පස්සෙ තමයි මට තවත් ඔය මොලේ හැර තවත් Brand New මොලයක් මතකෙට ආවෙ...

Monday, July 5, 2010

Offside Crease එක මැකිලා

ෆූට්බෝල් එහෙමත් නැත්නම් පාපන්දු ගැන ලියන්න තිබුනු උනන්දුව එහෙම පිටින්ම නැති වෙලා ගියා... අපිට මෙච්චර දුක නම් Dungata,Maradonaa කොච්චර අවුල් වෙන්න ඕනද? දුක තමා රංජනී කියල හිත හදා ගන්න තියෙන්නෙ... 
උනන්දුව නැති වුනත් පාපන්දු සම්බන්ධ කතාවක් මතක් වුන නිසා OP කියල ඔන්න ඔහේ ඒක ලියල දාන්ට හිතුවා... හැබෑටම කවුද දන්නේ නැහැ ඔය ක්‍රීඩා වලට සින්හල නම් දාන්න හිතපු කෙනා.... Football - පාපන්දු, Vollyball - අත්පන්දු එතකොට Handball - දීපන්කො උත්තරෙ...... 
මම මේ කියන්න යන සිද්ධිය වෙලා දැන් ගොඩක් කල්... ඒ කියන්නේ අවුරුදු 12 කට විතර කලින්.. 98 World Cup එක තිබුන කාලෙ. අපි යාලුවෝ සෙට් එක හැමදාම හවසට Cricket ගහන්න තමයි පුරුදු වෙලා හිටියේ. යාලුවො කිව්වම එතකොට මම O\L කරන කාලේ.... අවුරුදු 35 විතර යාලුවොත් හිටියා.. කට්ටිය කොහොමත් 20-25 ක් විතර සෙට් වුනා සෙල්ලම් කරන්න... ඔන්න ඉතින් World Cup එක පටන් ගත්තට පස්සෙ කට්ටියටම හැදුනා Football Fever එක.... ඉතින් කට්ටියම කතාවෙලා Cricket වෙනුවට Football ගහන්න පටන් ගත්තා. තියෙන උනට සෙල්ලම් කරන්න ගත්තට අපේ වැඩි දෙනෙකුට Football rules ගැන එහෙම ලොකු දැනීමක් තිබුනෙ නැහැ.. දන්න කියන අයත් නොහිටියම නෙවෙයි. දන්නෙ නැති වුනත් දන්න විදිහට තමයි හැම එකාම පෙන්නුවෙ.. අපේ හිටිය බුවෙක් Football විශාරද වගෙ තම මිනිහා පෙන්නුවේ. හැබැයි සෙල්ලම් කරන කොට තේරුනා මිනිහා දන්න ෆූට්බෝලයක් නැහැ කියලා... සෙල්ලම් කරන් යනකොට මිනිහා හැම වෙලාවෙම offside ඉදන් තමයි සෙල්ලම් කරන්න වුනේ... අපේ එවුනුත් බෝලෙ මිනිහගෙ කකුලෙ වැදුන ගමන් offside කියල බොල් එක ආපහු ගන්නව... මේ සීන් එක ඔය වගෙ දිගටම වෙනකොට පොරගෙ ඉවසීමේ සීමාව පැනලා.. කොහෙද offside crease එකක් තියෙන්නේ... හරියට පේන්න ඇඳපල්ල අඳින ඉරක් කියල කෑ ගහන්න ගත්තේ නැතෑ... ඕක අහල ඉතින් rule එක දන්න එවුන්නන් බඩවල් අල්ලගෙන හිනාවුනා... අනිත් එවුන් අන්ද මන්ද වෙලා බලන් හිටිය මොකක්ද වුනේ කියල....


ෆූට්බොල් ගැන කතා කරනකොට බෝල සම්බන්ධ තවත් කතාවක් මතක් වුනා... ඒකත් ලියල දාන්නම් OP කියල... මේක මේ ඇමරිකන් Campus එකකින් කරපු study එකක result එකක්..
1.රැකියා විරහිත ජනතාවගෙ ක්‍රීඩාව - Basketball 2.සුලු සේවකයින්ගේ ක්‍රීඩාව - Bowling 3.කම්කරුවන්ගේ ක්‍රීඩාව - Football 4.වැඩ බලන්නන්ගේ ( Supervisors) ක්‍රීඩාව - Baseball 5.කළමනාකරුවන්ගේ ක්‍රීඩාව - Tennis 6.සභපතිවරුන්ගේ (CEO) ක්‍රීඩාව - Golf අවසන් නිගමනය - තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි.

Saturday, July 3, 2010

ඉන්දියාව සහ වඳුරෝ

වෙලාවකට හිතෙනවා නොදන්න බ්ලොගින්ග් වලට නොගිහින් පුරුදු විදිහටම හිටියනම් හොඳයි කියලා. ඒත් ඉතින් මට හිතෙන හැමදේම මගෙත් එක්ක ඉන්න එවුන්ටම කියන්න බෑනෙ. මට දැනුන විදිහට මුනට මොකුත් නොකීව්වට උන්ටත් එපා වෙලා ඇත්තෙ මං කියන විකාර අහලා. අඩු ගානෙ හරි හමන් විදිහෙ ගස් බෙනයක්වත් නෑනෙ ඔලුව දාල හිතෙන හිතෙන ඒවා කියලා දාන්ට. රජ්ජුරුවො කුඩු කාපු විත්තිය ගස් බෙනේකට කියපු මිනිහා වගෙ.
ආහ්... සිංහල බ්ලොග්ස් බලන්න ගත්තට පස්සෙ තමයි මට තෙරුනේ මං වගෙ පිස්සු තියෙන සෑහෙන පිරිසක් ලංකාවෙ ඉන්නව කියන එක.(උඹ හිතන තරං උඹට පිස්සු නෑ පුතේ හික්.. හික්...) 
මං බ්ලොග් එක පටන් ගත්තෙම මම ඩුබායි වල ඉන්නෙ කියන එක කියලනෙ. මේක අරාබි රටක් වුනාට වැඩිපුරම ඉන්නෙ අල්ලපු රටෙ එවුනුයි පක්කොයි. අල්ලපු රට කිව්වෙ ඉන්දියාවට... අපෙ එවුන් අනිත් රටවල උන්ට නොතේරෙන්ට කතා කරන්න එක එක නම් හදාගෙන ඉන්නේ. බංගලිදෙශය - ගං වතුර රට, පකිස්තාන් - කොල පාට රට, පිලිපීන් - බල්ලො කන රට... ඔය වගෙ සෑහෙන අන්වර්ථ නාම ( හරි වචනෙ ඔකද දන්නෙ නෑ..) සෑහෙන්න තියනවා අනිත් උන්ට නොතේරෙන්ට කියන. දිගටම ලිවුවොත් ඉස්සරහට කියන්නම්. 
ඉතින් මම කියන්න ගිය කතාව අල්ලපු රටයි අපෙ රටයි සම්බන්ද එකක්. අපෙ කන්තොරුවෙත් බහුතරය ඉන්දියන් තමයි. හැබැයි උනුත් ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස්ම විදිහෙ පොරවල් තමයි ඉන්නෙ. මගෙ කථාවට සම්භන්ධ මනුස්සයා තමිල්නාඩුවෙන් ආපු බුවෙක්. අවුරුදු 50 කට විතර කිට්ටුයි. පොර ලංකාවත් එක්ක සෑහෙන්න තරහින් ඉන්නෙ, ප්‍රභාකරන් මැරුව කියලා. අපිත් එක්ක ඇවිලෙන්න බලාගෙනම තමා ඉන්නෙ. ( හැබැයි පෞද්ගලික තරහ මරහ නම් නැහැ. මේ ඇරගන්නව අනිත් පැත්තට කොහොමද කොල්ලා කියලා කථා කරනවා.. අපිත් එක්කම ඉඳලා අපේ වචන සෙට් එක මිනිහට පුරුදුයි.) ගිය සතියේ මනිරත්නම්ගේ රාවන් (රාවණා) MOVIE එක RELEASE වුනානෙ. දවසක් මිනිහා රාවනාට බනිනවා නොසෑහෙන්ට. ලංකාවෙ ඉන්නෙ ගෑනු හොරුයි යක්කුයි විතරයි කිසිම චාරයක් නෑ කිය කිය.... මමත් ඉතිං අහගෙන හිටිය මිනිහ කියන එක.. සම්පූර්නයෙන් නැති වුනත් පොඩි ඇත්තකුත් තියනව කියල හිතුන හින්ද.. මොකද කොච්චර වැඩ කාරය වුනත් රාවණ රජ්ජුරුවො කරපු වැඩෙත් කැතයි නෙ. ගෑනු පටලගන්න ඔන් නෑනෙ. ලක්ෂ්මනුයි රාමයි තමන්ගෙ නංගිගෙ නහය කැපුව තමයි. එකට කෙලින්ම ගේම ඉල්ලුවනම් ඉවරයිනේ.(කාමරයක් හරි හම්බ වෙයිනෙ අඩු ගානෙ.) ඉතින් අපෙ යාලුවාගෙ බැනිල්ල ඉවර වුනාම මම ඇහුව රාමත් එක්ක ලංකාවට බැහැපු සෙට් එකෙන් ආපහු නොගිහින් ලංකාවෙ නැවතුන බුවාල ටිකක් ඉන්නව බැරිද ආපහු ඉන්දියවටම ගෙන්න ගන්න කියලා. මිනිහා මගෙන් ඒ කවුද කියලා අහපුවහම මං දුන්න උත්තරයට අදාල සෙට් එකක් තමා ඔය ෆොටො එකෙ ඉන්නෙ... ඇයි ඉතින් වානර හනුමන්තගෙ මීමී මුනුබුරු මිනිබිරියොනෙ නේද ඔය... එදායින් පස්සෙනම් මිනිහා මගෙත් එක්ක ඉතිහාසේ ගැන කථා කරන්න ආවෙ නෑ.





මේකත් අල්ලපු රටට සම්බන්ධ වඳුරු කථාවක්. සම්බන්ධෙ හැදෙන්නෙ මට මේක කියපු එකා අල්ලපු රටෙ වීමයි. 
හැමෝම දන්නවනෙ තොප්පි වෙලෙන්දගෙ කතාව.ඔව් ඔව් SUNFLOWERS ලා සිංදුවකුත් කිව්වෙ ඒ වෙලෙන්දා ගැන තමයි. සීන් එක කියන්නෙ ඉන්දියාවෙ තොප්පි වෙලෙන්දෙකුටත් ඔය සිද්ධියම වෙලා තියෙනවා සෑහෙන කාලෙකට කලින්. දැන්නම් ඔය වෙලෙන්දා සෑහෙන්න වයසයි. පොරගෙ මුනුබුරත් තොප්පි බිස්නස් එකටම සෙට් වෙලා. ෆැමිලි බිස්නස් එකනෙ. ඉතින් දවසක් මුනුබුරා තොප්පි වෙලෙන්දටත් සීයා තොප්පි වෙලෙන්දා ගියපු කැලෑව මැදින්ම වෙලඳාමෙ යන්න සෙට් වුනාලු. ඉතින් සීයත් මුනුබුරාට උපදෙස් දුන්නලු හදිස්සියෙ හරි තමන්ට වුනා වගෙ සීන් එකක් වුනොත් මෙහෙම කරපන් කියලා. අනේ ඉතින් කොල්ලටත් කිව්වා වගෙම ගහක් මුල නින්ද ගියාලු. අර සින්දුවෙ විදියටම ඊට පස්සේ සීයට වුන සැන්තෑසියම මුනුබුරාගේ තොප්පි වලටත් වුනාලු. මුනුබුරා නැගිටලා බැලුවා. හ්ම්..... බඩු නැහැ. ඒත් ඉතින් බයවෙන්න දෙයක් නෑනෙ, සීයා කිව්වනෙ කරන්න ඕන සිද්ධිය... ගත්ත ගලවලා මිනිහගෙ තොප්පිය... වීසිකරා වඳුරෝ සෙට් එක දිහාට.. ම්හ්... එක වඳුරන්ගෙන් කිසිම answer එකක් නැහැ. ඒ අතරෙ තොප්පියක් ගන්න බැරි වුන පොඩි වඳුරෙක් ගහෙන් පැනලා බිම වැටිච්ච මුනුබුරා වෙලෙන්දගෙ තොප්පිය අහුලන් ආපහු ගහට යන ගමන් කිව්වලු " ඇයි උඹ හිතන්නෙ උඹට විතරද සීයෙක් ඉන්නෙ කියල "
ප\ලි ඔය උඩින් තියෙන image එක ගත්තේ අමිල රුවන් රාජරත්නගෙ FB Wall එකෙන්.