Wednesday, July 6, 2011

Waiting to See What would happen next

මේ සටහන ලියවෙන්නේ ඉවවහා ගිය ප්‍රීතියකින්ද ඒ හා සමානම වූ දුකක්ද මුසුවූ හැඟීමකිනි.

ප්‍රීති වන්නට කාරණය..

අදින් වසර විස්සකට පමණ ඉහත දිනයක මා සිටියේ ශිෂ්‍යත්ව විභාගයකට සුදානම් වෙමින්ය. ශිෂ්‍යත්වයට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්ය. වැරදීමකින් රූපවාහිණිය ක්‍රියාත්මක් කල මාගේ නෙත ගැටුනේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින ආකාරයයි. ඒ රොමේෂ් කළුවිතාරණ ක්‍රීඩා කල පළමු තරඟය වූ අතර විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල ඔහු එහිදී ශතකයක් වාර්තා කල අතර තරඟය පුරාම ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේදී ලකුණු දහසයකින් පරාජයට පත් විය. මාගේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින තරඟය අවසන් වූ අතර සියලු පාඩම් වැඩ අතැර රූපවාහිණිය වෙත මා බැඳ දමා තබන්නට ඒ තරඟය සමත් විය.ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති චමත්කාරයට මා වශී වූයෙමි. තවදුරටත් එය නිකන්ම නිකන් ක්‍රීඩාවක් පමණක් නොව ජීවිතයටම බද්ධ වූ අංගයක් විය.ඔව් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් සේම මමද ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නෙක් වූවෙමි.ඔව්. මමත් ඔබ සේම අපේ කොල්ලන් ක්‍රිකට් ලෝකය දිග්විජය කරද්දී බොහෝ ප්‍රීති වුනෙමි. ඔවුන් අසාර්ථක වෙද්දී ඒ හා සමානව දුක් වූයෙමි.

නමුත් ලෝකය ඉතිහාසයේ කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වන්නට විය. ක්‍රීඩාවේදිත් එය එසේම විය. තව දුරටත් ක්‍රිකට් යනු ක්‍රීඩාශීලීත්වය පමණක් පෙරදැඩි කරගත් ක්‍රියාවලියක් නොවුනු අතර එය ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරයක් බවට පත් විය. බොහෝ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් විය.ක්‍රීඩාව හරහා මුදල් දිය ඇලි පරිපාලකයින් අතට ගලා එන්නට විය. ඇස් පනා පිට දූෂන වංචා සිදුවෙද්දි වගකිව යුත්තන් අඳ ගොළු බිහිරන් සේ මුනිවත රකින්නට විය.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා මතින් ගලා ආ මුදල්, වරප්‍රසාද හමුවේ ගිණිකන වැටුන පාලකයින් ක්‍රීඩකයින් නොමැතිව වුවද ක්‍රීඩාව කල හැකිය යන මානසිකත්වයට පත් විය.සිදුවන අකටයුතුකම් දැක බොහෝ පිරිස් ඉවත බලා ගනිද්දි එයට විරුද්ධ වන්නට සිටියේ අතලොස්සකි. ඒ අතරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක ක්‍රිකට් සිතියමේ ඔසවා තැබූ අර්ජුණ රණතුංග පෙරමුණ ගත්තේය.

අවසානයේදී, සුදුසුම මොහොතේ සුදුසුම පුද්ගලයා ලෝකය හමුවේ ඒ වනවිටත් පශ්චාත් භාගය හෙළි වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නම් වූ වෛශ්‍යාවගේ නිරුවත වැසුනු සියළු සළු පිලි උනා දැම්මේය.

ඔව්. එය කවුරුන් විසින් හෝ කල යුතුව තිබුනේය.

ඉතින් සංගා, ඔබ එහි ඇති සියළු ප්‍රතිවිපාක දැන දැනත් එය කලේය. ඔව් ඔබගේම වචනවලින් කියනවානම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්ත්‍රියානි අප ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඔබ එය කලේය.

ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂයෙන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නෙකු ලෙස මම කෙසේ නම් ප්‍රීති නොවී සිටින්නද?


දුක් වන්නට කාරණය..

ඉතින්, සංගා ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිරුවත් කලේය. ඇත්තෙන්ම එය ඒ වෙන විටත් නිරුවත්ව හමාරය. සංගා කලේ නැවත හෙළුව වසා ගන්නට උත්සාහ දරද්දි රෙද්දෙන් ඇදීමය.

ඇත්තෙන්ම සංගා කලේ කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කොන්ත්‍රාතුවකින් බැඳි සිටින ක්‍රීඩකයකුට එය විවේචනය කිරීමේ නීතිමය හිමිකමක් ඇද්ද? මගේ අදහසනම් නැත යන්නය. නීතිය පිළිබඳ උගතෙක් වන සංගාද මෙය නොදැන සිටියා විය නොහැක.එසේ නම්, ලෝක කුසලාන තරඟාවලිය අවසාන කථාවේදි ජනාධිපතිතුමා වෙත ස්තූති කිරීමට ඉදිරිපත් වූ සංගා ඉන් තෙමසක් ඉක්ම යන්නටත් පෙර ක්‍රීඩාවට දේශපාලනය මුහුවී ඇති බවට පවා චෝදනා කරන්නට හදිසි වන්නේ මන්ද?

මගේ අදහස නම් සංගාට මේ මොහොතේ අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කර ගැනීමය. (මෙය සංගා පමණක් නොව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විය හැක.) ඉතින්, සංගා කලේ දෙබරයට ගලක් ගැසීමය. ගල ගැසූ සැනින් දෙබරු ඇවිස්සුනු අයුරු ඔබ දකින්නට අසන්නට ඇත.
කෙසේ නමුත්, සැබෑ ශ්‍රී ලාංකීකයෙක් හා සැබෑ ක්‍රීඩකයකු වශයෙන් සංගා ගන්නා තීරණ රට වෙනුවෙන්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගන්නා හොඳම තීරණය බවට මම විශ්වාස කරමි.

නමුත්, සංගාගේ තීරණ හමුවේ පරිපාලකයින් කෙසේ හැසිරේද? එය ශ්‍රී ලාංකීය ක්‍රිකට් අනාගතය තීරණය කරන සාධකය වෙනු ඇත. ක්‍රීඩාවේ හරයන් පිළිබඳ අබැටක තරම්වත් නොසිතන පරිපාලනයේ සිටින මුදලාලිලා කෙසේ තීරණ ගනීවිද?

අපි බලා සිටිමු. අවිනිශ්චිතව.

16 comments:

පිණිබිඳු... said...

ක්‍රිකට් වලට දේශපාලනේ ඇගිලි ගහනවා කියන්නෙ ඒක මහ අවුල් ජාලයක් වෙන එක.

nawammawatha said...

හුටා... පුතා ආපහු ලියනවද.. මල් හතයි බං.

සංගා කියන්නෙ මම කැමතිම ක්‍රීඩකයෙක් උනත් කලේ හරියට ගෙදර වැරදි අල්ලපු ගෙදරට ගොහිල්ල කිව්ව වගේ වැඩක්. හැබැයි මොකක් කලත් උගෙ කොන්ද හයියයි වගේ...

Anonymous said...

පුතේ, පේන විදියට ඔබ තුමා නැට්ට පාගාගෙන ඇත. කීමට ඇත්තේ කනගාටුයි කියා පමණි. ලඟදීම සංගක්කාර කල කතාව සිංහලට පරිවර්ථනය කර එය කියවීමට ඔබට සලස්වන්නම්. නැවතත් ඔබ පුතා නැට්ට පාගා ගැනීම ගැන කණගාටු වෙමි

පුතා said...

@පිණි බිඳු..
ඇත්ත.. දැන් ඔය ඵල විපාක ඇස් පනා පිටම පේන්ට තියෙනවනේ..

@නවම්..
නැහැ මචං.. මං හිතන්නේ මනුස්සයා කලේ පහුවෙලා හරි හරිම දේ.. ඕක ලංකාවේදි කිව්වා නොකිව්වා කියලා වෙනසක් වෙන්නේ නෑනේ..

මයියා said...

ඔය කියන රොමේශ් ගේ පලවෙනි ටෙස්ට් තරගය මයියට ත් මතකයි. ඔස්ට්‍රේලියාව පලමු ඉනිමට 247 ඊට පස්සේ අපේ කට්ටිය බැට් කරලා පන්සිය ගානක් ගැහුවා. කලුවා 100 ගහන කොට 4 ඒවාම විසි ගානක් ගහලා තිබ්බද කොහෙද

ඉස්සර නම් මයියා ට ක්‍රිකට් කට පාඩම්..දැන්නම් ඉතින් බලන්නම දේයක් නැති උනොත් තමයි ක්‍රිකට් බලන්නේ ;) සOගා අපි වගේ කට්ටිය ගැන එයාගේ කථාවේ කියනවා මයියා ට අහුනා..

පුතා said...

@ඇනෝ..
මෙහෙමයි මචං ඇත්තටම මම නැට්ට පාගගෙන වෙන්ටත් පුළුවං..
මම සංගගේ කථාව දෙපාරක්ම ඇහුවා.. ඒකෙදි සාමාන්‍ය විදිහට බැලුවොත් කිසිම වැරැද්දක් පේන්ට නෑ.. කියපු හැමදේම ඇත්තනේ.. හැබැයි ඒ ඇත්ත කියන්ට ලොකු ගටක් තියෙන්ට ඕනනේ.. මං කියන්නේ ක්‍රිකට් බෝඩ් එකේ දූෂණ, දේශපාලන අත පෙවීම් ගැන කියන්ට.. අර්ජුණත් ඕකම වර්ල්ඩ් කප් එක වෙලාවෙදි ඉන්දියාවෙදි කිව්වනේ.. ඊට පස්සේ ලංකාවේ ඉහළ තැන්වලින් අර්ජුණව පතුරු ගහපු විදිහ සංගා නොදැන ඉන්ට විදිහක් නෑනේ.. එහෙම තියෙද්දි සංගා ඔය ටික කිව්වේ අර්ජුණට වඩා විරෝධයක් එන්ට පුළුවං බව දැනගෙනනේ... දැනටමත් සංගගේ කතාව ගැන පරීක්ෂණයක් පවත්වනවනේ.. මොනව කලත් අන්තිමට ක්‍රිකට් බෝඩ් එකට අනුව සංගා වැරැද්දක් කරානම් සංගට දෙන්ට පුළුවං ලොකුම දඬුවම මොකක්ද..? මම හිතුවේ ඒකයි

පුතා said...

@මයියා..
ඔව් මචං.. ගුරයි අර්ජුණයිත් 100 දෙකක් දැම්ම ඒ ඉනින්ස් එකේදිම.. ඔය මැච් එකේදි අපිට දිනන්ට 180ක් ගහන්ට තිබුනේ.. විකට් 2කට 120ක් ගහල අන්තිමට අපි 160 ගාණකට ඕල් අවුට් වුනා...
සේම් හියර් මයියා.. ඉස්සර තිබුනු ක්‍රිකට් අමාරුව නම් දැන් ඇත්තෙම නෑ.. ඒත් මචං අර පරණ ලව් එකක් ගැන අලුත් විස්තර දැනගන්ට තියෙන මෙව්වා එක වගේ එකක් ක්‍රිකට් කියද්දි දැනෙනවා.. :)

``` Outsider``` said...

සංගක්කාර ක්‍රිකට් වලට ආදරය කරන බව තමයි මේ කතාවෙන් පෙනී යන්නෙ. සල්ලි ගැවසෙන තැනට කුම්භාණ්ඩයෝ වගේ අරක්ගන්න කැත දේශපාලනය අපේ රටේ කොයිදේටත් මුසු වෙලා විතරයි. ඒත් හැම ක්ෂේත්‍රයකම නමක් හදාගත්ත, ජනප්‍රිය වුණු කෙනා ඒ ක්ෂ්‍රේත්‍රය පාවා දීලා තමන්ගෙ මල්ල පුරවගන්න උත්සාහ කරන්නෙ ඒ ප්‍රවාහයටම එකතු වෙලයි. ඒත් සංඝා තමන්ගෙ ක්ෂ්‍රේත්‍රයට ආදරය කරන්නෙක් නිසා ඔහුට ක්‍රිකට් වල පරිහාණිය වේදනාවක් බවට පත්වෙලා ඇති.
ඔහු කී දෙය කොයිතරම් සත්‍යද යන්න තහවුරු වෙමින් මේ වෙද්දීම දේශපාලනය විසින් ඔහුට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න ලෑස්ති වෙමින් සිටියි. එයින්ම ඔහුගේ ප්‍රකාශය තහවුරු වෙයි. කෙසේ වුවත් සංගක්කාර අසීරුතා ළඟ විකිණෙන්නෙකු නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. මොකද පසුගිය සම‍යේ දේශපාලන ශක්තිය ළඟ ඇත්ත දුටු බොහෝ දෙනෙක්ද බලෙන්ම විකිණෙන්නට සිදුවුණා.

sithuwilimandiya said...

ඔය 16 න් පැරදුන මැච් එක මටත් හොඳට මතකයි.අන්තිම වෙනකම් ගුරා නොට් අවුට් වෙලා හිටපු එකනේ.සංගාට කොන්තරත්තු ඉවර කරගැනීමේ හදිස්සියක් තියෙන්නත් පුලුවන්,පහුගිය දවස්වල ගිය ආරංචිවල හැටියට.ඒත් මිනිහා ඇන්න ටොක්ක ඉස්සරහට ක්‍රීඩාවට හොඳක් වෙන්නත් පුලුවන්.

දිනේශ් දීපාල් said...

ඔබ කියන ටෙස්ට් ක්‍රිකට් තරඟය මමත් බලලා තියෙනවා. ඒ තරඟයෙන් පසුව තිබූ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවති දෙවන තරඟයෙදී තමයි මුරලිදරන් හා දුලිප් මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ගේ මුල්ම ටෙස්ට් ක්‍රිකට් තරඟය. ඒ කාරණාව නිකමට කිවුවේ. මම නම් දකින විදියට එදා ලෝක කුසලාන තරඟය පරාජය වූ අවස්ථාවේ සංගක්කාර කල කතාව මෙම කතාවේ මූලාරම්භය විදියට වුනත් දකින්න පුළුවන්. අද සංගක්කාර කෙලින්ම ලංකාවේ ක්‍රිකට් ‍වලට වෙලා තියෙන දේ කියනවා. එදා වක්‍රමාර්ගයෙන් කිව්වෙත් ‍මීට සමාන දෙයක් කියලයි මගේ නම් හැගීම. මොකද ස්තූති කල යුතු පුද්ගලයන් රැසක් සිටියදී එදා ඔහු ස්තූතිකරන්න ඉලක්ක කරන ලද අය ගැන බැළුවහම ඒ දෙය පෙන්නුම් කරන බව එදාත් මට නම් හිතුනා. කොහොමවුනත් සංගක්කාරවත් කෙලින් කතා කල එක සතුටුයි...

පුතා said...

@ඔවුට්සයිඩර්..
මාත් ඔබ කියන සියළුමදේ සමග එකඟයි.. බලාගෙන ඉමු ඊලඟට මොකද වෙන්නේ කියලා..

@සිතුවිලි මණ්ඩිය..
ඔව්.. ඔව් ඒ මැච් එක තමා මචං.. ඒකෙන් පස්සේ සෑහෙන කාලයක් යනකන් එකක් නෑර ලංකාව සෙල්ලම් කරපු මැච් ෆලෝ කරා.. දැන්නම් ඒ අමාරුව හොඳයි.. අනිවා සංගා කරපු දෙයින් හොඳක් මිස නරකක් වෙයි කියලා හිතන්ට බෑ.. (ආයෙ ඉතින් ලංකාවේ ක්‍රිකට්වලට වෙන්ට නරකක් තියෙනවද කියලත් හිතෙනව වෙලාවකට..

@දිනේෂ් දීපාල්..
දුලිප් ලියනගේ කියන එක මෙන්ඩිස් කියලා වැදිලා තියෙන්නේ...
ඔව් ලෝක කුසලාන කතාවෙදිත් එහෙම ඉඟියක් දුන්නා කියලත් හිතන්ට පුළුවං..
කොහොම වුනත් සංගා එම්සීසී එකේදී කරපු කතාව මම අහපු හොඳම කථාවලින් එකක්.. දූෂන ගැන කියපු ටික අතහැරියත් ලංකාවේ මිනිහෙක් විදිහට සතුටු වෙන්ට පුළුවං ඒ කරපු කතාවට...

කතන්දර Kathandara said...

මොන පිස්සුද, ඕක සංගා ගේ එකක් නෙමේ, චැනල් ෆෝ එකෙන් ඩබ් කරපු එකක්.
බටහිර බලවේග, ඩොලර්, ඇන්ජීඕ සහ බැන්කි බූනූත් ඔය පිටු පස්සේ ඉන්නවා!

niroshinie said...

මටත් මතකයි කලුගේ පලවෙනි තරඟය ටී වී එකෙන් බලන් හිටිය. ඔව් 4 පාරවල් විසි ගානක් තිබුනා. හැබැයි අපි පරාද උන වෙලාවේ නම් ගොඩක් දුක හිතුනා.
මොනා උනත් මම නම් සංගා කර වැඩේ වැරැද්දක් දකින්නේ නෑ. නීතිමය පැත්ත මොකක් උනත්.

රවා said...

පුතා මට SMS එකක් දාපන් මචන් .... උඹෙ නොම්මරෙ මා ගාව නැහැ.. :D:D

Hasitha said...

කෝ මේ බ්ලොග් එක ලියන මහත්තයා ආගිය අතක් නැද්ද ???

අසoක said...

මචන් මේ බ්ලොග් එක ලියන එක නවත්තලාද බන්,අඩේ ලියපන් බන්

Related Posts with Thumbnails